සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

ඉස්ලාමයේ කාන්තාව

පවත්නා ආකල්පයෙන් ඔබ්බට ගොස් දර්ශණයකින් මුස්ලිම් කාන්තාවන් ගැන හිතන කල ඔබට මොනවද හැඟෙන්නේ?

ගුප්ත තිරයකට මුවාවූ,
පුරුෂ පක්ෂයේ පීඩාවට ගොදුරු වූ,
බටහිර ලෝකයෙන් තම නිදහස හා මුදවා ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්නියක්ද?

ඔබට මුස්ලිම් සමාජය හා බැඳීමක් නොමැති නම් මුස්ලිම් කාන්තාව ගැන ඔබට ලැඛෙනුයේ මාධ්‍ය විසින් ප්‍රචලිත කළා වූද, සැබෑ තත්වයෙන් බොහෝ දුරස් වූද, ඍණාත්මක ප්‍රතිරුවකි. එම ප්‍රචාරයන් – අධික පිරිසක් ආකර්ෂණය කර ගැනීම, නිෂ්පාදන අලෙවිය හෝ දේශපාලන පක්ෂපාතී බව අරමුණු කරගෙන සැලසුම් කළ ඒවාය.

ඇත්තෙන්ම නැත. එහෙම ආකල්පයක් තියෙන්නේ. මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් ධර්මයෙන් හිමි වන තැන ගැන අවබෝධයක් නැති නිසයි.

මුළු ලෝක ජනගහණයෙන් 20-25%ක් මුස්ලිම්වරුන් ඒ වගේම යුරෝපයේ දෙවන ප්‍රධාන ආගම, ඉස්ලාම් ධර්මයයි. එමෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ ඉස්ලාමය වැළඳ ගන්නා අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් බව ඔබ දන්නවාද? එමෙන්ම බටහිර රටවල්වල කාන්තාවන් පීඩනයට ලක් වූ පිරිසක් ලෙසින් ඔවුනට මුස්ලිම් කාන්තාවන් අනුකම්පා සහගත වන බව ඔබ දන්නවාද? බටහිර රටවල් වෙත යන මුස්ලිම් කාන්තාවන් තම අනන්‍යතාවය රැක ගන්නටත් තම දරුවන්ට එය ලබාදීමටත් උත්සුක වන්නේ ඇයි දැයි ඔබ සිතා බැලූවේද? සමහර මාධ්‍යවලින් ප්‍රචලිත කරන්නාක් මෙන්, ඉස්ලාම් ධර්මය කාන්තාවට අයුක්තියක් කරමින් ඇයව පීඩාවට ලක් කරන්නේ නම්, ඉන් මිදී යෑම සිදුවිය යුතු නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව ඉස්ලාම් ධර්මය වෙතට ඔවුන් ආකර්ශණය වෙන්නේ ඇයි දැයි මොහොතකට සිතා බැලූවේද?

සමාජයේ පවත්නා ඒකාකාරී ආකල්පයෙන් ඔබ්බට ගොස් නූතන යුගයේ උගත් කාන්තාවට ඉස්ලාමය ලබාදෙන තැනත්, විවිධ සමාජ මට්ටම්වල බොහෝ කාන්තාවන් හා පිරිමින්ද ඉස්ලාමය පිළිගැනීමට හේතුවත් මදක් විමසා බලමු.

ශුද්ධ වූ අල්කුර්ආනයේ හා මුහම්මද් තුමාගේ ’හදීස්’ (එතුමාගේ ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) වල කාන්තාව ගැන ධනාත්මක විස්තරයක් අඩංගු වේ. කාන්තාවන්ට නිසි තැන ලබා දෙමින්, නිතරම පිරිමින් සමඟ සමීපව සඳහන් වන හා විශ්වාසයේ සහකරුවන් හා මිත්‍රයින් ලෙස කාන්තාවන් ගැන සඳහන් වන එකම ධර්ම ග්‍රන්ථය ශුද්ධ වූ අල්කුර්ආනයයි.

මේ එවැනි උදාහරණ කිහිපයක්……..

’විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්, මිතුරන් ලෙසින් එකිනෙකාව ආරක්ෂා කරති. නිවැරදි දේ කිරීමටත්, වරදින් මිදීමටත් පොළඹවති. සලාතය (නැමදුම්) ඉටුකරති. zසකාත් (වාර්ෂික දන්දීම) ලබා දෙති. ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වෙති. ඔවුනට අල්ලාහ් කරුණාබර වෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. ප්‍රඥාවන්තයාය. විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ට අල්ලාහ්, පහළින් ගංගා ගලන්නා වූ ස්වර්ගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඔවුන් එහි සදාකල් ජීවත් වෙති. එහි උද්‍යානවල ඇති අලංකාරවත් මන්දිර සදාකාලික සතුටකින් යුතුය. අල්ලාහ්ගේ සතුටට භාජනය වීම ඊට වඩා උසස් වන අතර, එයම විජයග්‍රහණය වේ.’
(අල්කුර්ආන් 91:71-72)

’ඇත්ත වශයෙන්ම අල්ලාහ්ට යටහත් පහත් වූ පිරිමින් හා කාන්තාවන්ද, විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ද, අවනත වන පිරිමින් හා කාන්තාවන්ද, සත්‍ය කථා කරන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, ඉවසිලිවන්ත පිරිමින් හා කාන්තාවන්ද, භක්තිමත් හා නිහතමානී පිරිමින් හා කාන්තාවන්ද, දන් දෙන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, උපවාසයේ යෙදෙන පිරිමින් හා කාන්තාවන්ද, තම පවිත්‍රතාව රැකගන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, අල්ලාහ්ව නිතරම සිහිපත් කරන පිරිමින් හා කාන්තාවන්ද, ඔවුනට අල්ලාහ් ක‍ෂමාව හා උසස් වූ දීමනාවක් සකසා ඇත.’ (අල්කුර්ආන් 33:35)

බලය වෙනුවෙන් පිරිමින් හා කාන්තාවන් ඉතිහාසගත ගැටුමක නිරත වීමක් ඉස්ලාමයේ නැත. ඒ දෙපිරිසගේම දායකත්වය අත්‍යවශ්‍යය.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

’කිසිදු මුස්ලිම්වරයෙක්, මුස්ලිම් කාන්තාවක් ගැන අයහපත් හැඟීමක් ඇති කර නොගත යුතුයි. ඈ තුළ ඔහු පිළිකුල් කරන එක් ගුණාංගයක් ඇත්නම් ඔහු ප්‍රිය කරන තවත් ගුණාංගයක් ඇගෙන් දකිනු ඇත. විශ්වාසවන්තයින් අතර හොඳම තැනැත්තා, සිය බිරිඳට හා පවුලේ අයට හොඳින් සලකන්නාය.’

සෙසු ධර්මයන්හි කාන්තාවට හිමි තැන

පෙර කී දේව ධර්මය එය පහළ වූ වකවානුවේ අරාබි හා අරාබි නොවන ජනයාට මහඟු විප්ලවයක් විය. මුස්ලිම් දරුවන්ට සිය මවගේ දෙපා මුල ස්වර්ගය තිඛෙන බව ඉස්ලාමය පවසන කල, චීනයේ කන්ෆූෂස් දර්ශණයෙන් කාන්තාවට පළමුව සිය පියාටත්, අනතුරුව ස්වාමි පුරුෂයාටත්, ඔහුගේ වියෝවෙන් පසු පුතාටත් අවනත වන ලෙස පවසා ඇත. කාන්තාවන් ස්වාධිපත්‍යයට නුසුදුසු බවත්, ස්වභාවයෙන්ම දුර්වල බවත්, පහසුවෙන්ම නොමග යන බවත්, අනුවණක්කාර බවත් හින්දු දහමේ මතයයි. කලක් යුදෙව් හා ක්‍රිස්තියානිවරුන් කාන්තාව දෙස බැලූවේ මානව වර්ගයාගේ පිරිහීමට හේතුව ලෙසයි. ඔසප්වීම හා දරු ප්‍රසූතිය දේව ශාපයක් නිසා සිදුවන බව ඔවුන් විශ්වාස කරති.

මුහම්මද් තුමාගෙන් වසර දහසකට පසු 1586දී, ප්‍රංශ කතෝලිකවරු, කාන්තාවට ආත්මයක් තිබේද නැද්ද යන්න ගැන වාද කළහ. ඇතැම් ක්‍රිස්තියානිවරු යක්ෂයින් ආවේෂ වී ඇතැයි කාන්තාවන්ව පණපිටින් පුළුස්සා දැමූහ. යුරෝපයේ විවාහක කාන්තාවට දේපළ අයිතිය හා දික්කසාද වීමේ අයිතිය දහනමවන ශතවර්ෂය වනතුරු ලබාගත නොහැකි විය. එවැනි තත්වයක් මත, යුක්තිය සොයා ඔවුන් සටන් කිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.

ඉස්ලාමයේ සමාජ ක්‍රමය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනියි. වඩාත් සාර්ථක සමාජ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ මුහම්මද් තුමාණන්, පීඩිත, දුර්වල ජනයාගේ අයිතිවාසිකම් ඔවුනට ලබාදීමට සමත් විය. කාන්තාව සම්බන්ධයෙන් ඇති අල්කුර්ආනයේ වාක්‍යයන් ඒවා පහළ වූ වකවානුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබා දීමට මෙන්ම, සමාජ ක්‍රමය හැඩ ගැස්වීමටද පදනම් විය. දේපළ සම්බන්ධ අයිතිවාසිකම්ද, විවාහය, දික්කසාදය මෙන්ම අධ්‍යාපනය ලබා ගැනීමටත් ඔවුනට හිමි අයිතිවාසිකම් එලෙසින්ම හිමිවිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල, පීඩනයට ලක්වී සිටින කාන්තාවන් මෙන් නොව, ඉස්ලාමය ආරම්භක යුගයේ කාන්තාවන් සිය අධ්‍යාපනය හා නිපුණත්වයන් හේතුවෙන් පැසසුමට ලක් වූවන්ය. මුහම්මද් තුමාණන් ප්‍රකාශ කල පරිදි ’දැනුම ලැබීම සියලූම මුස්ලිම්වරුන්ගේ යුතුකමකි.¶ එතුමාණන්ගේ බිරිඳ ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ දයාව අත්වේවා) නබි තුමාගේ ප්‍රකාශයන් දහස් ගණනින් ධාරණය කොට ඊළඟ පරම්පරාවට තිළිණ කළ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කිවිඳියක් වූ ඇය වෙද හා ඉස්ලාමීය නීතිය යනාදී ක්ෂේත්‍රයන්හිද ගැඹුරු දැනුමක් තිබුණු තැනැත්තියකි. සිය පෞද්ගලික ගුණාංග තුළින් යහපත් පෞරුෂත්වයක් හෙබ වූ තැනැත්තියකි. නබි තුමාණන්ගේ අභාවයෙන් පසු ඇය යුද්ධයක නායකත්වය දැරීම ගැනද කවුරුත් විරුද්ධත්වය පළ කළේ නැත. මධ්‍යම යුගයේ බොහෝ කාන්තාවන් උගත් හා ආගමික බලතල හිමි අය ලෙස ගෞරවපූර්වකව සමාජය විසින් පිළිගනු ලැබිණි. එහෙයින් ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක කිරීමෙන්, ඔවුන් තමන්ට හිමි තැන ලබා ගැනීමට උත්සුක කරනවා මිස, ඇතැම් අන් ආගම්වල වූවා මෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් නොවෙති. ඉස්ලාමයට පෙර හා අද මුස්ලිම් කාන්තාවට තමන්ට හිමි අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි එකම බාධාව, ඉස්ලාමීය නොවන සංස්කෘතීන් හා සිරිත් විරිත්වල බලපෑම, ආගමික දැනුම මදිකම හා ස්වභාවයෙන්ම මිනිසා සතු අයහපත් පැතිකඩ ඉස්මතු වෙයි.

පිරිමි හා කාන්තාවන්ට අදාල ආචාරධර්ම හා සම්බන්ධ නීතිරීති

සමාජයේ හා පවුල් සංස්ථාවේ සදාචාරය රැක ගැනීමට, මුස්ලිම් කාන්තාවන්ට හා පිරිමින්ට සමහර ආචාරධර්ම හා නීතිරීති ඉස්ලාමය පනවා ඇති අතර, ඇතැම් විට බටහිර ජාතිකයින්ට එය පීඩනයක් ලෙස පෙනෙනු ඇත. දෙපිරිසට ආකර්ශණීය බවෙන් තොර, සිරුරට තද නොවන ඇඳුම් ඇඳිය යුතු අතර, විරුද්ධ ලිංගිකයින් සමඟ අසම්මත හැසිරීම්වල නිරත වීම ඇති අවස්ථාවන් වැළැක්විය යුතුය. අධික ආකර්ණයකින් යුතු හෙයින්, කාන්තාවන් තම හිසද ආවරණය කිරීම අනිවාර්්‍ය වේ. නිවසින් බැහැරව යන විට මෙය අනිවාර්්‍ය වන්නේ කාන්තාවගේ ගෞරවය රැක ගැනීම උදෙසාය. අද සමාජයේ වෙළඳ භාණ්ඩයක් ලෙසින් කාන්තාවන්ව අසභ්‍ය ලෙස යොදාගෙන තිබීම හේතුවෙන්, ඔවුන් ලිංගික අපචාරවලට ලක්වනවා පමණක් නොව ඔවුන්ගේ පවුල් ජීවිත අඩපණ වී ආධ්‍යාත්මික ජීවිතය නිමාව දැක තිබීම කණගාටුවට කරුණකි.

ඉස්ලාමය වත්මන් කාන්තාවන්ට පවසන්නේ කුමක්ද?

කාන්තාවන් තම ස්ත්‍රීභාවය අගේ කරමින්, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන්, උසස් චරිතයකට හිමිකම් කියන්නට සූදානමින්, පවුල් සංස්ථාව නොසලකා නොහැර යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් හා සමබර ලෞකික ජීවිතයකට ප්‍රිය කරන්නේ නම් ඇයට හිමි එකම මග පෙන්වීම ඉස්ලාමයයි.

කාන්තාවගේ අයිතිවාසිකම්, යුතුකම් හා ඇගේ දායකත්වය

පෙර සඳහන් වූ කුර්ආනීය පාඨයේ පැවසෙන ආකාරයට කාන්තාවට ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා සමතැනක් ලැඛෙන අතර, ආගමික යුතුකම්ද දෙපිරිසටම සමාන වේ. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ, මුස්ලිම්වරුන් දෙවියන්ට සේවය කිරීම, ඔවුන්ගේ පළමුහම්මද් තුමා යුතුකම ලෙස සලකන නිසාත්, මෙලොව ජීවිතය තාවකාලික එකක් වන අතර, පරලොව ජීවිතය තීරණය කරන්නා වූ පරීක්ෂණයක් ලෙස දකින නිසාත්ය. එහෙයින් පරලොව ජීවිතය අරමුණු කර ගන්නා වූ මුස්ලිම්වරයෙකුට මෙලොව ජීවිතයේ ධනය, බලය, ප්‍රසිද්ධිය ගැන එතරම් තැකීමක් නැත. ශ=ද්ධ වූ අල්කුර්ආනය මෙලොව ජීවිතය ගැන විග්‍රහ කරන්නේ කෙටි හා අස්ථාවර තැනක් ලෙසයි. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ අපගේ චරිතය, අන් අය සමඟ හැසිරෙන ආකාරය හා දෙවියන්ගේ දායාදයන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයයි. ඒ සඳහා පවුල් සංස්ථාව සතුව වැදගත් කාර්්‍යභාරයක් තිඛෙන අතර, ස්ථාවර පවුලක, යහපත් ආකාරයෙන් හැදෙන වැඩෙන දරුවන්, ධර්මයේ පදනම වන විශ්වාසය ඒ ආකාරයෙන්ම ඊළඟ පරම්පරාවට රැගෙන යන භාරකරුවන්ය. ප්‍රසිද්ධ අරාබි ප්‍රස්ථාපිරුළක මෙසේ සඳහන් වෙයි.
’මෑණියන් වූ කලී එක් පාඨශාලාවකි’

ඉස්ලාමීය සංකල්පයට අනුව, මවට නිවසේ වගකීම භාරව තිඛෙන අතර, පවුල නඩත්තු කිරීමට අවශ්‍ය ආර්ථීක පසුබිම සැකසීම පියාගේ වගකීම වුවද, මාතෘත්වය හා ගෘහ පාලනය නොවැදගත් ලෙස හෝ අඩු කුසල් හිමි ක්‍රියාවන් ලෙස හෝ ඉස්ලාමය පිළිනොගනියි. ඇත්ත වශයෙන්ම මාතෘත්වය සතුව සමාජයේ නගා සිටුවීමට වැදගත් දායකත්වයක් ඇත්තේ, පවුල් සංස්ථාවක ස්ථාවරකිය හා යහපත් දරුවන් හදා වඩා ගැනීමේ මහඟු වගකීම ඇය සතුවන නිසාය. පවුලේ නඩත්තුවට මුදල් ඉපැයීම සඳහා කාන්තාව යොමු වීම මාතෘත්වයේ සැබෑ වගකීම් ගිලිහී යාමට හේතුවන අතර, ඒ හේතුවෙන් පවුල් සංස්ථාවේ ස්ථාවරබව අහිමි වෙයි. බටහිර රටවල්වල කාන්තාවන් මාතෘත්වය පිළිබඳ සංකල්පයෙන් ඈත් වී මුදල් උපයන යන්ත්‍ර බවට පත් වී ඇත්තේ, නිවසේදී හා සේවා ස්ථානවල ලිංගික අපචාරවලටද ලක්වෙමිනි. එහෙත් පවුලේ නඩත්තුවට ඇගෙන් ලැඛෙන්නා වූ දායකත්වය ඔවුන්ගේම සංස්කෘතිය තුල පැසසුමට ලක් නොවීම කණගාටුවට කරුණකි. ඉස්ලාමය කාන්තාවට උසස් අධ්‍යාපනය ලබා ගැනීමටත්, සිය මූලික වගකීම් ඉටුකිරීමෙන් අනතුරුව, සමාජයේ ප්‍රයෝජනය උදෙසා කටයුතු කිරීමටත් අවකාශය සලසා දී ඇත. මුස්ලිම් කාන්තාවක් උපයන දෑ ඈ සතුවන අතර, පවුලේ නඩත්තුවට අවශ්‍ය වියදම් දැරීම පුරුෂයින්ගේ වගකීමේම පවතියි.

ඉස්ලාමයේ විවාහය

සිය දරුවන්්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාදීම දෙමාපියන්ගේ වගකීම වන අතර, විවාහ වන දෙදෙනාටම, එයට එකඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ නිදහස තිබේ. සිය කැමැත්තෙන් තොරව විවාහ වූ ඇතැම් තරුණියන්ට එම විවාහයෙන් මිදීමට නබි තුමාණන් අවසර දුන්නේය.

ආදරය හා කරුණාව මෙන්ම අන්‍යොන්‍ය අවබෝධය මත පදනම් වූ සම්බන්ධතාවයක් ලෙස ඉස්ලාමය අඹු-සැමි සම්බන්ධතාවය විග්‍රහ කරයි. අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි:
’ඔහුගේ සළකුණු අතර ඔබට ඔබ තුළින්ම සහකාරියක් මැව්වේය. ඒ ඔවුන් මත සාමයේ රැඳී ඉන්නට, (එමෙන්ම) ඔහු ඔබලා අත්රු (හදවත් තුළ) එකිනෙකා කෙරෙහි ආදරය හා කරුණාව ඇති කළේය. චින්තනයට ඉඩ දෙන්නන්ට එහි සලකුණු ඇත.’

ස්ථාවර හා ආදරයෙන් යුත් පවුලක් ගොඩනැගීමේ වගකීම සැමියා හා බිරිඳ යන දෙදෙනා සතුවම පවතියි. පවුලේ මූලිකත්වය දරන ස්වාමියා සතුව තීරණය ගැනීමේ අයිතිය තිඛෙන අතර, ඒ සඳහා බිරිඳගේ අදහස් විමසීම, ඇගේ අදහස්වලට සවන්දීමද ඔහු විසින් කල යුතුය. ආගමික නීතියට පටහැනි දෙයක් කරන්නට අණ නොකරන තුරු, බිරිඳ ඔහුට සහාය දැක්වීම අවශ්‍ය වන්නේය. මේ සඳහා දෙදෙනාම අවබෝධයෙන්, එකිනෙකාට හිමි ගෞරවය ලබා දෙමින්, කරුණාවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුය.

ඉස්ලාමයේ බහුභාර්යා සංකල්පය

මුස්ලිම් පිරිමින්ට කාන්තාවන් හතර දෙනෙකු හා විවාහ වීමට අනුමැතිය ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් එලෙස විවාහ වන කල සියලූම හා භාර්්‍යාවන්ට එක හා සමානව සැලකීම අත්‍යවශ්‍ය බවත්, කාන්තාවකට සිය සැමියා දෙවන විවාහයක් කරගත්තේ නම් දික්කසාද වීමේ කොන්දේසියක් විවාහ ගිවිසුමේ සඳහන් කිරීමට අයිතියක් තිඛෙන බවත් බොහෝ දෙනා නොදනිති.

සෑම සමාජයකම පිරිමින් හා කාන්තාවන් අතර අයථා සම්බන්ධතා, ගණිකා සේවනය වැනි දේ පවතියි. එය සමාජයේ පැවැත්මට හානිකර නිසා මෙන්ම, කාන්තාවන්ව හා ළමයින්ව අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීමට, ඉස්ලාමය මෙවැනි බහුභාර්්‍යා නීතියක් සකසා ඇත. බිරිඳට දරුවෙකු ප්‍රසූත කිරීමට නොහැකි නම්, ඇය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙයි නම්, යුද්ධ නිසා හෝ වෙනත් හේතු නිසා වැන්දඹුවන් හා අනාථයින් සිටියි නම් හෝ අසාර්ථක විවාහ ජීවිතයක් හමුවේත් ඒ විවාහයේම රැඳී සිටීමට භාර්්‍යාවට අවශ්‍ය නම්, බහු භාර්්‍යා සංකල්පය මේවාට විසඳුමකි.

මුහම්මද් තුමා ප්‍රථමයෙන් විවාහ වූ, කදීජා තුමිය සමඟ වසර 25ක විවාහ ජීවිතයක් ගෙවූ අතර, එම කාලය තුළ වෙනත් විවාහයක් කරගත්තේ නැත. ඇගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා කාන්තාවන් කිිහිප දෙනෙකු විවාහ කර ගත්තේය. එතුමාගේ පවුල් සංස්ථාව, ආදරය, කරුණාව, ගෞරවය හා කැපවීම මත ගොඩනැගුණකි.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

ස්තුති  WAMY SRI LANKA

Advertisements

Single Post Navigation

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: