සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

ලෝකයටම ආදර්ශයක් වූ නබිතුමාණන්

තම ජීවිත කාලය තුල ආදර්ශමත් කෙනෙකු අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් මිනිසා සතුව පවතියි

මෝසස්,ජේසු, කන්ෆියූසස් මෙන්ම ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන ඔබ අසා තිබේද?
ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට උරදුන් පුද්ගලයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි සදාකාලික බවත් ගැන සෙවීමට ස්වභාවයෙන්ම මිනිසා සතුව සූදානමක් තිඛෙන
අතර, ඇතැම් අය ඒ ගැන ව්‍යාජ හෝ අව්‍යාජ හෝ මත දරමින් සමාජයේ ඉදිරියට එයි. සෑම යුගයකම සෑම සමාජයකම මෙවන් පුද්ගලයින් බිහි වීම, මිනිසුන් තුළ තිඛෙන්නාවූ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබීමේ බලවත් සූදානම පෙන්නුම් කරයි. එමෙන්ම මෙලෙස අනුගාමිකයින් විසින් උසස් කොට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා හා ප්‍රබන්ධවල මෙන්ම ඉතිහාසයේද සඳහන් වෙයි.
එහෙත් කිසිවක් විශ්වාස නොකරන බහුතරයක් වෙසෙන නවීන යුගයේ, පෙර කී මිත්‍ය කථා හා ප්‍රබන්ධ, පැරණි යුගයෙන් පැවත එන ඒවා ලෙස සැලකේ. එමෙන්ම ගෝලීයකරණයට භාජනය වූ ද, නව ආගම්වාදයට උරුමකම් කියන්නා වූද, වත්මන් සමාජයේ මිනිසුන්ට කුමක් විශ්වාස කරන්නද යන්න ප්‍රශ්නයකි.
ආධ්‍යාත්මික වශයෙන් මුහුණ දෙන ගැටළු හා එම අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර, ලෞකිකත්වයට පමණක් නැඹූරුව ජීවත් විය හැකි යැයි සිතීමට අද බහුතරයක් පෙළඹී සිටියත්, අතිවිශිෂ්ට බලයක් මත විශ්වාස කිරීම හා තමන්ට වඩා උසස් කෙනෙකු අනුගමනය
කිරීමට, මිනිසුන් තුළ ඇති සූදානම මැකී යන්නේ නැත. මෙවන් යුගයක ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතය සමබරව ගත කිරීමට ආදර්ශයක් ලෙස අනුගමනය කළ හැක්කේ කවුරුන්වද?
බටහිර ලෝකය නොදැන සිටියද, සියලූ තරාතිරම්වල මිනිසුන්ට ආදර්ශමත් ජීවිතයකට මග පෙන්වන එකම නායකයෙකු වෙයි. ඔහු මුහම්මද් නම් අල්ලාහ්ගේ (දෙවියන්ගේ) දූතයාය. ඔහුගේ ජීවිත කථාව සුරක්ෂිතව ඉතිහාසගතව තිඛෙන්නේ එය අන් අයට ආදර්ශයක් වන නිසාය. එතුමාගේ ජීවිතය සාමාන්‍ය මිනිස් ජීවිතයක සෑම පැතිකඩක්ම සඳහා වන ආදර්ශයකි. මයිකල් එච්. හාට් නම් වූ ඉතිහාසඥයා මෙලෙස පවසයි.

“මා විසින් මුහම්මද් තුමාව අනුගමනය කිරීමට තෝරා ගැනීම, ඇතැමුන්ගේ ආශ්චර්්‍යයට හා ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එහෙත් එතුමාණන් වූ කලී මෙලොවදී ආගමික හා ලෞකික
වශයෙන් සාර්ථකව ජීවිතය අත්දුටු එකම පුද්ගලයාය.”

විශිෂ්ට වූ ජීවිතයකට හිමිකම් කියන එතුමාණන් ගැන බොහෝ යුරෝපානු හා ඇමරිකානු ජාතිකයින් සතුව ඉතා අඩු දැනුමක් තිඛෙන්නේ මන්ද?

කුරුස යුද්ධ කාලයේ පටන් පවතින අනුවණකාරී ක්‍රියා කලාපය හා බිය, ඍණාත්මක ප්‍රතිචාර මෙන්ම මාධ්‍ය විසින් මවාපාන ලද ප්‍රතිරුව හේතුවෙන්, ඉස්ලාම් හෝ අරාබි යන වදන් පවා ඔවුන්ගේ බුද්ධියට එකතු කරන්නේ ව්‍යාකූලත්වයකි. එහෙත් ගෝලීයකරණයෙන් එකම ගම්මානයක් වී ඇති වත්මන් ලෝකයේ අපක්ෂපාතී යැයිද, නිදහස් චින්තකයින් යැයිද කියන්නන්ට තවමත් මෙම ව්‍යාකූලත්වයෙන් මිදිය නොහැකි වූයේ කිමද? අපේ සමාජයේ මුළු
ජනගහණයෙන් 1/4 පමණ ආදරය දිනූ ඒ උතුම් වූ නායකයාගේ, ජීවිතය තුලින් ආගමික නායකයෙකුගේ වැදගත්කම වටහා ගැනීමට මොහොතක් අප හා එක්වන්නට
ඔබට ඇරයුම් කරන්නෙමු.

වක්තෘත්වය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය

ලොවම මවිත කරමින් මුහම්මද් තුමා (එතුමාණන්ට සාමය අත්වේවා) පැවසූ දෑ එලෙසින්ම සිදුවූවත්, ඔහු හුදෙක් අනාවැකි පලකරන්නෙක් යැයි ඉස්ලාමය පිළි නොගනියි. ඔහු දෙවියන් විසින් ජනතාවට යහමග පෙන්වීම සඳහා එවනු ලැබූ දූතයෙකු වන අතර, ඔහුගේ මාර්ගයෙන් මිනිසුන් විශ්වාස කොට පව් ක‍ෂමාව අයැද ඔවුන්ව මෙලොවට මවනු ලැබූ අරමුණ යළි හඳුනා ගනියි. වක්තෘවරුන් වූ කලී දේවත්වයට සමානකම් නොකියන අතර, නැමදුමට සුදුස්සන්ද නොවේ.එහෙත් අන් සියලූ පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලැබුව, උසස් ආධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියන්නා වූද, දෙවියන් විසින් දේව වාක්‍ය ලබාදුන් අයද වෙති.

අල්ලාහ්තආලාට (දෙවියන්ට) සමාන කිසිවෙක් නොමැති බව ඉස්ලාමය පවසයි. මෙම සංකීර්ණ විශ්වයේ මැවුම්කරු හා පාලක වන ඔහුගේ ගුණාංග හා සමාන කිසිවක් නොමැත. මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) වූ කලී ඔහුගේ ගෞරවනීය සේවකයා හා දූතයා වන අතර මිනිසුන් අතර උසස්ම පුද්ගලයාය. විවිධ ජනකොටස් වෙත එවනු ලැබූ නූහ්, ඉබ්‍රාහීම්, මුසා, ඊසා (ඔවුනට සාමය අත්වේවා) වැනි වක්තෘවරුන් එම සමාජවලට ප්‍රබල බලපෑමක් සිදුකල පුද්ගලයින් වූ අතර මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මුළුමහත් මිනිස් සමාජයටම, ලොවේ අවසන් මොහොත වන තෙක් අනුගමනය කිරීම සඳහා එවනු ලැබූ එකම වක්තෘවරයාය.
විනිශ්චය දිනය වනතුරු වන එතුමාණන්ගේ වක්තෘත්වය ගැන මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මෙලෙස පවසයි.

“මීට පෙර පැමිණි නබිවරුන් හා බලන කල මම එක් අලංකාර නිවසක් තැනූ කෙනෙකු මෙන්ය. එහි එක් කොනක එක් ගඩොලක් අඩුව පැවතුණි. ඒ වටා ගමන් කරමින් නිවසේ අලංකාරය නැරඹු මිනිසුන් අඩුව තිබුණු ගලත් තිබුණේ නම් යැයි පැවසූහ. මම ඒ ගලයි. අවසන් වක්තෘවරයායි.”

මුහම්මද් තුමාගේ පෞද්ගලික ජීවිතය

ක්‍රිස්තු වර්ෂ 570 මක්කා නගරයේදී, ඉබ්‍රාහීම් නම් වක්තෘවරයාගේ (ඔහුට සාමය අත්වේවා) පරම්පරාවෙන් මුහම්මද් තුමා උපත ලැබුවේය. වයස අවුරුදු හයේදී අනාථයෙකු වූ එතුමාණන් බැටළුවන් රැකබලා ගනිමින් හා වෙළඳාමේ යෙදෙමින් සිය මහප්පාට උදව් කරමින් වැඩුණේය.තරුණ වියට පා තැබූ එතුමාණන් එවකට එම සමාජයේ පැවතුණු පිළිම වන්දනාව හා දුරාචාරය ප්‍රතික්ෂේප කළේය.එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වන, තරුණ පිරිස් හා බැඳුණු අතර,“විශ්වාසවන්තයා” යන විරුදාවලියද එතුමාට හිමිවුණේය. එතුමා විසි පස්වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළඳ කටයුතුවල නිරත වුණු අතර, ඔහුගේ අවංකත්වය ගැන පැහැදුණු ඇය ඔහු හා විවාහ වීමට යෝජනා කළාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසිපහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ.
කදීජා තුමියගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා එතුමාණන් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගත්තේය.ඉන් එක් අයෙකු හැර අන් සියල්ලෝම වැන්දඹුවන් හා දික්කසාද වූ කාන්තාවන්ය. එතුමාණන් ඉතා වගකීම් සහිතව ක්‍රියා කල කරුණාබර ස්වාමියෙක් හා පියෙක් වූ අතර,එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැපවී සිටියහ. ස්වේච්ඡාවෙන්ම දිළිඳුකම ප්‍රිය කලද, එතුමාණන් තම වදන් ක්‍රියාවේ යොදවමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. එතුමාණන් මෙසේ පැවසුවේය.

“තම පවුල වැදගත් කොට සලකන්නා ඔබ අතරින් උතුම් පුද්ගලයෙකි.”

මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයා

මුහම්මද් තුමාට (එතුමාට සාමය අත්වේවා) වයස අවුරුදු හතලිහේදී ප්‍රථම වරට ජිබ්රීල් නම් දේවදූතයාගේ මාර්ගයෙන් අල්ලාහ්ගේ දේව පණිවිඩය ලැබුවේය. වසර විසිතුනක් මුළුල්ලේ පහළ වුණු එම දේව පාඨයන් තුල අල්ලාහ්තආලා ඒකීය භාවය, ඔහුගේ අතිවිශිෂ්ට මැවීම්, පෙර සිටි වක්තෘවරුන්, ආචාර ධර්ම, ජීවිතය හා මරණය යනාදී කරුණු අඩංගුය.මෙම දේව පාඨයන් ශුද්ධ වූ “අල්කුර්ආනය” නමින් හැඳින්වේ. මෙය අල්ලාහ්තආලාගේ ශුද්ධ වූ වදන් ලෙස මුස්ලිම්වරුන් විශ්වාස කරන අතර, මුහම්මද් තුමාණන්ගේ වදන්, වෙනමම එක්රැස් කරනු ලදුව “සුන්නාහ්” නමින් හැඳින්වේ. ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද් තුමා කළ ඇරයුම, මක්කා වැසියන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර, වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් ඔවුන්ගේ පීඩනවලට ලක්වීමෙන් අනතුරුව, මුස්ලිම්වරුන්ට
“මදීනා” නගරයට පැමිණෙන ලෙස ඇරයුමක් ලැබුණි. “මදීනා” නගරය,“මක්කා” නගරයට උතුරෙන් පිහිටා තිබුණු අතර,පරම්පරා ගණනාවක්, ගෝත්‍ර කිහිපයක් අතර පැවතුණු යුද්ධ හේතුවෙන් විසිරී ගිය ජන කොටස් වෙසූ ප්‍රදේශයකි. මුහම්මද් තුමාණන් ඔවුනතර සමගියට මග පාදාදුන් අතර ඒ තුලින් සමාජ සහෝදරත්වය ගොඩ නැගුවේය. එහි ජීවත් වුණු ජන කොටස් හා එම ප්‍රදේශවලට පිටතින් පැමිණෙන්නන් අතරද යහපත් සබැඳියාවන් ගොඩනැගූ අතර, එය අරාබි ගෝත්‍රිකයින්ට ආශ්චර්‍යයක් විය. එම මුල්කාලීන මුස්ලිම්වරු,මුහම්මද් තුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය යටතේ එම වටිනා නීතිරීති ක්‍රියාවට නැංවූහ. එතුමාණන් මෙලෙස පැවසුවේය.

“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොහොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු නියම විශ්වාසවන්තයෙකු නොවේ.”

මුහම්මද් (එතුමාට සාමය අත්වේවා) තුමාගෙන් ලැබුණු දායාදය

ධර්මය සිය පෞද්ගලික විශ්වාසය පමණක් නොව,ජීවන මාර්ගයද කරගත් මුහම්මද් තුමාගේ (එතුමාට සාමය අත්වේවා) නායකත්වය යටතේ, මදීනා නගරය වැජඹෙන්නට විය. සාධාරණත්වය, ගෞරවය, මිනිසත්කම, දේව භක්තිය ඇතුලූ සියලූම අංශවලින් පරිපූර්ණ වූ පරිපාලන ක්‍රමයක් එහි පැවතුණු අතර, එය එවකට පටන් මුස්ලිම්වරුන්ගේ පරිපාලන ක්‍රමයට ආදර්ශයක් විය. එතුමාණන් ලොවේ ප්‍රථම නීතිසම්පාදන ක්‍රමය සැකසූ අතර, එහිදී සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා කෙරිණි. එතුමා අසල්වැසි රටවල් හා ගෝත්‍ර සමඟ විවිධ ගිවිසුම් ඇතිකර ගත්තේය. එතුමා පර්සියානු, ඊජිප්තු, ඇබිසීනියානු හා රෝමානු පාලකයින්ට තම පණිවිඩය වූ ඒක දේවත්වය සඳහා කැඳවමින්, ඉස්ලාමය වෙතට ඇරයුම් කර ලිපි යැව්වේය. ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්, ළමුන්, අනාථයින් හා විදේශිකයින්ට නිසි අයිතිවාසිකම් හා ආරක්ෂාව ලැබිණි. ජාතිවාදය හා ජාති මමත්වයට විරුද්ධත්වය පෙන්වූ එතුමාණන් ධාර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්, අරාබි ජාතිකයින් නොවන අයට වඩා ජාතියෙක් උසස් වන්නේ නැති බවත්, සුදු මිනිසුන් කළු මිනිසුන්ට වඩා උසස් වන්නේ නැති බවත් පැවසුවේය.

ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීමේ නීතිරීති සැකසූ එතුමාණන්, නිදහස් වෙළඳාම හා ආයෝජනය දිරිමත් කළ අතර, සේවක අයිතිවාසිකම් රකිමින් පොළිය තහනම් කළේය. එතුමාණන් සාමයෙන් ක්‍රියා කළ අතර, අවශ්‍ය තැන බලය යොදා ගැනීම ගැනත් කියා දුන්නේය. මත්පැන්, මත්ද්‍රව්‍ය,ගණිකා සේවනය හා අපරාධවලින් මිදී යහපත් ජීවිතයක් කරා ජනයාව යොමු කළේය. ප්‍රචණ්ඩකාරිත්වය හෙළා දුටු එතුමාණන් සිය භාර්්‍යාවන්ට ස්වකීය අදහස් පළ කිරීමට දිරි ගැන්වූවේය.බටහිර රටවල් පසුකාලීනව තම නීති පොත්වලට ඇතුළත් කළදේපළ, විවාහය හා දික්කසාදය සම්බන්ධ කාන්තා අයිතිවාසිකම් ඉස්ලාමයේ පැමිණීමත් සමඟ මුස්ලිම් කාන්තාවන්ට හිමි විය. ප්‍රයෝජනවත් දැනුම ලබා ගැනීම සඳහා නබිතුමාණන් සිය අනුගාමිකයින්ව දිරිමත් කළ අතර, ඒ හේතුවෙන් විද්‍යාව හා ධර්මය අතර ගැටුමකට ඔවුන් මුහුණ දුන්නේ නැත. එතුමාගෙන් ලොවට දායාද වූ ආදර්ශමත් ජීවිතය, විවිධ අංශ කැටි කරගත් එකක් වුවද, දෙවියන්ගේ ඒකමතිකභාවය ස්ථාවර කිරීම එහි වැදගත් තැනක් ගත්තේය. ඒක දේවවාදය පිළිබඳ සංකල්පය
මත ඉස්ලාමීය සංස්කෘතියද රැඳී පවතියි. මුස්ලිම්වරු පිළිම වන්දනාවට හෝ මිත්‍යා ඇදහිලිවලට හෝ යොමු නොවී කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව සිය මැවුම්කරුගෙන් යහමග පතයි.

එක් පරම්පරාවක් තුල සිය ජීවිත කාලයේදී මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) සාර්ථක ලෙස එම විශ්වාසය මිනිසුන් තුළ ගොඩනගමින් අරාබිකරයේ ජනතාවට යහපත් සංස්කෘතියකට මග පෙන්වූවේය. ශතවර්ෂයක කාලයක් තුල එතුමාගේ පණිවිඩය ලොව නන්දෙස විසිරී සිටි දහස් සංඛ්‍යාත ජනකායකගේ සිත් ඇඳ බැඳ ගත්තේය.එතුමාගේ ආදර්ශයන් මුල්කාලීන අනුගාමිකයින් විසින් සුරක්ෂිතව, ක්‍රමවත්ව ග්‍රන්ථාරූඨ කරන ලද අතර එය “හදීස්” නම් වේ.

ශුද්ධ වූ අල්කුර්ආනය හා හදීස් මුස්ලිම්වරුන්ගේ ජීවන මාර්ගයේ පදනමයි

තම පෞද්ගලික ජීවිතය තුලින්, අන් අයට ආදර්ශයක් වූ මුහම්මද් තුමාණන් (එතුමාට සාමය අත්වේවා) සිය අනුගාමිකයින්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන්නේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතුමා “මම දෙවියන්ගේ සේවකයෙක්”,“මා එක් ගුරුවරයෙක් පමණයි” යැයි පැවසීය. දිවා කාලය ජනතාවට සේවය කරමින්ද, රාත්‍රී කාලය නැමදුම් කරමින්ද ගතකලත් එතුමාණන් සමබර ජීවිතයක් ගෙවූ අතර, තාපස ජීවිතයක් අනුගමනය කිරීමට
සිය අනුගාමිකයින්ව වැළැක්වීය. ඒ තුලින්, වඩාත් ගැඹුරු දේව භක්තියකින් යුතු මෙන්ම යහපත් පවුල් සංස්ථාවක් හා සමාජ තත්වයක් සතු ලෞකික ජීවිතයක් කරා යාමට ඔවුනට හැකිවිය.

جزاك اللهُ خيراً WAMY

මෑත කාලීන මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක කාර්යය පිටුපස ඇති යථාර්තය..!

මෑත කාලීන මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක කාර්යය පිටුපස ඇති යථාර්තය..!

ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සහෘදයන්ට පණිවුඩයක් !!

ආචාර්ය මසිහුදීන්  ඉනමුල්ලාහ්

මුස්ලිම් පල්ලි සහ ඓතිහාසික වටිනාකමක් ඇති දර්හාස් කෙරෙහි දක්වන විරෝධතාවන් ආකාරයෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල පවතින මෑතකාලීන මුස්ලිම් විරෝධතා ව්‍යාපාරය දිවයිනේ මුස්ලිම් ජාතිය අතර යම් ආකාරයක මානසික බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කර ඇත.

නූතන ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ සේම මහාවංශයේ සහ චූලවංශයේද වාර්තා ගත වී ඇති පරිදි මෙ රට පුරාතන ඉතිහාසය තුල ඔවුන්ගේ සාමකාමී සහජීවනය තදින් මුල් බැසගෙන ඇත. ශ‍්‍රී ලංකික මුස්ලිම් ජාතිය, මෙ ම රටේ සාමයට කැමති සහ දේශපරේමි ජාතියක් බව බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව හොඳින් දන්නා කරුණක් බව මුස්ලිම් ජනතාව තරයේ විශ්වාස කරති.

ශතක ගනණාවක් තිස්සේ ආගමික සහනය සහ සාමකාමී සහජීවනයට තුඩු දෙන අයුරින් අන්‍ය ආගමිකයන්ට අනුග‍්‍රහ දැක්වීමට යොමු කරවන දයානුකම්පාවෙන් යුත්, වෛරය හා ප‍්‍රචණ්ඩත්වය පිටුදකින සහ උතුම් මානුෂීය ගුණාංග වලින් භෙබි අති බහුතරයක් වූ ගරුතර සිංහල බෞද්ධයින් අතර දිවි ගෙවීමට ඉඩ ලද ශ‍්‍රී ලාංකිකයන් වීම ගැන මුස්ලිමිවරුන් වශයෙන් අපි ආඩම්බර වෙමු.

 

අරාබි අර්ධද්වීපය තුල ඉස්ලාම් ධර්මයේ අවසන් ආගමනය ක‍්‍රි.ව 627 දී සිදු වුවද, ශ‍්‍රී ලංකා පුරාතන ඉතිහාසය තුල අරාබින්ගේ පැමිණීම  ක‍්‍රි.ව 300 තරම් අතීතයකදී මනාව සටහන් වී ඇත. දේව වාක්‍ය ග‍්‍රන්ථවල අනුගාමිකයින් වන අරාබියානුවන්, ප‍්‍රථම මිනිසා සහ සර්ව බලධාරී දෙවියන්ගේ මහම්මත්තුමන් සමනල කන්දට පැමිණි බව විශ්වාස කරන බැවින් තමුන්ගේ පැවැත්ම  මෙ ම දිවයින මුළුල්ලේම පවත්වාගෙන යති.

ශ‍්‍රී ලංකාවේ මුසුල්මානුවන් විජයග‍්‍රාහී ලෙස හෝ ආක‍්‍රමණකාරී බලවේග ලෙස  මෙ ම දිවයිනට නොපැමිණියා මෙ න්ම, යටත්විජිතවාදී ආක‍්‍රමනිකයන්ගේ ක‍්‍රිස්තියානි දහම සිදු කල පරිද්දෙන් ඉස්ලාමීය දහම යුධ බලයෙන් ලංකාව තුල පතුරවා හරින ලද්දක් නොවේ.

අප නිදහස ලබා ගන්නා තෙක්ම  මෙ රට මිනිසුන් සමගින් උරෙන්උර ගැටෙමින් මෙ රට ඒකීයභාවය හා ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් පෙර රජ දවස සිට ශ‍්‍රී ලාංකික මුසුල්මානුවන් තම විශ්වාසවන්තභාවය සහ පක්ෂපාතීත්වය  මෙ ම ජාතියේ පාලකයින් වෙත දැක්වීය. මෙ ම  දිවයිනේ විවිධ කොටස් තුල ඔවුන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව කෙරෙහි වූ අභියෝග අතරමැද වුවද ඔවුන්ගේ මාතෘ භූමියේ ඒකීයත්වය, සාමූහිකත්වය සහ ස්වෛරීත්වය රැකගත් අතර, නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ ජයග‍්‍රාහීව ඡන්දයෙන් පත් වූ රජයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිදුකල දේශµද්‍රා්හීත්වයක් පිළිබඳ සටහනක් නැත.

අපගේ සාම්ප‍්‍රදායික වටිනාකම්, ආගමික සහනය සහ සාමකාමී සහජීවනය ආරක්ෂා කරමින්  අපගේ අයිතීන් ප‍්‍රධාන සහ අනෙකුත් ප‍්‍රජාවන් හා එක්ව සාමකාමී අයුරින් ලබා ගත හැකි බව මෙ රට පෞඩ පුරවරසියන් වශයෙන් මුසුල්මානුවෝ විශ්වාස කරති. පසුගිය දශක දෙකක කාලයක් තුල පැවති බෙදුම්වාදී යුද්ධය අතරතුර සිදු වූ ජනවාර්ගික සමූලඝාතනය හා ජනසංහාර සහ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර උච්ඡව පැවති අවස්ථාවේ උවද ප‍්‍රචණ්ඩකාරී මාර්ගයන් අනුගමනය කිරීමේ හෝ මතභේදයට තුඩු දෙන ක‍්‍රියාවන්ට යොමු වීමේ අවශ්‍යතාවයක් අපට කිසිදා නොදැනුනි.

තමාගේ දුක්ඛ පීඩා පිටු දැකීම සඳහා ශ‍්‍රී ලංකික මුසුල්මානුවන් කිසිදිනක සැඟවී හෝ විවෘතව විදේශිකයන්ගේ සහයෝගය හෝ විදේශ්‍රීය මැදිහත්වීම අපේක්ෂා නොකල බවට ජාතියම සාක්ෂි දරයි. අල්කයිඩා , තලෙයිබාන් හෝ ලාෂ්කාර් ඊ තලෙයිබාන් වැනි වෙනත් සංවිධානීය ආගමනයක විභවතාවය පිළිබඳව ශ‍්‍රී ලංකාවට අනතුරු අගවමින් අතලොස්සක් වූ මාධ්‍ය සහ එකී බුද්ධි වාර්තා කරන කරුනු දැක්වීම  මෙ කි මුල්බැස ගත් කරුණ විසින් බැහැර කරනු ලබයි. සියලුම ප‍්‍රජාවන්ට බලපාන  පොදු ගැටළුවලට සහ අප සම්බන්ධයෙන් වූ සුවිශේෂී ගැළුවලට ශිෂ්ඨ සම්පන්න සහ පිළිගත් ආකාරයන් තුළින් විසඳුම් සොයාගැනීමට අපට හැකි බව මෙරට මුස්ලිම්වරුන් වන අපගේ විශ්වාසයයි.

මුස්ලිම්වරුන් වර්ගවාදී දේශපාලන පක්ෂ පිහිටුවාගෙන ඇති බවටත්, සරියා නීතිය මගින් පාලනය වන වෙනම ඒකකයක් ඉල්ලා සිටින බවටත්, චෝදනා පවතී. මෙ ය, සියළුම ප‍්‍රජාවන් සමඟ මනා බැඳීමකින් ජීවත් වන ප‍්‍රජාවකගේ අපේක්ෂාවන් ඉක්මවා යන්නකි. එම චෝදනාව, බංකොලොත් භාවයට පත්වෙමින් සිටින වර්ගවාදී කණ්ඩායම්වල සහයෝගිතා පදනම නංවාලීµමි අරමුණින් වැරදි සංඥාවක් ලබාදීමටත්, ජනතාව මුලා කිරීමටත් හිතාමතාම දරන උත්සාහයකි.

ශ‍්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ, නෙැවැළැක්විය හැකි සාධකයක් ලෙස ජනවාර්ගික උපනතීන් මත පදනම් වූ දේශපාලන සංස්කෘතියක් පැන නැගීම ඉතා දුක්ඛ දායකය. නිදහස ලැබීමත් සමඟම ඇති වූ ජනවාර්ගික ගැටුම් විසින් මුසුල්මානුවන්ව විනාශ කර ඇමූ අතර, එහි ප‍්‍රතිඑලයක් වශයෙන් නාස්තිකව අර්ථ දක්වන  පශ්චාත් නිදහස් දේශපාලන යථාර්ථයක් තුල තමාගේම රැකවරණය සොයා ගැනීම සඳහා වූ අවස්ථාවන් උදෙසා නැඟී සිටීමට ඔවුන්ට සිදුවේ.

මෙ ම  කුඩා ජාතියෙන් බහුතරයේ කැමැත්තට අභිබවමින්,  තම ඉදිරිපත් වීම සාධාරණීකරණය කිරීම සඳහා මේ රට තුලද  “ඉස්ලාම් අන්තවාදය”, “මූලධර්මවාදය”, “ඉස්ලාම් ජිහාඩ්”, “අල්-කයිඩා” සහ “තලෙයිබාන්” යනාදී මුස්ලිම් විරෝධී සටන් පාඨයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ ඔවුන්ගේ ව්‍යාපාරය, ගෝලීය බලය විසින්  මෙ භෙයෙවනවා සේම මුස්ලිම් ලෝකයේ සතුරන් නූතන ලෝකය තුළ වඩාත්ම සීග‍්‍රයෙන් වර්ධනය වන ඉස්ලාමීය විශ්වාසය තුලින් තදින් බාධාවට පත්වන බව ශෙ‍්‍ර්ෂ්ඨ මුස්ලිම් ලෝකයේ කොටසක් වශයෙන්, ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරු විශ්වාසයෙන් සහ හොඳින් දැන සිටිති.

ශ‍්‍රී ලංකාවේ භූ දේශපාලනික සංදර්භය සහ මුස්ලිම් ජාතියට අයත් කණ්ඩායමක් සීමා කරන්නා වූ ඉන්දියන් සාගරය තුල ශ‍්‍රී ලංකාවේ පිහිටීම, බටහිර අධිරාජ්‍ය සහ ඔවුන්ගේ නියෝජිතයින්ට ඕනෑම පිරිවැයක් යටතේ කලාපය තුල ඔවුන්ගේ අභිප‍්‍රායන් රැක ගැනීම උදෙසා විශේෂයෙන් යුද්ධයෙන් පසු ශ‍්‍රි ලංකාවේ වර්ධනය වන චීන සහ ඉන්දියානු බලපෑම  අභිමුවෙහි  උපක‍්‍රමික වශයෙන් වැදගත් වී ඇත.

අර්බුදකාරී අවස්ථාවලදී සහ විශේෂයෙන් පලස්තීන සිදු වීම සම්බන්ධ දුෂ්කරම කාලයක් තුලදී මුස්ලිම් ලෝකය සම්බන්ධයෙන් ඇය දක්වන ලද අඛණ්ඩ සහයෝගය හේතුවෙන්. මුස්ලිම් ලෝකය තුල අපගේ මව්බිම ගෞරවනීය තත්ත්වයක් භුක්ති විඳිනු ඇති බව, ගණනය කල හැකි කවරම  මිනුමක් ඉක්මවමින් වර්ධනය වෙමින් පවතින අධිරාජවාදී සහ යුධවාදී කුමන්ත‍්‍රණ අතර තීරණාත්මක බල කඳවුරක් වශයෙන් වේගයෙන් වර්ධනය වන ඉස්ලාමීය ලෝකය සමඟින් අපි ද විශ්වාස කරමු. එµමන්ම ගරු කටයුතු බහුතරය,  ශ‍්‍රී ලංකාව සහ අරාබි මුස්ලිම් ලෝකය අතර ඇති සුහද බැඳීම් දුර්වල කරන කිසිඳු කලාපීය සහ ගෝලීය කුමන්ත‍්‍රණකාරී බලවේගයන්ට ඉඩ නොදෙනු ඇති බව අපි විශ්වාස කරමු.

තවද, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පාලනය කරන වර්තමාන රජය, බෙදුම්වාදී යුද්ධය අභිබවා යුධ ජයග‍්‍රහනයක් ලැබුවා පමණක් නොව, බටහිර අධිරාජ්‍ය සහ කලාපීය බලවේග සමඟ වූ රාජ තාන්ත‍්‍රික අරගලයකින් ජයග‍්‍රාහී ලෙස ගැලවීමට කටයුතු කල බව ශ‍්‍රී ලංකික මුස්ලිම්වරුන් වන අපි දනිමු. එම රාජතාන්ත‍්‍රක අවහිරය නොඑසේනම් අන්ත පරාජය මගින්, බටහිර ජාතිය අභ්‍යන්තර පාර්ශවයන්ට අල්ලස් දෙමින්  සුළුතර පාලනය පූර්ණ යටත් කර ගැනීමකට මානබලමින්්  කලාපය තුල ඔවුන්ගේ බලපෑම වැඩි කිරීම සඳහා නව රාජත‍්‍රාන්ත‍්‍රික ප‍්‍රහාරයක් පවත්වාගෙන යමින් යුධ අපරාධ චෝදනා හා මානව හිමිකම් සම්බන්ධ තත්ත්වයන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නා තත්්වයට පත් විය..

මෙ ලෙසින්  ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රජාවන් නිසැකයෙන්ම පහත කරුණු සම්බන්ධයෙන් සහතික වීමට හැකිවිය යුතුය.

ශ‍්‍රී ලංකීය මුස්ලිම්වරු කිසිම දිනක, කවරක ආකාරයකවත්, ඔවුන් සමඟ ගැටුමකට තුඩු දෙන තත්ත්වයක් ඇති කරන දේශ්‍රීය හෝ ගෝලීය කුමන්ත‍්‍රණ වලට ගොදුරු නොවනු ඇති බව.

අපගේ සමාජ දේශපාලන අභිමතාර්ථයන්  මෙ න්ම ආගමික අරමුණු සපුරාගැනීම සඳහා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන්ට යොමුවීමේ සැඟවුනු න්‍යාය පත‍්‍රයක් අප සතු නොවන බව.

මෙ ම ජාතියේ ඉතිහාසය පුරාවටම අප විසින් සිදු කලාක් මෙ න් ආගමික සහනශ්‍රීලි බව සහ සාමකාමී සහජීවනය පිළිබඳ වටිනාකම් ඉදිරියටත් පිළිගැනීම.

නූතන ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ප‍්‍රජාවේ සම්භවය තුල ඉස්ලාමීය ජිහාඩ්, අල්-කයිඩා හෝ තලෙයිබාන් පදනමක් ඇති බවට විදේශ්‍රීය බුද්ධි වාර්තා සහ ඇතැම් මාධ්‍ය කොටස් නගන චෝදනාව අප ප‍්‍රතික්ෂේප කරනා බව.

අපගේ ඉතිහාසය පුරාවට සිදු කලාක් මෙ න් ඉදිරියටත් අප විසින් මෙ රට ඒකීයභාවය, සාමූහිකත්වය සහ  ස්වෛරීත්වය පවත්වාගන්නා බව.

මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක කාර්යය  සහ සුළුතර කොටස්වල පෞද්ගලික දේශපාලන සහ භෞතික කැමැත්තෙන් ක‍්‍රියාවට නැඟෙන විරෝධතාවයන් පිළිබඳ, සඝරුවන  මෙ න්ම අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ද වග නොකිය යුතු බවට අප තරයේ විශ්වාස කරන බව.

තම හාම්පුතුන්ගේ අපේක්ෂාවන් ඉටු කරදීම උදෙසා ජාතියේ අභිප‍්‍රායන්, සාමය හා සමගිය උගසට තබමින් මේ රට අස්ථායි කිරීමට මාන බල බලමින් සිටින කලාපීය හා ගෝලීය බලවේග සමඟ දැඩිව සම්බන්ධ වී සිටින කොටස් සිටින බව අප දන්නා බව.

මෙ ම ජාතියේ සමාජ ආර්ථික යහපැවැත්ම සහ අපගේ ජාතික රුචිකත්වයන්ගේ සාමය සහ සමගිය උගසට තබමින් ගැතිකම් කිරීමට අපහට වෙනත් හාම්පුතුන් නොමැති බව.

ජනවාර්ගික ගැටළුව සඳහා මෙ රට සියළුම ප‍්‍රජාවන්ගේ අභිප‍්‍රායයන් තෘප්තිමත් වන ආකාරයේ සාමකාමී එµමන්ම සාකච්ඡාවෙන් එකඟ වූ විසඳුමක් උදෙසා අපි කැපවී සිටින බව සහ එය අභිබවා ගිය කිසිවක් පිළිබඳ අප කිසිඳු ලෙස සිහින නොදකින බව.

අපගේ මව්බිම කෙරෙහි ශ‍්‍රි ලංකික මුස්ලිම්වරුන් තවදුරටත් දේශානුරාගීව සිටිනු ඇති බව සහ එක්සත් ශ‍්‍රී ලංකාවේ ඒකීය භාවය, සාමූහිකත්වය සහ ස්වෛරීත්වයට ඇතිවන අභියෝග සහ තර්ජන හමුවේ නැගී සිටිනු ඇති බව.

අවසාන වශයෙන්, එභෙත් මහත් ඕනෑකමින් අප ගරුතර මහා සංඝරත්නයෙන් සහ ශ‍්‍රී ලාංකික සිංහල බෞද්ධ ප‍්‍රජාව තුල සිටින බුද්ධිමතුන්ගෙන් ආයාචනය  කර සිටින්නේ අපගේ ජාතික අපේක්ෂාවන් උගසට තබමින්, විවිධ දුෂ්ඨ කොටස් සහ උපායන් යොදාගනිමින්, ශ‍්‍රී ලාංකිකයන් අතර අසමගිය සහ ව්‍යාකූලතා ඇති කරන දේශ්‍රීය කලාපීය සහ ගෝලීය බලවේග වලට හසු නොවන ලෙසය.

මෙ ම  ජාතියේ බහුතර පිරිස අභිබවා යාමට දුෂ්ඨ බලවේගයන්ට කිසිඳු ඉඩක් නොතබමු !

එක්සත්  වී මෙ න්  අප නැගිසිටී බෙදී මෙ න් අප බිඳවැටේ.

——-

ආචාර්ය මසිහුදීන්  ඉනමුල්ලාහ්

inaamullahm@gmail.com

ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රබුද්ධ සංගමයේ නියෝජිත.

ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රබුද්ධ සංගමය.

පූජණීය භූමියට “පූජනීයත්වය” ලැබෙන්නේ කොතැනින් ද?

පූජණීය භූමිය, පූජණීයයි. එය කිසියම් ආගමක ගරුත්වයන්ගෙන් එකක් ලෙස වැජඹෙන්නේ ය. එය ආරක්ෂා කිරීමත් එහි උරුමයට ගෞරව කිරීමත් එම ආගමිකයින්ට පමණක් නොව අනෙකුත් සියලු ජනතාවගේද යුතුකමකි. මෙම කරුණෙහි දී ඉස්ලාම් ආගමිකයින් වන අපට අවබෝධාත්මක හැඟීමක් ඇත. මන්ද ඉස්ලාම් ආගමත් තමාට අයත් පූජණීය භූමින් ප්‍රකාශයට පත්කර ඇති හෙයිනි.

ඉස්ලාම් ප්‍රකාශයට පත්කර ඇති පූජණීය භූමින් ආරක්ෂා කිරීම ලෝකවාසි මුස්ලිම් ජනතාවගේ වගකීමකි. එම භූමි ප්‍රදේශ එක් රටකට පමණක් අයත්වූවක් නොව මුළු මහත් මුස්ලිම් ලෝකයටම අයිතිවූවකි. එම පූජණීය භූමිවලට මුස්ලිම්වරුන් ඇතුල්වීම එම පූජණීය භූමින් පරිපාලනය කරන රටවලට තහනම් කිරීමේ හැකියාවක් නොමැත.

සවුදි ආරබියානු රජය එම රටෙහි පිහිටා තිබෙන මුස්ලිම්වරුන්ගේ පූජණීය භූමින් දෙකක් බැහැදැකීම සඳහා නිකුත් කරන විසා බලපත්‍රයට ගාස්තු අය නොකිරීමට හේතුව ද එයයි. මෙම අරමුණින් “පූජණීය ප්‍රදේශ බැහැදැකීමේ විසා” යන සුවිශේෂ විසා ක්‍රම‍යක් සවුදි අරාබියානු රජය විසින් හඳුන්වා දී ඇත.

එපමණක් නොව, මෙවැනි නොමිලේ ලැබෙන අනුමැතියක් උපයෝගි කරගනිමින් පූජණීය භූමි ප්‍රදේශයට ඇතුල්වීමටත් පූජණීය ‍ප්‍රදේශයේ මූලික හර ප්‍රතිපත්තීන්වලට විරෝධීව ක්‍රියාකිරීමටත් අවස්ථාවන් ලබා නොදෙන අන්දමින් අදාල රජයන් මුස්ලිම් නොවන්නන් එම පූජණීය ප්‍රදේශවලට ඇතුල්වීමට අවසර නොදෙන්නේය.

මෙවැනි ව්‍යවහාරයන් ඉස්ලාමයේ පවතින බැවින් වෙනත් ආගමක පූජණීය භූමින්වලට ගරු කිරීමටත් එහි සීමාවන් පිළිගැනීමටත් අවශ්‍ය වන්නා වූ අවබෝධාත්මක හැඟීම මුස්ලිම්වරුන් සතුව ඇත. දඹුල්ල පූජණීය භූමි කටයුත්තත් එම නාමයෙන් එහි පිහිටා තිබූ මුස්ලිම්වරුන්ගේ ආගමික ස්ථානයක් පහර දීමට ලක්වූ සිදුවීමත් අප විමසන්නේ මෙම පසුබිමේ සිටය.

අපගේ ප්‍රශ්නය, වෙනත් ආගමක පූජණීය භූමියක් හඳුනාගැනීමට නොහැකිවීම නොව, “පූජණීය ප්‍රදේශය” යන්නෙන් නිර්වචනය වන්නේ කුමක්ද? එය තීරණය කරන්නේ කව්රුන්ද? තීරණය කරන්නේ කුමන කාල වකවානුවෙහි ද? එය ප්‍රකාශයට පත්කිරීම සඳහා ලොව පිලිගත හැකි ව්‍යවහාරය කුමක් ද? යන්නයි. අප මෙම ප්‍ර‍ශ්න මතුකිරීමට හේතුව, ඉස්ලාමයේ මෙම ප්‍ර‍ශ්නවලට පැහැදිලි විසදුම් ඉදිරිපත් කර තිබීමයි.

ඉස්ලාම් ආගමට අයත් පූජණීය භූමි ප්‍රදේශයන් කිසිවෙකු තම හිතුමතයට ප්‍රකාශයට පත් කළ නොහැක. එම බලය විශ්වයාධිපති අල්ලාහ්ට හා උන්වහන්සේගේ ධර්ම දූත මුහම්මද් නබි නායක තුමාණන්ට පමණක් හිමිය. ඉස්ලාමයට අයත් පූජණීය භූමි ප්‍රදේශ මුළු ලෝකයේම ඇත්තේ තුනක් පමණි. 1- මක්කා නගරය. 2- මදිනා නගරය. 3- ජෙරුසලමේ පිහිටි “බයිතුල් මුකද්දස්” යන මෙම ප්‍රදේශ, පූජණීය භූමි ලෙස අවසාන ධර්ම දූත මුහම්මද් නබි නායක තුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒවාය.

“පූජණීය භූමිය” යන්න කිසියම් ආගමක මූලික අංශයන්ගෙන් එකකි. නබි නායක තුමාගේ අභාවයෙන් පසු හතරවැනි ස්ථානයක් පූජණීය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ බලය අද වනතුරු මුස්ලිම් සමාජයේ කිසිවෙකුටවත් පවරා දී නොමැත. කිසිවෙකුත් පූජණීය භූමිය ලෙස හතරවැනි ස්ථානයක් නම් කළේ ද නැත. මුළු ලෝකයම ඉස්ලාමයේ පාලනයට යටත් වී, එහි පාලකයන් විසින් හතරවැනි ස්ථානයක් කුමන හේතුවක් මත හෝ ඉස්ලාමයේ පූජණීය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද කළ නොහැක.

මෙය අපට අඟවනුයේ, එකී ආගමේ මූලාශ්‍ර ග්‍රන්ථ මගින් හෝ එම ආගමේ ශාස්තෘවරයානන් විසින් පූජණීය භූමින් ප්‍රකාශයට පත් විය යුතුය යන්නයි. සිතූ සැනින් තනි පුද්ලෙයෙකු විසින් හෝ කණ්ඩායමක් හෝ රජයක් විසින් හෝ ප්‍රකාශයට පත්කරන්නක් විය නොහැක. “පූජණීය භූමිය” විෂයයෙහි ගැටුම් හා ආගමික ප්‍රචන්ඩත්වයත් ආගමේ නාමයෙන් වෙනත් ජාතියක් මත පලිගැනීමේ අවස්ථාවනුත් නැති කිරීමට උපකාරි වන්නේ මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන්නේ නම් පමණි.

යම් ආගමක් අනුගමනය කරන්නන් තමන් කැමැති අවස්ථාවක තමාට රිසි ප්‍රදේශ පූජණීය භූමි ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සාහයක යෙදුනහොත් එයට නැවතුම් තිත තබන්නේ කව්ද? අද එක ප්‍රදේශයක්, හෙට තවත් ප්‍රදේශයක් යැයි පූජණීය භූමින් වර්ධනය වන්නටත්, එලෙස වැඩි වෙන වැඩි වෙන ස්ථානයක් පාසා එහි සිටින අනෙක් ආගමිකයින්ගේ දේවස්ථාන ඉවත්කරන්නටත් සිදුවේවි. සමහර විටෙක කිසියම් සමාජයකට එරෙහිව ක්‍රියාකිරීමේ අරමුණින්ම පූජණීය භූමි ප්‍රකාශයට පත්කිරීමටත් සමහරුන් උත්සහ කළ හැක.

ආගමේ නාමයෙන් මුදාහැරෙන මෙවන් ක්‍රියා සැමට අසාධාරණයක් වනවා මිසෙක කිසිම විටෙක එම ආගමේ ගෞරවය ආරක්ෂා කිරීමක් විය නොහැක. පූජණීය ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීමේ බලය මුස්ලිම්වරුන්ගේ දෑතට භාර දීමට මුහම්මද් නබි නායක තුමා ප්‍රති‍ක්ෂේප කළේද, ආගමේ නාමයෙන් එළිදැක්වෙන අසාධාරණයන් ඉස්ලා‍මයේ නාමයෙන් සිදුවීම මුලිනුපුටා දැමීමටය. එපමණක් නොව, පූජණීය භූමියකට හිමි ව්‍යවහාරයන්, උරුමයන්, චාරිත්‍ර වාරිත්‍ර යනාදිය ද නබි නායක තුමා විසින්ම ඒවා සීමා කළේය. මෙම කරුණු නබිතුමාගෙන් පසු කිසිවෙකු විසින්වත් තම පුද්ගලික මතයට අනුව වෙනස් කළ නොහැකි අතර, ඉස්ලාමයේ පූජණීය භූමින් හා ඒවාහි ව්‍යාවහාරයන්ද වසර 1400 කටත් වැඩි කාලයක් කිසිදු වෙනසකින් තොරව පෙරසේම පවතින්නේය.

පූජණීය භූමි‍‍යේ නාමයෙන් මුස්ලිම්වරුන් විසින් වෙනත් ආගමිකයින් වේදනාවට පත් කිරීමේ, අන්‍යගමිකයින්ට අකටයුතුකම් සිදුකිරීමේ දොරටු මුහම්මද් නබි නායක තුමාණන් විසින් එදා ම වසා දමන ලදී. නබිතුමාගේ අභාවයෙන් පසු, දෙවැනි පාලන නායකයා ලෙස ‍කටයුතු කළ උමර් තුමා ජෙරුසලමට නිල සංචාරයක යෙදුනු අවස්ථාවක කතෝලිකයින් සමග කතෝලික දේවස්ථානයක සාකච්ඡාවක යෙදෙමින් සිටියහ. එම අවස්ථාවේ දී නැමැදීමේ වෙලාව පැමිණියේය. දේවස්ථානයේ ප්‍රධාන පාලක පියතුමා කලීපා උමර් තුමාට එතැනම නැමැදුම ඉටුකරන මෙන් ආරාධනා කර සිටියේය. එම ආරාධනය ප්‍රති‍ක්ෂේප කළ උමර් තුමා, දේවස්ථානයෙන් පිටතට ගොස් වෙනත් ස්ථානයක නැමැදුම ඉටුකළහ. එලෙස හැසිරීමට එතුමා පැවැසූ හේතුව ඓතිහාසික වටිනාකමකින් යුත් නිදසුනකි. ආගමක නාමයෙන් අසාධාරණයක් සිදුවීම නොව හෙට දිනෙක එවැන්නක් සිදුවීමටවත් අවස්ථාවක් නොදෙමි යන අන්දමින් එතුමාගේ පිළිතුර වූයේ, අනාගතයේ, මුස්ලිම්වරු තම නොදැනුම හේතුවෙන් දෙවැනි කලීපා උමර් නැමැදුම් කළ ස්ථානය මේ යැයි පවසමින් ඔබගේ දේවස්ථානය කඩා ඉවත්කර මෙතැන මුස්ලිම් ආගමික ස්ථානයක් සෑදීමේ අවස්ථාව දීමට මා කැමැති නොවෙමි. එනිසායි මම පිටත “එළිමහනේ- නැමැදුම ඉටු කළේ” යනුවෙන් හේතුව පැහැදිළි කළේය.

දෙවැනි කලීපා උමර් තුමා තමාගේ නාමයෙන් ස්ථානයක් පූජණීයත්වයට පත් නොවිය යුතුයි යන්නෙහි කොපමණ උවමනාවෙන් ක්‍රියාක‍ළා ද යන්න මෙම සිදුවීම මගින් අපට වටහා ගත හැකිය. ඊට හේතු කාරණා වූයේ යම් ස්ථානයක් තම කැමැත්තට පූජණීය භූමියක් වීමක් නොවිය ‍යුතුයි. පසු කලෙක තමාගේ නාමයෙන් එම ස්ථානය උදුරාගැනීමකුත් සිදු නොවිය යුතුය යන්නයි. මෙය, “පූජණීය භූමිය” යන්න අල්ලාහ් හා උන්වහන්සේගේ ධර්ම දූතවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම නිසා, එවන් අකටයුතු අනෙක් සමාජයන්ට සිදු නොවීමට ලබාදුන් මහඟු රැකවරණයක් ලෙසද මෙය හැඳින්විය හැක.

මෙ ආකාරයෙන්ම බෞද්ධාගමෙහි ගෞතම බුදුන් විසින් ප්‍රකාශයට පත්කරන ලද පූජණීය භූමින් තිබිය හැක. එම ප්‍රදේශවල ව්‍යවහාරයන් එතුමා විසින්ම හඳුන්වා දෙන්නටත් ඇත. එලෙස තිබේ නම් ඒවාහි උරුමයට ගෞරව දැක්වීම බෞද්ධයින්ට පමණක් නොව අප වෙත ද යුතුකමක් වන්නේ ය. මෙවැනි ප්‍රදේශ ගෞතම බුදුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සීමා දක්වා තිබේ නම් එම ප්‍රදේශ තුල තිබෙන අපගේ ආගමික ‍ස්ථාන ඉවත්කිරීම හෝ වෙනත් ස්ථානයක ඒවා සාදා ගැනීමට ක්‍රියා කිරීම මුස්ලිම් අපගේ වගකීමකි. අපගේ ප්‍රශ්නය වන්නේ, “පූජණීය භූමිය” ප්‍රකාශයට පත්කරන්නේ කව්රුන්ද? ඔවුන් කුමන සීමාව දක්වා පූජණීය භූමි නම් කිරීම පුළුල් කරනු ඇත්ද? පූජණීය භූමි නම් කිරීම අවසන් වන්නේ කොතැනින්ද? ශ්‍රී ලංකාව ගෞතම ‍බුද්ධ රාජ්‍යයි යන වැකිය අද රටපුරා ප්‍රචාරය කෙරෙයි. හෙට මුළු ශ්‍රී ලංකාවම පූජණීය භූමියක් යැයි ප්‍රකාශයට පත් කෙරේද? එලෙස ප්‍රකාශයට පත් වුවහොත් එය ගෞතම බුදුන්ටත් බෞද්ධාගමටත් පුදන ගෞරවයක් යැයි‍ බෞද්ධ ජනතාව සිතනවාද?

“පූජණීය භූමිය”යනු කුමක්ද? පූජණීය භූමියකට “පූජණීයත්වය” ලැබෙන්නේ කෙසේද? අප බෞද්ධ ජනතාවගෙන් කරන ආයාචනය, ඔවු‍‍න්ගේ පූජණීය වස්තූන්ව, උරුමයන් අප ප්‍රති‍ක්ෂේප කරන්නන් නොවේ, පෙරලා ඒවා ආරක්ෂා කිරීමේ වගකීමක්ද අප සතුව පවති. මන්ද අපට හිමි පූජණීය ස්ථාන හා ඒවාට අදාල ව්‍යවහාරයන්ද ඇත. ලෝක ජනගහනයෙන් කෝටි 140 කටත්, රටවල් 56 කටත් වැඩි දේශයන්හි ජීවත්වන ලෝකයේ අති විශාලතම ජන සමාජයන්ගෙන් එකකි මුස්ලිම් සමාජය. එවැනි ජන සමාජයකට මුළු ලොවටම ඇත්තේ පූජණීය භූමි ‍තුනක් පමණි. ගත වූ අවුරුදු 1400 කටත් වැඩි කාලය තුල හතරවැනි පූජණීය ස්ථානයක් මුස්ලිම්වරු ප්‍රකාශයට පත්කළේද නැත යන්න මෙහි නැවතත් අවධානයට ලක් විය යුතු කරුණකි. එපමණක් නොව සියවස් 10 ක් පමණ ලෝකයේ සුපිරි බලවතා වූයේද ඉස්ලාමයයි. මෙම කාල සීමාව තුල ලෝකය පුරා මුස්ලිම්වරු විසින් පූජණීය භූමි ප්‍රකාශයට පත් කර තිබුනා නම් තත්වය කෙලෙස තිබෙන්නට ඇත්ද? යන්න එක වතාවක් හෝ සිතා බලන්න ලෙසයි. දැනුම ලබන්නන්ට මෙය විශිෂ්ඨ පූර්වාදර්ශයකි.
By:හදවත හදවත

ආයිෂා සිද්දීකා (රලියල්ලාහු අන්හා)

සාමය පතමු(By:Mubarak M Hassan)

ශ්‍රී ලංකාවේ ඓතිහාසික දඹුලු නගරයේ දැන් ඇතිවී තිබෙන තත්වය ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපට් ජාත්‍යන්තර වේදිකාවේ තවත් කළු පැල්ලමක් ඇති කරන්නට හේතුවීම වැලක්වීමට දැන් කිසිවකුට බැරිය!
දසක තුනක කාලකන්නි යුද්ධයක් යුධමය වශයෙන් නිමාකොට, ඊට සමාන්තරව විසඳිය යුතු ප්‍රශ්න රැසකට හා ඊට ජාත්‍යන්තරයෙන් ඇතිවී තිබෙන බලපෑම් වලින් මිදීමට රටක් ලෙස දැඩි පරිශ්‍රමයක සිංහල, දමිල මුස්ලිම් යනාදී සියලු වැසියන් එක්වන්ව කටයුතු කරන මෙවන් මොහොතක, ගරුතර මහා සංඝරත්නය දඹුල්ලේ ප්‍රදර්ශනය කල ක්‍රියාවන් හා උපයෝගී කල භාෂාව , කිසිසේත්ම රුකුලක් නොවනු ඇත!

දුෂ්කර මොහොතක මුළු මදපෙරදිගම අප රට සමග සිටීමට හේතුවූයේ , මෙරට මුස්ලිම් බුද්ධිමතුන් කෙලින්ම ඔවුන් සමග සාකච්චකොට ඔවුනගේ සහය ලබාගැනීමට සමත්වූ බැවිනි. ඒ ලංකාව තුල මුස්ලිමුන් හා අනිකුත් සුළු ජාතීන්, බහුතරය සමග සාමයෙන් හා සතුටින් ජීවත් වන බවට සාදක ඔප්පු කරමින්, තවදුරටත් මෙය රක ගැනීමේ අවශ්‍යතාව පැහැදිලිකර දීමෙන් පසුවය.
ඒ ජාතික මෙහෙවරට පිදුණු පළමු උපහාරය, ජුම්ම සලාතය කරන්නට ඉඩ නොදී ඔවුන් පල්ලියෙන් පිටමන් කිරීමය. අඩසියවසකට අදික කාලයක් පලස්තීනය අල්ලාගෙන සිටින ඊශ්‍රායිලය තමන් බලෙන් අල්ලාගෙන සිටින පලස්තීන භුමි ප්‍රදේශ තුල , ගිනි අවි ඇත දරාගේනවුවත් ජුම්ම සලාතය කිරීමට අවකාශ දෙනු අප සැමවිටම රුපවාහිනියෙන් දකිමු.

එහෙත්, සහෝදරයන්මෙන්, චිරාත් කාලයක් නෑකම් කියන අපේම සහෝදර ජන කොටසකගේ මග පෙන්වන්නන් වන ගරුතර මහා සන්ඝරතනයන්ගෙන් කෙනෙකු ලෙස දඹුල්ලේ සිද්ධියේදී පිරිවරාගෙ ආ ජනකායට නායකත්වය දුන් අපේ නායක හාමුදුරුවන් හා උන්වහන්සේ සමග වැඩ සිටි අනිකුත් භික්ෂුන් වහන්සේලා ඉතාමත්ම නුසුදුසු, මුස්ලිමුන්ට පමණක් නොව කිසිම චීවර ධාරියෙකුට පිළිගත හා ඇදහිය නොහැකි චරිතාපදානයක් ගෙනහැර දැක්වුහ!

පොදු ජන හිත සුව පිණිස කටයුතු කලයුතු , සියලු සත්වයන්ට සාමය, සතුට සහ සහජීවනත්වය දේශනා කලයුතු බුද්ධ පුත්‍රයන් වහන්සේ , සහෝදර ජන කොටසකට , කිසිසේත් භාවිත කල නොයුතු භාෂා ප්‍රහාරයක් එල්ල කරමින්, සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අපමණ අවස්තාවන් තිබියදී , නුසුදුසු පුද්ගලයන්ද එක්කරගනිමින් ,එම කටයුත්ත සඳහා නුසුදුසු ක්‍රියා මාර්ගයක්ද අනුගමය කිරීම, තනි පුද්ගලයෙකු ලෙස කුඩා කල සිටම මහා සංඝරත්නය ඇසුරු කරන, උස්වහන්සේලාගේ අනුශාෂකත්වය, මගපෙන්වීම, හා උපකාර ලැබූ මුස්ලිම් ජාතිකයෙක් ලෙස මට දරාගත නොහැකි වේදනාවක් ගෙන දේ!

දේශයේ අනේකවිද දුෂ්කර අවස්ථාවන්වල මහා සංඝරත්නය පෙරමුණ ගෙන කටයුතු කල බව ශ්‍රී ලාංකික ඉතිහාසය දන්නා කව්රුත් පිළිගන්නා නමුත්, සමකාලීන ලෝක තලය මත, අප ජීවත් වන්නේ හුදෙක් ඉතිහාසය මෙනෙහි කරමින් පමණක් නොවන බව උගත් , බුධිමත් , වයසින් මොරාගිය ගෞරවනීය මහා භික්ෂුන්වහන්සේලාට හුදී ජනයා විසින් කියාදීමට අවශ්‍යතාවයක් නොමැත! එහෙත් දඹුල්ලේ සිදුවූ සිද්දි සමූහය සාදාරන සැකයක් දැන් එති කර ඇත! වත්මන් ලෝකයේ කිසිම ජාතියකට තනිව හුදෙකලාවී සිටින්නට බැරිය. මෙය අවබෝද නොවන තරමට සංඝයාවහන්සේලා නුවනින් පිරිහී නැත.

ජාතියක් වැනසීම තුලින් හෝ තවත් ජාතියක ආගමික මුලධර්ම ඇදහීමට ඇති උරුමය නොරකින කල , එම කටයුත්තට මුලපිරු ජාතියේ ආගමික නිදහස නිරායාසයෙන්ම තර්ජනයට ලක්වන්නේය. එපමණක් නොව දම්වැලක පුරුක්මෙන් එහා වෙලුනු අනේකවිද අනවශ්‍ය ප්‍රශ්න උදාවීමද ස්වාභාවික වන්නේය.

වසර ගණනකට පෙර අභාවප්‍රාප්ත වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් , දීගවාපිය ඓතිහාසික බිම් පිලිබඳ ප්‍රශ්නයකදී අභාවප්‍රාප්ත අෂ්රෆ් මහතා සමග මුහුණට මුහුණ ලා රුපවාහිනී සාකච්චාවකට වැඩම කළහ. ගරුත්වයෙන් යුතු බසකින් අෂ්රෆ් මහතා සමග තර්ක කළහ . එම කතිකාවත අතරතුර කිසිවිටෙකත් කෝපාවිෂ්ට නොවුහ . සුපුරුදු උන්වහන්සේගේ මුව රැඳී සිනහව කිසිවිටෙකත් බැහැර නොකළහ . දෙවස්ටාන කඩා බිඳ දමා කිසි කලබලයකට අනුබල නුදුන්හ .. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු ලෙස තම නම හුදී බොදු ජනයා තුල පමණක් නොව මුස්ලිමුන් අතරත් රඳවා නිවන් දුටහ. ඔබවහන්සේලා මෙලෙස කටයුතු කිරීමට , දඹුල්ලේ ඇති පැරණි මුස්ලිම් දේවස්ථානය පමණක් හෙතුවුවායි සිතීම උකහට වන්නේ එබැවිනි!

” කාක්කන්ට ඔලුව උඩින් ඉගිලිලා යන්ට දුන්නත් ඔලුවේ කූඩු හදන්න දෙන්නේ කොහොමද” ඇති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ වචන එසේ විය.
“තොපේ ගෙවලුත් අයින් කරනවා , තොපි ඉන්න්නෙත් පන්සලේ ඉඩම් වල” ” හා පොඩිකාලේ ඉඳල! ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ඉඳලද? “මේද උන්වහන්සේගේම වචනය. ඒ මුස්ලිම් නොවන කාන්තාවක් එම දේවස්ථානය ඇය කුඩාකල සිටම එතන තිබුනා යැය් උන්වහන්සේට පවසපු මොහොතේදීය.

සිදුවූ සියල්ල ලිවීම අනවශ්‍යය , මන්ද ජාන්ත්යන්තර මාධ්‍ය ඔස්සේ දැනටමත් මෙම රූපරාමු විකාශය වී අවසාන බැවිනි. මෙතුලින් රටට ඇතිවූ කැළල තවත් අනවශ්‍ය අඳුරු පොතක් ලියවීමට පෙරවදනක් වන්නට ඉඩ නොදීය යුතුය . අන්තගාමී හා අදූරදර්ශී සුලුකොටසකගේ ඕන එපාකම්වලට දේශය සහ මුස්ලිම් සමූහයාගේ සාමකාමී ජීවන රටාව බිලි නොදී , තවදුරටත් සාමකාමී , දේශයක් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා සියලු ජන වර්ගයා කටයුතු කිරීම කාලොචියතය. මෙය තරජනයන්ට භියවී ගන්නා තීරණයක් නොවන අතර , ශාපලත් යුද්ධයකින් දසක තුනක් බැට කා යන්තම් නැගී සිටින්නට වෙර දරන දේශයට වාරු දෙන්නටය!

නීතිමය සහය පැතීමට මෙය කිසිසේත්ම අවස්තාවක් නොවන්නේ, එවැනි කිසිම කටයුත්තකින් පලක් නොවන වග මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ලේකම් තුමියට , සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් අභිමුව පවසා වදාළ වචනවලින්ම පැහැදිලි වන බැවිනි.
” හැබය්, විසිතුන්වෙනි වෙනි දා අපට සාදාරන විසඳුමක් නොලැබුනොත්, විසි හතරවෙනිදා අපි එන්නේ බෞද්ධ කොඩිය අරගෙන නෙවෙය් !!”

බුදු දහමේ ආරක්ෂාව මහසන්ඝරත්නයට භාර බව නිරතුරුවම මුස්ලිම් ජනයා පිළිගන්න කරුණකි. අදවෙනතුරුත් ශ්‍රී ලංකාව තුල බුදු දහමට හෝ, මහසන්ඝරත්නයට හෝ, සහෝදර සිංහල ජනතාවට කිසිම මුස්ලිම් වරයෙක් දැනුවත්ව වරදක් හෝ අපහාසයක් කර නොමැති අතර එය ඉදිරියටත් එසේ වන බව ස්ථිරය.

එලෙසම අනිකුත් ජාතින් හා සමගිය සහ සහජීවනය ඇතිකරලීමටද සංඝයා වහන්සේ අනුශාසනා කර වදාළ යුතුය.
පංච සීලය රකින්නන්ට එය නිසි ආකාරයෙන් කල හැක්කේ නිවැරදි ධර්ම දේශනාවන්ගෙන් හා මාර්ගොපදේශයන්ගෙන් පමණි.
ධර්මය ධර්මයෙහි හැසිරෙන්නන් රැකීම සඳහාම වුවක් බව බුද්ධ ධර්මය අවධාරණය කරනුයේ එබැවිනි!

සිංහල , දමිල, මුස්ලිම්, කිතුනු, සැමට පොතුවූ මාතෘ භූමියක් හෙට උපදින අහිංසක දරුවන් වෙනුවෙන් ශේෂ කොට මිය යාම තරම් ජීවත්ව සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වටිනා, යුතුකමක් තවත් නැත!!

සියලු සත්වයන් හට සාමය හා සතුට උදා වේවා !!

{Post From: Mubarak M Hassan Facebook Profile }

සමස්ත ලංකා ජමියතුල් උලමා විසින් නිවේදනයක්.

සමස්ත ලංකා ජමියතුල් උලමා (මුස්ලිම් ආගමික නායකයන්ගේ සංවිධානය) විසින් නිකුත් කරනු ලබන වැදගත් නිවේදනයයි.

පසුගිය සතියේ දඹුල්ල නගරයේ සිදුවූ , දෙවස්තානයට පහර දීමේ සිද්දියෙන් පසුව ශ්‍රී ලංකාව පුරා පැතිර ජීවත්වන මුස්ලිම් බැතිමතුන් ඉතා කනගාටුවට පත්වී සිටින අතර මෙතෙක් කල් පැවැති සමාජයීය සහජීවනය බිද වැටෙදෝ යන සකයකින්ද පසුවෙති.
ඒ අතරම සමහරුන්, මෙම සිද්ධියට විරුධත්වය පැයුතු අතර, ඒ සදහා කටයුතු කල යුතුය් කියාද ජනයා අවුස්සාලන්නට වෙර දරති.
මෙවන් අවස්ටාවලදී කටයුතු කලයුතු අයුරු පිලිබඳ , ඉස්ලාම් ධර්මය විසින් නිර්දෙෂකොට පෙන්වාදී ඇති මාර්ගයන් ඇති බව ජනයාට අවධාරණය කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය කැපවී සිටී.

අවශ්‍ය නීතිමය පියවරයන් ඇතිනම් ඒවා ගතයුතුය් යන දැඩි ස්ථාවරයේ මෙම සංවිදානය සිටින අතර, මුස්ලිමුන්ගේ ආයුධයන්වන, ප්‍රාර්ථනාවන්, උපවාසය, පාපයන්ට සමාව අයැද සිටීම, දේව යාඥාවන් යනාදී ධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙන ලෙසත් මුස්ලිම් ජනයාගෙන් ඉල්ලා සිටී.

තම විරුධත්වය නිසි තැන්වලට දැනෙන්න සැලැස්විය යුතු සිතා කටයුතු කරන්න වෙර දරන සැම කෙනෙක්ම , මාර්ග අවහිර කිරීම, හර්තාල් කිරීම, පොදු දේපල වලට හානි කිරීම යනාදී කටයුතු කිසිසේත්ම නොකළ යුතු වග දන්වා සිටිමු! එමෙන්ම, අප සමග චිරාත් කාලයක් සහෝදරයන් ලෙස ජීවත් වන බොදු ජයයාගේ සිත් තැවුලට ලක්වන අයුරින් කිසිසෙත්ම ක්‍රියා කිරීමෙන්ද වැළකී සිටින ලෙස අනුශාෂනා කරමු. අපගේ දේවස්ථානයට පහර දීම කාරනාකොටගෙන , අන්‍ය ආගම්වලට දොස් පැවරීමෙන් වැළකී සිටියයුතු අතර , මධ්‍යම පතිපදාව රකිමින් අප සමග සහජීවනයෙන් ජීවත් වන සහෝදර ජනයාගේ සිත් දිනා ගැනීමද අපගේ යුතුකමක් වන්නේය යන්න අවධාරණය කරමු .
මෙය වූ කලී ” විශ්වාස වන්තයනී අල්ලාහ් නොවන වෙන යම් දෙයකට ඔවුන් දෙවියන් යැය් පවසත්ද , ඔවුනගේ විශ්වාසයට බදුන්වූ දේවලට කිසිවිටෙකත් අපහාස නොකරන්න” යන ශුද්දවූ කුරානයේ උපදේශය ද වන බැවිනි .

මෙම දේවස්ථානය පිලිබඳ සිද්ධියේදී සමහරුන් කනගාටුදායක අයුරින් කටයුතු කලද, මුස්ලිමුන් ලෙස අපට එසේ කල නොහැක. එමෙන්ම ඉස්ලාමීය උපදේශයන් සැලකිල්ලට ගනිමින් එම යහධර්ම අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිදානය ආයචාත්මකව සැමට උපදෙස් දෙය්.
කිසිම හර්තාලයකට ජමියතුල් උලමා සංවිදානය කිසිවකුටත් ආරාධනා නොකරන අතර , එලෙස හර්තාල් කොට තම විරෝධතාව ප්‍රකාශ කරන්නට සැරසෙන අයවලුන්ට, දැඩිලෙස ඉස්ලාමීය උපදේශයන් අනුගමනය කරන ලෙසත් , සීමාව ඉක්මවා යන අවස්ථා තුලින් උද්ගතවිය හැකි අමිහිරි අත්දැකීම් පිලිබදවත් සැලිකිලිමත් වනලෙස අවවාද කරනු කැමැත්තෙමු.

එළඹෙන 26 වන බ්‍රහස්පහින්දා දින උපවාස කොට, සිකුරාදා ජුම්මා සලාතයෙන් පසු තම තමන්ගේ දෙවස්ඨාන අභියස(මිදුලේ) රැස්වී සිදුවූ සිද්දීන් වලදී සාධාරණය ඉටුකර දෙන ලෙස අල්ලාහ් දේවියගෙන් ප්‍රාර්ථනා කරන ලෙස අනුශාෂනා කොට සමගින් ඉල්ලා සිටිමු .

මෙවගට,
එම.එම. ඒ . මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය.

අපි ඇණයක් ද…?

ලෝකය බහු ආගමික වූයේ අද ඊයක නොවේය. එමෙන්ම ලෝකය විවිධ අංශයන් ගෙන් වර්ධනයක් ලගා කරගත්තේද ලගා කර ගන්නේද අද ඊයක සිට නොවේය. මෙකී ලෝකය තුළ බහු ආගමික බහු සංස්කෘතික මිනිසුන් සහෝදරත්වයෙන් වාසය කලේද අද ඊයක සිට නොවේය. එහෙත් සංවර්ධිත යැයි පවසන තාක්ෂණය ඔස්සේ එක යායක් වූ ලෝකය තුළ මිනිස්කම් සීඝ්‍රයෙන් මිය යාමත් සමග වාර්ගික අර්බුද ප්‍රතිශතය අධික වේගයෙන් ඉහල යමින් පවතී. සැබැවින්ම අද ලොව බොහෝ වෙනස්ය.

කෙසේ වුවද වෙනස්වන ලෝකය තුළ අනන්‍යතාවය රැක ගැනීමට ඇතැම් සංස්කෘතීන් වෙත දැරීමට සිදුව ඇත්තේ සුළුපටු උත්සාහයක් නොව. වත්මන් මුස්ලිම් සමාජයටද මුහුණ දීමට සිදුව ඇත්තේ මෙකී ගැටළුවටය. අද වන විට ඇතැම් රාජ්‍ය ත්‍රාන්තිකයන්ට හිසේ රුදාව හැදුනද එයට වග උත්තර බැදිය යුත්තේ මුස්ලිම් සමාජයය. ලෝක සාමය සුන්නද් දූලි කරමින් සිටින ඇතැම් අය මුස්ලිම් බහුතරය වෙසෙන රටක රතිඥ්ඥා හඩක් ඇසුනද සාම හමුදා යවන්නට සීසරුවෙන් සිටී. එහෙත් අද වන තුරු ඔවුන් විසින් මුස්ලිම් සංහාරය‍ට උප්පැන්න සහතික ලිව්වා විනා ඇති කල සාමයක් නැත. මේ සියල්ල සිදු කරන්නේ නවීන ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ය.

ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය. බුරාකා , හිජාබ් විරුද්ධ සංවිධාන රාජ්‍ය ත්‍රාන්තිකව ගොඩ නගන්නේ මෙකී අයවලුන්ගේ බළල් අතිනි. එහෙත් හිසේ සිට පාදාන්තය තෙක් වසාගෙන ඇස් වැසුණු දැලෙන් ලෝකය බලන බුරාකාව හැදි මුස්ලිම් කාන්තාවද මුහුණ වසා ඇස් පමණක් දර්ශනය කරන මුස්ලිම් කාන්තාවද මෙන්ම මුහුණ නොවසා හිස පමණක් වසන මුස්ලිම් කාන්තාවද මෙකී සංවිධාන ඉදිරියේ නොබියව හඩ නැගීම දැනටමත් ඇතැමුන්ට ඇග පත හන්දි රිදෙන වෛරස් උණක් බවට පත්වී හමාරය. ඔවුන් ඇයට එරෙහිව නැගී සිටීම අත්නොහලද තම අයිතීන් වෙනුවෙන් හඩ නගන්නට තරම් ආගමික නිදහසක් මෙන්ම යෝධ ශක්තියක් ඇයට ඇති බැව් ඔවුන් වටහාගෙන ඇත.

ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය.

කෙසේ වුවද නොවෙනස් ඉස්ලාම් සංස්කෘතිය වනසන අරමුණින් ද්වේශයෙන් යුතුව ඇතැමුන්ට කඩේ යන්නෝ තවමත් අඩු නැත. මෙකී ඇතැමුන් පවසන්නේ අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස්‌ කරගත යුතු කාලය එළැඹ ඇති බවය. පෙරට යා නොහැකි ලෙස බාධා පමුණුවන්නට ඉස්ලාමයේ ඇත්තේ කුමක්දැයි යන්න අපට පැණයකි. එහෙත් මුස්ලිමුන් පස්සට ගියේ කවදාදැයි අසන්නට අපි කැමැත්තෙමු. එසේ ගොස් ඇත්නම් ඒ සදාචාරයක් නැති අණුවන පණ්ඩිතයන් ඉදිරියේ පමණය. නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි. එහෙත් ඔවුනට කියන්නට යමක් ඇත. ඒ කොටියාගේ කතාවය. කැලේ මාරු කලද කොටියා පුල්ලි මාරු කරන්නේ නැත.

 

නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි.

By:Ummu haani

මුසල්මානුවන්ට ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය.

“ජුම්ආ සලාතය අවසන් වුවහොත් නැමදුපළෙන් පිටවී
භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනුග
ඔබ ජයග්‍රහණය කිරීම පිණිසල විටින් විට අල්ලාහ්ව මතක් කරනු.”

{අල් කුර්ආනය 62-10}

මෙහිදි අල් කුර්ආනයෙහි ස`දහන් වන වරප‍්‍රසය යනු මිනිසාට තමන්ගේ ජවනෝපාය අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා අවශ්‍යවන ව්‍යපාරය ආර්ථිකය වෙිග එනමි සලාත යන ඉබාදතය අවසන්වූවිට ඔහු තම ජීවනෝපාය ස`දහා තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩයන් මහ පොළවෙි විසිරගොස් සොයා ගන්නයි අල්ලාහ් තආලා පවසා තිබෙිග

මිනිසා තම පවුලට අවශ්‍යදෑ නිහතමානීව සොයාගත යුතුයග අල් කුර් ආනයේ 2-273 වැනි වාක්‍යයෙහි ස`දහන් පරිදි ආගමික කටයුතුවල නිරතවී සිටින පුද්ගලයකු තමන්ට නොහැකිතාවයක් තිබෙන්නේනමි පමණක් අවශ්‍යවන දෘව්‍යක් වෙනත් පුද්ගලයකුගෙන් ආධාරයක ලෙස ලබාගත හැකිය. නමුත් ව්‍යපාරය හෝ රැුකියාවක් කිරීමට හැකියාවක් තියාගෙන වෙනත් හේතුවකට මෙලෙස වෙනත් පුද්ගලයකුගෙන් භාණ්ඩයක් දෘව්‍යක් යාචනය කිරීම ස්යං ගෞරවය අහිමිකරගැනීම ඉස්ලාමි ආගමයෙහි අනුමතකර නොමැත.

ව්‍යාපාරය කිරීම සමිබන්‍ධයෙන් අල් කුර් ආනය පවසන යහපත් ක‍්‍රියාමාර්ගයන්.

ව්‍යපාරය”විශ්වාසවන්තයිනිෟ නුඹලාගේ අනොන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපළ නුඹලා ගිල නොගනුග තවද නුඹලා නුඹලාවම නොමරනුග නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.” {අල් කුර්ආනය – 4-29}

ඉහත ස`දහන් වාක්‍යන්හි අල්ලාහ් තආලා අපට ව්‍යාපාරය කිරීම ඉපැයිමෙි අංගයක් ලෙසට අනුමතකර තිබෙිග දෙදෙනෙකු අතර පරස්පර ලෙසින් ගනු දෙනුවක් සි`දුවීම ව්‍යාපාරය වෙිග මෙලෙස සි`දුවන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අනුමතවෙිග ව්‍යාපාරයක් සි`දුවනවිට පිළිපැදිය යුතු කරුණුගැන ඉස්ලාමි ආගමි හො`දින් පැහැදිළිකරදී තිබෙ.

1- එම ව්‍යාපාරයේ අවංකභාවය.

“ඔහු අහස් ඉහලට නැංවීයග තවද සමතුලනය ඇති කළේයග නුඹලා සමබරතාවය අවුල් නොකරන පිණිසග එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරනුග තවද තුලනය අඩු නොකරනු.” {අල් කුර්ආනය – 55-7,8,9}

ව්‍යාපාරයේදී අවංකත්වය පිළිපැදිය යුතුයැයි ඉස්ලාමි ආගම පවසා තිබෙිග උදාහරණයකට නබි සල් තුමානන්ගේ ජීවන රටවා බැලුවෙිනමි ඔහුට නුබුවත්ය ලැබීමට පෙර ජනතාවන් අතර ඔහු ප‍්‍රසිද්ධ පුද්ගලයකුවී සිටියේයග එයට ප‍්‍රධාන හේතුව ඔහු තම ව්‍යාපාරයෙහි පෙන්වාසිටි අවංකකම – නිහතමානිත්වය හා තමන් විසින් කළ ගිවිසුමක් කිසිවිටක කඩනොකිරීමය.

2- මිනුමි සහ බරල මිනුමි මැනීමේදි හරියාකාරව සිටිම

ඔබ මැන්නහොත් පූරණ වශයෙන් මනිනු. කිරුවහොත් නිවැරදි බරක් මගින් කිරිනුග මෙය ඔබට ඉතාමත් හොඳයග ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ලැබෙනු ඇත.”

{අල් කුර්ආනය 17-35}

“මිනුම පූරණ වශයෙන් මනිනුග ජනතාවට පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනුග නිවැරදි තරාදියකින් කිරිනුග මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු.” {අල් කුර්ආනය 26-181}

අල්ලාහ් තආලා විසින් මිනුමි කටයුතුවල සි`දුකළ වැරදි පෙන්වාදීම ස`දහා සුඅයිබි නැමති නබිවරයකුව පවා ලොවට යවා තිබීමෙන් මෙලෙස මිනුමි කටයුතුව වැරදිකමි සි`දුකිරීම කෙතරමිදුරට ලොකු පවක්දැයි සිතාගත හැකිය.

3- රැුවටීම වංචා කිරීමෙන් වැලකී සිටිම

නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොවග කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවදල විනිශ්චය දිනදී තමන් සමග ගෙන එන්නට සිදු වනු ඇතග පසුව සෑම ආත්මයකටම ඒ දැය කළ පාපයන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබේග ඒවා :කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ අසාධාරණයක් කරනු” {අල් කුර්ආනය 3-161}

යමිකිසිවකු තමන්කළ පාප ක‍්‍රියාවට ද`ඩුවම ඔහුම අනුභවය කළ යුතුයග එමෙන්ම වංචාකරන පුද්ගලයකු තමන් වංචාකළ භාණ්ඩවලින්ම ඔහුට ද`ඩුවමි ලැබෙන බවට අල්ලාහ් තආලා අවවාදකර තිබෙිග එම නිසා ව්‍යාපාරයේදී කලවමි කිරීම – ව්‍යාජ භාණ්ඩ විකිණීම – බොරු කීම රැුවටීම වැනි ක‍්‍රියාවන් නොකළ යුතුයිග

4- ණය ආධාර

අමාරුකමෙහි සිටින්නන්ට අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද? එය ඔහුල ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේයග අල්ලාහ් :වස්තුව සමහරෙකුට හකුලාද අල්ලා ගනු ඇතග සමහරෙකුට වැඩි කරද දෙන්නේයග තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුයෟ.”

{අල් කුර්ආනය 2-245}

ඔබගේ අසල්වැසියා රෝගාතුරුව සිටින්නේනමි ඔහු වෙතගොස් ඔහුගැන සොයා බලන්නග අසල්වැසියා පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදී උදවිකරන්න නබි සල්තුමානන් පැවැසුවෙිය.ඉහත ස`දහන් අල්කුර්ආන් හා නබි වදන්වලින් කිසිවකු හෝ රෝගාතුරව – දිළිදුකමින් පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදෙන්නයි පවසා තිබෙිග තමන් සතුව මුදල් නොමැතිනමි කිසිවකුගෙන් ණයක් ගැනීමට ඉස්ලාමි ආගම අනුමතකර තිබෙිග

5- අල්ලස් ගැනීම

“තවද ඔබල ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනුග ඔබගේ පාර්ශවය බොරු යයි ඔබ දැන සිටියදී අනිත් මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගයෙන් ගිල දැමීම පිණිස අල්ලස් දීමට ඒ සමග අධිකාරීවරුන් වෙත නොයනු.” {අල් කුර්ආනය 2-188}

එම අල්කුර්ආනයෙහි වාක්‍ය ම`ගින් වෙනත් පුද්ගලයකුගේ වස්තුවක් තමන් සතුකර ගැනීමට හෝ වෙනත් කාරණාවකටද අල්ලස් ගැනීම තහනමි බව ස`දහන්වෙිග

6- පොලිය ගැනීම හා දීම

පොලිය ගෙන වැජපෙන අය ෂයිතාන්ට කොටුවී පිස්සුවෙන් න`ගිටින්නන් වශයෙන් මිස වෙන ක‍්‍රිමයකට පරලොවෙිදි නැගිටින්නේද නැත. මන්දයත් වෙළ`දාමද පොලිය මෙන්ම වන්නේය. එබැවින් පොලීය ගැනීමෙහි වරදක් නැතැයි ඔවුන් පැවැසූහ. නමුත් අල්ලාහ් ඔබගෙන් කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි පොලිය නොගත යුතුයි යන අවවාදයට අනුව එය අත්හැර දමා ඈත්වූහොත් එයට පෙර ඔහු ලබාගත් කලින්දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලිය ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිදානයෙහි ඇත්තේය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි පසු පොලිය ඇත්හර දැමූ බැවින් අල්ලාහ් ඔහුව සමාවකර හැරිය හැකිය. තවද මෙම නියෝගය ලැබුණු පසු කවුරුන්හෝ පසුවද පොලිය ගැනීමට ඉදිරිපත්වූහොත් ඔවුන් නිරාවාසින්ය එහි ඔවුන් ස`දහටම රැු`දී සිටිනු ඇත.” “අල්ලාහ් පොලිය විනාශකර දමා ධාන්‍ය මානය විස්තීරණ්‍ය කරන්නේය. තවද තම නියෝගය ප‍්‍රතික්‍ෂේපකරමින් සිටන පාක‍්‍රියාවකරුවන් කිසිවකුව අල්ලාහ් ප‍්‍රයකරන්නේද නැත.” “විස්වාසවන්තයෙණි ඔබ ඇත්තෙන්ම විස්වාසවන්තයන් වශයෙන් සිටිනහුනමි අල්ලාහ්ට බියවී පොලිය මෙතෙක් ලබාගත්දෑ හැරෙන්නට ඉතිරිව ඇතිදැය නොගෙන අත්හැර දමනු.” {අල් කුර්ආනය – 2:275,276,278}

ඉස්ලාමි ආගමයෙහි ස`දහන් පරිදි පොලිය යනු මහ පාපක‍්‍රියාවකි එම`ගින් ව්‍යාපාරය කර උපයන පුද්ගලයන් සදහටම නිරයට යනු ඇතයි අල්ලාහ් තආලා පවසා තිබෙිග එමෙන් පොලී ගැනීම දීමෙන්ද වැලකී සිටිය යුතුය

7- තවත් කෙනෙකුගේ භාණ්ඩයන් පැහැර ගැනීම – අත්පත්කර ගැනීම

“විශ්වාසවන්තයිනිෟ නියත වශයෙන්ම ඔවුන්ගේ පූජකවරුන්දල පඬිවරුන්දල බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර ජනතාව අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහග එබැවින් :මොවුන්ටදල තවද කවුරුන් රත්‍රන්දල රිදීද එක්කාසු කර තබාල එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටදල :නබියේෟ ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව.”{අල් කුර්ආනය 9-34}

තමන්ව සොයා එන ජනතාවගෙන් වැරදි අන්දමින් ඔවුන්ගේ භාණ්ඩයන් අත්පත්කර ගැනීම සොරකමි කිරීමට සමානය – මෙලෙස ආගමික නායකයන්ද ජනතාවගෙන් ආහාර ඉල්ලා අනුබව කිරීමද ස`දහන්කළ හැකියග

8- වංචා – දූෂණය

“විශ්වාසවන්තයින ඔබ අල්ලාහ්ටදල ඔහුගේ දුතයාටදල වංචා නොකරනුග තවද ඔබ :කරන්නේ අපරාධයක් යයි දැන දැනම ඔබ වෙත ඇති විශ්වාසයට තබා ඇති වස්තූන්ද වංචා නොකරනු.”
{අල් කුර්ආනය 8-27}

කිසිවකු ඔබව විස්වාසකර යමක් භාරදෙන්නේනමි ඔහු භාරදුන් වස්තුව යළි ඉල්ලා සිටින විට එලෙසින්ම ලබාදිය යුතුයිග එලෙස නොදී එම පුද්ගලයාව රැුවටීම පාපයකිග

9- අනාථයන්ගේ දෙපළ

අනත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබාදෙනු.  නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්‍ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියතවශයෙන්ම එය මහත් වූ පාපයකි.”{අල් කුර්ආනය – 4-2}

ඔබවෙත භාරදුන් අනාථ දරුවන්ගේ දේපළ වත්කමි සියල්ල එම දරුවන් වැඩිහිටියන්වූ සැනින් ඔවුන්ට ලබාදිය යුතුයිග එයින් කිසිවක් අත්පත්කර ගැනීමට උත්සහනොකළ යුතුයග

10- බොරු කියමින් ව්‍යාපාරය කිරීම

ධර්මය හිමි අයවළුනිෟ ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ හොඳින් දැන සිටියදී කුමක් නිසා සත්‍යය වසං කරන්නෙහුද?
{අල් කුර්ආනය 3-71}

ව්‍යාපාරයේදී යමිකිසි භාණ්ඩයක තත්වය උසස් තත්වයකින් නොතිබෙන්නේනමි එම භාණ්ඩය ගැන උසස් අන්දමින් පවසා විකිණීම තහනමියග මෙලෙස ව්‍යාපාරය කිරීම මහ පාපයකිග

11- බර – මිනුමි මැනීමෙිදී වංචාව

මිම්ම පූරණ වශයෙන් මැනල බර නියම ආකාරයට කිරිනුග :ඔබ දිය යුතු මිනිසුන්ගේ භාණ්ඩ වලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනුග භූමියෙහි සාමය හා සමාදානයද ඇති වී පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු, ඔබ විශ්වාසවන්තයින් නම්ල මේවායින්ම ඔබට හොඳක් අත් වනු ඇත.”
{ අල් කුර්ආනය- 7-85}

යමක් මිලදී ගන්නා පාරිභෝගිකයාට එම භාණ්ඩය නිසිලෙස බර හෝ මිනුමකින් මැනදිය යුතුයග එලෙස නොකර එහි වංචාවක් සි`දුකරන්නේනමි එයද පාප ක‍්‍රියාවකිග

තවද…………………………………..

12- යමිකිසි දෙයක් කලවමි කර ව්‍යාපාරය කිරීම

“සත්‍යය අසත්‍යය හා මිශ්‍රකර අවුල් නොකරව්ග තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් නොකරව්”{ අල් කුර්ආනය – 2-42}

13- ආගම පෙන්වා ඉපැයිම

“තවද නැවතත් මාව ප්‍රතික්ෂේප කර හැරියහොත් ඒ ගැන මට කිසිම දුකක් නැතග මන්දයත් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලුවේ නැතග මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිසල වෙන කිසිවෙකු වෙත නැතග මා ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන මුස්ලීම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින ලෙසට අණ කරනු ලැබ ඇත්තෙමි.”{ අල් කුර්ආනය – 10-72}

14- සහෝදරවරුන්ට ලබාදිය යුතු දේපළ වස්තුවන් නොදී එම`ගින් ඉපැයිම,

“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකිග ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේයග මා වෙත එකම එක එළුවෙකු සිටින්නේයග එසේ තිබියදී ඔහු එයද තමන්ට ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය යයි පැවසුවේයග එයට දාවූද් ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීමල නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකිග නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහග විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැරග විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැතග වංචා නොකරන මෙවැන්නන් ඉතාමත් අල්පයකි යයි පැවසුවේයග මේ අතර දාවූද් වන ඔහුල නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතාල තම දෙවියන් වෙත තමන්ගේ වැරැද්දට සමාව දෙන මෙන් ඉල්ලාල නැවී බිම වැටී සුජූද් කර නැමදල තම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළේය”

{ අල් කුර්ආනය – 38-23,24}

15- බොරු පොරොන්දු හා යාචනයෙන් ඉපැයිම

“අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනුග ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්ල අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත.”
{අල් කුර්ආනය – 16-95}

16- හමිබකළ දෑ කුමිමැහිකමින් ලෝභකමින් තබාගැනීමද ඉස්ලාමි ආගමයෙහි තහනමිකර තිබෙ.

By:Jesmiñ

පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක් ලෙසින් ඉස්ලාම්


මිනිසුන්, සතුන්, ගස්කොළන්, ජලය ඇතුළු මේ මුළුමහත් විශ්වයේම ආරක්ෂාවට උචිත නියාමයන් තිබිය යුතු යැයි ඔබ සිතන්නේද? ඇත්තෙන්ම එවන් නියාමයන් තිඛෙන්නේය.

ස්වභාවික පරිසරයේ නියාමයන් මොනවාද?

ස්වභාවික පරිසරය අධ්‍යනය කිරීමෙන්, එය ක්‍රියාත්මක වන්නා වූ නියාමයන් ගැන යම් අදහසක් මිනිසුන්ට ලබා ගත හැකි වුවද, විවිධ අර්ථකතනයක් සපයන්නට තරම් එකිනෙකාගේ දර්ශණය වෙනස් වන හෙයින්, එම නියාමයන් නිසියාකාරව හඳුනා ගැනීමට, ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් හා ප්‍රත්‍යක්ෂ දර්ශණයක්ද තිබීම අවශ්‍ය වන්නේය.

ශුද්ධ වූ අල්කුර්ආනය වූ කලී මෙම දැනුම හා ප්‍රත්‍යක්ෂ දර්ශණය ලබා දෙන්නා වූද, මනුෂ්‍ය වර්ගයාට නිවැරදි මග පෙන්වන්නා වූද ග්‍රන්ථයයි. දෙවියන්ගේ ශුද්ධ වූ වදන් වන අල්කුර්ආනයේ කිසිදු දෝෂයක් හෝ ප්‍රතිෂේධයක් නොමැත. ඒ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පරීක්ෂා සහගතව අවබෝධ කරගන්නැයි කුර්ආනය මිනිසුන්ට පවසයි. එමෙන්ම මුහම්මද් තුමා මෙය ක්‍රියාවේ යොදවමින් ගෙවූ ආදර්ශමත් ජීවිතය අනුගමනය කරමින් වසර 1400ක පමණ කාල පරිච්ඡේදයක් තුල එම යථාර්ථය හැඳින මිලියන සංඛ්‍යාත පිරිසක් ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ.

ස්වභාවික පරිසරය සම්බන්ධ ඉස්ලාමීය නීතිරීති මොනවාද?

යම් දෙයක වැරදි හා නිවැරදිභාවය, විශ්වාසය මත පදනම් වූ දැනුමෙන් හඳුනා ගත යුතුය. එසේ නොමැතිව මිත්‍යා මත විශ්වාස කිරීම හා චාරිත්‍රවාරිත්‍රවලට පමණක් වහල්ව අන් අයව අනුගමනය කිරීම වැනි ක්‍රියාවලින් ඉහත කී වැරදි හා නිවැරදි දේ හඳුනාගත නොහැකිය. මන්දයත් ස්ථාවර පදනමක් නොමැති තැන මිනිසුන් අතින් තම වටා පිටාව තම පෞද්ගලික මතයට අනුව සකසා ගැනීමටත්, ඒ තුලින් මිනිසුන්ගේ අභිවෘද්ධිය අඩපණවීමටත් ඉඩ ඇති නිසාය. ඵලදායී හා හානිකර දෑ සම්බන්ධයෙන් ඇති නියාමයන් ඉස්ලාමයේ පැහැදිලිව සඳහන් වී ඇත. එය වඩාත් සූක්ෂම ලෙස අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේය. අද පවතින න්‍යෂ්ඨික බලය වැනි නවීන තාක්ෂණය හා කටයුතු කිරීමට මෙය එකම මාර්ගයයි. මිනිසාව මවනු ලැබූ ආකෘතිය ඇතුලූ දෙවියන්ගේ මැවීම්වල කිසිදු වෙනසක් නොකළ යුතුය.

“ඔබ ධර්මය කෙරෙහි ඔබේ මුව සත්‍ය ලෙස හා ස්ථාවරව තබන්න. අල්ලාහ් මිනිසාව මැවූ ආකාරයටම අල්ලාහ්ගේ මැවීම්වලට වෙනස් කිරීමක් නොමැත. එය සත්‍ය වූ ධර්මයයි. එහෙත් මිනිසුන් බොහෝ දෙනෙක් එය නෙදනිති.” (අල්කුර්ආන් 30:7-9)

වත්මන් සමාජයේ නවීන ජාන තාක්ෂණයෙන් සිදුකරන්නා වූ වෙනස් කිරීම් කෙතරම් නිවැරදි දැයි තීරණය කිරීමට මෙම ශුද්ධවූ කුර්ආන් පාඨය පදනම් වෙයිග ජාන තාක්ෂණය හේතුවෙන් පරිසරයේ අසමතුලිත විනාශකාරීත්වයක් හටගෙන තිඛෙන අතර, වසංගත රෝගද පැතිරී යයි.

සැම දෙයකම සමතුලිත මධ්‍යස්ථ බවක් තිබීම අත්‍යවශ්‍යයග

“ඔහු අහස ඉතා උසින් රඳවා තිඛෙත අතර, සමබරතාවයද රැඳවීය. (සාධාරණතවය) ඒ ඔබ සමබරතාවය (සාධාරණත්වය) නොබිඳිය යුතු නිසාය. එහෙයින් සාධරණව බර කිරන්න, එහි කිසිදු අඩුවක් නොකරන්න.”(අල්කුර්ආන් 55:7-9)

තම අවශ්‍යතා ගැන සිතුවත්, එය සීමාව ඉක්මවා නොයෑම, සීමා රහිත ධනවාදයක් හා නිදහස් වෙළඳපොළක් නොතිබීම, පීඩිත සර්වාධිකාරත්වයක් නොතිබීම, වටිනා ගස්කොළන් කපමින් වනාන්තර විනාශ නොකිරීම හා ශාඛ පැළකිරීම වැනි ක්‍රියාවන් එයට උදාහරණ කිහිපයකි.

ජීවිතය එක් උතුම් දෙයක්

මුහම්මද් නබි තුමා මෙසේ පැවසීය.


’එක් ජීවිතයක් බේරා ගත්තෙකු මුළු මහත් මිනිස් සමාජයම බේරාගත් අයෙකු මෙන්ය. එක් මිනිසෙකුව ඝාතනය කල කෙනෙකු මිනිස් වර්ගයාවම ඝාතනය කළ අයෙකු මෙන්ය.’

සතුන්ට පවා කායික හා මානසික වද හිංසා ගෙන දෙන ක්‍රියාවන් නොකළ යුතුයි. ගස්කොළන් අනවශ්‍ය ලෙස විනාශ නොකළ යුතුයි. මෙයට හොඳම උදාහරණය, ඉස්ලාමය යුද්ධ අවස්ථාවලදී පවා ගස්කොළන් අනවශ්‍ය ලෙස කපා දැමීම තහනම් කර තිබීමයි. ප්‍රතිචක්‍රීකරණය, පාරිසරයට හා මිනිසුන් ඇතුලූ ජීවීන්ට සිදුවන ආපදා අවම කරයි නම්, කිසිවක් අපතේ නොයැවීම සම්බන්ධ ඉස්ලාමීය සාරධර්මයද එයට අනුරූපය. ඉවත දමන කැළි කසල ප්‍රතිචක්තීකරණය නොකළහොත්, කැළිකසල ගොඩ නැගීමෙන් නිකුත් වන විෂබීජ පානීය ජලයට එකතු විය හැකිය. එමෙන්ම ප්ලාස්ටික් හා පරණ බැටරිවලින් නිකුත් වන මෙතේන් නම් අහිතකර වායුව පොළවට හා ජලයට එකතු වීමට ඉඩ ඇත. නිසි කාණු පද්ධතියක් නොතිබීම, අහිතකර වායු හා විෂබීජ හේතුවෙන් එම ප්‍රදේශවල බිම් කෘෂිකර්මයට නුසුදුසු නිශ්ඵල බිම බවට පත්වේ. තවද ප්ලාස්ටිස් වැනි දෑ පිළිස්සීමෙන් නිකුත්වන අහිතකර ලෙස වෙනස්වීමෙන් කෘෂිකර්මයද අඩපණ වේ. මේ ආකාරයෙන් මුළු පරිසර පද්ධතියටම අහිතකර බලපෑම සිදුවේ.

එහෙත් ඉස්ලාම් ධර්මයද උපරිම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එකඟ වෙයි. මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය – කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා යොදා ගැනෙන අතර වීදුරු, පත්තර, කාඩ්බෝඩ්, ලෝහ, ගොඩනැගිලි ද්‍රව්‍ය, දැව භාණ්ඩ, රූපවාහිනි, පරිඝණක වැනි භාණ්ඩ මෙන්ම ප්ලාස්ටික් ද ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනේ. මෙය ජලය, වාතය හා පස ආරක්ෂා කිරීමට මෙන්ම මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමටද රුකුලක් වේ.

සෑම කෙනෙකුගේම විශ්වාසය, චින්තන නිදහස, ජීවිතය, ගෞරවය වැනි සියලූ දෑ කෙරෙහි නිසි ආරක්ෂාවක් ලැබිය යුතුයි. අවස්ථානුකූලව සමහර විට එක් දෙයකට වැදගත් තැන දුන්නත්, පොදුවේ මේවාට සිදුවන හානි අවම කළ යුතුය.

ඒකාධිකාරිත්වය, අධික ලාභය හා පොළිය වැනි දෑ තුලින් විෂමකාරී ආර්ථීකයක් ඇති නොකළ යුතුයි. මුදල් සැඟවීම හෝ ගොඩනැගිලි ආදිය භාවිතයට නොගෙන වෙළඳපොළ මිල ඉහළ යාමේදී එය අධික මිලකට විකිණීම වැනි දෑ නොකළ යුතුය. සූදු කෙළීමට කිසිවිටෙකත් අනුමැතියක් නොමැත. මේ සියල්ල වැදගත්් වන්නේ පොහොසත් ජ් දුප්පත් පංති භේදය ඇති කරවන ආකාරයට මුදල් සුළු පිරිසක් වෙත රඳවමින්, ආර්ථීක ක්‍රමය විෂමකාරී වීම වැළැක්වීමටයි. එමෙන්ම දුප්පත් හා පොහොසත් පංති භේදය අවම වන ආකාරයෙන් කෙනෙකුගේ ධනය ඛෙදා ගැනීමත්, කෙනෙකු වෙහෙස මහන්සි වී ධනය උපයා ගැනීමත් ඉස්ලාමයේ පිළිගත් කරුණකි. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ලෝක බැංකුවෙන් හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය ආපසුදීමට ස්වභාවික සම්පතක් වන වනාන්තරද විනාශ කිරීමට සිදුවී තිබේ. එමෙන්ම දේශීය මට්ටමින්ද පවතින ඉහළ පොළී අනුපාත ක්‍රමය හේතුවෙන්, දිළිඳුකම වැඩිවෙමින් තිඛෙන අතර, එය සමාජයේ අපරාධද වැඩිවීමට හේතු වී තිබේ.

ජලය, ආහාර, දේපළ වැනි සම්පත් පවුල්වල මූලික අවශ්‍යතාවයට අනුව ඛෙදා දිය යුතුය. දන්දීම, ත්‍යාගශීලීභාවය හා ආත්ම පරිත්‍යාගයන් නිතරම දිරිමත් ගැන්වෙන අතර, අවම වශයෙන් 2.5%ක් හෝ ගෙවන zසකාත් නම් බදු එකතු කිරීමෙන් අවශ්‍යතාව ඇති අයට ඛෙදා දෙනු ලැබේ.

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වෙනත් එදිනෙදා භාවිතයට ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගෙන, මුදල් අපතේ යැවීම හා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම ඉස්ලාමය ප්‍රිය නොකරයි.


‘අතිරේක දෑ (ලබාගෙන) අපතේ නොයවන්න. කිමද යත් අල්ලාහ් අපතේ යවන්නන්ව ප්‍රිය නොකරයි.’
(අල්කුර්ආන් 6:141)

මිනිසා ඔහුගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින්, නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුලින් අල්ලාහ් හා ඔහුගේ ධර්මයට සමීපවීමටත් මේ පරිසරයෙන් ප්‍රයෝජන ගත යුතුයි.

සිත් ගන්නා සුළු ඒ සංකල්ප වෙතට මිනිසුන්ව කැඳවන්නේ කෙලෙසද?

අවබෝධයක් සමඟ ඇතිවන විශ්වාසයෙන් මේ කරා ජනයා යොමු වීම ඉතා පහසුය. ඉස්ලාමය කිසිවක් අන්ධ ලෙස පිළිපදින්නට අණ නොකරන අතර, අල්ලාහ් හා ඔහුගේ ධර්මයේ සත්‍යතාවය අවබෝධ කර ගැනීමට මිනිස් ජීවිතය හා පරිසරය දෙස තීක්ෂණව බැලීමට එය ඇරයුම් කරයි. එලෙස ලබා ගන්නා ස්ථාවර දැනුමත්, ඒ තුලින් ඇති වන්නා වූ විශ්වාසයත් සැබෑ මුස්ලිම්වරයෙකුගේ ජීවිතයට වැදගත් වෙනසක් ඇති කරන්නට තරම් ප්‍රබලය. එම විශ්වාසය හා අවබෝධය ඉහත කී සංකල්පයට අවනත වීමට මිනිසාව පොළඹවන්නේය.

ස්වභාව ධර්මය ගැන ඉස්ලාමීය සංකල්පය

ස්වභාවික පරිසරය වූ කලී, සර්ව බලධාරී අල්ලාහ්ගේ අතිවිශිෂ්ට මැවීමක් වන අතර, එහි කුඩාම පරමාණුවේ පටන් අභ්‍යවකාශය වන තෙක් සියල්ලේම පාලනය ඔහු සතුය. ඒ සියල්ල අල්ලාහ්ගේ අණට කීකරුව වඩාත් සමබර විදිමත් ක්‍රමයකින් ක්‍රියාත්මක වෙයි. අල්ලාහ්ගේ ප්‍රඥාවත් දැනුමට අනුව, ඒ සියල්ල යම් අරමුණකින් මෙලොවට මවා ඇති අතර, එකින් එක අතර පවතින බැඳීමද, ඔහු නියම කළ ක්‍රමයට සිදුවෙයි. මෙම විශ්වයේ ඇති සියලූ දෑ අල්ලාහ්ට අවනතව ඔහුගේ අණට අනුව ක්‍රියාකරමින්, ඒවාට ආවේනික වූ ක්‍රමවලින් ඔහුට ප්‍රශංසා කරන බව ඉස්ලාමය විශ්වාස කරයි.

පෘථීවිය මවා ඇත්තේ කවුරුන් වෙනුවෙන්ද?

මිනිසුන්, සතුන් ඇතුළු සියලූ ජීවීන් වෙනුවෙන් පෘථීවිය මවා ඇත.
“මේ පෘථීවියේ වෙසෙන සතුන්ද, අත්තටුවලින් පියාඹන කුරුල්ලන්ද ඔබ ලෙසින්ම සමූහවලින් තොර නොවෙති. ග්‍රන්ථයෙන් කිසිවක් ඉවත් නොකෙරුණ අතර (ඔවුන්) අවසානයේ තම දෙවියන් වෙත එක්රැස් වන්නෝය.” (අල්කුර්ආන් 6:38)

අල්ලාහ් තමන් මැවූ සියලූම මැවීම්වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර ඒවායේ පැවැත්මට අවශ්‍ය දැනුමද ලබා දෙන්නේය. ඒ අතරින් මිනිසා අල්ලාහ්ගේ උසස්ම මැවීම ලෙස ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් වෙයි.

දෙවියන් හා මිනිසා අතර ඇති සබැඳියාව කුමක්ද?

අනෙකුත් මැවීම් මෙන් නොව, මිනිසාට හොඳ නරක අවබෝධ කරගැනීමටත්, ඒ තුලින් අල්ලාහ්ගේ අණට කීකරුවීමට වැදගත්කමක් දෙමින් ජීවත්වීමටත් තරම් ශක්තියකින් හා දැනුමකින් යුක්තව මිනිසාව මවා තිබීම ඔහුව දෙවියන්ගේ උසස්ම මැවීම බවට පත් කරන්නේය. ස්වභාවයෙන්ම දෙවියන්ට අවනත වීමේ සූදානමක් මිනිසා තුළ තිබුණත්, ඔහු සතු නිදහස් චින්තනය ඇතැම් විට එයට පටහැනිව ක්‍රියා කරන අතර, මෙම නිදහස් චින්තනය ඔහුට මෙලොව ජීවිතයේ පරීක්ෂණයක් ලෙසින්ම අල්ලාහ් විසින් ලබාදෙන ලදී.

මිනිසා පෘථීවියේදී අල්ලාහ්ගේ නියෝජිතයාය

මෙලොවදී අල්ලාහ්ගේ අණට කීකරුව පෘථීවියේ ජීවත්වීමට හා එහි පැවැත්මට සර්ව බලධාරී අල්ලාහ්තආලා විසින් මිනිසාව පෘථීවියේ තම නියෝජිතයා ලෙස මැව්වේය. සතුන්, ශාඛ වැනි අල්ලාහ්ගේ මැවීම් මිනිසාගේ බලතල මත පවරා දී ඇති අතර, අල්ලාහ්ගේ සීමා මායිම් තුළ ඒවා සිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසාට අවසර ලැබී ඇත.

“ඒ, ඔහු (දෙවියන්) ඔබව, මෙලොව ඔහුගේ නියෝජිතයා ලෙසට පත් කළේය. ඔබ අතරෙන් ඇතැමෙක්ව ඔහු උසස් කළේය. ඒ ඔබට ලබාදුන් දේ මත ඔබව පරීක්ෂා කිරීමටයි. ඇත්තෙන්ම ඔබේ දෙවියන් (වන අල්ලාහ්) කඩිනම්ව දඬුවම් ලබාදෙයි. එමෙන්ම ඔහු සැනකින් ක්ෂමාව දෙන්නාය. මහා කාරුණිකය.” (අල්කුර්ආන් 6:165)

බොහෝ අවස්ථාවල වගකීම් රහිත වීම නිසා අසාධාරණකම් සිදුවේ. එයට විසඳුම කුමක්ද?
සෑම මිනිසෙකුම අල්ලාහ් ඉදිරියේ වගකිවයුතු බව මුස්ලිම්වරු විශ්වාස කරති. මෙලොවදී කරන සෑම ක්‍රියාවකටම ඵලවිපාක තිඛෙන බවත්, විනිශ්චය දිනයේදී අල්ලාහ් සියලූම ක්‍රියාවන් විභාග කරන බවත් විශ්වාස කරති. එහි පළමු පියවර වශයෙන් මෙලොවදී සෑම ක්‍රියාවකටම යහඵලයක් හෝ දඬුවමක් අල්ලාහ් ලබාදෙයි. මිනිසා සතු චින්තන නිදහස හේතුවෙන් වැරදි ක්‍රියාවලට පෙළඹෙන අතර ඒ සඳහා වන දඬුවමින් කොටසක් අල්ලාහ් මෙලොවදීම ලබාදෙයි. අල්ලාහ් මිනිසුන්ට දඬුවම් කිරීමට පෙර තම ධර්මය වෙතට ළඟා වීමට අවස්ථාවක් ලබාදෙයි.

“පොළවේ හා සාගරයේ පීඩකයන් වැඩි වී ඇත්තේ, එය මිනිසා උපයාගත් නිසාය. (අල්ලාහ්) ඔවුන්ගේ ඇතැම් ක්‍රියාවලට ඔවුන්ව පරීක්ෂා කරනු ඇත. ඒ ඔවුන් ආපසු ඔහු වෙත සමීප වනු පිණිසය.” (අල්කුර්ආන් 30:41)

“සෑම අලාභයක්ම (අකටයුත්තකම) ඔබ උපයාගත් දෙයෙහි ඵලවිපාකය ඉන් බොහොමයකට ඔහු ක්ෂමාව දෙනු ඇත.” (අල්කුර්ආන් 42:30)

එහෙයින් අලාභයක් හෝ පීඩනයක් ලෙස පැමිණෙන දඬුවම් විශ්වාසයේ පරීක්ෂාවන්ය. ඒ අප අපගේ ජීවිත දෙස තීක්ෂණව බලා එහි වැරදි අවබෝධ කරගෙන, අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව අයැද අල්ලාහ් දෙසට සමීප විය යුතු නිසාය.

විනිශ්චය දිනය

මෙලොව උපත ලබන සියලූම ජීවීන් මරණයට පත්වන අතර, යළි පණදෙනු ලැබුව විනිශ්චය දිනයේදී විභාග කරන බව මුස්ලිම්වරු විශ්වාස කරති. මිනිසුන් මෙලොවදී ගෙවූ ජීවිතයේ සෑම දෙයක් ගැනම එහි දී විභාග කෙරෙන අතර, මෙලොවදී සත්‍ය අනුගමනය කරමින් යහපත් ජීවිතයක් ගෙවූ අය ස්වර්ගයටත්, අයහපත් ජීවිතයක් ගෙවූ අය නිරයටත් ඇතුල් කරනු ලැබේ.

මේ විශ්වාසය තිඛෙන්නා වූ මුස්ලිම්වරුන් සිය එදිනෙදා ජීවිතයේ ක්‍රියා කිරීමේදී, ඉස්ලාමීය නීතියට අනුව ක්‍රියා කිරීමට උත්සුක වෙති. ඉස්ලාමීය රාජ්‍යයක් නම් ඉස්ලාමීය නීතියට අනුව පොදු දඬුවම්ද එහි ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සමාජයේ සිදුවිය හැකි අපරාධ හා අයහපත් ක්‍රියා අවම කිරීමටයි.

මුස්ලිම්වරුන්ට තම මරණය ගැන සිහිපත් කිරීමට ඉස්ලාම් ධර්මය උත්සුක කරවයි. මුහම්මද් තුමා දිනකට විසිවතාවක් පමණ මරණය සිහිපත් කළේය. ලෞකික ජීවිතය අමතක කළ යුතු යැයි මින් අදහස් නොකෙරේ. එහෙත් එලෙස මරණය සිහිපත් කිරීමෙන් සදාකාලික ජීවිතයක් වූ පරලොව ජීවිතයට මෙලොව ජීවිතය සූදානම් කිරීමේ මහඟු කාර්ය අපට අමතක වන්නේ නැත.

නබි තුමාණන් මෙසේ පැවසීය.
“ඔබ, හෙට මරණයට පත්වනු ඇතැයි සිතා, පරලොවට සූදානම් වන්න. ඔබ සදාකල් මෙලොව ජීවත් වනු ඇතැයි සිතා මෙලොව ජීවිතයට සූදානම් වන්න.”

මෙලොවදී සියලූ සැපසම්පත් ලබා ගැනීමට මුස්ලිම්වරු උත්සුක නොවෙති. ඉස්ලාම් ධර්මය, මුස්ලිම්වරුන්ට සිය අවශ්‍යතාවයට අනුව, එහෙත් අධික ආශාවන්ට ඉඩ නොදී ක්‍රියා කිරීමට පොළඹවයි. අල්ලාහ්ගේ අණට කීකරුව කටයුතු කරන මුස්ලිම්වරු එහි එක් අංශයක් ලෙසින් ස්වභාවික පරිසරයට අදාල ඉහත කී කරුණු ගැනද සැලකිලිමත් වෙති. එහෙයින් සියලූම අභියෝග හමුවේ නොසැලී, අල්ලාහ්ගේ අණට කීකරුව ක්‍රියාත්මක වීමට, ඔවුන් උත්සුක වෙති.

“මෙම ලෝකය සදාකාලික නොවේ. එහෙත් අපගේ ආත්මය සදාකාලිකය.”

ස්තුති:WAMY-SRI LANKA

ඉස්ලාමයේ කාන්තාව

පවත්නා ආකල්පයෙන් ඔබ්බට ගොස් දර්ශණයකින් මුස්ලිම් කාන්තාවන් ගැන හිතන කල ඔබට මොනවද හැඟෙන්නේ?

ගුප්ත තිරයකට මුවාවූ,
පුරුෂ පක්ෂයේ පීඩාවට ගොදුරු වූ,
බටහිර ලෝකයෙන් තම නිදහස හා මුදවා ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්නියක්ද?

ඔබට මුස්ලිම් සමාජය හා බැඳීමක් නොමැති නම් මුස්ලිම් කාන්තාව ගැන ඔබට ලැඛෙනුයේ මාධ්‍ය විසින් ප්‍රචලිත කළා වූද, සැබෑ තත්වයෙන් බොහෝ දුරස් වූද, ඍණාත්මක ප්‍රතිරුවකි. එම ප්‍රචාරයන් – අධික පිරිසක් ආකර්ෂණය කර ගැනීම, නිෂ්පාදන අලෙවිය හෝ දේශපාලන පක්ෂපාතී බව අරමුණු කරගෙන සැලසුම් කළ ඒවාය.

ඇත්තෙන්ම නැත. එහෙම ආකල්පයක් තියෙන්නේ. මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් ධර්මයෙන් හිමි වන තැන ගැන අවබෝධයක් නැති නිසයි.

මුළු ලෝක ජනගහණයෙන් 20-25%ක් මුස්ලිම්වරුන් ඒ වගේම යුරෝපයේ දෙවන ප්‍රධාන ආගම, ඉස්ලාම් ධර්මයයි. එමෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ ඉස්ලාමය වැළඳ ගන්නා අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් බව ඔබ දන්නවාද? එමෙන්ම බටහිර රටවල්වල කාන්තාවන් පීඩනයට ලක් වූ පිරිසක් ලෙසින් ඔවුනට මුස්ලිම් කාන්තාවන් අනුකම්පා සහගත වන බව ඔබ දන්නවාද? බටහිර රටවල් වෙත යන මුස්ලිම් කාන්තාවන් තම අනන්‍යතාවය රැක ගන්නටත් තම දරුවන්ට එය ලබාදීමටත් උත්සුක වන්නේ ඇයි දැයි ඔබ සිතා බැලූවේද? සමහර මාධ්‍යවලින් ප්‍රචලිත කරන්නාක් මෙන්, ඉස්ලාම් ධර්මය කාන්තාවට අයුක්තියක් කරමින් ඇයව පීඩාවට ලක් කරන්නේ නම්, ඉන් මිදී යෑම සිදුවිය යුතු නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව ඉස්ලාම් ධර්මය වෙතට ඔවුන් ආකර්ශණය වෙන්නේ ඇයි දැයි මොහොතකට සිතා බැලූවේද?

සමාජයේ පවත්නා ඒකාකාරී ආකල්පයෙන් ඔබ්බට ගොස් නූතන යුගයේ උගත් කාන්තාවට ඉස්ලාමය ලබාදෙන තැනත්, විවිධ සමාජ මට්ටම්වල බොහෝ කාන්තාවන් හා පිරිමින්ද ඉස්ලාමය පිළිගැනීමට හේතුවත් මදක් විමසා බලමු.

ශුද්ධ වූ අල්කුර්ආනයේ හා මුහම්මද් තුමාගේ ’හදීස්’ (එතුමාගේ ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) වල කාන්තාව ගැන ධනාත්මක විස්තරයක් අඩංගු වේ. කාන්තාවන්ට නිසි තැන ලබා දෙමින්, නිතරම පිරිමින් සමඟ සමීපව සඳහන් වන හා විශ්වාසයේ සහකරුවන් හා මිත්‍රයින් ලෙස කාන්තාවන් ගැන සඳහන් වන එකම ධර්ම ග්‍රන්ථය ශුද්ධ වූ අල්කුර්ආනයයි.

මේ එවැනි උදාහරණ කිහිපයක්……..

’විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්, මිතුරන් ලෙසින් එකිනෙකාව ආරක්ෂා කරති. නිවැරදි දේ කිරීමටත්, වරදින් මිදීමටත් පොළඹවති. සලාතය (නැමදුම්) ඉටුකරති. zසකාත් (වාර්ෂික දන්දීම) ලබා දෙති. ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වෙති. ඔවුනට අල්ලාහ් කරුණාබර වෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. ප්‍රඥාවන්තයාය. විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ට අල්ලාහ්, පහළින් ගංගා ගලන්නා වූ ස්වර්ගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඔවුන් එහි සදාකල් ජීවත් වෙති. එහි උද්‍යානවල ඇති අලංකාරවත් මන්දිර සදාකාලික සතුටකින් යුතුය. අල්ලාහ්ගේ සතුටට භාජනය වීම ඊට වඩා උසස් වන අතර, එයම විජයග්‍රහණය වේ.’
(අල්කුර්ආන් 91:71-72)

’ඇත්ත වශයෙන්ම අල්ලාහ්ට යටහත් පහත් වූ පිරිමින් හා කාන්තාවන්ද, විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ද, අවනත වන පිරිමින් හා කාන්තාවන්ද, සත්‍ය කථා කරන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, ඉවසිලිවන්ත පිරිමින් හා කාන්තාවන්ද, භක්තිමත් හා නිහතමානී පිරිමින් හා කාන්තාවන්ද, දන් දෙන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, උපවාසයේ යෙදෙන පිරිමින් හා කාන්තාවන්ද, තම පවිත්‍රතාව රැකගන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, අල්ලාහ්ව නිතරම සිහිපත් කරන පිරිමින් හා කාන්තාවන්ද, ඔවුනට අල්ලාහ් ක‍ෂමාව හා උසස් වූ දීමනාවක් සකසා ඇත.’ (අල්කුර්ආන් 33:35)

බලය වෙනුවෙන් පිරිමින් හා කාන්තාවන් ඉතිහාසගත ගැටුමක නිරත වීමක් ඉස්ලාමයේ නැත. ඒ දෙපිරිසගේම දායකත්වය අත්‍යවශ්‍යය.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

’කිසිදු මුස්ලිම්වරයෙක්, මුස්ලිම් කාන්තාවක් ගැන අයහපත් හැඟීමක් ඇති කර නොගත යුතුයි. ඈ තුළ ඔහු පිළිකුල් කරන එක් ගුණාංගයක් ඇත්නම් ඔහු ප්‍රිය කරන තවත් ගුණාංගයක් ඇගෙන් දකිනු ඇත. විශ්වාසවන්තයින් අතර හොඳම තැනැත්තා, සිය බිරිඳට හා පවුලේ අයට හොඳින් සලකන්නාය.’

සෙසු ධර්මයන්හි කාන්තාවට හිමි තැන

පෙර කී දේව ධර්මය එය පහළ වූ වකවානුවේ අරාබි හා අරාබි නොවන ජනයාට මහඟු විප්ලවයක් විය. මුස්ලිම් දරුවන්ට සිය මවගේ දෙපා මුල ස්වර්ගය තිඛෙන බව ඉස්ලාමය පවසන කල, චීනයේ කන්ෆූෂස් දර්ශණයෙන් කාන්තාවට පළමුව සිය පියාටත්, අනතුරුව ස්වාමි පුරුෂයාටත්, ඔහුගේ වියෝවෙන් පසු පුතාටත් අවනත වන ලෙස පවසා ඇත. කාන්තාවන් ස්වාධිපත්‍යයට නුසුදුසු බවත්, ස්වභාවයෙන්ම දුර්වල බවත්, පහසුවෙන්ම නොමග යන බවත්, අනුවණක්කාර බවත් හින්දු දහමේ මතයයි. කලක් යුදෙව් හා ක්‍රිස්තියානිවරුන් කාන්තාව දෙස බැලූවේ මානව වර්ගයාගේ පිරිහීමට හේතුව ලෙසයි. ඔසප්වීම හා දරු ප්‍රසූතිය දේව ශාපයක් නිසා සිදුවන බව ඔවුන් විශ්වාස කරති.

මුහම්මද් තුමාගෙන් වසර දහසකට පසු 1586දී, ප්‍රංශ කතෝලිකවරු, කාන්තාවට ආත්මයක් තිබේද නැද්ද යන්න ගැන වාද කළහ. ඇතැම් ක්‍රිස්තියානිවරු යක්ෂයින් ආවේෂ වී ඇතැයි කාන්තාවන්ව පණපිටින් පුළුස්සා දැමූහ. යුරෝපයේ විවාහක කාන්තාවට දේපළ අයිතිය හා දික්කසාද වීමේ අයිතිය දහනමවන ශතවර්ෂය වනතුරු ලබාගත නොහැකි විය. එවැනි තත්වයක් මත, යුක්තිය සොයා ඔවුන් සටන් කිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.

ඉස්ලාමයේ සමාජ ක්‍රමය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනියි. වඩාත් සාර්ථක සමාජ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ මුහම්මද් තුමාණන්, පීඩිත, දුර්වල ජනයාගේ අයිතිවාසිකම් ඔවුනට ලබාදීමට සමත් විය. කාන්තාව සම්බන්ධයෙන් ඇති අල්කුර්ආනයේ වාක්‍යයන් ඒවා පහළ වූ වකවානුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබා දීමට මෙන්ම, සමාජ ක්‍රමය හැඩ ගැස්වීමටද පදනම් විය. දේපළ සම්බන්ධ අයිතිවාසිකම්ද, විවාහය, දික්කසාදය මෙන්ම අධ්‍යාපනය ලබා ගැනීමටත් ඔවුනට හිමි අයිතිවාසිකම් එලෙසින්ම හිමිවිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල, පීඩනයට ලක්වී සිටින කාන්තාවන් මෙන් නොව, ඉස්ලාමය ආරම්භක යුගයේ කාන්තාවන් සිය අධ්‍යාපනය හා නිපුණත්වයන් හේතුවෙන් පැසසුමට ලක් වූවන්ය. මුහම්මද් තුමාණන් ප්‍රකාශ කල පරිදි ’දැනුම ලැබීම සියලූම මුස්ලිම්වරුන්ගේ යුතුකමකි.¶ එතුමාණන්ගේ බිරිඳ ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ දයාව අත්වේවා) නබි තුමාගේ ප්‍රකාශයන් දහස් ගණනින් ධාරණය කොට ඊළඟ පරම්පරාවට තිළිණ කළ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කිවිඳියක් වූ ඇය වෙද හා ඉස්ලාමීය නීතිය යනාදී ක්ෂේත්‍රයන්හිද ගැඹුරු දැනුමක් තිබුණු තැනැත්තියකි. සිය පෞද්ගලික ගුණාංග තුළින් යහපත් පෞරුෂත්වයක් හෙබ වූ තැනැත්තියකි. නබි තුමාණන්ගේ අභාවයෙන් පසු ඇය යුද්ධයක නායකත්වය දැරීම ගැනද කවුරුත් විරුද්ධත්වය පළ කළේ නැත. මධ්‍යම යුගයේ බොහෝ කාන්තාවන් උගත් හා ආගමික බලතල හිමි අය ලෙස ගෞරවපූර්වකව සමාජය විසින් පිළිගනු ලැබිණි. එහෙයින් ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක කිරීමෙන්, ඔවුන් තමන්ට හිමි තැන ලබා ගැනීමට උත්සුක කරනවා මිස, ඇතැම් අන් ආගම්වල වූවා මෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් නොවෙති. ඉස්ලාමයට පෙර හා අද මුස්ලිම් කාන්තාවට තමන්ට හිමි අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි එකම බාධාව, ඉස්ලාමීය නොවන සංස්කෘතීන් හා සිරිත් විරිත්වල බලපෑම, ආගමික දැනුම මදිකම හා ස්වභාවයෙන්ම මිනිසා සතු අයහපත් පැතිකඩ ඉස්මතු වෙයි.

පිරිමි හා කාන්තාවන්ට අදාල ආචාරධර්ම හා සම්බන්ධ නීතිරීති

සමාජයේ හා පවුල් සංස්ථාවේ සදාචාරය රැක ගැනීමට, මුස්ලිම් කාන්තාවන්ට හා පිරිමින්ට සමහර ආචාරධර්ම හා නීතිරීති ඉස්ලාමය පනවා ඇති අතර, ඇතැම් විට බටහිර ජාතිකයින්ට එය පීඩනයක් ලෙස පෙනෙනු ඇත. දෙපිරිසට ආකර්ශණීය බවෙන් තොර, සිරුරට තද නොවන ඇඳුම් ඇඳිය යුතු අතර, විරුද්ධ ලිංගිකයින් සමඟ අසම්මත හැසිරීම්වල නිරත වීම ඇති අවස්ථාවන් වැළැක්විය යුතුය. අධික ආකර්ණයකින් යුතු හෙයින්, කාන්තාවන් තම හිසද ආවරණය කිරීම අනිවාර්්‍ය වේ. නිවසින් බැහැරව යන විට මෙය අනිවාර්්‍ය වන්නේ කාන්තාවගේ ගෞරවය රැක ගැනීම උදෙසාය. අද සමාජයේ වෙළඳ භාණ්ඩයක් ලෙසින් කාන්තාවන්ව අසභ්‍ය ලෙස යොදාගෙන තිබීම හේතුවෙන්, ඔවුන් ලිංගික අපචාරවලට ලක්වනවා පමණක් නොව ඔවුන්ගේ පවුල් ජීවිත අඩපණ වී ආධ්‍යාත්මික ජීවිතය නිමාව දැක තිබීම කණගාටුවට කරුණකි.

ඉස්ලාමය වත්මන් කාන්තාවන්ට පවසන්නේ කුමක්ද?

කාන්තාවන් තම ස්ත්‍රීභාවය අගේ කරමින්, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන්, උසස් චරිතයකට හිමිකම් කියන්නට සූදානමින්, පවුල් සංස්ථාව නොසලකා නොහැර යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් හා සමබර ලෞකික ජීවිතයකට ප්‍රිය කරන්නේ නම් ඇයට හිමි එකම මග පෙන්වීම ඉස්ලාමයයි.

කාන්තාවගේ අයිතිවාසිකම්, යුතුකම් හා ඇගේ දායකත්වය

පෙර සඳහන් වූ කුර්ආනීය පාඨයේ පැවසෙන ආකාරයට කාන්තාවට ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා සමතැනක් ලැඛෙන අතර, ආගමික යුතුකම්ද දෙපිරිසටම සමාන වේ. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ, මුස්ලිම්වරුන් දෙවියන්ට සේවය කිරීම, ඔවුන්ගේ පළමුහම්මද් තුමා යුතුකම ලෙස සලකන නිසාත්, මෙලොව ජීවිතය තාවකාලික එකක් වන අතර, පරලොව ජීවිතය තීරණය කරන්නා වූ පරීක්ෂණයක් ලෙස දකින නිසාත්ය. එහෙයින් පරලොව ජීවිතය අරමුණු කර ගන්නා වූ මුස්ලිම්වරයෙකුට මෙලොව ජීවිතයේ ධනය, බලය, ප්‍රසිද්ධිය ගැන එතරම් තැකීමක් නැත. ශ=ද්ධ වූ අල්කුර්ආනය මෙලොව ජීවිතය ගැන විග්‍රහ කරන්නේ කෙටි හා අස්ථාවර තැනක් ලෙසයි. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ අපගේ චරිතය, අන් අය සමඟ හැසිරෙන ආකාරය හා දෙවියන්ගේ දායාදයන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයයි. ඒ සඳහා පවුල් සංස්ථාව සතුව වැදගත් කාර්්‍යභාරයක් තිඛෙන අතර, ස්ථාවර පවුලක, යහපත් ආකාරයෙන් හැදෙන වැඩෙන දරුවන්, ධර්මයේ පදනම වන විශ්වාසය ඒ ආකාරයෙන්ම ඊළඟ පරම්පරාවට රැගෙන යන භාරකරුවන්ය. ප්‍රසිද්ධ අරාබි ප්‍රස්ථාපිරුළක මෙසේ සඳහන් වෙයි.
’මෑණියන් වූ කලී එක් පාඨශාලාවකි’

ඉස්ලාමීය සංකල්පයට අනුව, මවට නිවසේ වගකීම භාරව තිඛෙන අතර, පවුල නඩත්තු කිරීමට අවශ්‍ය ආර්ථීක පසුබිම සැකසීම පියාගේ වගකීම වුවද, මාතෘත්වය හා ගෘහ පාලනය නොවැදගත් ලෙස හෝ අඩු කුසල් හිමි ක්‍රියාවන් ලෙස හෝ ඉස්ලාමය පිළිනොගනියි. ඇත්ත වශයෙන්ම මාතෘත්වය සතුව සමාජයේ නගා සිටුවීමට වැදගත් දායකත්වයක් ඇත්තේ, පවුල් සංස්ථාවක ස්ථාවරකිය හා යහපත් දරුවන් හදා වඩා ගැනීමේ මහඟු වගකීම ඇය සතුවන නිසාය. පවුලේ නඩත්තුවට මුදල් ඉපැයීම සඳහා කාන්තාව යොමු වීම මාතෘත්වයේ සැබෑ වගකීම් ගිලිහී යාමට හේතුවන අතර, ඒ හේතුවෙන් පවුල් සංස්ථාවේ ස්ථාවරබව අහිමි වෙයි. බටහිර රටවල්වල කාන්තාවන් මාතෘත්වය පිළිබඳ සංකල්පයෙන් ඈත් වී මුදල් උපයන යන්ත්‍ර බවට පත් වී ඇත්තේ, නිවසේදී හා සේවා ස්ථානවල ලිංගික අපචාරවලටද ලක්වෙමිනි. එහෙත් පවුලේ නඩත්තුවට ඇගෙන් ලැඛෙන්නා වූ දායකත්වය ඔවුන්ගේම සංස්කෘතිය තුල පැසසුමට ලක් නොවීම කණගාටුවට කරුණකි. ඉස්ලාමය කාන්තාවට උසස් අධ්‍යාපනය ලබා ගැනීමටත්, සිය මූලික වගකීම් ඉටුකිරීමෙන් අනතුරුව, සමාජයේ ප්‍රයෝජනය උදෙසා කටයුතු කිරීමටත් අවකාශය සලසා දී ඇත. මුස්ලිම් කාන්තාවක් උපයන දෑ ඈ සතුවන අතර, පවුලේ නඩත්තුවට අවශ්‍ය වියදම් දැරීම පුරුෂයින්ගේ වගකීමේම පවතියි.

ඉස්ලාමයේ විවාහය

සිය දරුවන්්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාදීම දෙමාපියන්ගේ වගකීම වන අතර, විවාහ වන දෙදෙනාටම, එයට එකඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ නිදහස තිබේ. සිය කැමැත්තෙන් තොරව විවාහ වූ ඇතැම් තරුණියන්ට එම විවාහයෙන් මිදීමට නබි තුමාණන් අවසර දුන්නේය.

ආදරය හා කරුණාව මෙන්ම අන්‍යොන්‍ය අවබෝධය මත පදනම් වූ සම්බන්ධතාවයක් ලෙස ඉස්ලාමය අඹු-සැමි සම්බන්ධතාවය විග්‍රහ කරයි. අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි:
’ඔහුගේ සළකුණු අතර ඔබට ඔබ තුළින්ම සහකාරියක් මැව්වේය. ඒ ඔවුන් මත සාමයේ රැඳී ඉන්නට, (එමෙන්ම) ඔහු ඔබලා අත්රු (හදවත් තුළ) එකිනෙකා කෙරෙහි ආදරය හා කරුණාව ඇති කළේය. චින්තනයට ඉඩ දෙන්නන්ට එහි සලකුණු ඇත.’

ස්ථාවර හා ආදරයෙන් යුත් පවුලක් ගොඩනැගීමේ වගකීම සැමියා හා බිරිඳ යන දෙදෙනා සතුවම පවතියි. පවුලේ මූලිකත්වය දරන ස්වාමියා සතුව තීරණය ගැනීමේ අයිතිය තිඛෙන අතර, ඒ සඳහා බිරිඳගේ අදහස් විමසීම, ඇගේ අදහස්වලට සවන්දීමද ඔහු විසින් කල යුතුය. ආගමික නීතියට පටහැනි දෙයක් කරන්නට අණ නොකරන තුරු, බිරිඳ ඔහුට සහාය දැක්වීම අවශ්‍ය වන්නේය. මේ සඳහා දෙදෙනාම අවබෝධයෙන්, එකිනෙකාට හිමි ගෞරවය ලබා දෙමින්, කරුණාවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුය.

ඉස්ලාමයේ බහුභාර්යා සංකල්පය

මුස්ලිම් පිරිමින්ට කාන්තාවන් හතර දෙනෙකු හා විවාහ වීමට අනුමැතිය ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් එලෙස විවාහ වන කල සියලූම හා භාර්්‍යාවන්ට එක හා සමානව සැලකීම අත්‍යවශ්‍ය බවත්, කාන්තාවකට සිය සැමියා දෙවන විවාහයක් කරගත්තේ නම් දික්කසාද වීමේ කොන්දේසියක් විවාහ ගිවිසුමේ සඳහන් කිරීමට අයිතියක් තිඛෙන බවත් බොහෝ දෙනා නොදනිති.

සෑම සමාජයකම පිරිමින් හා කාන්තාවන් අතර අයථා සම්බන්ධතා, ගණිකා සේවනය වැනි දේ පවතියි. එය සමාජයේ පැවැත්මට හානිකර නිසා මෙන්ම, කාන්තාවන්ව හා ළමයින්ව අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීමට, ඉස්ලාමය මෙවැනි බහුභාර්්‍යා නීතියක් සකසා ඇත. බිරිඳට දරුවෙකු ප්‍රසූත කිරීමට නොහැකි නම්, ඇය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙයි නම්, යුද්ධ නිසා හෝ වෙනත් හේතු නිසා වැන්දඹුවන් හා අනාථයින් සිටියි නම් හෝ අසාර්ථක විවාහ ජීවිතයක් හමුවේත් ඒ විවාහයේම රැඳී සිටීමට භාර්්‍යාවට අවශ්‍ය නම්, බහු භාර්්‍යා සංකල්පය මේවාට විසඳුමකි.

මුහම්මද් තුමා ප්‍රථමයෙන් විවාහ වූ, කදීජා තුමිය සමඟ වසර 25ක විවාහ ජීවිතයක් ගෙවූ අතර, එම කාලය තුළ වෙනත් විවාහයක් කරගත්තේ නැත. ඇගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා කාන්තාවන් කිිහිප දෙනෙකු විවාහ කර ගත්තේය. එතුමාගේ පවුල් සංස්ථාව, ආදරය, කරුණාව, ගෞරවය හා කැපවීම මත ගොඩනැගුණකි.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

ස්තුති  WAMY SRI LANKA

Post Navigation

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: