අපි ඇණයක් ද…?
ලෝකය බහු ආගමික වූයේ අද ඊයක නොවේය. එමෙන්ම ලෝකය විවිධ අංශයන් ගෙන් වර්ධනයක් ලගා කරගත්තේද ලගා කර ගන්නේද අද ඊයක සිට නොවේය. මෙකී ලෝකය තුළ බහු ආගමික බහු සංස්කෘතික මිනිසුන් සහෝදරත්වයෙන් වාසය කලේද අද ඊයක සිට නොවේය. එහෙත් සංවර්ධිත යැයි පවසන තාක්ෂණය ඔස්සේ එක යායක් වූ ලෝකය තුළ මිනිස්කම් සීඝ්රයෙන් මිය යාමත් සමග වාර්ගික අර්බුද ප්‍රතිශතය අධික වේගයෙන් ඉහල යමින් පවතී. සැබැවින්ම අද ලොව බොහෝ වෙනස්ය.
කෙසේ වුවද වෙනස්වන ලෝකය තුළ අනන්‍යතාවය රැක ගැනීමට ඇතැම් සංස්කෘතීන් වෙත දැරීමට සිදුව ඇත්තේ සුළුපටු උත්සාහයක් නොව. වත්මන් මුස්ලිම් සමාජයටද මුහුණ දීමට සිදුව ඇත්තේ මෙකී ගැටළුවටය. අද වන විට ඇතැම් රාජ්‍ය ත්රාන්තිකයන්ට හිසේ රුදාව හැදුනද එයට වග උත්තර බැදිය යුත්තේ මුස්ලිම් සමාජයය. ලෝක සාමය සුන්නද් දූලි කරමින් සිටින ඇතැම් අය මුස්ලිම් බහුතරය වෙසෙන රටක රතිඥ්ඥා හඩක් ඇසුනද සාම හමුදා යවන්නට සීසරුවෙන් සිටී. එහෙත් අද වන තුරු ඔවුන් විසින් මුස්ලිම් සංහාරයට උප්පැන්න සහතික ලිව්වා විනා ඇති කල සාමයක් නැත. මේ සියල්ල සිදු කරන්නේ නවීන ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ය.
ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය. බුරාකා , හිජාබ් විරුද්ධ සංවිධාන රාජ්‍ය ත්‍රාන්තිකව ගොඩ නගන්නේ මෙකී අයවලුන්ගේ බළල් අතිනි. එහෙත් හිසේ සිට පාදාන්තය තෙක් වසාගෙන ඇස් වැසුණු දැලෙන් ලෝකය බලන බුරාකාව හැදි මුස්ලිම් කාන්තාවද මුහුණ වසා ඇස් පමණක් දර්ශනය කරන මුස්ලිම් කාන්තාවද මෙන්ම මුහුණ නොවසා හිස පමණක් වසන මුස්ලිම් කාන්තාවද මෙකී සංවිධාන ඉදිරියේ නොබියව හඩ නැගීම දැනටමත් ඇතැමුන්ට ඇග පත හන්දි රිදෙන වෛරස් උණක් බවට පත්වී හමාරය. ඔවුන් ඇයට එරෙහිව නැගී සිටීම අත්නොහලද තම අයිතීන් වෙනුවෙන් හඩ නගන්නට තරම් ආගමික නිදහසක් මෙන්ම යෝධ ශක්තියක් ඇයට ඇති බැව් ඔවුන් වටහාගෙන ඇත.
ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය.
කෙසේ වුවද නොවෙනස් ඉස්ලාම් සංස්කෘතිය වනසන අරමුණින් ද්වේශයෙන් යුතුව ඇතැමුන්ට කඩේ යන්නෝ තවමත් අඩු නැත. මෙකී ඇතැමුන් පවසන්නේ අනෙකුත් ආගමිකයන් මෙන් මුස්ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස් කරගත යුතු කාලය එළැඹ ඇති බවය. පෙරට යා නොහැකි ලෙස බාධා පමුණුවන්නට ඉස්ලාමයේ ඇත්තේ කුමක්දැයි යන්න අපට පැණයකි. එහෙත් මුස්ලිමුන් පස්සට ගියේ කවදාදැයි අසන්නට අපි කැමැත්තෙමු. එසේ ගොස් ඇත්නම් ඒ සදාචාරයක් නැති අණුවන පණ්ඩිතයන් ඉදිරියේ පමණය. නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි. එහෙත් ඔවුනට කියන්නට යමක් ඇත. ඒ කොටියාගේ කතාවය. කැලේ මාරු කලද කොටියා පුල්ලි මාරු කරන්නේ නැත.
නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි.
By:Ummu haani
අනේ කෙහෙල්මල් සංස්කෘතිය ඔය විකාර ඇඳුම් ඇඳගෙන මුස්ලිම් ගෑණූ නටන නාඩගම් අපි නොදන්නවයැ? මූන පේන්නේ නැති හින්දා ලැජ්ජාවක් නෑ කියන තර්කය වෙන්න ඇති ඔය ගේන්න හදන්නේ 😛 අනිත් එක ඔය වගේ ඇඳුම් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් (විශේෂයෙන්ම බුර්කා සහ නිඛාබ්) ඒ නිසා ඔය ත්‍රස්තවාදී ඇඳුම් ලංකාවෙත් තහනම් කරන්න ඕනි.
මුස්ලිම්ල නම් කවදාවත් ආකල්පමය වශයෙන් දියුණු වන ජාතියක් නෙවෙයි අදුරේම අතපත ගානව වෙනුවට පොඩ්ඩක් එළියට ඇවිත් බලන්න.