ශ්රී ලංකාවේ ඓතිහාසික දඹුලු නගරයේ දැන් ඇතිවී තිබෙන තත්වය ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපට් ජාත්‍යන්තර වේදිකාවේ තවත් කළු පැල්ලමක් ඇති කරන්නට හේතුවීම වැලක්වීමට දැන් කිසිවකුට බැරිය!
දසක තුනක කාලකන්නි යුද්ධයක් යුධමය වශයෙන් නිමාකොට, ඊට සමාන්තරව විසඳිය යුතු ප්‍රශ්න රැසකට හා ඊට ජාත්‍යන්තරයෙන් ඇතිවී තිබෙන බලපෑම් වලින් මිදීමට රටක් ලෙස දැඩි පරිශ්‍රමයක සිංහල, දමිල මුස්ලිම් යනාදී සියලු වැසියන් එක්වන්ව කටයුතු කරන මෙවන් මොහොතක, ගරුතර මහා සංඝරත්නය දඹුල්ලේ ප්‍රදර්ශනය කල ක්‍රියාවන් හා උපයෝගී කල භාෂාව , කිසිසේත්ම රුකුලක් නොවනු ඇත!
දුෂ්කර මොහොතක මුළු මදපෙරදිගම අප රට සමග සිටීමට හේතුවූයේ , මෙරට මුස්ලිම් බුද්ධිමතුන් කෙලින්ම ඔවුන් සමග සාකච්චකොට ඔවුනගේ සහය ලබාගැනීමට සමත්වූ බැවිනි. ඒ ලංකාව තුල මුස්ලිමුන් හා අනිකුත් සුළු ජාතීන්, බහුතරය සමග සාමයෙන් හා සතුටින් ජීවත් වන බවට සාදක ඔප්පු කරමින්, තවදුරටත් මෙය රක ගැනීමේ අවශ්‍යතාව පැහැදිලිකර දීමෙන් පසුවය.
ඒ ජාතික මෙහෙවරට පිදුණු පළමු උපහාරය, ජුම්ම සලාතය කරන්නට ඉඩ නොදී ඔවුන් පල්ලියෙන් පිටමන් කිරීමය. අඩසියවසකට අදික කාලයක් පලස්තීනය අල්ලාගෙන සිටින ඊශ්‍රායිලය තමන් බලෙන් අල්ලාගෙන සිටින පලස්තීන භුමි ප්‍රදේශ තුල , ගිනි අවි ඇත දරාගේනවුවත් ජුම්ම සලාතය කිරීමට අවකාශ දෙනු අප සැමවිටම රුපවාහිනියෙන් දකිමු.
එහෙත්, සහෝදරයන්මෙන්, චිරාත් කාලයක් නෑකම් කියන අපේම සහෝදර ජන කොටසකගේ මග පෙන්වන්නන් වන ගරුතර මහා සන්ඝරතනයන්ගෙන් කෙනෙකු ලෙස දඹුල්ලේ සිද්ධියේදී පිරිවරාගෙ ආ ජනකායට නායකත්වය දුන් අපේ නායක හාමුදුරුවන් හා උන්වහන්සේ සමග වැඩ සිටි අනිකුත් භික්ෂුන් වහන්සේලා ඉතාමත්ම නුසුදුසු, මුස්ලිමුන්ට පමණක් නොව කිසිම චීවර ධාරියෙකුට පිළිගත හා ඇදහිය නොහැකි චරිතාපදානයක් ගෙනහැර දැක්වුහ!
පොදු ජන හිත සුව පිණිස කටයුතු කලයුතු , සියලු සත්වයන්ට සාමය, සතුට සහ සහජීවනත්වය දේශනා කලයුතු බුද්ධ පුත්‍රයන් වහන්සේ , සහෝදර ජන කොටසකට , කිසිසේත් භාවිත කල නොයුතු භාෂා ප්‍රහාරයක් එල්ල කරමින්, සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අපමණ අවස්තාවන් තිබියදී , නුසුදුසු පුද්ගලයන්ද එක්කරගනිමින් ,එම කටයුත්ත සඳහා නුසුදුසු ක්‍රියා මාර්ගයක්ද අනුගමය කිරීම, තනි පුද්ගලයෙකු ලෙස කුඩා කල සිටම මහා සංඝරත්නය ඇසුරු කරන, උස්වහන්සේලාගේ අනුශාෂකත්වය, මගපෙන්වීම, හා උපකාර ලැබූ මුස්ලිම් ජාතිකයෙක් ලෙස මට දරාගත නොහැකි වේදනාවක් ගෙන දේ!
දේශයේ අනේකවිද දුෂ්කර අවස්ථාවන්වල මහා සංඝරත්නය පෙරමුණ ගෙන කටයුතු කල බව ශ්‍රී ලාංකික ඉතිහාසය දන්නා කව්රුත් පිළිගන්නා නමුත්, සමකාලීන ලෝක තලය මත, අප ජීවත් වන්නේ හුදෙක් ඉතිහාසය මෙනෙහි කරමින් පමණක් නොවන බව උගත් , බුධිමත් , වයසින් මොරාගිය ගෞරවනීය මහා භික්ෂුන්වහන්සේලාට හුදී ජනයා විසින් කියාදීමට අවශ්‍යතාවයක් නොමැත! එහෙත් දඹුල්ලේ සිදුවූ සිද්දි සමූහය සාදාරන සැකයක් දැන් එති කර ඇත! වත්මන් ලෝකයේ කිසිම ජාතියකට තනිව හුදෙකලාවී සිටින්නට බැරිය. මෙය අවබෝද නොවන තරමට සංඝයාවහන්සේලා නුවනින් පිරිහී නැත.
ජාතියක් වැනසීම තුලින් හෝ තවත් ජාතියක ආගමික මුලධර්ම ඇදහීමට ඇති උරුමය නොරකින කල , එම කටයුත්තට මුලපිරු ජාතියේ ආගමික නිදහස නිරායාසයෙන්ම තර්ජනයට ලක්වන්නේය. එපමණක් නොව දම්වැලක පුරුක්මෙන් එහා වෙලුනු අනේකවිද අනවශ්‍ය ප්‍රශ්න උදාවීමද ස්වාභාවික වන්නේය.
වසර ගණනකට පෙර අභාවප්‍රාප්ත වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් , දීගවාපිය ඓතිහාසික බිම් පිලිබඳ ප්‍රශ්නයකදී අභාවප්‍රාප්ත අෂ්රෆ් මහතා සමග මුහුණට මුහුණ ලා රුපවාහිනී සාකච්චාවකට වැඩම කළහ. ගරුත්වයෙන් යුතු බසකින් අෂ්රෆ් මහතා සමග තර්ක කළහ . එම කතිකාවත අතරතුර කිසිවිටෙකත් කෝපාවිෂ්ට නොවුහ . සුපුරුදු උන්වහන්සේගේ මුව රැඳී සිනහව කිසිවිටෙකත් බැහැර නොකළහ . දෙවස්ටාන කඩා බිඳ දමා කිසි කලබලයකට අනුබල නුදුන්හ .. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු ලෙස තම නම හුදී බොදු ජනයා තුල පමණක් නොව මුස්ලිමුන් අතරත් රඳවා නිවන් දුටහ. ඔබවහන්සේලා මෙලෙස කටයුතු කිරීමට , දඹුල්ලේ ඇති පැරණි මුස්ලිම් දේවස්ථානය පමණක් හෙතුවුවායි සිතීම උකහට වන්නේ එබැවිනි!
” කාක්කන්ට ඔලුව උඩින් ඉගිලිලා යන්ට දුන්නත් ඔලුවේ කූඩු හදන්න දෙන්නේ කොහොමද” ඇති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ වචන එසේ විය.
“තොපේ ගෙවලුත් අයින් කරනවා , තොපි ඉන්න්නෙත් පන්සලේ ඉඩම් වල” ” හා පොඩිකාලේ ඉඳල! ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ඉඳලද? “මේද උන්වහන්සේගේම වචනය. ඒ මුස්ලිම් නොවන කාන්තාවක් එම දේවස්ථානය ඇය කුඩාකල සිටම එතන තිබුනා යැය් උන්වහන්සේට පවසපු මොහොතේදීය.
සිදුවූ සියල්ල ලිවීම අනවශ්‍යය , මන්ද ජාන්ත්යන්තර මාධ්‍ය ඔස්සේ දැනටමත් මෙම රූපරාමු විකාශය වී අවසාන බැවිනි. මෙතුලින් රටට ඇතිවූ කැළල තවත් අනවශ්‍ය අඳුරු පොතක් ලියවීමට පෙරවදනක් වන්නට ඉඩ නොදීය යුතුය . අන්තගාමී හා අදූරදර්ශී සුලුකොටසකගේ ඕන එපාකම්වලට දේශය සහ මුස්ලිම් සමූහයාගේ සාමකාමී ජීවන රටාව බිලි නොදී , තවදුරටත් සාමකාමී , දේශයක් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා සියලු ජන වර්ගයා කටයුතු කිරීම කාලොචියතය. මෙය තරජනයන්ට භියවී ගන්නා තීරණයක් නොවන අතර , ශාපලත් යුද්ධයකින් දසක තුනක් බැට කා යන්තම් නැගී සිටින්නට වෙර දරන දේශයට වාරු දෙන්නටය!
නීතිමය සහය පැතීමට මෙය කිසිසේත්ම අවස්තාවක් නොවන්නේ, එවැනි කිසිම කටයුත්තකින් පලක් නොවන වග මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ලේකම් තුමියට , සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් අභිමුව පවසා වදාළ වචනවලින්ම පැහැදිලි වන බැවිනි.
” හැබය්, විසිතුන්වෙනි වෙනි දා අපට සාදාරන විසඳුමක් නොලැබුනොත්, විසි හතරවෙනිදා අපි එන්නේ බෞද්ධ කොඩිය අරගෙන නෙවෙය් !!”
බුදු දහමේ ආරක්ෂාව මහසන්ඝරත්නයට භාර බව නිරතුරුවම මුස්ලිම් ජනයා පිළිගන්න කරුණකි. අදවෙනතුරුත් ශ්‍රී ලංකාව තුල බුදු දහමට හෝ, මහසන්ඝරත්නයට හෝ, සහෝදර සිංහල ජනතාවට කිසිම මුස්ලිම් වරයෙක් දැනුවත්ව වරදක් හෝ අපහාසයක් කර නොමැති අතර එය ඉදිරියටත් එසේ වන බව ස්ථිරය.
එලෙසම අනිකුත් ජාතින් හා සමගිය සහ සහජීවනය ඇතිකරලීමටද සංඝයා වහන්සේ අනුශාසනා කර වදාළ යුතුය.
පංච සීලය රකින්නන්ට එය නිසි ආකාරයෙන් කල හැක්කේ නිවැරදි ධර්ම දේශනාවන්ගෙන් හා මාර්ගොපදේශයන්ගෙන් පමණි.
ධර්මය ධර්මයෙහි හැසිරෙන්නන් රැකීම සඳහාම වුවක් බව බුද්ධ ධර්මය අවධාරණය කරනුයේ එබැවිනි!
සිංහල , දමිල, මුස්ලිම්, කිතුනු, සැමට පොතුවූ මාතෘ භූමියක් හෙට උපදින අහිංසක දරුවන් වෙනුවෙන් ශේෂ කොට මිය යාම තරම් ජීවත්ව සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වටිනා, යුතුකමක් තවත් නැත!!
සියලු සත්වයන් හට සාමය හා සතුට උදා වේවා !!
{Post From: Mubarak M Hassan Facebook Profile }
පසුගිය සතියේ දඹුල්ල නගරයේ සිදුවූ , දෙවස්තානයට පහර දීමේ සිද්දියෙන් පසුව ශ්‍රී ලංකාව පුරා පැතිර ජීවත්වන මුස්ලිම් බැතිමතුන් ඉතා කනගාටුවට පත්වී සිටින අතර මෙතෙක් කල් පැවැති සමාජයීය සහජීවනය බිද වැටෙදෝ යන සකයකින්ද පසුවෙති.
ඒ අතරම සමහරුන්, මෙම සිද්ධියට විරුධත්වය පැයුතු අතර, ඒ සදහා කටයුතු කල යුතුය් කියාද ජනයා අවුස්සාලන්නට වෙර දරති.
මෙවන් අවස්ටාවලදී කටයුතු කලයුතු අයුරු පිලිබඳ , ඉස්ලාම් ධර්මය විසින් නිර්දෙෂකොට පෙන්වාදී ඇති මාර්ගයන් ඇති බව ජනයාට අවධාරණය කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය කැපවී සිටී.
අවශ්‍ය නීතිමය පියවරයන් ඇතිනම් ඒවා ගතයුතුය් යන දැඩි ස්ථාවරයේ මෙම සංවිදානය සිටින අතර, මුස්ලිමුන්ගේ ආයුධයන්වන, ප්‍රාර්ථනාවන්, උපවාසය, පාපයන්ට සමාව අයැද සිටීම, දේව යාඥාවන් යනාදී ධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙන ලෙසත් මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටී.
තම විරුධත්වය නිසි තැන්වලට දැනෙන්න සැලැස්විය යුතු සිතා කටයුතු කරන්න වෙර දරන සැම කෙනෙක්ම , මාර්ග අවහිර කිරීම, හර්තාල් කිරීම, පොදු දේපල වලට හානි කිරීම යනාදී කටයුතු කිසිසේත්ම නොකළ යුතු වග දන්වා සිටිමු! එමෙන්ම, අප සමග චිරාත් කාලයක් සහෝදරයන් ලෙස ජීවත් වන බොදු ජයයාගේ සිත් තැවුලට ලක්වන අයුරින් කිසිසෙත්ම ක්‍රියා කිරීමෙන්ද වැළකී සිටින ලෙස අනුශාෂනා කරමු. අපගේ දේවස්ථානයට පහර දීම කාරනාකොටගෙන , අන්‍ය ආගම්වලට දොස් පැවරීමෙන් වැළකී සිටියයුතු අතර , මධ්‍යම පතිපදාව රකිමින් අප සමග සහජීවනයෙන් ජීවත් වන සහෝදර ජනයාගේ සිත් දිනා ගැනීමද අපගේ යුතුකමක් වන්නේය යන්න අවධාරණය කරමු .
මෙය වූ කලී ” විශ්වාස වන්තයනී අල්ලාහ් නොවන වෙන යම් දෙයකට ඔවුන් දෙවියන් යැය් පවසත්ද , ඔවුනගේ විශ්වාසයට බදුන්වූ දේවලට කිසිවිටෙකත් අපහාස නොකරන්න” යන ශුද්දවූ කුරානයේ උපදේශය ද වන බැවිනි .
මෙම දේවස්ථානය පිලිබඳ සිද්ධියේදී සමහරුන් කනගාටුදායක අයුරින් කටයුතු කලද, මුස්ලිමුන් ලෙස අපට එසේ කල නොහැක. එමෙන්ම ඉස්ලාමීය උපදේශයන් සැලකිල්ලට ගනිමින් එම යහධර්ම අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය ආයචාත්මකව සැමට උපදෙස් දෙය්.
කිසිම හර්තාලයකට ජමියතුල් උලමා සංවිදානය කිසිවකුටත් ආරාධනා නොකරන අතර , එලෙස හර්තාල් කොට තම විරෝධතාව ප්‍රකාශ කරන්නට සැරසෙන අයවලුන්ට, දැඩිලෙස ඉස්ලාමීය උපදේශයන් අනුගමනය කරන ලෙසත් , සීමාව ඉක්මවා යන අවස්ථා තුලින් උද්ගතවිය හැකි අමිහිරි අත්දැකීම් පිලිබදවත් සැලිකිලිමත් වනලෙස අවවාද කරනු කැමැත්තෙමු.
මෙවගට,
එම.එම. ඒ . මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය.
ලෝකය බහු ආගමික වූයේ අද ඊයක නොවේය. එමෙන්ම ලෝකය විවිධ අංශයන් ගෙන් වර්ධනයක් ලගා කරගත්තේද ලගා කර ගන්නේද අද ඊයක සිට නොවේය. මෙකී ලෝකය තුළ බහු ආගමික බහු සංස්කෘතික මිනිසුන් සහෝදරත්වයෙන් වාසය කලේද අද ඊයක සිට නොවේය. එහෙත් සංවර්ධිත යැයි පවසන තාක්ෂණය ඔස්සේ එක යායක් වූ ලෝකය තුළ මිනිස්කම් සීඝ්‍රයෙන් මිය යාමත් සමග වාර්ගික අර්බුද ප්‍රතිශතය අධික වේගයෙන් ඉහල යමින් පවතී. සැබැවින්ම අද ලොව බොහෝ වෙනස්ය.
කෙසේ වුවද වෙනස්වන ලෝකය තුළ අනන්‍යතාවය රැක ගැනීමට ඇතැම් සංස්කෘතීන් වෙත දැරීමට සිදුව ඇත්තේ සුළුපටු උත්සාහයක් නොව. වත්මන් මුස්ලිම් සමාජයටද මුහුණ දීමට සිදුව ඇත්තේ මෙකී ගැටළුවටය. අද වන විට ඇතැම් රාජ්‍ය ත්‍රාන්තිකයන්ට හිසේ රුදාව හැදුනද එයට වග උත්තර බැදිය යුත්තේ මුස්ලිම් සමාජයය. ලෝක සාමය සුන්නද් දූලි කරමින් සිටින ඇතැම් අය මුස්ලිම් බහුතරය වෙසෙන රටක රතිඥ්ඥා හඩක් ඇසුනද සාම හමුදා යවන්නට සීසරුවෙන් සිටී. එහෙත් අද වන තුරු ඔවුන් විසින් මුස්ලිම් සංහාරයට උප්පැන්න සහතික ලිව්වා විනා ඇති කල සාමයක් නැත. මේ සියල්ල සිදු කරන්නේ නවීන ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ය.

ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය. බුරාකා , හිජාබ් විරුද්ධ සංවිධාන රාජ්‍ය ත්‍රාන්තිකව ගොඩ නගන්නේ මෙකී අයවලුන්ගේ බළල් අතිනි. එහෙත් හිසේ සිට පාදාන්තය තෙක් වසාගෙන ඇස් වැසුණු දැලෙන් ලෝකය බලන බුරාකාව හැදි මුස්ලිම් කාන්තාවද මුහුණ වසා ඇස් පමණක් දර්ශනය කරන මුස්ලිම් කාන්තාවද මෙන්ම මුහුණ නොවසා හිස පමණක් වසන මුස්ලිම් කාන්තාවද මෙකී සංවිධාන ඉදිරියේ නොබියව හඩ නැගීම දැනටමත් ඇතැමුන්ට ඇග පත හන්දි රිදෙන වෛරස් උණක් බවට පත්වී හමාරය. ඔවුන් ඇයට එරෙහිව නැගී සිටීම අත්නොහලද තම අයිතීන් වෙනුවෙන් හඩ නගන්නට තරම් ආගමික නිදහසක් මෙන්ම යෝධ ශක්තියක් ඇයට ඇති බැව් ඔවුන් වටහාගෙන ඇත.
ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය.
කෙසේ වුවද නොවෙනස් ඉස්ලාම් සංස්කෘතිය වනසන අරමුණින් ද්වේශයෙන් යුතුව ඇතැමුන්ට කඩේ යන්නෝ තවමත් අඩු නැත. මෙකී ඇතැමුන් පවසන්නේ අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස් කරගත යුතු කාලය එළැඹ ඇති බවය. පෙරට යා නොහැකි ලෙස බාධා පමුණුවන්නට ඉස්ලාමයේ ඇත්තේ කුමක්දැයි යන්න අපට පැණයකි. එහෙත් මුස්ලිමුන් පස්සට ගියේ කවදාදැයි අසන්නට අපි කැමැත්තෙමු. එසේ ගොස් ඇත්නම් ඒ සදාචාරයක් නැති අණුවන පණ්ඩිතයන් ඉදිරියේ පමණය. නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි. එහෙත් ඔවුනට කියන්නට යමක් ඇත. ඒ කොටියාගේ කතාවය. කැලේ මාරු කලද කොටියා පුල්ලි මාරු කරන්නේ නැත.
නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි.
By:Ummu haani
මෙහිදි අල් කුර්ආනයෙහි ස`දහන් වන වරප‍්‍රසය යනු මිනිසාට තමන්ගේ ජවනෝපාය අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා අවශ්‍යවන ව්‍යපාරය ආර්ථිකය වෙිග එනමි සලාත යන ඉබාදතය අවසන්වූවිට ඔහු තම ජීවනෝපාය ස`දහා තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩයන් මහ පොළවෙි විසිරගොස් සොයා ගන්නයි අල්ලාහ් තආලා පවසා තිබෙිග
මිනිසා තම පවුලට අවශ්‍යදෑ නිහතමානීව සොයාගත යුතුයග අල් කුර් ආනයේ 2-273 වැනි වාක්‍යයෙහි ස`දහන් පරිදි ආගමික කටයුතුවල නිරතවී සිටින පුද්ගලයකු තමන්ට නොහැකිතාවයක් තිබෙන්නේනමි පමණක් අවශ්‍යවන දෘව්‍යක් වෙනත් පුද්ගලයකුගෙන් ආධාරයක ලෙස ලබාගත හැකිය. නමුත් ව්‍යපාරය හෝ රැුකියාවක් කිරීමට හැකියාවක් තියාගෙන වෙනත් හේතුවකට මෙලෙස වෙනත් පුද්ගලයකුගෙන් භාණ්ඩයක් දෘව්‍යක් යාචනය කිරීම ස්යං ගෞරවය අහිමිකරගැනීම ඉස්ලාමි ආගමයෙහි අනුමතකර නොමැත.
ව්‍යාපාරය කිරීම සමිබන්‍ධයෙන් අල් කුර් ආනය පවසන යහපත් ක‍්‍රියාමාර්ගයන්.
ඉහත ස`දහන් වාක්‍යන්හි අල්ලාහ් තආලා අපට ව්‍යාපාරය කිරීම ඉපැයිමෙි අංගයක් ලෙසට අනුමතකර තිබෙිග දෙදෙනෙකු අතර පරස්පර ලෙසින් ගනු දෙනුවක් සි`දුවීම ව්‍යාපාරය වෙිග මෙලෙස සි`දුවන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අනුමතවෙිග ව්‍යාපාරයක් සි`දුවනවිට පිළිපැදිය යුතු කරුණුගැන ඉස්ලාමි ආගමි හො`දින් පැහැදිළිකරදී තිබෙ.
ව්‍යාපාරයේදී අවංකත්වය පිළිපැදිය යුතුයැයි ඉස්ලාමි ආගම පවසා තිබෙිග උදාහරණයකට නබි සල් තුමානන්ගේ ජීවන රටවා බැලුවෙිනමි ඔහුට නුබුවත්ය ලැබීමට පෙර ජනතාවන් අතර ඔහු ප‍්‍රසිද්ධ පුද්ගලයකුවී සිටියේයග එයට ප‍්‍රධාන හේතුව ඔහු තම ව්‍යාපාරයෙහි පෙන්වාසිටි අවංකකම – නිහතමානිත්වය හා තමන් විසින් කළ ගිවිසුමක් කිසිවිටක කඩනොකිරීමය.
අල්ලාහ් තආලා විසින් මිනුමි කටයුතුවල සි`දුකළ වැරදි පෙන්වාදීම ස`දහා සුඅයිබි නැමති නබිවරයකුව පවා ලොවට යවා තිබීමෙන් මෙලෙස මිනුමි කටයුතුව වැරදිකමි සි`දුකිරීම කෙතරමිදුරට ලොකු පවක්දැයි සිතාගත හැකිය.
යමිකිසිවකු තමන්කළ පාප ක‍්‍රියාවට ද`ඩුවම ඔහුම අනුභවය කළ යුතුයග එමෙන්ම වංචාකරන පුද්ගලයකු තමන් වංචාකළ භාණ්ඩවලින්ම ඔහුට ද`ඩුවමි ලැබෙන බවට අල්ලාහ් තආලා අවවාදකර තිබෙිග එම නිසා ව්‍යාපාරයේදී කලවමි කිරීම – ව්‍යාජ භාණ්ඩ විකිණීම – බොරු කීම රැුවටීම වැනි ක‍්‍රියාවන් නොකළ යුතුයිග
“අමාරුකමෙහි සිටින්නන්ට අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද? එය ඔහුල ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේයග අල්ලාහ් :වස්තුව සමහරෙකුට හකුලාද අල්ලා ගනු ඇතග සමහරෙකුට වැඩි කරද දෙන්නේයග තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුයෟ.”
{අල් කුර්ආනය 2-245}
ඔබගේ අසල්වැසියා රෝගාතුරුව සිටින්නේනමි ඔහු වෙතගොස් ඔහුගැන සොයා බලන්නග අසල්වැසියා පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදී උදවිකරන්න නබි සල්තුමානන් පැවැසුවෙිය.ඉහත ස`දහන් අල්කුර්ආන් හා නබි වදන්වලින් කිසිවකු හෝ රෝගාතුරව – දිළිදුකමින් පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදෙන්නයි පවසා තිබෙිග තමන් සතුව මුදල් නොමැතිනමි කිසිවකුගෙන් ණයක් ගැනීමට ඉස්ලාමි ආගම අනුමතකර තිබෙිග
එම අල්කුර්ආනයෙහි වාක්‍ය ම`ගින් වෙනත් පුද්ගලයකුගේ වස්තුවක් තමන් සතුකර ගැනීමට හෝ වෙනත් කාරණාවකටද අල්ලස් ගැනීම තහනමි බව ස`දහන්වෙිග
ඉස්ලාමි ආගමයෙහි ස`දහන් පරිදි පොලිය යනු මහ පාපක‍්‍රියාවකි එම`ගින් ව්‍යාපාරය කර උපයන පුද්ගලයන් සදහටම නිරයට යනු ඇතයි අල්ලාහ් තආලා පවසා තිබෙිග එමෙන් පොලී ගැනීම දීමෙන්ද වැලකී සිටිය යුතුය
තමන්ව සොයා එන ජනතාවගෙන් වැරදි අන්දමින් ඔවුන්ගේ භාණ්ඩයන් අත්පත්කර ගැනීම සොරකමි කිරීමට සමානය – මෙලෙස ආගමික නායකයන්ද ජනතාවගෙන් ආහාර ඉල්ලා අනුබව කිරීමද ස`දහන්කළ හැකියග
කිසිවකු ඔබව විස්වාසකර යමක් භාරදෙන්නේනමි ඔහු භාරදුන් වස්තුව යළි ඉල්ලා සිටින විට එලෙසින්ම ලබාදිය යුතුයිග එලෙස නොදී එම පුද්ගලයාව රැුවටීම පාපයකිග
ඔබවෙත භාරදුන් අනාථ දරුවන්ගේ දේපළ වත්කමි සියල්ල එම දරුවන් වැඩිහිටියන්වූ සැනින් ඔවුන්ට ලබාදිය යුතුයිග එයින් කිසිවක් අත්පත්කර ගැනීමට උත්සහනොකළ යුතුයග
ව්‍යාපාරයේදී යමිකිසි භාණ්ඩයක තත්වය උසස් තත්වයකින් නොතිබෙන්නේනමි එම භාණ්ඩය ගැන උසස් අන්දමින් පවසා විකිණීම තහනමියග මෙලෙස ව්‍යාපාරය කිරීම මහ පාපයකිග
යමක් මිලදී ගන්නා පාරිභෝගිකයාට එම භාණ්ඩය නිසිලෙස බර හෝ මිනුමකින් මැනදිය යුතුයග එලෙස නොකර එහි වංචාවක් සි`දුකරන්නේනමි එයද පාප ක‍්‍රියාවකිග
තවද…………………………………..
“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකිග ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේයග මා වෙත එකම එක එළුවෙකු සිටින්නේයග එසේ තිබියදී ඔහු එයද තමන්ට ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය යයි පැවසුවේයග එයට දාවූද් ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීමල නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකිග නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහග විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැරග විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැතග වංචා නොකරන මෙවැන්නන් ඉතාමත් අල්පයකි යයි පැවසුවේයග මේ අතර දාවූද් වන ඔහුල නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතාල තම දෙවියන් වෙත තමන්ගේ වැරැද්දට සමාව දෙන මෙන් ඉල්ලාල නැවී බිම වැටී සුජූද් කර නැමදල තම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළේය”
{ අල් කුර්ආනය – 38-23,24}
By:Jesmiñ

මිනිසුන්, සතුන්, ගස්කොළන්, ජලය ඇතුළු මේ මුළුමහත් විශ්වයේම ආරක්ෂාවට උචිත නියාමයන් තිබිය යුතු යැයි ඔබ සිතන්නේද? ඇත්තෙන්ම එවන් නියාමයන් තිඛෙන්නේය.
ස්වභාවික පරිසරය අධ්‍යනය කිරීමෙන්, එය ක්‍රියාත්මක වන්නා වූ නියාමයන් ගැන යම් අදහසක් මිනිසුන්ට ලබා ගත හැකි වුවද, විවිධ අර්ථකතනයක් සපයන්නට තරම් එකිනෙකාගේ දර්ශණය වෙනස් වන හෙයින්, එම නියාමයන් නිසියාකාරව හඳුනා ගැනීමට, ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් හා ප්‍රත්‍යක්ෂ දර්ශණයක්ද තිබීම අවශ්‍ය වන්නේය.
ශුද්ධ වූ අල්කුර්ආනය වූ කලී මෙම දැනුම හා ප්‍රත්‍යක්ෂ දර්ශණය ලබා දෙන්නා වූද, මනුෂ්‍ය වර්ගයාට නිවැරදි මග පෙන්වන්නා වූද ග්‍රන්ථයයි. දෙවියන්ගේ ශුද්ධ වූ වදන් වන අල්කුර්ආනයේ කිසිදු දෝෂයක් හෝ ප්‍රතිෂේධයක් නොමැත. ඒ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පරීක්ෂා සහගතව අවබෝධ කරගන්නැයි කුර්ආනය මිනිසුන්ට පවසයි. එමෙන්ම මුහම්මද් තුමා මෙය ක්‍රියාවේ යොදවමින් ගෙවූ ආදර්ශමත් ජීවිතය අනුගමනය කරමින් වසර 1400ක පමණ කාල පරිච්ඡේදයක් තුල එම යථාර්ථය හැඳින මිලියන සංඛ්‍යාත පිරිසක් ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ.
යම් දෙයක වැරදි හා නිවැරදිභාවය, විශ්වාසය මත පදනම් වූ දැනුමෙන් හඳුනා ගත යුතුය. එසේ නොමැතිව මිත්‍යා මත විශ්වාස කිරීම හා චාරිත්‍රවාරිත්‍රවලට පමණක් වහල්ව අන් අයව අනුගමනය කිරීම වැනි ක්‍රියාවලින් ඉහත කී වැරදි හා නිවැරදි දේ හඳුනාගත නොහැකිය. මන්දයත් ස්ථාවර පදනමක් නොමැති තැන මිනිසුන් අතින් තම වටා පිටාව තම පෞද්ගලික මතයට අනුව සකසා ගැනීමටත්, ඒ තුලින් මිනිසුන්ගේ අභිවෘද්ධිය අඩපණවීමටත් ඉඩ ඇති නිසාය. ඵලදායී හා හානිකර දෑ සම්බන්ධයෙන් ඇති නියාමයන් ඉස්ලාමයේ පැහැදිලිව සඳහන් වී ඇත. එය වඩාත් සූක්ෂම ලෙස අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේය. අද පවතින න්‍යෂ්ඨික බලය වැනි නවීන තාක්ෂණය හා කටයුතු කිරීමට මෙය එකම මාර්ගයයි. මිනිසාව මවනු ලැබූ ආකෘතිය ඇතුලූ දෙවියන්ගේ මැවීම්වල කිසිදු වෙනසක් නොකළ යුතුය.

තම අවශ්‍යතා ගැන සිතුවත්, එය සීමාව ඉක්මවා නොයෑම, සීමා රහිත ධනවාදයක් හා නිදහස් වෙළඳපොළක් නොතිබීම, පීඩිත සර්වාධිකාරත්වයක් නොතිබීම, වටිනා ගස්කොළන් කපමින් වනාන්තර විනාශ නොකිරීම හා ශාඛ පැළකිරීම වැනි ක්‍රියාවන් එයට උදාහරණ කිහිපයකි.
![]() |
මුහම්මද් නබි තුමා මෙසේ පැවසීය.
|
සතුන්ට පවා කායික හා මානසික වද හිංසා ගෙන දෙන ක්‍රියාවන් නොකළ යුතුයි. ගස්කොළන් අනවශ්‍ය ලෙස විනාශ නොකළ යුතුයි. මෙයට හොඳම උදාහරණය, ඉස්ලාමය යුද්ධ අවස්ථාවලදී පවා ගස්කොළන් අනවශ්‍ය ලෙස කපා දැමීම තහනම් කර තිබීමයි. ප්‍රතිචක්‍රීකරණය, පාරිසරයට හා මිනිසුන් ඇතුලූ ජීවීන්ට සිදුවන ආපදා අවම කරයි නම්, කිසිවක් අපතේ නොයැවීම සම්බන්ධ ඉස්ලාමීය සාරධර්මයද එයට අනුරූපය. ඉවත දමන කැළි කසල ප්‍රතිචක්තීකරණය නොකළහොත්, කැළිකසල ගොඩ නැගීමෙන් නිකුත් වන විෂබීජ පානීය ජලයට එකතු විය හැකිය. එමෙන්ම ප්ලාස්ටික් හා පරණ බැටරිවලින් නිකුත් වන මෙතේන් නම් අහිතකර වායුව පොළවට හා ජලයට එකතු වීමට ඉඩ ඇත. නිසි කාණු පද්ධතියක් නොතිබීම, අහිතකර වායු හා විෂබීජ හේතුවෙන් එම ප්‍රදේශවල බිම් කෘෂිකර්මයට නුසුදුසු නිශ්ඵල බිම බවට පත්වේ. තවද ප්ලාස්ටිස් වැනි දෑ පිළිස්සීමෙන් නිකුත්වන අහිතකර ලෙස වෙනස්වීමෙන් කෘෂිකර්මයද අඩපණ වේ. මේ ආකාරයෙන් මුළු පරිසර පද්ධතියටම අහිතකර බලපෑම සිදුවේ.
එහෙත් ඉස්ලාම් ධර්මයද උපරිම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එකඟ වෙයි. මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය – කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා යොදා ගැනෙන අතර වීදුරු, පත්තර, කාඩ්බෝඩ්, ලෝහ, ගොඩනැගිලි ද්‍රව්‍ය, දැව භාණ්ඩ, රූපවාහිනි, පරිඝණක වැනි භාණ්ඩ මෙන්ම ප්ලාස්ටික් ද ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනේ. මෙය ජලය, වාතය හා පස ආරක්ෂා කිරීමට මෙන්ම මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමටද රුකුලක් වේ.
සෑම කෙනෙකුගේම විශ්වාසය, චින්තන නිදහස, ජීවිතය, ගෞරවය වැනි සියලූ දෑ කෙරෙහි නිසි ආරක්ෂාවක් ලැබිය යුතුයි. අවස්ථානුකූලව සමහර විට එක් දෙයකට වැදගත් තැන දුන්නත්, පොදුවේ මේවාට සිදුවන හානි අවම කළ යුතුය.
ඒකාධිකාරිත්වය, අධික ලාභය හා පොළිය වැනි දෑ තුලින් විෂමකාරී ආර්ථීකයක් ඇති නොකළ යුතුයි. මුදල් සැඟවීම හෝ ගොඩනැගිලි ආදිය භාවිතයට නොගෙන වෙළඳපොළ මිල ඉහළ යාමේදී එය අධික මිලකට විකිණීම වැනි දෑ නොකළ යුතුය. සූදු කෙළීමට කිසිවිටෙකත් අනුමැතියක් නොමැත. මේ සියල්ල වැදගත්් වන්නේ පොහොසත් ජ් දුප්පත් පංති භේදය ඇති කරවන ආකාරයට මුදල් සුළු පිරිසක් වෙත රඳවමින්, ආර්ථීක ක්‍රමය විෂමකාරී වීම වැළැක්වීමටයි. එමෙන්ම දුප්පත් හා පොහොසත් පංති භේදය අවම වන ආකාරයෙන් කෙනෙකුගේ ධනය ඛෙදා ගැනීමත්, කෙනෙකු වෙහෙස මහන්සි වී ධනය උපයා ගැනීමත් ඉස්ලාමයේ පිළිගත් කරුණකි. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ලෝක බැංකුවෙන් හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය ආපසුදීමට ස්වභාවික සම්පතක් වන වනාන්තරද විනාශ කිරීමට සිදුවී තිබේ. එමෙන්ම දේශීය මට්ටමින්ද පවතින ඉහළ පොළී අනුපාත ක්‍රමය හේතුවෙන්, දිළිඳුකම වැඩිවෙමින් තිඛෙන අතර, එය සමාජයේ අපරාධද වැඩිවීමට හේතු වී තිබේ.
ජලය, ආහාර, දේපළ වැනි සම්පත් පවුල්වල මූලික අවශ්‍යතාවයට අනුව ඛෙදා දිය යුතුය. දන්දීම, ත්‍යාගශීලීභාවය හා ආත්ම පරිත්‍යාගයන් නිතරම දිරිමත් ගැන්වෙන අතර, අවම වශයෙන් 2.5%ක් හෝ ගෙවන zසකාත් නම් බදු එකතු කිරීමෙන් අවශ්‍යතාව ඇති අයට ඛෙදා දෙනු ලැබේ.
|
![]() |
මිනිසා ඔහුගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින්, නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුලින් අල්ලාහ් හා ඔහුගේ ධර්මයට සමීපවීමටත් මේ පරිසරයෙන් ප්‍රයෝජන ගත යුතුයි.
අවබෝධයක් සමඟ ඇතිවන විශ්වාසයෙන් මේ කරා ජනයා යොමු වීම ඉතා පහසුය. ඉස්ලාමය කිසිවක් අන්ධ ලෙස පිළිපදින්නට අණ නොකරන අතර, අල්ලාහ් හා ඔහුගේ ධර්මයේ සත්‍යතාවය අවබෝධ කර ගැනීමට මිනිස් ජීවිතය හා පරිසරය දෙස තීක්ෂණව බැලීමට එය ඇරයුම් කරයි. එලෙස ලබා ගන්නා ස්ථාවර දැනුමත්, ඒ තුලින් ඇති වන්නා වූ විශ්වාසයත් සැබෑ මුස්ලිම්වරයෙකුගේ ජීවිතයට වැදගත් වෙනසක් ඇති කරන්නට තරම් ප්‍රබලය. එම විශ්වාසය හා අවබෝධය ඉහත කී සංකල්පයට අවනත වීමට මිනිසාව පොළඹවන්නේය.
ස්වභාවික පරිසරය වූ කලී, සර්ව බලධාරී අල්ලාහ්ගේ අතිවිශිෂ්ට මැවීමක් වන අතර, එහි කුඩාම පරමාණුවේ පටන් අභ්‍යවකාශය වන තෙක් සියල්ලේම පාලනය ඔහු සතුය. ඒ සියල්ල අල්ලාහ්ගේ අණට කීකරුව වඩාත් සමබර විදිමත් ක්‍රමයකින් ක්‍රියාත්මක වෙයි. අල්ලාහ්ගේ ප්‍රඥාවත් දැනුමට අනුව, ඒ සියල්ල යම් අරමුණකින් මෙලොවට මවා ඇති අතර, එකින් එක අතර පවතින බැඳීමද, ඔහු නියම කළ ක්‍රමයට සිදුවෙයි. මෙම විශ්වයේ ඇති සියලූ දෑ අල්ලාහ්ට අවනතව ඔහුගේ අණට අනුව ක්‍රියාකරමින්, ඒවාට ආවේනික වූ ක්‍රමවලින් ඔහුට ප්‍රශංසා කරන බව ඉස්ලාමය විශ්වාස කරයි.
අල්ලාහ් තමන් මැවූ සියලූම මැවීම්වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර ඒවායේ පැවැත්මට අවශ්‍ය දැනුමද ලබා දෙන්නේය. ඒ අතරින් මිනිසා අල්ලාහ්ගේ උසස්ම මැවීම ලෙස ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් වෙයි.
අනෙකුත් මැවීම් මෙන් නොව, මිනිසාට හොඳ නරක අවබෝධ කරගැනීමටත්, ඒ තුලින් අල්ලාහ්ගේ අණට කීකරුවීමට වැදගත්කමක් දෙමින් ජීවත්වීමටත් තරම් ශක්තියකින් හා දැනුමකින් යුක්තව මිනිසාව මවා තිබීම ඔහුව දෙවියන්ගේ උසස්ම මැවීම බවට පත් කරන්නේය. ස්වභාවයෙන්ම දෙවියන්ට අවනත වීමේ සූදානමක් මිනිසා තුළ තිබුණත්, ඔහු සතු නිදහස් චින්තනය ඇතැම් විට එයට පටහැනිව ක්‍රියා කරන අතර, මෙම නිදහස් චින්තනය ඔහුට මෙලොව ජීවිතයේ පරීක්ෂණයක් ලෙසින්ම අල්ලාහ් විසින් ලබාදෙන ලදී.
මෙලොවදී අල්ලාහ්ගේ අණට කීකරුව පෘථීවියේ ජීවත්වීමට හා එහි පැවැත්මට සර්ව බලධාරී අල්ලාහ්තආලා විසින් මිනිසාව පෘථීවියේ තම නියෝජිතයා ලෙස මැව්වේය. සතුන්, ශාඛ වැනි අල්ලාහ්ගේ මැවීම් මිනිසාගේ බලතල මත පවරා දී ඇති අතර, අල්ලාහ්ගේ සීමා මායිම් තුළ ඒවා සිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසාට අවසර ලැබී ඇත.

බොහෝ අවස්ථාවල වගකීම් රහිත වීම නිසා අසාධාරණකම් සිදුවේ. එයට විසඳුම කුමක්ද?
සෑම මිනිසෙකුම අල්ලාහ් ඉදිරියේ වගකිවයුතු බව මුස්ලිම්වරු විශ්වාස කරති. මෙලොවදී කරන සෑම ක්‍රියාවකටම ඵලවිපාක තිඛෙන බවත්, විනිශ්චය දිනයේදී අල්ලාහ් සියලූම ක්‍රියාවන් විභාග කරන බවත් විශ්වාස කරති. එහි පළමු පියවර වශයෙන් මෙලොවදී සෑම ක්‍රියාවකටම යහඵලයක් හෝ දඬුවමක් අල්ලාහ් ලබාදෙයි. මිනිසා සතු චින්තන නිදහස හේතුවෙන් වැරදි ක්‍රියාවලට පෙළඹෙන අතර ඒ සඳහා වන දඬුවමින් කොටසක් අල්ලාහ් මෙලොවදීම ලබාදෙයි. අල්ලාහ් මිනිසුන්ට දඬුවම් කිරීමට පෙර තම ධර්මය වෙතට ළඟා වීමට අවස්ථාවක් ලබාදෙයි.
එහෙයින් අලාභයක් හෝ පීඩනයක් ලෙස පැමිණෙන දඬුවම් විශ්වාසයේ පරීක්ෂාවන්ය. ඒ අප අපගේ ජීවිත දෙස තීක්ෂණව බලා එහි වැරදි අවබෝධ කරගෙන, අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව අයැද අල්ලාහ් දෙසට සමීප විය යුතු නිසාය.
මෙලොව උපත ලබන සියලූම ජීවීන් මරණයට පත්වන අතර, යළි පණදෙනු ලැබුව විනිශ්චය දිනයේදී විභාග කරන බව මුස්ලිම්වරු විශ්වාස කරති. මිනිසුන් මෙලොවදී ගෙවූ ජීවිතයේ සෑම දෙයක් ගැනම එහි දී විභාග කෙරෙන අතර, මෙලොවදී සත්‍ය අනුගමනය කරමින් යහපත් ජීවිතයක් ගෙවූ අය ස්වර්ගයටත්, අයහපත් ජීවිතයක් ගෙවූ අය නිරයටත් ඇතුල් කරනු ලැබේ.
මේ විශ්වාසය තිඛෙන්නා වූ මුස්ලිම්වරුන් සිය එදිනෙදා ජීවිතයේ ක්‍රියා කිරීමේදී, ඉස්ලාමීය නීතියට අනුව ක්‍රියා කිරීමට උත්සුක වෙති. ඉස්ලාමීය රාජ්‍යයක් නම් ඉස්ලාමීය නීතියට අනුව පොදු දඬුවම්ද එහි ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සමාජයේ සිදුවිය හැකි අපරාධ හා අයහපත් ක්‍රියා අවම කිරීමටයි.
මුස්ලිම්වරුන්ට තම මරණය ගැන සිහිපත් කිරීමට ඉස්ලාම් ධර්මය උත්සුක කරවයි. මුහම්මද් තුමා දිනකට විසිවතාවක් පමණ මරණය සිහිපත් කළේය. ලෞකික ජීවිතය අමතක කළ යුතු යැයි මින් අදහස් නොකෙරේ. එහෙත් එලෙස මරණය සිහිපත් කිරීමෙන් සදාකාලික ජීවිතයක් වූ පරලොව ජීවිතයට මෙලොව ජීවිතය සූදානම් කිරීමේ මහඟු කාර්ය අපට අමතක වන්නේ නැත.
මෙලොවදී සියලූ සැපසම්පත් ලබා ගැනීමට මුස්ලිම්වරු උත්සුක නොවෙති. ඉස්ලාම් ධර්මය, මුස්ලිම්වරුන්ට සිය අවශ්‍යතාවයට අනුව, එහෙත් අධික ආශාවන්ට ඉඩ නොදී ක්‍රියා කිරීමට පොළඹවයි. අල්ලාහ්ගේ අණට කීකරුව කටයුතු කරන මුස්ලිම්වරු එහි එක් අංශයක් ලෙසින් ස්වභාවික පරිසරයට අදාල ඉහත කී කරුණු ගැනද සැලකිලිමත් වෙති. එහෙයින් සියලූම අභියෝග හමුවේ නොසැලී, අල්ලාහ්ගේ අණට කීකරුව ක්‍රියාත්මක වීමට, ඔවුන් උත්සුක වෙති.

ඇත්තෙන්ම නැත. එහෙම ආකල්පයක් තියෙන්නේ. මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් ධර්මයෙන් හිමි වන තැන ගැන අවබෝධයක් නැති නිසයි.
මුළු ලෝක ජනගහණයෙන් 20-25%ක් මුස්ලිම්වරුන් ඒ වගේම යුරෝපයේ දෙවන ප්‍රධාන ආගම, ඉස්ලාම් ධර්මයයි. එමෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ ඉස්ලාමය වැළඳ ගන්නා අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් බව ඔබ දන්නවාද? එමෙන්ම බටහිර රටවල්වල කාන්තාවන් පීඩනයට ලක් වූ පිරිසක් ලෙසින් ඔවුනට මුස්ලිම් කාන්තාවන් අනුකම්පා සහගත වන බව ඔබ දන්නවාද? බටහිර රටවල් වෙත යන මුස්ලිම් කාන්තාවන් තම අනන්‍යතාවය රැක ගන්නටත් තම දරුවන්ට එය ලබාදීමටත් උත්සුක වන්නේ ඇයි දැයි ඔබ සිතා බැලූවේද? සමහර මාධ්‍යවලින් ප්‍රචලිත කරන්නාක් මෙන්, ඉස්ලාම් ධර්මය කාන්තාවට අයුක්තියක් කරමින් ඇයව පීඩාවට ලක් කරන්නේ නම්, ඉන් මිදී යෑම සිදුවිය යුතු නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව ඉස්ලාම් ධර්මය වෙතට ඔවුන් ආකර්ශණය වෙන්නේ ඇයි දැයි මොහොතකට සිතා බැලූවේද?
සමාජයේ පවත්නා ඒකාකාරී ආකල්පයෙන් ඔබ්බට ගොස් නූතන යුගයේ උගත් කාන්තාවට ඉස්ලාමය ලබාදෙන තැනත්, විවිධ සමාජ මට්ටම්වල බොහෝ කාන්තාවන් හා පිරිමින්ද ඉස්ලාමය පිළිගැනීමට හේතුවත් මදක් විමසා බලමු.
![]() |
![]() |
![]() |
ශුද්ධ වූ අල්කුර්ආනයේ හා මුහම්මද් තුමාගේ ’හදීස්’ (එතුමාගේ ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) වල කාන්තාව ගැන ධනාත්මක විස්තරයක් අඩංගු වේ. කාන්තාවන්ට නිසි තැන ලබා දෙමින්, නිතරම පිරිමින් සමඟ සමීපව සඳහන් වන හා විශ්වාසයේ සහකරුවන් හා මිත්‍රයින් ලෙස කාන්තාවන් ගැන සඳහන් වන එකම ධර්ම ග්‍රන්ථය ශුද්ධ වූ අල්කුර්ආනයයි.
’විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්, මිතුරන් ලෙසින් එකිනෙකාව ආරක්ෂා කරති. නිවැරදි දේ කිරීමටත්, වරදින් මිදීමටත් පොළඹවති. සලාතය (නැමදුම්) ඉටුකරති. zසකාත් (වාර්ෂික දන්දීම) ලබා දෙති. ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වෙති. ඔවුනට අල්ලාහ් කරුණාබර වෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. ප්‍රඥාවන්තයාය. විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ට අල්ලාහ්, පහළින් ගංගා ගලන්නා වූ ස්වර්ගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඔවුන් එහි සදාකල් ජීවත් වෙති. එහි උද්‍යානවල ඇති අලංකාරවත් මන්දිර සදාකාලික සතුටකින් යුතුය. අල්ලාහ්ගේ සතුටට භාජනය වීම ඊට වඩා උසස් වන අතර, එයම විජයග්‍රහණය වේ.’
(අල්කුර්ආන් 91:71-72)
’ඇත්ත වශයෙන්ම අල්ලාහ්ට යටහත් පහත් වූ පිරිමින් හා කාන්තාවන්ද, විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ද, අවනත වන පිරිමින් හා කාන්තාවන්ද, සත්‍ය කථා කරන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, ඉවසිලිවන්ත පිරිමින් හා කාන්තාවන්ද, භක්තිමත් හා නිහතමානී පිරිමින් හා කාන්තාවන්ද, දන් දෙන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, උපවාසයේ යෙදෙන පිරිමින් හා කාන්තාවන්ද, තම පවිත්‍රතාව රැකගන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, අල්ලාහ්ව නිතරම සිහිපත් කරන පිරිමින් හා කාන්තාවන්ද, ඔවුනට අල්ලාහ් කෂමාව හා උසස් වූ දීමනාවක් සකසා ඇත.’ (අල්කුර්ආන් 33:35)
බලය වෙනුවෙන් පිරිමින් හා කාන්තාවන් ඉතිහාසගත ගැටුමක නිරත වීමක් ඉස්ලාමයේ නැත. ඒ දෙපිරිසගේම දායකත්වය අත්‍යවශ්‍යය.
’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)
’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)
දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.
’කිසිදු මුස්ලිම්වරයෙක්, මුස්ලිම් කාන්තාවක් ගැන අයහපත් හැඟීමක් ඇති කර නොගත යුතුයි. ඈ තුළ ඔහු පිළිකුල් කරන එක් ගුණාංගයක් ඇත්නම් ඔහු ප්‍රිය කරන තවත් ගුණාංගයක් ඇගෙන් දකිනු ඇත. විශ්වාසවන්තයින් අතර හොඳම තැනැත්තා, සිය බිරිඳට හා පවුලේ අයට හොඳින් සලකන්නාය.’
පෙර කී දේව ධර්මය එය පහළ වූ වකවානුවේ අරාබි හා අරාබි නොවන ජනයාට මහඟු විප්ලවයක් විය. මුස්ලිම් දරුවන්ට සිය මවගේ දෙපා මුල ස්වර්ගය තිඛෙන බව ඉස්ලාමය පවසන කල, චීනයේ කන්ෆූෂස් දර්ශණයෙන් කාන්තාවට පළමුව සිය පියාටත්, අනතුරුව ස්වාමි පුරුෂයාටත්, ඔහුගේ වියෝවෙන් පසු පුතාටත් අවනත වන ලෙස පවසා ඇත. කාන්තාවන් ස්වාධිපත්‍යයට නුසුදුසු බවත්, ස්වභාවයෙන්ම දුර්වල බවත්, පහසුවෙන්ම නොමග යන බවත්, අනුවණක්කාර බවත් හින්දු දහමේ මතයයි. කලක් යුදෙව් හා ක්‍රිස්තියානිවරුන් කාන්තාව දෙස බැලූවේ මානව වර්ගයාගේ පිරිහීමට හේතුව ලෙසයි. ඔසප්වීම හා දරු ප්‍රසූතිය දේව ශාපයක් නිසා සිදුවන බව ඔවුන් විශ්වාස කරති.
![]() |
![]() |
![]() |
මුහම්මද් තුමාගෙන් වසර දහසකට පසු 1586දී, ප්‍රංශ කතෝලිකවරු, කාන්තාවට ආත්මයක් තිබේද නැද්ද යන්න ගැන වාද කළහ. ඇතැම් ක්‍රිස්තියානිවරු යක්ෂයින් ආවේෂ වී ඇතැයි කාන්තාවන්ව පණපිටින් පුළුස්සා දැමූහ. යුරෝපයේ විවාහක කාන්තාවට දේපළ අයිතිය හා දික්කසාද වීමේ අයිතිය දහනමවන ශතවර්ෂය වනතුරු ලබාගත නොහැකි විය. එවැනි තත්වයක් මත, යුක්තිය සොයා ඔවුන් සටන් කිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.
ඉස්ලාමයේ සමාජ ක්‍රමය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනියි. වඩාත් සාර්ථක සමාජ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ මුහම්මද් තුමාණන්, පීඩිත, දුර්වල ජනයාගේ අයිතිවාසිකම් ඔවුනට ලබාදීමට සමත් විය. කාන්තාව සම්බන්ධයෙන් ඇති අල්කුර්ආනයේ වාක්‍යයන් ඒවා පහළ වූ වකවානුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබා දීමට මෙන්ම, සමාජ ක්‍රමය හැඩ ගැස්වීමටද පදනම් විය. දේපළ සම්බන්ධ අයිතිවාසිකම්ද, විවාහය, දික්කසාදය මෙන්ම අධ්‍යාපනය ලබා ගැනීමටත් ඔවුනට හිමි අයිතිවාසිකම් එලෙසින්ම හිමිවිය.
සංවර්ධනය වෙමින් පවතින රටවල්වල, පීඩනයට ලක්වී සිටින කාන්තාවන් මෙන් නොව, ඉස්ලාමය ආරම්භක යුගයේ කාන්තාවන් සිය අධ්‍යාපනය හා නිපුණත්වයන් හේතුවෙන් පැසසුමට ලක් වූවන්ය. මුහම්මද් තුමාණන් ප්‍රකාශ කල පරිදි ’දැනුම ලැබීම සියලූම මුස්ලිම්වරුන්ගේ යුතුකමකි.¶ එතුමාණන්ගේ බිරිඳ ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ දයාව අත්වේවා) නබි තුමාගේ ප්‍රකාශයන් දහස් ගණනින් ධාරණය කොට ඊළඟ පරම්පරාවට තිළිණ කළ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කිවිඳියක් වූ ඇය වෙද හා ඉස්ලාමීය නීතිය යනාදී ක්ෂේත්‍රයන්හිද ගැඹුරු දැනුමක් තිබුණු තැනැත්තියකි. සිය පෞද්ගලික ගුණාංග තුළින් යහපත් පෞරුෂත්වයක් හෙබ වූ තැනැත්තියකි. නබි තුමාණන්ගේ අභාවයෙන් පසු ඇය යුද්ධයක නායකත්වය දැරීම ගැනද කවුරුත් විරුද්ධත්වය පළ කළේ නැත. මධ්‍යම යුගයේ බොහෝ කාන්තාවන් උගත් හා ආගමික බලතල හිමි අය ලෙස ගෞරවපූර්වකව සමාජය විසින් පිළිගනු ලැබිණි. එහෙයින් ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක කිරීමෙන්, ඔවුන් තමන්ට හිමි තැන ලබා ගැනීමට උත්සුක කරනවා මිස, ඇතැම් අන් ආගම්වල වූවා මෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් නොවෙති. ඉස්ලාමයට පෙර හා අද මුස්ලිම් කාන්තාවට තමන්ට හිමි අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි එකම බාධාව, ඉස්ලාමීය නොවන සංස්කෘතීන් හා සිරිත් විරිත්වල බලපෑම, ආගමික දැනුම මදිකම හා ස්වභාවයෙන්ම මිනිසා සතු අයහපත් පැතිකඩ ඉස්මතු වෙයි.
සමාජයේ හා පවුල් සංස්ථාවේ සදාචාරය රැක ගැනීමට, මුස්ලිම් කාන්තාවන්ට හා පිරිමින්ට සමහර ආචාරධර්ම හා නීතිරීති ඉස්ලාමය පනවා ඇති අතර, ඇතැම් විට බටහිර ජාතිකයින්ට එය පීඩනයක් ලෙස පෙනෙනු ඇත. දෙපිරිසට ආකර්ශණීය බවෙන් තොර, සිරුරට තද නොවන ඇඳුම් ඇඳිය යුතු අතර, විරුද්ධ ලිංගිකයින් සමඟ අසම්මත හැසිරීම්වල නිරත වීම ඇති අවස්ථාවන් වැළැක්විය යුතුය. අධික ආකර්ණයකින් යුතු හෙයින්, කාන්තාවන් තම හිසද ආවරණය කිරීම අනිවාර්්‍ය වේ. නිවසින් බැහැරව යන විට මෙය අනිවාර්්‍ය වන්නේ කාන්තාවගේ ගෞරවය රැක ගැනීම උදෙසාය. අද සමාජයේ වෙළඳ භාණ්ඩයක් ලෙසින් කාන්තාවන්ව අසභ්‍ය ලෙස යොදාගෙන තිබීම හේතුවෙන්, ඔවුන් ලිංගික අපචාරවලට ලක්වනවා පමණක් නොව ඔවුන්ගේ පවුල් ජීවිත අඩපණ වී ආධ්‍යාත්මික ජීවිතය නිමාව දැක තිබීම කණගාටුවට කරුණකි.
කාන්තාවන් තම ස්ත්‍රීභාවය අගේ කරමින්, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන්, උසස් චරිතයකට හිමිකම් කියන්නට සූදානමින්, පවුල් සංස්ථාව නොසලකා නොහැර යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් හා සමබර ලෞකික ජීවිතයකට ප්‍රිය කරන්නේ නම් ඇයට හිමි එකම මග පෙන්වීම ඉස්ලාමයයි.
පෙර සඳහන් වූ කුර්ආනීය පාඨයේ පැවසෙන ආකාරයට කාන්තාවට ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා සමතැනක් ලැඛෙන අතර, ආගමික යුතුකම්ද දෙපිරිසටම සමාන වේ. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ, මුස්ලිම්වරුන් දෙවියන්ට සේවය කිරීම, ඔවුන්ගේ පළමුහම්මද් තුමා යුතුකම ලෙස සලකන නිසාත්, මෙලොව ජීවිතය තාවකාලික එකක් වන අතර, පරලොව ජීවිතය තීරණය කරන්නා වූ පරීක්ෂණයක් ලෙස දකින නිසාත්ය. එහෙයින් පරලොව ජීවිතය අරමුණු කර ගන්නා වූ මුස්ලිම්වරයෙකුට මෙලොව ජීවිතයේ ධනය, බලය, ප්‍රසිද්ධිය ගැන එතරම් තැකීමක් නැත. ශ=ද්ධ වූ අල්කුර්ආනය මෙලොව ජීවිතය ගැන විග්‍රහ කරන්නේ කෙටි හා අස්ථාවර තැනක් ලෙසයි. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ අපගේ චරිතය, අන් අය සමඟ හැසිරෙන ආකාරය හා දෙවියන්ගේ දායාදයන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයයි. ඒ සඳහා පවුල් සංස්ථාව සතුව වැදගත් කාර්්‍යභාරයක් තිඛෙන අතර, ස්ථාවර පවුලක, යහපත් ආකාරයෙන් හැදෙන වැඩෙන දරුවන්, ධර්මයේ පදනම වන විශ්වාසය ඒ ආකාරයෙන්ම ඊළඟ පරම්පරාවට රැගෙන යන භාරකරුවන්ය. ප්‍රසිද්ධ අරාබි ප්‍රස්ථාපිරුළක මෙසේ සඳහන් වෙයි.
’මෑණියන් වූ කලී එක් පාඨශාලාවකි’
ඉස්ලාමීය සංකල්පයට අනුව, මවට නිවසේ වගකීම භාරව තිඛෙන අතර, පවුල නඩත්තු කිරීමට අවශ්‍ය ආර්ථීක පසුබිම සැකසීම පියාගේ වගකීම වුවද, මාතෘත්වය හා ගෘහ පාලනය නොවැදගත් ලෙස හෝ අඩු කුසල් හිමි ක්‍රියාවන් ලෙස හෝ ඉස්ලාමය පිළිනොගනියි. ඇත්ත වශයෙන්ම මාතෘත්වය සතුව සමාජයේ නගා සිටුවීමට වැදගත් දායකත්වයක් ඇත්තේ, පවුල් සංස්ථාවක ස්ථාවරකිය හා යහපත් දරුවන් හදා වඩා ගැනීමේ මහඟු වගකීම ඇය සතුවන නිසාය. පවුලේ නඩත්තුවට මුදල් ඉපැයීම සඳහා කාන්තාව යොමු වීම මාතෘත්වයේ සැබෑ වගකීම් ගිලිහී යාමට හේතුවන අතර, ඒ හේතුවෙන් පවුල් සංස්ථාවේ ස්ථාවරබව අහිමි වෙයි. බටහිර රටවල්වල කාන්තාවන් මාතෘත්වය පිළිබඳ සංකල්පයෙන් ඈත් වී මුදල් උපයන යන්ත්‍ර බවට පත් වී ඇත්තේ, නිවසේදී හා සේවා ස්ථානවල ලිංගික අපචාරවලටද ලක්වෙමිනි. එහෙත් පවුලේ නඩත්තුවට ඇගෙන් ලැඛෙන්නා වූ දායකත්වය ඔවුන්ගේම සංස්කෘතිය තුල පැසසුමට ලක් නොවීම කණගාටුවට කරුණකි. ඉස්ලාමය කාන්තාවට උසස් අධ්‍යාපනය ලබා ගැනීමටත්, සිය මූලික වගකීම් ඉටුකිරීමෙන් අනතුරුව, සමාජයේ ප්‍රයෝජනය උදෙසා කටයුතු කිරීමටත් අවකාශය සලසා දී ඇත. මුස්ලිම් කාන්තාවක් උපයන දෑ ඈ සතුවන අතර, පවුලේ නඩත්තුවට අවශ්‍ය වියදම් දැරීම පුරුෂයින්ගේ වගකීමේම පවතියි.
සිය දරුවන්්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාදීම දෙමාපියන්ගේ වගකීම වන අතර, විවාහ වන දෙදෙනාටම, එයට එකඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ නිදහස තිබේ. සිය කැමැත්තෙන් තොරව විවාහ වූ ඇතැම් තරුණියන්ට එම විවාහයෙන් මිදීමට නබි තුමාණන් අවසර දුන්නේය.
ආදරය හා කරුණාව මෙන්ම අන්‍යොන්‍ය අවබෝධය මත පදනම් වූ සම්බන්ධතාවයක් ලෙස ඉස්ලාමය අඹු-සැමි සම්බන්ධතාවය විග්‍රහ කරයි. අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි:
’ඔහුගේ සළකුණු අතර ඔබට ඔබ තුළින්ම සහකාරියක් මැව්වේය. ඒ ඔවුන් මත සාමයේ රැඳී ඉන්නට, (එමෙන්ම) ඔහු ඔබලා අත්රු (හදවත් තුළ) එකිනෙකා කෙරෙහි ආදරය හා කරුණාව ඇති කළේය. චින්තනයට ඉඩ දෙන්නන්ට එහි සලකුණු ඇත.’
ස්ථාවර හා ආදරයෙන් යුත් පවුලක් ගොඩනැගීමේ වගකීම සැමියා හා බිරිඳ යන දෙදෙනා සතුවම පවතියි. පවුලේ මූලිකත්වය දරන ස්වාමියා සතුව තීරණය ගැනීමේ අයිතිය තිඛෙන අතර, ඒ සඳහා බිරිඳගේ අදහස් විමසීම, ඇගේ අදහස්වලට සවන්දීමද ඔහු විසින් කල යුතුය. ආගමික නීතියට පටහැනි දෙයක් කරන්නට අණ නොකරන තුරු, බිරිඳ ඔහුට සහාය දැක්වීම අවශ්‍ය වන්නේය. මේ සඳහා දෙදෙනාම අවබෝධයෙන්, එකිනෙකාට හිමි ගෞරවය ලබා දෙමින්, කරුණාවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුය.
මුස්ලිම් පිරිමින්ට කාන්තාවන් හතර දෙනෙකු හා විවාහ වීමට අනුමැතිය ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් එලෙස විවාහ වන කල සියලූම හා භාර්්‍යාවන්ට එක හා සමානව සැලකීම අත්‍යවශ්‍ය බවත්, කාන්තාවකට සිය සැමියා දෙවන විවාහයක් කරගත්තේ නම් දික්කසාද වීමේ කොන්දේසියක් විවාහ ගිවිසුමේ සඳහන් කිරීමට අයිතියක් තිඛෙන බවත් බොහෝ දෙනා නොදනිති.
සෑම සමාජයකම පිරිමින් හා කාන්තාවන් අතර අයථා සම්බන්ධතා, ගණිකා සේවනය වැනි දේ පවතියි. එය සමාජයේ පැවැත්මට හානිකර නිසා මෙන්ම, කාන්තාවන්ව හා ළමයින්ව අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීමට, ඉස්ලාමය මෙවැනි බහුභාර්්‍යා නීතියක් සකසා ඇත. බිරිඳට දරුවෙකු ප්‍රසූත කිරීමට නොහැකි නම්, ඇය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙයි නම්, යුද්ධ නිසා හෝ වෙනත් හේතු නිසා වැන්දඹුවන් හා අනාථයින් සිටියි නම් හෝ අසාර්ථක විවාහ ජීවිතයක් හමුවේත් ඒ විවාහයේම රැඳී සිටීමට භාර්්‍යාවට අවශ්‍ය නම්, බහු භාර්්‍යා සංකල්පය මේවාට විසඳුමකි.
මුහම්මද් තුමා ප්‍රථමයෙන් විවාහ වූ, කදීජා තුමිය සමඟ වසර 25ක විවාහ ජීවිතයක් ගෙවූ අතර, එම කාලය තුළ වෙනත් විවාහයක් කරගත්තේ නැත. ඇගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා කාන්තාවන් කිිහිප දෙනෙකු විවාහ කර ගත්තේය. එතුමාගේ පවුල් සංස්ථාව, ආදරය, කරුණාව, ගෞරවය හා කැපවීම මත ගොඩනැගුණකි.
’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)
’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)
දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.
”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය”
(ශුද්ධවූ අල්කුර්ආනය 39: 30).
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!
නබි (සල්) තුමන්, තමන්ගේ දූත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින බව, එතුමන්ගේ දෛනික ජීවිතයෙහි අළුත් සිද්ධ් දාමයන් තුළින් සැලවිය.
සෑම වසරකම රමලාන් සමයේ දවස් දහයක් ඉඃතිකාෆ් (මස්ජිදයේ – සිද්ධස්ථානයේ නවාතැන් ගැනීමට පුරුදුවී සිටී) නබි (සල්) තුමන් අවසන් වසරේ දවස් විස්සක් රැඳී සිටීම. එම වසරෙහි අල්-කුර්ආනය දෙවතාවක් දේව දූත ජිබ්රීල් ඉදිරියේ පාරායනය කර පෙන්වීම සුවිශේෂ සිද්ධීන් අතර විය.
එතුමන් අවසන් හජ් කර්තව්‍යයෙහි දී පැවසූහ: මෙම වසරෙන් පසු යළි වරක් මෙවැනි ස්ථානයක ඔබලා හමුවෙයිදෝ යනු මා නොදනිමි. හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ මුල් භාගය වන විට උහද් පර්වතය වෙත පැමිණ ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදු තමන්ගේ මිත‍්‍රයින් වෙනුවෙන්ද, ජීවතුන් අතර සිටින මිත‍්‍රයින් වෙනුවෙන්ද ප‍්‍රාර්ථනා කළහ. තවත් එක් මධ්‍යම රාතී‍්‍රයක බකීඃ සුසාන භූමිය වෙත ගොස් එහි මිහිදන් වී සිටී අය වෙනුවෙන් සමාව ශාන්තිය අයද, අපද ඔබත් සමග ඉතා ඉක්මනින් එක්වෙමු යනුවෙන් හැඟීම් බරව ප‍්‍රකාශ කළහ.
හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ විසි නම වැනි දින සඳුදා දවසක බකීඃ සූසාන භුමියෙහි මිත‍්‍රයෙකුගේ දේහය මිහිදන් කර පැමිණිමින් සිටී නබි (සල්) තුමන්ට සුළු හිසරදයක් ඇති විය, හිසරදය උත්සන්න වීමත් සමග ශරීර උෂ්ණත්වයද වැඩිවිය, හිස වටේ බැඳ සිටි පටියද උෂ්ණත්වයෙන් රත් වෙන්නට විය, එම තත්වය උග‍්‍ර විය. නබි (සල්) තුමන් තදින්ම රෝගාතුර විය. සෙසු භාර්යාවන්ගේ එකඟතාවය මත එතුමන් ආයිෂා (රලි) තුමියගේ නිවහනේ නවාතැන් ගත්හ, ආයිෂා (රලි) තුමිය, එතුමන්ගෙන් උගත් මුඅව්විදාත් පරිච්වේදයන් (එනම් සූරතුල් ෆලක්, සූරතුන් නාස්) වෙනත් ප‍්‍රාර්ථනාවන් උසුරා, එතුමන් වෙත පිඹ දෙඅත් වලින් පිරිමදින්නටද වූහ.
සමුගැනීමට පෙර කළ ස්වර්ණමය දේශනයන්:
අපවත්වන්නට දින පහකට පෙර බදාදා දවසක අසනීප තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය වැඩි විය. එතුමන් භාජනයක වාඩි වී (ප‍්‍රමාණවත් යැයි කියන තෙක්) එතුමන්ට ජලය වක්කළහ.
සෞඛ්‍ය තත්ත්වය මදක් යහපත් තත්ත්වයට හැරුනු විට, සිය හිස මත පටියක් බැඳ වේදනාවෙන් පසුවෙන එම අවස්ථාවෙහි පවා මස්ජිදයට පැමිණ මින්බර් වේදිකාව මත නැග ජනතාව ඇමතුහ: පෙර පැමිණී ශාස්තෘවරුන්ගේ සොහොන් කොත් පූජනීය ස්ථානයන් බවට පත් කළ යුදෙව්වරුන්ට, කිතුවරුන්ට අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඇති වේවා! මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් නොකරන්න. පසුව වේදිකාවෙන් බැස මධ්‍යහන ලූහර් සලාතය ඉටු කර, අනතුරුව යළිත් වේදිකාව මත නැග මදීනා වැසියන් වන අන්සාරිවරුන් අමතා දේශණයක් පැවැත්වූහ, දාසයකුට අල්ලාහ් ලෞකීක භාග්‍යන් හා ඔහු අතර ඇති දැයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය, ඔහු ස්වකීය හිමියන් ඉදිරියේ ඇති දේ තෝරාගත්තේය.
අබූ සඊදුල් හුද්රි (රලි) පවසයි: මෙය ශ‍්‍රවණය කරමින් සිටි අබූ බක්ර් (රලි) ගේ දෙනෙත් තෙත් විය. මෙය දුටු අපි, අපේ දෙමව්පියන් ඔබට කැපය, ඔබගේ මෙම කි‍්‍රයාව අප මවිත කරවන්නට විය, අපට වඩා පෘථුල දැනුමක් ඇති අබූබක්ර් (රලි) අල්ලාහ් අභියස ඇති දේ තෝරාගත් පුද්ගලයා වෙන කව්රුවත් නොව නබි (සල්) තුමන් යැයි පිළිතුරු දුන්හ.
පසුව නබි (සල්) තුමන් පැවසූහ: සැබවින්ම මිනිසුන් අතුරින් මට, ඔහුගේ මිළ මුදල්වලින්, මිත‍්‍රකමින් බෙහෙවින් උරුමකම් කියන්නේ අබු බක්ර්ය. ස්වකීය හිමියන්ට පසු මිත‍්‍රත්වය පවත්වන්නට මට කෙනෙකු සිටී නම් ඒ අබු බක්ර්ය. ඔහු සමගයි එම මිත‍්‍රත්වය පවත්වන්නේ, නමුත් ඉස්ලාමයෙහි සියල්ලන් මිත‍්‍රයින් සහෝදරයින්ය. අබු බක්ර්ගේ නමින් පිහිටී කවුළුව හැරෙන්නට සිද්ධස්ථානයෙහි සෙසු සියළු කවුළුවන් වසන්නට වූහ.
අපවත් වීමට දවස් හතරකට පෙර කරුණු තුනක් පිළිබඳ දේශණා කළහ: අරාබි දේශ සීමාවෙන් යුදෙව්වරු, කිතුවරු පිටමං විය යුතුය, විදේශ තානාධිපතිවරුන් හට තෑගි බෝග දී මා ඔවුන් පිළිගත්තා සේ ඔබද ඔවුන්ව පිළිගත යුතුය, තෙවැනි කරුණ නම් අල්-කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පිළිපැදීම, නැතහොත් උසාමාගේ නායකත්වයෙන් සේනාවක් සූදානම් කිරීම, නැතහොත් සලාතය ස්ථාපිත කිරීම හෝ ඔබලාගේ දකුණු අත හිමිකරගත් අයවලූන්ට යුතුකම් ඉෂ්ට කිරීම යන දේශණයන් විය යුතුය. එතුමන් දැඞ් අසාධ්‍ය තත්ත්වයක පසුවූවද සමුහ සලාතය අතපසු නොකළහ, මෙම දවසෙහි එතුමන් හිරු බැසීමත් සමග පටන් ගන්නා මඃරිබ් සලාතය මෙහෙයවමින් වල්-මුර්සලාත් පරිච්ඡේදය පාරායනය කළහ, ඉෂා සලාතය වේලාව පැමිණි විට එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් වීම නිසා සමූහ සලාතය සඳහා මස්ජිදයට පැමිණීමට අපොහොසත් විය, ආයිෂා (රලි) තුමියගෙන් එතුමන් විමසූහ: ජනතාව සලාතය ඉටු කළේද? නැහැ නබි තුමනි! ඔබේ පැමිණීම ඔවුන් මග බලාගෙන සිටියි, එවිට භාජනයක ජලය වක්කරන්නට අණ කළ නබි තුමන් ඉනික්බිතිව වුළුඃ (දෝවනය) කළහ, නමුත් වුළුඃ (දෝවන) නිම කිරීමත් සමග එතුමන් සිහි මුර්ජාවුනේය, යළි සිහිය පැමිණීමත් සමග මිනිසුන් සලාතය ඉටු කළේ දැයි විචාළේය? වුළුඃ (දෝවනය) කිරීමත් සිහි සුන්වීමත් යන තත්ත්වය දෙතුන් වතාවක් සිදුවිය, ඉන් පසු සලාතය මෙහෙය වීම සඳහා අබූ බක්ර් (රලි) ට නියම විය.
සෙනසූරාදා නැතහොත් ඉරිදා දවසක නබි (සල්) තුමන්, තමන්ට මද සුවයක් ලැබුණු බව සිතමින්, ලූහර් සලාතය සඳහා දෙදෙනෙකු ගේ සහය ඇතිව මස්ජිදය වෙත පැමිණෙන විට අබූ බක්ර් (රලි) සලාතය මෙහෙය වෙමින් සිටීයහ නබි (සල්) තුමන් දුටු ඔහු ආ පස්සට ඒමට උත්සහ කරන විට, එසේ නොයන ලෙස නබි (සල්) තුමන් සඥා කළහ, මා ඔහු අසල වාඞ් කරවන්න, අබූ බක්ර්ගේ වම් පැත්තේ වාඞ් කරනවනු ලැබීය, අබූ බක්ර් (රලි) නබි (සල්) තුමන්ව අනුගමනය කරමින් සලාතය කළහ, සලාතය අතර තුර තක්බීරය ශබ්ද නගා අබූ බක්ර් (රලි) විසින් කියනු ලැබිනි.
අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත‍්‍රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.
උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය.
වේදනාව දැඞ් විය (උග‍්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප‍්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ.
නබි (සල) තුමන්ගේ බිරිඳ ආයිෂා (රලි) තුමිය එතුමන්ගේ අවසන් විනාඩි කිහිපය පිළිබඳ මෙසේ විස්තර කරයි: අල්ලාහ්ගෙන් මා ලද උසස් භාග්‍යන් නම්, නබි (සල්) තුමන් මාගේ නිවහනේ සිට, මාගේ නිවහනේ නවාතැන් ගතයුතු වාරයේ, මාගේ පපුව හා පෙනහලූ පෙදෙස මත හිස තබා සිටින විට මෙලොවින් සමුගත්හ, අල්ලාහ් මාගේ ඉඳුල් හා එතුමන්ගේ ඉඳුල් එක්කළහ, (එම සිද්ධිය ඇය විස්තර කරයි): එතුමන් අවසන් විනාඩි කිහිපය ගතකරමින් සිටින විට මාගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් සිවාක් දැහැටි කූරක් අතැතිව පැමිණූනේය, නබි (සල්) තුමන් ඔහුව නෙත්යොමා බලා සිටියේය, එතුමන්ට දත් මදින්නට අවශ්‍ය කරන බව වටහාගත් මම එම දැහැටි කූර ලබා දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් සඥා කළ විට මම එය එතුමන්ට දුන්නද එහි ඝනකම නිසා එතුමන්ට දත් මදින්නට අපහසු විය, මම එය සපා සැහැල්ලූ කර දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් කියා සඥා කළහ, අනතුරුව මම එය සපා සැහැල්ලූ කර නබි (සල්) තුමන්ට දුන්නෙමි. තවත් වාර්තාවක: නබි (සල්) තුමන්, තමන්ගේ දත් වෙනදාට වඩා ලස්සනට මැන්දේය යනුවෙන් වාර්තා වෙයි. එතුමන්ට වේදනාව උග‍්‍රවූ විට අසල වූ (හමවලින් සෑදූ) වතුර භාජනයකට තමන්ගේ දෑත් ඇතුළු කර, එම තෙත් දෑත් මුහුණේ පිරිමදිමින් (”ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත, දැනගන්න! නියතයෙන්ම මරණය ආසන්නයේ ඉතා පීඩාකාරී වේදනාවක් ඇත) යනුවෙන් පැවසූහ. එතුමන් දත් මැඳීම නිම කිරීමත් සමග තම දෑත් නැතහොත් ඇඟිලි ඉහළට ඔසවමින්, එතුමන්ගේ දර්ශනය ද ඉහළට එසවුනේය, දෙතොල් යාන්තමින් සෙලවෙන්නට විය. ආයිෂා (රලි) තුමිය එයට සියුම් ලෙස ඇහුම් කන් දෙමින් පවසයි: (හිමියනි! ඔබේ ආශිර්වාදය ලද් භාග්‍ය වන්තයින් වන ශාස්තෘවරුන්, සත්‍ය වන්තයින්, දිවි පිදු ෂුහදාවරුන්, ශ‍්‍රද්ධාවන්තයින් සමග මා ස්වර්ගයේ එක්කරන්න. මාගේ පාපයන් කමා කරමින් මා හට දයාව දක්වන්න, උසස් මිත‍්‍රයින් සමග මා ස්වර්ගයේ පත් කරන්න එය මට ලැබෙන ඉතා උසස් භාග්‍යකි.) අවසන් වැකි තුන නැවත නැවත පවසමින් සිටීයහ, එතුමන්ගේ දෑත් පහත්විය, උසස් මිත‍්‍රයින් සමග එතුමන් එක්විය. (ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්) නියත වශයෙන් අපි අල්ලාහ් වෙනුවෙන්ය, නිසැකයෙන්ම ඔහු වෙතටම අපි යළි කැඳවනු ලබන්නෙමු.
මෙම අසුභ ආරංචිය මදීනා නගරය පුරා ඉතා සීග‍්‍රයෙන් පැතිර යෑමත් සමග මුළු නගරයම අඳුර වෙලා ගන්නට විය, අනස් (රලි) පවසයි: නබි (සල්) තුමන් මදීනා නගරයට පිවිසුනු එම ප‍්‍රථම දිනයෙහි මදීනා නගරය ආලෝකමත්ව පැවතුනු ආකාරයට කිසිම දිනක් මා නොදුටුවෙමි. නබි (සල්) තුමන් අපවත්වූ එම දිනයෙහි මදීනා නගරය වෙලාගත් එම අඳුර මෙන් කිසිම දිනක් මා නොදුටුවෙමි. එතුමන් පරලෝසැපත්වූ විට එතුමන්ගේ සෙනෙහවන්ත දියණිය වූ ෆාතිමා (රලි) තුමිය මෙසේ පවසන්නට විය: හිමියන්ගේ ඇරයුම පිළිගත් මාගේ පි‍්‍රයාදර පියාණනි! සෞබාග්‍යමත් ෆිර්දව්ස් ස්වර්ගය තමන්ගේ නවාතැන කරගත් මාගේ පියාණනි! මෙම මරණ දැන්වීම දේව දූත ජිබ්රීල් වෙත අපි දන්වමු මාගේ පියාණනි!
අබු බක්ර් (රලි) අශ්වයෙක් මත තමන්ගේ ”සුන්හි” පිහිටා ඇති නිවසේ සිට පැමිණ, මස්ජිදයට (සිද්ධස්ථානයට) ඇතුල් වී කිසි කෙනෙකු සමග කථා නොකර ආයිෂා (රලි) ගේ නිවසට ඇතුල් වී යමන් දේශයේ වස්ත‍්‍රයකින් වසාතිබු නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය, එහි වස්ත‍්‍රය ඉවත් කර එතුමන්ගේ සෞන්දර්යමත් රුව සිපගෙන කඳුළු සලමින්, මාගේ මව හා පියා ඔබට කැපය! අල්ලාහ් ඔබ මරණයන් දෙකක් මත එක් කළේ නැත, ඔබට නියමවූ මරණය ඔබ භුක්ති වින්දේය යනුවෙන් පැවසූහ.
තවත් ශ්‍රේෂ්ඨ මිත‍්‍රයෙක් වූ උමර් (රලි) ජනතාව අමතමින් (නබි (සල්) තුමන් මරණයට පත්නොවූ බව කියමින්) සිටි ස්ථානයට අබූ බක්ර් (රලි) පැමිණ උමර්ට වාඞ් වෙන්නට කීහ, නමුත් උමර් එය ප්‍රෙතික්‍ෂෙප කළ විට අබූ බක්ර් (රලි) අල්ලාහ් ප‍්‍රශංසා කර ජනතාව ඇමතූහ, උමර් (රලි) තුමන් වෙත අවදානය යොමු කරමින් සිටී ජනතාව, අබූ බක්ර් (රලි) තුමන් දෙස හැරෙන්නට වූහ, ”ඔබලාගෙන් යමෙකු මුහම්මද් (සල්) තුමන්ට යාඥා කළේ නම් මුහම්මද් මිය ගිය බව දැනගන්න. ඔබලාගෙන් කෙනෙකු ශක්ති බල සම්පන්න අල්ලාහ්ට යාඥා කරන්නේ නම් ඔහු කිසි දිනක මිය නොයන සදාතනිකයෙක් බව දැනගන්න! අල්ලාහ් මෙසේ පවසයි: ”තවද මුහම්මද් දූතවරයෙකු මිස නොමැත, ඔහුට පෙරද නොයෙක් දූතවරු පැමිණ ගියහ, ඔවුන් මරණයට පත්වූයේ නම් නැතහොත් ඝාතනයට ලක්වූයේ නම් තොපි තොපගේ පැරණි පාද සළකුණු මත පෙර ආගම්වලට හැරෙන්නේද? එසේ කව්රුන් පැරණි ආගම්වලට හැරෙන්නේද එයින් දෙවියන්ට කිසිදු හානියක් නොවන්නේය. ඔහු (අල්ලාහ්) කළ ගුණ දත් අයට ඉතා ඉක්මනින් ප‍්‍රතිඵල දෙන්නේය.” (ශු අල්කුර්ආනය 4:144).
උමර් (රලි) තුමන් අල්ලාහ් මත දිවුරා පැවසු බව ඉබිනුල් මුසය්යබ් පවසයි: අබූ බක්ර් (රලි) ඉහත සඳහන් අල්-කුර්ආන් පාඨය පාරායනය කළ විටයි, එවැනි පාඨයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වී තිබීම මට සිහියට නැගුනේ, එයත් සමග මට ඇතිවූ කම්පාව වචනවලින් කිව නොහැක, නබි (සල්) තුමන් මෙලොවින් සමුගත් බව මම දැනගත් විට මාගේ පාදයන්ගේ වීරිය නැතිවී මා පොළොවත් සමග සේන්දුවුනෙමි.
එතුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කරමින් සිටින අතරවාරයේ නායකත්වය පිළිබඳ සාකච්ඡුාව මතුවිය, ”සකීෆතු බනී සාඉදා” යන ස්ථානයෙහි මුහාජිර්වරු(මක්කා වැසියන්), අන්සාරිවරු (මදීනා වැසියන්) අතර නායකත්වය පිළිබඳ සාකචිඡුාව ඉතා තියුණු ලෙස පැවැත්විණි, නමුත් අවසානයේදී අබූ බක්ර් (රලි) තුමන් නායකත්වයට සුදුසු පුද්ගලයා යැයි තීරණය කළෝය. සඳුදා දිනය මේ ආකාරයට ගත විය, නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් ගෞරවය සඳහා එතුමන්ගේ නිවහනේ (යමන් දේශයේ) වස්ත‍්‍රයකින් වසා තිබිනි.
අඟහරුවාදා දින එතුමන්ගේ දේහය ස්නානය කරමින්, සුදු කපු වස්ත‍්‍ර තුනකින් කෆන් ඇන්දවූවෝය, (එම ඇඳුම් අතර කමීසයක් හෝ හිස් වැසුමක් නොතිබිනි) දේහය තබා තිබූ ස්ථානයට දහදෙනා දහදෙනා බැගින් ඇතුල් වී එතුමන්ට ජනාසා සලාතය ඉටු කළහ, ජනාසා සලාතය සමූහ සලාතයක් මෙන් පැවැත්වුනේ නැත. මුලින්ම එතුමන් වෙනුවෙන් සලාතය ඉටු කළේ පවුලේ ඥාතීන්ය, පසුව මුහාජිර් වරුය, පසුව අන්සාරි වරුය, පිරීමීන්ට පසු කාන්තාවන්ය අනතුරුව කුඩා දරුවන්ය.
එතුමන්ගේ ආදාහන කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මතභේද මතුවූ විට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් මෙසේ පවසා ඇති බව පැවසූහ: ”කිසිදු නබි (ශාස්තෘ) වරයෙකු මරණයට පත්වූ විට මරණයට පත් එම ස්ථානයේ මිස මිහිදන් නොකළ යුතුය.” අනතුරුව අබූ තල්හා (රලි) එතුමන් අපවත්වූ එම ස්ථායයෙහි ආදහන කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කළහ. එම දවසෙහි මධ්‍යම රාති‍්‍රයෙහි එතුමන්ගේ ආදහන කටයුතු සිදුවිය. එතුමන් මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා කරුණාව හිමිවේවා!
මහාත්මා පුරුෂයකුවූ නබි (සල්) තුමන්ගේ අපවත් වීම හා එයත් සමග බැඳී පවතින සිද්ධි දාමයන්, තවද එතුමන්ගේ අවසන් සමයෙහි, එතුමන් සමාජයට කළ ස්වර්ණමය දේශණයන් මෙම ලිපිය මගින් සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කළ ඇත. තවද අපේ ජීවීතේට එන්නත් කළ ගත හැකි ආදර්ශමත් කරුණු රාශියක් අන්තර් ගතවී තිබීම මෙම ලිපියේ තවත් සුවිශේෂත්වයකි.
ඔබට විවිධ අර්බුද, කරදර, පීඩන මතුවන අවස්ථාවන්හීදී නබි (සල්) තුමන්ගේ වෙන්ව යෑමේ අවස්ථාව සිහිපත් කරගන්නේ නම් ඔබගේ එම පීඩනයන්හි සැහැල්ලූ ගතියක් දැනෙන්නේය, නබි (සල්) තුමන්ගේ පවුලේ ඥාතීන්ට මිත‍්‍රයින්ට දරාගන්නට බැරි ශෝක ජනක සිද්ධියක් තිබේ නම් එය නබි (සල් ) තුමන්ගේ අපවත් වීමයි, එම අසුභ ආරංචිය පවා එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රයින් ඉතා අසීරුවෙන් හෝ ඉවසා ගත්හ. අබ්දුර් රහ්මාන් ඉබ්නුල් කාසිම් වාර්තා කරයි: ”මුස්ලිම් සමාජයට මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් ඉතා ප‍්‍රබලතම පීඩනය මාගේ සමූගැනීමෙන් ඇතිවන පීඩනය යැයි” නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (මූලාශ‍්‍රය: මුවත්තා).
ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: නබි (සල්) තුමන් තිරය ඈත් කර බලන විට තමන්ගේ සිය මිත‍්‍රයින් අබූ බක්ර් (රලි) පෙරටු කොටගෙන සලාතය කරමින් සිටීයහ, මෙම ප‍්‍රීතිමත් දර්ශණය දුටු නබි (සල්) තුමන්, අල්ලාහ්ට ප‍්‍රශංසා කර ඔහුගේ නායකත්වය යටතේම සමාජය පෙළ ගැසෙන්නට පි‍්‍රය කළහ, පසුව පැවසූහ: ”ජනයිනි! යම් කිසි විශ්වාස වන්තයෙකුට පීඩාකාරී තත්වයන් මතුවන විට ඔහු මාගේ අපවත් වීමෙන් සමාජයට ඇතිවන පීඩනය සිතාබලා සැනසිලි විය යුතුය. මාගේ වෙන්වයාමෙන් ඇතිවූ පීඩනය අභිබවා යන වෙනත් පීඩනයක් මාගේ සමාජයට නොමැත. මාගේ වෙන්ව යාමත් සමග ඇති වන පීඩනයට වඩා වෙනත් ප‍්‍රබලතම පීඩනයක් මාගේ සමාජයට ඇතිවන්නේද නැත.”
අපේ නායකයානනි!
අපේ ශාස්තෘවරයානනි!
මුළු ලොවටම මෛති‍්‍රයක් වූ උත්තම පුරුෂයානනි!
විශ්වාස වන්තයින්ගේ ප‍්‍රාණයටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයානනි!
ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා!
කෙටියෙන් යොදා ඇති වචන මෙසේ කියවන්න:
(සල්) සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් – තේරුම: අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමන්ට උදාවේවා
(රලි) රලියල්ලාහු අන්හු. කාන්තාවන් සඳහා රලියල්ලාහු අන්හා – තේරුම: අල්ලාහ්ගේ තෘප්තිය එතුමන්ට හෝ එතුමියට ලැබේවා.
සකස් කිරීම: අෂ්ෂෙයික් සෆියියුර් රහ්මාන් මුබාරක් ෆූරී
පරිවර්තනය: අබූ අස්මා
ස්තුතිය :www.yayuthumaga.com
බෞද්ධයන්ව මෝඩයට ඇන්දවීමේ ක්‍රියාව
අපේ සමහර සහෝදරයන් ගොඩක් කල් ඉදල මුස්ලිම් අයගේ ජනග්‍රහණ ජිහාදය කියා දෙයක් පතුරවනවා.ඔවුන් ගොඩක් හිතල කොහම හරි බෞද්ධයන්ව ගොනාට අන්දවන්න ක්‍රියා කරනවා.මම මගේ තොරතුරු හෙළි කරන්න ඉස්සෙල්ල එක දෙයක් මම කියන්න වෙනවා.
1.ලංකාවේ ඉන්න ඕනෑම එක්කනෙක් පිලිගන්නවා සිංහල සමාජය දරුවන් හදන්න(බිහි කරන්න) එච්චර කැමැත්තක් නැහැ (ඔවුන් ගොඩක් දුරට _ _ භාවිතා කරනවා ඇති )
අන්තර්ජාලයේ +පත්තරවල හැමදාම බෞද්ධ ආගමික නායකයන් +දේශපාලනඥයන් + විෂලේශයකයන් පෙන්වාදෙන දෙයක් තමයි සිංහල සමාජයේ තියන මෙම වැරැද්ද.ලගදී නුවර නගරයේ පෙවත්වුනු උත්සවයකදී අමාත්‍ය දී.මු.ජයරත්න මහතාත් මෙම කාරනවාම පෙහැදිලි කර ඇත(ඔහුත් ගබ්සාව ගෙන කතා කරලා නෙත )
2.තවත් ඉතා වේදකත් කරුණක් තිබේ ඒ ගෙන “නෙත් FM ” මගින් කරන ලද විමර්ශනය +සමීක්ෂණය හරහා හෙළි කරලා තිබනවා.පහලින් තියන video එක හා එක සම්බන්ද අනිත් video’s ටිකත් බලන්න. ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වඩාත් කතා කරයුතු ,විග්‍රහ කරයුතු ,මාර්තුකාවලට තුඩු විය යුතු දෙයක් ලෙස මේ දේ මම දකිනවා.
http://www.youtube.com/watch?v=alwzOksMVLw
3.අනිත් එක සිංහල සමාජයේ තියන තවත් ලොකුම ලොකු වැරද්දක් තමයි ගබ්සා කිරීම අවුරුද්දකට ලංකාවේ 200,000 වෙඩි ගබ්සාවන් සිද්ද වෙනවා.
මේ වගේ පොල් පරාලක් ඇහේ තියාගෙන අනිත් සාමජය්න්වල ජනග්‍රහන්ය වැඩිවීම ගෙන කතා කිරීම +අන්තවාදී කමක් හා +මෝඩ කමක් විදියට මම දකිනවා
1981 වල ලංකාවේ ජනග්‍රහණය 14,846.7 *1000
2001 වල ලංකාවේ ජනග්‍රහණය 16,929.7* 1000
අවුරුදු 20 ට 2,083,000 වෙඩි වීමක් දක්වනවා
ඒ අනුව අවුරුද්දකට 104,150 වෙඩිවීමක් තියනවා
දෙන මේ වාර්තාව 300,000 කියල වැඩියනුත් දාල සලකමු.
ගබ්සාව අවුරුද්දකට අඩුම ගානේ 180,000 ලංකාවේ වෙනවා.
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
මේකෙන් අනිවාර්යෙන් සිංහල අයගේ ප්‍රතිශතය ඔවුන්ගේ ජනග්‍රහණ ප්‍රතිශතයට වඩා වැඩියනුත් එති.
අනිත් එක ලංකාවේ නිදහසින් පස්සේ ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීම අඩුවී අඩුවීයාමක් දකින්නට තිබේ.එත් බෞද්ධයන්ව මොනවා කරත් ඔවුන්ගේ ලොකු වෙනසක් පේන්නට නොමෙත.ලංකාවේ ගව සාතනයත් වෙනවා ඇත්තේ අවුරුද්දට ලක්ෂ 7-8 අතර ඒත් එක වෙනුවෙන් දුක් මහන්සිවෙන එකෙන් 1% වත් ලංකාවේ ය මේ වෙන මිනිමෙරුම් ගෙන කතා කරනවද /??
මේ පිංතූරෙන් බලාගන්න පුළුවන් ලංකාවේ ජනග්‍රහණ වර්ධනය ජාතින් අතරේ.
දිනෙන් දින ක්‍රිස්තියානි + අනිත් ආගමිකයන් ඉස්ලාම වැලද ගැනීම හා මුස්ලිම් අය අතර ගබ්සාව ඉතා දුරලබව සිදුවීම මුස්ලිම් වරුන්ගේ ඔවුන් පෙන්නන මොනවදෝ එකකට කාරයනය්ක් කියා මට මෙතන පවසන්න පුළුවනී.
ඔබ මේ පින්තූර දෙක්කම හිතෙයි ඇත්තටම මොනවද වෙන්නේ කියා.ඔවුන් මේ පින්තුර හෝ වෙන මොකුත් පෙන්නන්නේ නැතුව කෙලින්ම පෙන්නලා තියෙන්නේ …….
සිංහල/මුස්ලිම් අනුපාතය ඔවුන් ඕක දාලා අමතල තියන්නේ බෞද්දයන්ට ඒත් අනුපාතය බලලා තියෙන්නේ සිංහල/මුස්ලිම්
ඔවුන් සිංහල කියා කියන්නේ බෞද්ධ + ක්‍රිස්තියානි එකතු කිරීමෙන් මම නම් දන්නේ නේ මොන හේතුන් මත කියා.ඔබට උඩ තියන පින්තූරය දෙකකම තේරෙයි ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීමේ අනුපාතයේ අඩුවීමක් දකින්නට පුළුවන් ඒත් .ඔවුන් තමන්ගේ තර්කය තව තවත් strong කර ගන්න භාවිතා කරපු කපටි කමක් තමයි ඒක.ඔබ මෙතන පහලින් තියන පින්තූරය දෙකකම තේරෙයි මොනවද වෙලා තියන්නේ කියා.
දෙන් ඔය පින්තූර දෙකම සංසන්දය කරලා බලන්න
ඔවුන් සිංහල/මුස්ලිම් අනුපාතය තර්කයට ඉදිරිපත් කිරීම කපටිකමක් බව ඔබට සිංහල/මුස්ලිම් හා බෞද්ධ/මුස්ලිම් අනුපාතය සංසන්දය කරදී තේරෙයි
ඔන්න ඉතින් අපේ බෞද්ධ යාළුවො බෞද්ධ ජාතියක් නේ සිංහල ජාතියක් තමයි තියෙන්නේ එහෙම කියනව.ආගම් +ධර්මය අතරේ ජනග්‍රහණ සංසන්දය කරන්න බැරි බව කියපු හින්දා.මම ඉතින් ජාතින් අතරේ ජනග්‍රහණ වර්ධනය සංසන්දය කරා
මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න.
මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න

“වචන වැරදීම් ගොඩක් තියෙන්න පුළුවන් ඒකට සමාවෙන්න “