සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

Archive for the category “ඉස්ලාමයේ කාන්තාව”

අපි ඇණයක් ද…?

ලෝකය බහු ආගමික වූයේ අද ඊයක නොවේය. එමෙන්ම ලෝකය විවිධ අංශයන් ගෙන් වර්ධනයක් ලගා කරගත්තේද ලගා කර ගන්නේද අද ඊයක සිට නොවේය. මෙකී ලෝකය තුළ බහු ආගමික බහු සංස්කෘතික මිනිසුන් සහෝදරත්වයෙන් වාසය කලේද අද ඊයක සිට නොවේය. එහෙත් සංවර්ධිත යැයි පවසන තාක්ෂණය ඔස්සේ එක යායක් වූ ලෝකය තුළ මිනිස්කම් සීඝ්‍රයෙන් මිය යාමත් සමග වාර්ගික අර්බුද ප්‍රතිශතය අධික වේගයෙන් ඉහල යමින් පවතී. සැබැවින්ම අද ලොව බොහෝ වෙනස්ය.

කෙසේ වුවද වෙනස්වන ලෝකය තුළ අනන්‍යතාවය රැක ගැනීමට ඇතැම් සංස්කෘතීන් වෙත දැරීමට සිදුව ඇත්තේ සුළුපටු උත්සාහයක් නොව. වත්මන් මුස්ලිම් සමාජයටද මුහුණ දීමට සිදුව ඇත්තේ මෙකී ගැටළුවටය. අද වන විට ඇතැම් රාජ්‍ය ත්‍රාන්තිකයන්ට හිසේ රුදාව හැදුනද එයට වග උත්තර බැදිය යුත්තේ මුස්ලිම් සමාජයය. ලෝක සාමය සුන්නද් දූලි කරමින් සිටින ඇතැම් අය මුස්ලිම් බහුතරය වෙසෙන රටක රතිඥ්ඥා හඩක් ඇසුනද සාම හමුදා යවන්නට සීසරුවෙන් සිටී. එහෙත් අද වන තුරු ඔවුන් විසින් මුස්ලිම් සංහාරය‍ට උප්පැන්න සහතික ලිව්වා විනා ඇති කල සාමයක් නැත. මේ සියල්ල සිදු කරන්නේ නවීන ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ය.

ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය. බුරාකා , හිජාබ් විරුද්ධ සංවිධාන රාජ්‍ය ත්‍රාන්තිකව ගොඩ නගන්නේ මෙකී අයවලුන්ගේ බළල් අතිනි. එහෙත් හිසේ සිට පාදාන්තය තෙක් වසාගෙන ඇස් වැසුණු දැලෙන් ලෝකය බලන බුරාකාව හැදි මුස්ලිම් කාන්තාවද මුහුණ වසා ඇස් පමණක් දර්ශනය කරන මුස්ලිම් කාන්තාවද මෙන්ම මුහුණ නොවසා හිස පමණක් වසන මුස්ලිම් කාන්තාවද මෙකී සංවිධාන ඉදිරියේ නොබියව හඩ නැගීම දැනටමත් ඇතැමුන්ට ඇග පත හන්දි රිදෙන වෛරස් උණක් බවට පත්වී හමාරය. ඔවුන් ඇයට එරෙහිව නැගී සිටීම අත්නොහලද තම අයිතීන් වෙනුවෙන් හඩ නගන්නට තරම් ආගමික නිදහසක් මෙන්ම යෝධ ශක්තියක් ඇයට ඇති බැව් ඔවුන් වටහාගෙන ඇත.

ඉස්ලාමීය සංස්කෘතියෙහි ඇතැම් සාධක ඔස්සේ මුස්ලිමුන් පීඩිත කිරීමට පිඹුරු පත් ඇදි අයවලුන් ඉදිරිපත් කරන ප්‍රධාන සාධක අතර මුස්ලිම් කාන්තා ඇදුම ඔවුනට වහ කදුරු සේය. දුටු තැන රසවිදිය හැකි සත ගණනක් තරම් නොවටින සාම්පලයේ මුස්ලිම් කතක් නිර්මාණය කරන්නට ඔවුන්ට අවැසිය.

කෙසේ වුවද නොවෙනස් ඉස්ලාම් සංස්කෘතිය වනසන අරමුණින් ද්වේශයෙන් යුතුව ඇතැමුන්ට කඩේ යන්නෝ තවමත් අඩු නැත. මෙකී ඇතැමුන් පවසන්නේ අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස්‌ කරගත යුතු කාලය එළැඹ ඇති බවය. පෙරට යා නොහැකි ලෙස බාධා පමුණුවන්නට ඉස්ලාමයේ ඇත්තේ කුමක්දැයි යන්න අපට පැණයකි. එහෙත් මුස්ලිමුන් පස්සට ගියේ කවදාදැයි අසන්නට අපි කැමැත්තෙමු. එසේ ගොස් ඇත්නම් ඒ සදාචාරයක් නැති අණුවන පණ්ඩිතයන් ඉදිරියේ පමණය. නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි. එහෙත් ඔවුනට කියන්නට යමක් ඇත. ඒ කොටියාගේ කතාවය. කැලේ මාරු කලද කොටියා පුල්ලි මාරු කරන්නේ නැත.

 

නවීන ලෝකයට සරිලන ලෙස යනුවෙන් ඔවුන් අරුත් ගන්වන්නේ මිනිස් හැගීම් රහිතව ජාම බේරා ගන්නට ඕනෑම දෙයක් කල හැකි නොමිනිස්කමේ හෙළුව ලොවට පෙන්නන්වුන් ලෙසදෝයි නොදනිමි.

By:Ummu haani

Advertisement

ඉස්ලාමයේ කාන්තාව

පවත්නා ආකල්පයෙන් ඔබ්බට ගොස් දර්ශණයකින් මුස්ලිම් කාන්තාවන් ගැන හිතන කල ඔබට මොනවද හැඟෙන්නේ?

ගුප්ත තිරයකට මුවාවූ,
පුරුෂ පක්ෂයේ පීඩාවට ගොදුරු වූ,
බටහිර ලෝකයෙන් තම නිදහස හා මුදවා ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්නියක්ද?

ඔබට මුස්ලිම් සමාජය හා බැඳීමක් නොමැති නම් මුස්ලිම් කාන්තාව ගැන ඔබට ලැඛෙනුයේ මාධ්‍ය විසින් ප්‍රචලිත කළා වූද, සැබෑ තත්වයෙන් බොහෝ දුරස් වූද, ඍණාත්මක ප්‍රතිරුවකි. එම ප්‍රචාරයන් – අධික පිරිසක් ආකර්ෂණය කර ගැනීම, නිෂ්පාදන අලෙවිය හෝ දේශපාලන පක්ෂපාතී බව අරමුණු කරගෙන සැලසුම් කළ ඒවාය.

ඇත්තෙන්ම නැත. එහෙම ආකල්පයක් තියෙන්නේ. මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් ධර්මයෙන් හිමි වන තැන ගැන අවබෝධයක් නැති නිසයි.

මුළු ලෝක ජනගහණයෙන් 20-25%ක් මුස්ලිම්වරුන් ඒ වගේම යුරෝපයේ දෙවන ප්‍රධාන ආගම, ඉස්ලාම් ධර්මයයි. එමෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ ඉස්ලාමය වැළඳ ගන්නා අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් බව ඔබ දන්නවාද? එමෙන්ම බටහිර රටවල්වල කාන්තාවන් පීඩනයට ලක් වූ පිරිසක් ලෙසින් ඔවුනට මුස්ලිම් කාන්තාවන් අනුකම්පා සහගත වන බව ඔබ දන්නවාද? බටහිර රටවල් වෙත යන මුස්ලිම් කාන්තාවන් තම අනන්‍යතාවය රැක ගන්නටත් තම දරුවන්ට එය ලබාදීමටත් උත්සුක වන්නේ ඇයි දැයි ඔබ සිතා බැලූවේද? සමහර මාධ්‍යවලින් ප්‍රචලිත කරන්නාක් මෙන්, ඉස්ලාම් ධර්මය කාන්තාවට අයුක්තියක් කරමින් ඇයව පීඩාවට ලක් කරන්නේ නම්, ඉන් මිදී යෑම සිදුවිය යුතු නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව ඉස්ලාම් ධර්මය වෙතට ඔවුන් ආකර්ශණය වෙන්නේ ඇයි දැයි මොහොතකට සිතා බැලූවේද?

සමාජයේ පවත්නා ඒකාකාරී ආකල්පයෙන් ඔබ්බට ගොස් නූතන යුගයේ උගත් කාන්තාවට ඉස්ලාමය ලබාදෙන තැනත්, විවිධ සමාජ මට්ටම්වල බොහෝ කාන්තාවන් හා පිරිමින්ද ඉස්ලාමය පිළිගැනීමට හේතුවත් මදක් විමසා බලමු.

ශුද්ධ වූ අල්කුර්ආනයේ හා මුහම්මද් තුමාගේ ’හදීස්’ (එතුමාගේ ප්‍රකාශ, ක්‍රියා හා අනුමත කළ දෑ) වල කාන්තාව ගැන ධනාත්මක විස්තරයක් අඩංගු වේ. කාන්තාවන්ට නිසි තැන ලබා දෙමින්, නිතරම පිරිමින් සමඟ සමීපව සඳහන් වන හා විශ්වාසයේ සහකරුවන් හා මිත්‍රයින් ලෙස කාන්තාවන් ගැන සඳහන් වන එකම ධර්ම ග්‍රන්ථය ශුද්ධ වූ අල්කුර්ආනයයි.

මේ එවැනි උදාහරණ කිහිපයක්……..

’විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්, මිතුරන් ලෙසින් එකිනෙකාව ආරක්ෂා කරති. නිවැරදි දේ කිරීමටත්, වරදින් මිදීමටත් පොළඹවති. සලාතය (නැමදුම්) ඉටුකරති. zසකාත් (වාර්ෂික දන්දීම) ලබා දෙති. ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වෙති. ඔවුනට අල්ලාහ් කරුණාබර වෙයි. ඇත්ත වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. ප්‍රඥාවන්තයාය. විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ට අල්ලාහ්, පහළින් ගංගා ගලන්නා වූ ස්වර්ගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඔවුන් එහි සදාකල් ජීවත් වෙති. එහි උද්‍යානවල ඇති අලංකාරවත් මන්දිර සදාකාලික සතුටකින් යුතුය. අල්ලාහ්ගේ සතුටට භාජනය වීම ඊට වඩා උසස් වන අතර, එයම විජයග්‍රහණය වේ.’
(අල්කුර්ආන් 91:71-72)

’ඇත්ත වශයෙන්ම අල්ලාහ්ට යටහත් පහත් වූ පිරිමින් හා කාන්තාවන්ද, විශ්වාසවන්ත පිරිමින් හා කාන්තාවන්ද, අවනත වන පිරිමින් හා කාන්තාවන්ද, සත්‍ය කථා කරන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, ඉවසිලිවන්ත පිරිමින් හා කාන්තාවන්ද, භක්තිමත් හා නිහතමානී පිරිමින් හා කාන්තාවන්ද, දන් දෙන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, උපවාසයේ යෙදෙන පිරිමින් හා කාන්තාවන්ද, තම පවිත්‍රතාව රැකගන්නා වූ පිරිමින් හා කාන්තාවන්ද, අල්ලාහ්ව නිතරම සිහිපත් කරන පිරිමින් හා කාන්තාවන්ද, ඔවුනට අල්ලාහ් ක‍ෂමාව හා උසස් වූ දීමනාවක් සකසා ඇත.’ (අල්කුර්ආන් 33:35)

බලය වෙනුවෙන් පිරිමින් හා කාන්තාවන් ඉතිහාසගත ගැටුමක නිරත වීමක් ඉස්ලාමයේ නැත. ඒ දෙපිරිසගේම දායකත්වය අත්‍යවශ්‍යය.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

’කිසිදු මුස්ලිම්වරයෙක්, මුස්ලිම් කාන්තාවක් ගැන අයහපත් හැඟීමක් ඇති කර නොගත යුතුයි. ඈ තුළ ඔහු පිළිකුල් කරන එක් ගුණාංගයක් ඇත්නම් ඔහු ප්‍රිය කරන තවත් ගුණාංගයක් ඇගෙන් දකිනු ඇත. විශ්වාසවන්තයින් අතර හොඳම තැනැත්තා, සිය බිරිඳට හා පවුලේ අයට හොඳින් සලකන්නාය.’

සෙසු ධර්මයන්හි කාන්තාවට හිමි තැන

පෙර කී දේව ධර්මය එය පහළ වූ වකවානුවේ අරාබි හා අරාබි නොවන ජනයාට මහඟු විප්ලවයක් විය. මුස්ලිම් දරුවන්ට සිය මවගේ දෙපා මුල ස්වර්ගය තිඛෙන බව ඉස්ලාමය පවසන කල, චීනයේ කන්ෆූෂස් දර්ශණයෙන් කාන්තාවට පළමුව සිය පියාටත්, අනතුරුව ස්වාමි පුරුෂයාටත්, ඔහුගේ වියෝවෙන් පසු පුතාටත් අවනත වන ලෙස පවසා ඇත. කාන්තාවන් ස්වාධිපත්‍යයට නුසුදුසු බවත්, ස්වභාවයෙන්ම දුර්වල බවත්, පහසුවෙන්ම නොමග යන බවත්, අනුවණක්කාර බවත් හින්දු දහමේ මතයයි. කලක් යුදෙව් හා ක්‍රිස්තියානිවරුන් කාන්තාව දෙස බැලූවේ මානව වර්ගයාගේ පිරිහීමට හේතුව ලෙසයි. ඔසප්වීම හා දරු ප්‍රසූතිය දේව ශාපයක් නිසා සිදුවන බව ඔවුන් විශ්වාස කරති.

මුහම්මද් තුමාගෙන් වසර දහසකට පසු 1586දී, ප්‍රංශ කතෝලිකවරු, කාන්තාවට ආත්මයක් තිබේද නැද්ද යන්න ගැන වාද කළහ. ඇතැම් ක්‍රිස්තියානිවරු යක්ෂයින් ආවේෂ වී ඇතැයි කාන්තාවන්ව පණපිටින් පුළුස්සා දැමූහ. යුරෝපයේ විවාහක කාන්තාවට දේපළ අයිතිය හා දික්කසාද වීමේ අයිතිය දහනමවන ශතවර්ෂය වනතුරු ලබාගත නොහැකි විය. එවැනි තත්වයක් මත, යුක්තිය සොයා ඔවුන් සටන් කිරීමට පෙළඹීම පුදුමයක් නොවේ.

ඉස්ලාමයේ සමාජ ක්‍රමය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනියි. වඩාත් සාර්ථක සමාජ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ මුහම්මද් තුමාණන්, පීඩිත, දුර්වල ජනයාගේ අයිතිවාසිකම් ඔවුනට ලබාදීමට සමත් විය. කාන්තාව සම්බන්ධයෙන් ඇති අල්කුර්ආනයේ වාක්‍යයන් ඒවා පහළ වූ වකවානුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබා දීමට මෙන්ම, සමාජ ක්‍රමය හැඩ ගැස්වීමටද පදනම් විය. දේපළ සම්බන්ධ අයිතිවාසිකම්ද, විවාහය, දික්කසාදය මෙන්ම අධ්‍යාපනය ලබා ගැනීමටත් ඔවුනට හිමි අයිතිවාසිකම් එලෙසින්ම හිමිවිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල, පීඩනයට ලක්වී සිටින කාන්තාවන් මෙන් නොව, ඉස්ලාමය ආරම්භක යුගයේ කාන්තාවන් සිය අධ්‍යාපනය හා නිපුණත්වයන් හේතුවෙන් පැසසුමට ලක් වූවන්ය. මුහම්මද් තුමාණන් ප්‍රකාශ කල පරිදි ’දැනුම ලැබීම සියලූම මුස්ලිම්වරුන්ගේ යුතුකමකි.¶ එතුමාණන්ගේ බිරිඳ ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ දයාව අත්වේවා) නබි තුමාගේ ප්‍රකාශයන් දහස් ගණනින් ධාරණය කොට ඊළඟ පරම්පරාවට තිළිණ කළ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කිවිඳියක් වූ ඇය වෙද හා ඉස්ලාමීය නීතිය යනාදී ක්ෂේත්‍රයන්හිද ගැඹුරු දැනුමක් තිබුණු තැනැත්තියකි. සිය පෞද්ගලික ගුණාංග තුළින් යහපත් පෞරුෂත්වයක් හෙබ වූ තැනැත්තියකි. නබි තුමාණන්ගේ අභාවයෙන් පසු ඇය යුද්ධයක නායකත්වය දැරීම ගැනද කවුරුත් විරුද්ධත්වය පළ කළේ නැත. මධ්‍යම යුගයේ බොහෝ කාන්තාවන් උගත් හා ආගමික බලතල හිමි අය ලෙස ගෞරවපූර්වකව සමාජය විසින් පිළිගනු ලැබිණි. එහෙයින් ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක කිරීමෙන්, ඔවුන් තමන්ට හිමි තැන ලබා ගැනීමට උත්සුක කරනවා මිස, ඇතැම් අන් ආගම්වල වූවා මෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් නොවෙති. ඉස්ලාමයට පෙර හා අද මුස්ලිම් කාන්තාවට තමන්ට හිමි අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි එකම බාධාව, ඉස්ලාමීය නොවන සංස්කෘතීන් හා සිරිත් විරිත්වල බලපෑම, ආගමික දැනුම මදිකම හා ස්වභාවයෙන්ම මිනිසා සතු අයහපත් පැතිකඩ ඉස්මතු වෙයි.

පිරිමි හා කාන්තාවන්ට අදාල ආචාරධර්ම හා සම්බන්ධ නීතිරීති

සමාජයේ හා පවුල් සංස්ථාවේ සදාචාරය රැක ගැනීමට, මුස්ලිම් කාන්තාවන්ට හා පිරිමින්ට සමහර ආචාරධර්ම හා නීතිරීති ඉස්ලාමය පනවා ඇති අතර, ඇතැම් විට බටහිර ජාතිකයින්ට එය පීඩනයක් ලෙස පෙනෙනු ඇත. දෙපිරිසට ආකර්ශණීය බවෙන් තොර, සිරුරට තද නොවන ඇඳුම් ඇඳිය යුතු අතර, විරුද්ධ ලිංගිකයින් සමඟ අසම්මත හැසිරීම්වල නිරත වීම ඇති අවස්ථාවන් වැළැක්විය යුතුය. අධික ආකර්ණයකින් යුතු හෙයින්, කාන්තාවන් තම හිසද ආවරණය කිරීම අනිවාර්්‍ය වේ. නිවසින් බැහැරව යන විට මෙය අනිවාර්්‍ය වන්නේ කාන්තාවගේ ගෞරවය රැක ගැනීම උදෙසාය. අද සමාජයේ වෙළඳ භාණ්ඩයක් ලෙසින් කාන්තාවන්ව අසභ්‍ය ලෙස යොදාගෙන තිබීම හේතුවෙන්, ඔවුන් ලිංගික අපචාරවලට ලක්වනවා පමණක් නොව ඔවුන්ගේ පවුල් ජීවිත අඩපණ වී ආධ්‍යාත්මික ජීවිතය නිමාව දැක තිබීම කණගාටුවට කරුණකි.

ඉස්ලාමය වත්මන් කාන්තාවන්ට පවසන්නේ කුමක්ද?

කාන්තාවන් තම ස්ත්‍රීභාවය අගේ කරමින්, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන්, උසස් චරිතයකට හිමිකම් කියන්නට සූදානමින්, පවුල් සංස්ථාව නොසලකා නොහැර යහපත් ආධ්‍යාත්මික ජීවිතයක් හා සමබර ලෞකික ජීවිතයකට ප්‍රිය කරන්නේ නම් ඇයට හිමි එකම මග පෙන්වීම ඉස්ලාමයයි.

කාන්තාවගේ අයිතිවාසිකම්, යුතුකම් හා ඇගේ දායකත්වය

පෙර සඳහන් වූ කුර්ආනීය පාඨයේ පැවසෙන ආකාරයට කාන්තාවට ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා සමතැනක් ලැඛෙන අතර, ආගමික යුතුකම්ද දෙපිරිසටම සමාන වේ. මෙය ඉතා වැදගත් කරුණක් වන්නේ, මුස්ලිම්වරුන් දෙවියන්ට සේවය කිරීම, ඔවුන්ගේ පළමුහම්මද් තුමා යුතුකම ලෙස සලකන නිසාත්, මෙලොව ජීවිතය තාවකාලික එකක් වන අතර, පරලොව ජීවිතය තීරණය කරන්නා වූ පරීක්ෂණයක් ලෙස දකින නිසාත්ය. එහෙයින් පරලොව ජීවිතය අරමුණු කර ගන්නා වූ මුස්ලිම්වරයෙකුට මෙලොව ජීවිතයේ ධනය, බලය, ප්‍රසිද්ධිය ගැන එතරම් තැකීමක් නැත. ශ=ද්ධ වූ අල්කුර්ආනය මෙලොව ජීවිතය ගැන විග්‍රහ කරන්නේ කෙටි හා අස්ථාවර තැනක් ලෙසයි. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ අපගේ චරිතය, අන් අය සමඟ හැසිරෙන ආකාරය හා දෙවියන්ගේ දායාදයන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයයි. ඒ සඳහා පවුල් සංස්ථාව සතුව වැදගත් කාර්්‍යභාරයක් තිඛෙන අතර, ස්ථාවර පවුලක, යහපත් ආකාරයෙන් හැදෙන වැඩෙන දරුවන්, ධර්මයේ පදනම වන විශ්වාසය ඒ ආකාරයෙන්ම ඊළඟ පරම්පරාවට රැගෙන යන භාරකරුවන්ය. ප්‍රසිද්ධ අරාබි ප්‍රස්ථාපිරුළක මෙසේ සඳහන් වෙයි.
’මෑණියන් වූ කලී එක් පාඨශාලාවකි’

ඉස්ලාමීය සංකල්පයට අනුව, මවට නිවසේ වගකීම භාරව තිඛෙන අතර, පවුල නඩත්තු කිරීමට අවශ්‍ය ආර්ථීක පසුබිම සැකසීම පියාගේ වගකීම වුවද, මාතෘත්වය හා ගෘහ පාලනය නොවැදගත් ලෙස හෝ අඩු කුසල් හිමි ක්‍රියාවන් ලෙස හෝ ඉස්ලාමය පිළිනොගනියි. ඇත්ත වශයෙන්ම මාතෘත්වය සතුව සමාජයේ නගා සිටුවීමට වැදගත් දායකත්වයක් ඇත්තේ, පවුල් සංස්ථාවක ස්ථාවරකිය හා යහපත් දරුවන් හදා වඩා ගැනීමේ මහඟු වගකීම ඇය සතුවන නිසාය. පවුලේ නඩත්තුවට මුදල් ඉපැයීම සඳහා කාන්තාව යොමු වීම මාතෘත්වයේ සැබෑ වගකීම් ගිලිහී යාමට හේතුවන අතර, ඒ හේතුවෙන් පවුල් සංස්ථාවේ ස්ථාවරබව අහිමි වෙයි. බටහිර රටවල්වල කාන්තාවන් මාතෘත්වය පිළිබඳ සංකල්පයෙන් ඈත් වී මුදල් උපයන යන්ත්‍ර බවට පත් වී ඇත්තේ, නිවසේදී හා සේවා ස්ථානවල ලිංගික අපචාරවලටද ලක්වෙමිනි. එහෙත් පවුලේ නඩත්තුවට ඇගෙන් ලැඛෙන්නා වූ දායකත්වය ඔවුන්ගේම සංස්කෘතිය තුල පැසසුමට ලක් නොවීම කණගාටුවට කරුණකි. ඉස්ලාමය කාන්තාවට උසස් අධ්‍යාපනය ලබා ගැනීමටත්, සිය මූලික වගකීම් ඉටුකිරීමෙන් අනතුරුව, සමාජයේ ප්‍රයෝජනය උදෙසා කටයුතු කිරීමටත් අවකාශය සලසා දී ඇත. මුස්ලිම් කාන්තාවක් උපයන දෑ ඈ සතුවන අතර, පවුලේ නඩත්තුවට අවශ්‍ය වියදම් දැරීම පුරුෂයින්ගේ වගකීමේම පවතියි.

ඉස්ලාමයේ විවාහය

සිය දරුවන්්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාදීම දෙමාපියන්ගේ වගකීම වන අතර, විවාහ වන දෙදෙනාටම, එයට එකඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ නිදහස තිබේ. සිය කැමැත්තෙන් තොරව විවාහ වූ ඇතැම් තරුණියන්ට එම විවාහයෙන් මිදීමට නබි තුමාණන් අවසර දුන්නේය.

ආදරය හා කරුණාව මෙන්ම අන්‍යොන්‍ය අවබෝධය මත පදනම් වූ සම්බන්ධතාවයක් ලෙස ඉස්ලාමය අඹු-සැමි සම්බන්ධතාවය විග්‍රහ කරයි. අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි:
’ඔහුගේ සළකුණු අතර ඔබට ඔබ තුළින්ම සහකාරියක් මැව්වේය. ඒ ඔවුන් මත සාමයේ රැඳී ඉන්නට, (එමෙන්ම) ඔහු ඔබලා අත්රු (හදවත් තුළ) එකිනෙකා කෙරෙහි ආදරය හා කරුණාව ඇති කළේය. චින්තනයට ඉඩ දෙන්නන්ට එහි සලකුණු ඇත.’

ස්ථාවර හා ආදරයෙන් යුත් පවුලක් ගොඩනැගීමේ වගකීම සැමියා හා බිරිඳ යන දෙදෙනා සතුවම පවතියි. පවුලේ මූලිකත්වය දරන ස්වාමියා සතුව තීරණය ගැනීමේ අයිතිය තිඛෙන අතර, ඒ සඳහා බිරිඳගේ අදහස් විමසීම, ඇගේ අදහස්වලට සවන්දීමද ඔහු විසින් කල යුතුය. ආගමික නීතියට පටහැනි දෙයක් කරන්නට අණ නොකරන තුරු, බිරිඳ ඔහුට සහාය දැක්වීම අවශ්‍ය වන්නේය. මේ සඳහා දෙදෙනාම අවබෝධයෙන්, එකිනෙකාට හිමි ගෞරවය ලබා දෙමින්, කරුණාවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුය.

ඉස්ලාමයේ බහුභාර්යා සංකල්පය

මුස්ලිම් පිරිමින්ට කාන්තාවන් හතර දෙනෙකු හා විවාහ වීමට අනුමැතිය ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් එලෙස විවාහ වන කල සියලූම හා භාර්්‍යාවන්ට එක හා සමානව සැලකීම අත්‍යවශ්‍ය බවත්, කාන්තාවකට සිය සැමියා දෙවන විවාහයක් කරගත්තේ නම් දික්කසාද වීමේ කොන්දේසියක් විවාහ ගිවිසුමේ සඳහන් කිරීමට අයිතියක් තිඛෙන බවත් බොහෝ දෙනා නොදනිති.

සෑම සමාජයකම පිරිමින් හා කාන්තාවන් අතර අයථා සම්බන්ධතා, ගණිකා සේවනය වැනි දේ පවතියි. එය සමාජයේ පැවැත්මට හානිකර නිසා මෙන්ම, කාන්තාවන්ව හා ළමයින්ව අයුතු ලෙස යොදාගැනීම වැළැක්වීමට, ඉස්ලාමය මෙවැනි බහුභාර්්‍යා නීතියක් සකසා ඇත. බිරිඳට දරුවෙකු ප්‍රසූත කිරීමට නොහැකි නම්, ඇය සුව කළ නොහැකි රෝගයකින් පෙළෙයි නම්, යුද්ධ නිසා හෝ වෙනත් හේතු නිසා වැන්දඹුවන් හා අනාථයින් සිටියි නම් හෝ අසාර්ථක විවාහ ජීවිතයක් හමුවේත් ඒ විවාහයේම රැඳී සිටීමට භාර්්‍යාවට අවශ්‍ය නම්, බහු භාර්්‍යා සංකල්පය මේවාට විසඳුමකි.

මුහම්මද් තුමා ප්‍රථමයෙන් විවාහ වූ, කදීජා තුමිය සමඟ වසර 25ක විවාහ ජීවිතයක් ගෙවූ අතර, එම කාලය තුළ වෙනත් විවාහයක් කරගත්තේ නැත. ඇගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා කාන්තාවන් කිිහිප දෙනෙකු විවාහ කර ගත්තේය. එතුමාගේ පවුල් සංස්ථාව, ආදරය, කරුණාව, ගෞරවය හා කැපවීම මත ගොඩනැගුණකි.

ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පවසයි.

’මිනිසුනි, එකම කෙනෙකුගෙන් ඔබව මැව්වා වූ අල්ලාහ්ට බිය වන්න. (ඔහු) එයින් (ඔබේ) සහකාරිය මැවූ අතර, ඔවුන් දෙදෙනාගෙන් කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් බිහි වූහ. (මුළු ලෝකයේම) ඔබ ඔබේ අයිතිවාසිකම් අයැදින්නා වූ අල්ලාහ්ට බිය වන්න. ඔබව බිහි කළ ගර්භාෂයට (මවට) බියවන්න. අල්ලාහ් නිතරම ඔබව බලා සිටින්නේය.’ (අල්කුර්ආන් 4:1)

’ඔබගෙන් ඇතැමුන්ට අල්ලාහ් අධිකව ලබා දුන් දෑ ගැන ආශා නොකරන්න. පුරුෂයින්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කාන්තාවන්ට ඔවුන් උපයාගත් දෙයින්ද, කොටසක් වෙයි. එහෙත් සෞභාග්‍යය අල්ලාහ්ගෙන් අයැදින්න. ඇත්ත වශයෙන්ම අල්ලාහ් සතුව සියලූ දෙයෙහි දැනුම තිඛෙන්නේය.’ (අල්කුර්ආන් 4:32)

දෙවියන්ගෙන් ලැබුණු උතුම් වූ ධර්මය සිය ජීවිත කාලය තුල ක්‍රියාත්මක කල මුහම්මද් තුමාණන්ගේ (එතුමාට සාමය අත්වේවා) ජීවිතය සැමටම ආදර්ශයකි. එතුමාණන් කාන්තාවන්ට සිදුවන සියලූ අපරාධ හෙලා දුුටු අතර, ඔවුන් මත බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධ විය. පිරිමින් හා කාන්තාවන්ගෙන් තමන් යටතේ සිිටින අය ගැන අල්ලාහ් ප්‍රශ්න කරනු ඇතැයි පැවසීය. තවද, එතුමාගෙන් මෙසේ පැවසීය. තවද, එතුමාණන් මෙසේ පැවසීය.

ස්තුති  WAMY SRI LANKA

‘මුහම්මද් නබිතුමාගේ අවසාන මොහොත'(කියවීමට වයස් සීමාවක් නොමැත)

”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය”
(ශුද්ධවූ අල්කුර්ආනය 39: 30).

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!

ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

නබි (සල්) තුමන්, තමන්ගේ දූත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින බව, එතුමන්ගේ දෛනික ජීවිතයෙහි අළුත් සිද්ධ් දාමයන් තුළින් සැලවිය.

සෑම වසරකම රමලාන් සමයේ දවස් දහයක් ඉඃතිකාෆ් (මස්ජිදයේ – සිද්ධස්ථානයේ නවාතැන් ගැනීමට පුරුදුවී සිටී) නබි (සල්) තුමන් අවසන් වසරේ දවස් විස්සක් රැඳී සිටීම. එම වසරෙහි අල්-කුර්ආනය දෙවතාවක් දේව දූත ජිබ්රීල් ඉදිරියේ පාරායනය කර පෙන්වීම සුවිශේෂ සිද්ධීන් අතර විය.

එතුමන් අවසන් හජ් කර්තව්‍යයෙහි දී පැවසූහ: මෙම වසරෙන් පසු යළි වරක් මෙවැනි ස්ථානයක ඔබලා හමුවෙයිදෝ යනු මා නොදනිමි. හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ මුල් භාගය වන විට උහද් පර්වතය වෙත පැමිණ ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදු තමන්ගේ මිත‍්‍රයින් වෙනුවෙන්ද, ජීවතුන් අතර සිටින මිත‍්‍රයින් වෙනුවෙන්ද ප‍්‍රාර්ථනා කළහ. තවත් එක් මධ්‍යම රාතී‍්‍රයක බකීඃ සුසාන භූමිය වෙත ගොස් එහි මිහිදන් වී සිටී අය වෙනුවෙන් සමාව ශාන්තිය අයද, අපද ඔබත් සමග ඉතා ඉක්මනින් එක්වෙමු යනුවෙන් හැඟීම් බරව ප‍්‍රකාශ කළහ.

දයාවේ උල්පත වූ නබි (සල්) තුමන් රෝගාතුර වීම:

හිජ්රි එකළොස් වැනි වර්ෂයේ සෆර් මාසයේ විසි නම වැනි දින සඳුදා දවසක බකීඃ සූසාන භුමියෙහි මිත‍්‍රයෙකුගේ දේහය මිහිදන් කර පැමිණිමින් සිටී නබි (සල්) තුමන්ට සුළු හිසරදයක් ඇති විය, හිසරදය උත්සන්න වීමත් සමග ශරීර උෂ්ණත්වයද වැඩිවිය, හිස වටේ බැඳ සිටි පටියද උෂ්ණත්වයෙන් රත් වෙන්නට විය, එම තත්වය උග‍්‍ර විය. නබි (සල්) තුමන් තදින්ම රෝගාතුර විය. සෙසු භාර්යාවන්ගේ එකඟතාවය මත එතුමන් ආයිෂා (රලි) තුමියගේ නිවහනේ නවාතැන් ගත්හ, ආයිෂා (රලි) තුමිය, එතුමන්ගෙන් උගත් මුඅව්විදාත් පරිච්වේදයන් (එනම් සූරතුල් ෆලක්, සූරතුන් නාස්) වෙනත් ප‍්‍රාර්ථනාවන් උසුරා, එතුමන් වෙත පිඹ දෙඅත් වලින් පිරිමදින්නටද වූහ.
සමුගැනීමට පෙර කළ ස්වර්ණමය දේශනයන්:
අපවත්වන්නට දින පහකට පෙර බදාදා දවසක අසනීප තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය වැඩි විය. එතුමන් භාජනයක වාඩි වී (ප‍්‍රමාණවත් යැයි කියන තෙක්) එතුමන්ට ජලය වක්කළහ.

සෞඛ්‍ය තත්ත්වය මදක් යහපත් තත්ත්වයට හැරුනු විට, සිය හිස මත පටියක් බැඳ වේදනාවෙන් පසුවෙන එම අවස්ථාවෙහි පවා මස්ජිදයට පැමිණ මින්බර් වේදිකාව මත නැග ජනතාව ඇමතුහ: පෙර පැමිණී ශාස්තෘවරුන්ගේ සොහොන් කොත් පූජනීය ස්ථානයන් බවට පත් කළ යුදෙව්වරුන්ට, කිතුවරුන්ට අල්ලාහ් දෙවියන්ගේ ශාපය ඇති වේවා! මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් නොකරන්න. පසුව වේදිකාවෙන් බැස මධ්‍යහන ලූහර් සලාතය ඉටු කර, අනතුරුව යළිත් වේදිකාව මත නැග මදීනා වැසියන් වන අන්සාරිවරුන් අමතා දේශණයක් පැවැත්වූහ, දාසයකුට අල්ලාහ් ලෞකීක භාග්‍යන් හා ඔහු අතර ඇති දැයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේය, ඔහු ස්වකීය හිමියන් ඉදිරියේ ඇති දේ තෝරාගත්තේය.

අබූ සඊදුල් හුද්රි (රලි) පවසයි: මෙය ශ‍්‍රවණය කරමින් සිටි අබූ බක්ර් (රලි) ගේ දෙනෙත් තෙත් විය. මෙය දුටු අපි, අපේ දෙමව්පියන් ඔබට කැපය, ඔබගේ මෙම කි‍්‍රයාව අප මවිත කරවන්නට විය, අපට වඩා පෘථුල දැනුමක් ඇති අබූබක්ර් (රලි) අල්ලාහ් අභියස ඇති දේ තෝරාගත් පුද්ගලයා වෙන කව්රුවත් නොව නබි (සල්) තුමන් යැයි පිළිතුරු දුන්හ.

පසුව නබි (සල්) තුමන් පැවසූහ: සැබවින්ම මිනිසුන් අතුරින් මට, ඔහුගේ මිළ මුදල්වලින්, මිත‍්‍රකමින් බෙහෙවින් උරුමකම් කියන්නේ අබු බක්ර්ය. ස්වකීය හිමියන්ට පසු මිත‍්‍රත්වය පවත්වන්නට මට කෙනෙකු සිටී නම් ඒ අබු බක්ර්ය. ඔහු සමගයි එම මිත‍්‍රත්වය පවත්වන්නේ, නමුත් ඉස්ලාමයෙහි සියල්ලන් මිත‍්‍රයින් සහෝදරයින්ය. අබු බක්ර්ගේ නමින් පිහිටී කවුළුව හැරෙන්නට සිද්ධස්ථානයෙහි සෙසු සියළු කවුළුවන් වසන්නට වූහ.

අපවත් වීමට දවස් හතරකට පෙර කරුණු තුනක් පිළිබඳ දේශණා කළහ: අරාබි දේශ සීමාවෙන් යුදෙව්වරු, කිතුවරු පිටමං විය යුතුය, විදේශ තානාධිපතිවරුන් හට තෑගි බෝග දී මා ඔවුන් පිළිගත්තා සේ ඔබද ඔවුන්ව පිළිගත යුතුය, තෙවැනි කරුණ නම් අල්-කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පිළිපැදීම, නැතහොත් උසාමාගේ නායකත්වයෙන් සේනාවක් සූදානම් කිරීම, නැතහොත් සලාතය ස්ථාපිත කිරීම හෝ ඔබලාගේ දකුණු අත හිමිකරගත් අයවලූන්ට යුතුකම් ඉෂ්ට කිරීම යන දේශණයන් විය යුතුය. එතුමන් දැඞ් අසාධ්‍ය තත්ත්වයක පසුවූවද සමුහ සලාතය අතපසු නොකළහ, මෙම දවසෙහි එතුමන් හිරු බැසීමත් සමග පටන් ගන්නා මඃරිබ් සලාතය මෙහෙයවමින් වල්-මුර්සලාත් පරිච්ඡේදය පාරායනය කළහ, ඉෂා සලාතය වේලාව පැමිණි විට එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් වීම නිසා සමූහ සලාතය සඳහා මස්ජිදයට පැමිණීමට අපොහොසත් විය, ආයිෂා (රලි) තුමියගෙන් එතුමන් විමසූහ: ජනතාව සලාතය ඉටු කළේද? නැහැ නබි තුමනි! ඔබේ පැමිණීම ඔවුන් මග බලාගෙන සිටියි, එවිට භාජනයක ජලය වක්කරන්නට අණ කළ නබි තුමන් ඉනික්බිතිව වුළුඃ (දෝවනය) කළහ, නමුත් වුළුඃ (දෝවන) නිම කිරීමත් සමග එතුමන් සිහි මුර්ජාවුනේය, යළි සිහිය පැමිණීමත් සමග මිනිසුන් සලාතය ඉටු කළේ දැයි විචාළේය? වුළුඃ (දෝවනය) කිරීමත් සිහි සුන්වීමත් යන තත්ත්වය දෙතුන් වතාවක් සිදුවිය, ඉන් පසු සලාතය මෙහෙය වීම සඳහා අබූ බක්ර් (රලි) ට නියම විය.

සෙනසූරාදා නැතහොත් ඉරිදා දවසක නබි (සල්) තුමන්, තමන්ට මද සුවයක් ලැබුණු බව සිතමින්, ලූහර් සලාතය සඳහා දෙදෙනෙකු ගේ සහය ඇතිව මස්ජිදය වෙත පැමිණෙන විට අබූ බක්ර් (රලි) සලාතය මෙහෙය වෙමින් සිටීයහ නබි (සල්) තුමන් දුටු ඔහු ආ පස්සට ඒමට උත්සහ කරන විට, එසේ නොයන ලෙස නබි (සල්) තුමන් සඥා කළහ, මා ඔහු අසල වාඞ් කරවන්න, අබූ බක්ර්ගේ වම් පැත්තේ වාඞ් කරනවනු ලැබීය, අබූ බක්ර් (රලි) නබි (සල්) තුමන්ව අනුගමනය කරමින් සලාතය කළහ, සලාතය අතර තුර තක්බීරය ශබ්ද නගා අබූ බක්ර් (රලි) විසින් කියනු ලැබිනි.

සමාජ ගැලවුම් කරුගේ අවසන් දවස:

අනස් (රලි) වාර්තා කරයි: සදුදා දින හිමිදිරි උදෑසන සලාතයෙහි අපි සිටියෙමු. අබූ බක්ර් (රලි) මූලිකත්වය ගෙන සලාතය මෙහෙයවමින් සිටියහ, නබි (සල්) තුමන් ආයිෂා (රලි) තුමියගේ කුටියේ සිට තිරය ඈත් කර එළියට පැමිණ අපව බලා මදහස් පෑහ, එවිට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් සලාතය මෙහෙයවීමට එන බව සිතා (තමන් පිටුපස ඇති) මුල් පේළියට යන්නට උත්සහා කළහ, මිත‍්‍රයින් එතුමන් දුටු පී‍්‍රතියෙන් සලාතයේ (අනවදානයෙන්) සිටියහ, මෙය දුටු එතුමන් ඔබලා සලාතය ඉටු කරන්නැයි සිනා මුසුව සඥා කරමින් තිරය වසා ගත්හ. අනතුරුව නබි (සල්) තුමන්ට තවත් සලාතයක් සඳහා අවකාශය නොලැබුනි.

උදෑසන හිරු උදාවීමෙන් අනතුරුව එතුමන්ගේ දියණිය වූ ෆාතිමා (රලි) කැඳවා යම් දෙයක් රහසින් පැවසූ විට නොදැනුවත්ම ඇයගේ දෙනෙත්හි කඳුළු පිරුණි, පසුව යළිත් කැඳවා යම් දෙයක් පැවසූ විට ඇයගේ රුව අසිරිමත් විය. ආයිෂා (රලි) තුමිය පසුව මේ පිළිබඳ ඇයගෙන් විපරම් කළ විට මුලින් එතුමන් තමන්ට වැළඳී ඇති මෙම රෝගය නිසා ඉතා ඉක්මනින් මෙලොවින් සමුගන්නා බව පැවසූ විට මා නොදැනුවත්ම ඇඬුවෙමි, පසුව මාගේ පවුලේ ඥාතීන්ගෙන් (ලෝක ජීවිතය නිමකර) මුලින් මා අනුගමනය කරමින් පැමිණෙන්නේ ඔබයි කියා පැවසු විට මා සිනාසුනෙමි. නබි (සල්) තුමන් දැඞ් අසනීප තත්ත්වයෙන් සිහි සුන් වීම දුටු ෆාතිමා (රලි) තුමිය අහෝ! මාගේ පියාණන්ට ඇතිවූ දැඩි වේදනාව කියා දුක් මුසුව පැවසූ විට (අද දිනෙන් පසු ඔබගේ පියාණන්ට කිසි දිනක වේදනාව නොදැනෙන්නේය) යනුවෙන් එතුමන් කීවේය.

වේදනාව දැඞ් විය (උග‍්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප‍්‍රධාන හේතුව විය. එතුමන් එම ඛේදනීය සිදුවීම සිහිපත් කරයි: (බිරිඳ අමතා, ආයිෂා! කයිබර් සටන් දවසේදි විෂ කවලං කළ කෑම අනුභව කිරීමත් සමග මට වේදනාවේ ලකුණු මතුවෙන්නට විය, මාගේ රුධිර නාලයන් වෙන්වී යන වේදනාවේ දරුණු අවස්ථාව හැටියට මෙම අවස්ථාව මට දැනෙන්නේය). එතුමන් අමාරුවෙන් ගත කළ අවසන් හෝරාවන්හීදීද ”සලාතය ස්ථාපිත කරන්න! සලාතය ස්ථාපිත කරන්න! ඔබගේ දකුණු අත හිමිකරගත් වහලූන්ගේ අයිතීන් සුරකින්න! යනු යළි යළි අවධාරණය කරමින් සිටීයහ.

ජන හිතකාමී නායකයකු වූ නබි (සල්) තුමන් අපවත් වීම:

නබි (සල) තුමන්ගේ බිරිඳ ආයිෂා (රලි) තුමිය එතුමන්ගේ අවසන් විනාඩි කිහිපය පිළිබඳ මෙසේ විස්තර කරයි: අල්ලාහ්ගෙන් මා ලද උසස් භාග්‍යන් නම්, නබි (සල්) තුමන් මාගේ නිවහනේ සිට, මාගේ නිවහනේ නවාතැන් ගතයුතු වාරයේ, මාගේ පපුව හා පෙනහලූ පෙදෙස මත හිස තබා සිටින විට මෙලොවින් සමුගත්හ, අල්ලාහ් මාගේ ඉඳුල් හා එතුමන්ගේ ඉඳුල් එක්කළහ, (එම සිද්ධිය ඇය විස්තර කරයි): එතුමන් අවසන් විනාඩි කිහිපය ගතකරමින් සිටින විට මාගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් සිවාක් දැහැටි කූරක් අතැතිව පැමිණූනේය, නබි (සල්) තුමන් ඔහුව නෙත්යොමා බලා සිටියේය, එතුමන්ට දත් මදින්නට අවශ්‍ය කරන බව වටහාගත් මම එම දැහැටි කූර ලබා දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් සඥා කළ විට මම එය එතුමන්ට දුන්නද එහි ඝනකම නිසා එතුමන්ට දත් මදින්නට අපහසු විය, මම එය සපා සැහැල්ලූ කර දෙන්නදැයි විමසුවෙමි? එසේය කියා හිසෙන් කියා සඥා කළහ, අනතුරුව මම එය සපා සැහැල්ලූ කර නබි (සල්) තුමන්ට දුන්නෙමි. තවත් වාර්තාවක: නබි (සල්) තුමන්, තමන්ගේ දත් වෙනදාට වඩා ලස්සනට මැන්දේය යනුවෙන් වාර්තා වෙයි. එතුමන්ට වේදනාව උග‍්‍රවූ විට අසල වූ (හමවලින් සෑදූ) වතුර භාජනයකට තමන්ගේ දෑත් ඇතුළු කර, එම තෙත් දෑත් මුහුණේ පිරිමදිමින් (”ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත, දැනගන්න! නියතයෙන්ම මරණය ආසන්නයේ ඉතා පීඩාකාරී වේදනාවක් ඇත) යනුවෙන් පැවසූහ. එතුමන් දත් මැඳීම නිම කිරීමත් සමග තම දෑත් නැතහොත් ඇඟිලි ඉහළට ඔසවමින්, එතුමන්ගේ දර්ශනය ද ඉහළට එසවුනේය, දෙතොල් යාන්තමින් සෙලවෙන්නට විය. ආයිෂා (රලි) තුමිය එයට සියුම් ලෙස ඇහුම් කන් දෙමින් පවසයි: (හිමියනි! ඔබේ ආශිර්වාදය ලද් භාග්‍ය වන්තයින් වන ශාස්තෘවරුන්, සත්‍ය වන්තයින්, දිවි පිදු ෂුහදාවරුන්, ශ‍්‍රද්ධාවන්තයින් සමග මා ස්වර්ගයේ එක්කරන්න. මාගේ පාපයන් කමා කරමින් මා හට දයාව දක්වන්න, උසස් මිත‍්‍රයින් සමග මා ස්වර්ගයේ පත් කරන්න එය මට ලැබෙන ඉතා උසස් භාග්‍යකි.) අවසන් වැකි තුන නැවත නැවත පවසමින් සිටීයහ, එතුමන්ගේ දෑත් පහත්විය, උසස් මිත‍්‍රයින් සමග එතුමන් එක්විය. (ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්) නියත වශයෙන් අපි අල්ලාහ් වෙනුවෙන්ය, නිසැකයෙන්ම ඔහු වෙතටම අපි යළි කැඳවනු ලබන්නෙමු.

මෙම අසුභ ආරංචිය මදීනා නගරය පුරා ඉතා සීග‍්‍රයෙන් පැතිර යෑමත් සමග මුළු නගරයම අඳුර වෙලා ගන්නට විය, අනස් (රලි) පවසයි: නබි (සල්) තුමන් මදීනා නගරයට පිවිසුනු එම ප‍්‍රථම දිනයෙහි මදීනා නගරය ආලෝකමත්ව පැවතුනු ආකාරයට කිසිම දිනක් මා නොදුටුවෙමි. නබි (සල්) තුමන් අපවත්වූ එම දිනයෙහි මදීනා නගරය වෙලාගත් එම අඳුර මෙන් කිසිම දිනක් මා නොදුටුවෙමි. එතුමන් පරලෝසැපත්වූ විට එතුමන්ගේ සෙනෙහවන්ත දියණිය වූ ෆාතිමා (රලි) තුමිය මෙසේ පවසන්නට විය: හිමියන්ගේ ඇරයුම පිළිගත් මාගේ පි‍්‍රයාදර පියාණනි! සෞබාග්‍යමත් ෆිර්දව්ස් ස්වර්ගය තමන්ගේ නවාතැන කරගත් මාගේ පියාණනි! මෙම මරණ දැන්වීම දේව දූත ජිබ්රීල් වෙත අපි දන්වමු මාගේ පියාණනි!

අබු බක්ර් (රලි) අශ්වයෙක් මත තමන්ගේ ”සුන්හි” පිහිටා ඇති නිවසේ සිට පැමිණ, මස්ජිදයට (සිද්ධස්ථානයට) ඇතුල් වී කිසි කෙනෙකු සමග කථා නොකර ආයිෂා (රලි) ගේ නිවසට ඇතුල් වී යමන් දේශයේ වස්ත‍්‍රයකින් වසාතිබු නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය, එහි වස්ත‍්‍රය ඉවත් කර එතුමන්ගේ සෞන්දර්යමත් රුව සිපගෙන කඳුළු සලමින්, මාගේ මව හා පියා ඔබට කැපය! අල්ලාහ් ඔබ මරණයන් දෙකක් මත එක් කළේ නැත, ඔබට නියමවූ මරණය ඔබ භුක්ති වින්දේය යනුවෙන් පැවසූහ.

තවත් ශ්‍රේෂ්ඨ මිත‍්‍රයෙක් වූ උමර් (රලි) ජනතාව අමතමින් (නබි (සල්) තුමන් මරණයට පත්නොවූ බව කියමින්) සිටි ස්ථානයට අබූ බක්ර් (රලි) පැමිණ උමර්ට වාඞ් වෙන්නට කීහ, නමුත් උමර් එය ප්‍රෙතික්‍ෂෙප කළ විට අබූ බක්ර් (රලි) අල්ලාහ් ප‍්‍රශංසා කර ජනතාව ඇමතූහ, උමර් (රලි) තුමන් වෙත අවදානය යොමු කරමින් සිටී ජනතාව, අබූ බක්ර් (රලි) තුමන් දෙස හැරෙන්නට වූහ, ”ඔබලාගෙන් යමෙකු මුහම්මද් (සල්) තුමන්ට යාඥා කළේ නම් මුහම්මද් මිය ගිය බව දැනගන්න. ඔබලාගෙන් කෙනෙකු ශක්ති බල සම්පන්න අල්ලාහ්ට යාඥා කරන්නේ නම් ඔහු කිසි දිනක මිය නොයන සදාතනිකයෙක් බව දැනගන්න! අල්ලාහ් මෙසේ පවසයි: ”තවද මුහම්මද් දූතවරයෙකු මිස නොමැත, ඔහුට පෙරද නොයෙක් දූතවරු පැමිණ ගියහ, ඔවුන් මරණයට පත්වූයේ නම් නැතහොත් ඝාතනයට ලක්වූයේ නම් තොපි තොපගේ පැරණි පාද සළකුණු මත පෙර ආගම්වලට හැරෙන්නේද? එසේ කව්රුන් පැරණි ආගම්වලට හැරෙන්නේද එයින් දෙවියන්ට කිසිදු හානියක් නොවන්නේය. ඔහු (අල්ලාහ්) කළ ගුණ දත් අයට ඉතා ඉක්මනින් ප‍්‍රතිඵල දෙන්නේය.” (ශු අල්කුර්ආනය 4:144).

උමර් (රලි) තුමන් අල්ලාහ් මත දිවුරා පැවසු බව ඉබිනුල් මුසය්යබ් පවසයි: අබූ බක්ර් (රලි) ඉහත සඳහන් අල්-කුර්ආන් පාඨය පාරායනය කළ විටයි, එවැනි පාඨයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වී තිබීම මට සිහියට නැගුනේ, එයත් සමග මට ඇතිවූ කම්පාව වචනවලින් කිව නොහැක, නබි (සල්) තුමන් මෙලොවින් සමුගත් බව මම දැනගත් විට මාගේ පාදයන්ගේ වීරිය නැතිවී මා පොළොවත් සමග සේන්දුවුනෙමි.

නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කිරීම!

එතුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කරමින් සිටින අතරවාරයේ නායකත්වය පිළිබඳ සාකච්ඡුාව මතුවිය, ”සකීෆතු බනී සාඉදා” යන ස්ථානයෙහි මුහාජිර්වරු(මක්කා වැසියන්), අන්සාරිවරු (මදීනා වැසියන්) අතර නායකත්වය පිළිබඳ සාකචිඡුාව ඉතා තියුණු ලෙස පැවැත්විණි, නමුත් අවසානයේදී අබූ බක්ර් (රලි) තුමන් නායකත්වයට සුදුසු පුද්ගලයා යැයි තීරණය කළෝය. සඳුදා දිනය මේ ආකාරයට ගත විය, නබි (සල්) තුමන්ගේ ශුද්ධවූ දේහය අවසන් ගෞරවය සඳහා එතුමන්ගේ නිවහනේ (යමන් දේශයේ) වස්ත‍්‍රයකින් වසා තිබිනි.

අඟහරුවාදා දින එතුමන්ගේ දේහය ස්නානය කරමින්, සුදු කපු වස්ත‍්‍ර තුනකින් කෆන් ඇන්දවූවෝය, (එම ඇඳුම් අතර කමීසයක් හෝ හිස් වැසුමක් නොතිබිනි) දේහය තබා තිබූ ස්ථානයට දහදෙනා දහදෙනා බැගින් ඇතුල් වී එතුමන්ට ජනාසා සලාතය ඉටු කළහ, ජනාසා සලාතය සමූහ සලාතයක් මෙන් පැවැත්වුනේ නැත. මුලින්ම එතුමන් වෙනුවෙන් සලාතය ඉටු කළේ පවුලේ ඥාතීන්ය, පසුව මුහාජිර් වරුය, පසුව අන්සාරි වරුය, පිරීමීන්ට පසු කාන්තාවන්ය අනතුරුව කුඩා දරුවන්ය.

එතුමන්ගේ ආදාහන කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මතභේද මතුවූ විට අබූ බක්ර් (රලි), නබි (සල්) තුමන් මෙසේ පවසා ඇති බව පැවසූහ: ”කිසිදු නබි (ශාස්තෘ) වරයෙකු මරණයට පත්වූ විට මරණයට පත් එම ස්ථානයේ මිස මිහිදන් නොකළ යුතුය.” අනතුරුව අබූ තල්හා (රලි) එතුමන් අපවත්වූ එම ස්ථායයෙහි ආදහන කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කළහ. එම දවසෙහි මධ්‍යම රාති‍්‍රයෙහි එතුමන්ගේ ආදහන කටයුතු සිදුවිය. එතුමන් මෙලොවින් සදහටම සමුගත්තේය. එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා කරුණාව හිමිවේවා!

මෙම ලිපිය පිළිබඳ!

මහාත්මා පුරුෂයකුවූ නබි (සල්) තුමන්ගේ අපවත් වීම හා එයත් සමග බැඳී පවතින සිද්ධි දාමයන්, තවද එතුමන්ගේ අවසන් සමයෙහි, එතුමන් සමාජයට කළ ස්වර්ණමය දේශණයන් මෙම ලිපිය මගින් සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කළ ඇත. තවද අපේ ජීවීතේට එන්නත් කළ ගත හැකි ආදර්ශමත් කරුණු රාශියක් අන්තර් ගතවී තිබීම මෙම ලිපියේ තවත් සුවිශේෂත්වයකි.

මෙම ලිපියෙන් අපි උගත යුතු දේ!

ඔබට විවිධ අර්බුද, කරදර, පීඩන මතුවන අවස්ථාවන්හීදී නබි (සල්) තුමන්ගේ වෙන්ව යෑමේ අවස්ථාව සිහිපත් කරගන්නේ නම් ඔබගේ එම පීඩනයන්හි සැහැල්ලූ ගතියක් දැනෙන්නේය, නබි (සල්) තුමන්ගේ පවුලේ ඥාතීන්ට මිත‍්‍රයින්ට දරාගන්නට බැරි ශෝක ජනක සිද්ධියක් තිබේ නම් එය නබි (සල් ) තුමන්ගේ අපවත් වීමයි, එම අසුභ ආරංචිය පවා එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රයින් ඉතා අසීරුවෙන් හෝ ඉවසා ගත්හ. අබ්දුර් රහ්මාන් ඉබ්නුල් කාසිම් වාර්තා කරයි: ”මුස්ලිම් සමාජයට මුහුණ දීමට සිදුවන පීඩනයන්ගෙන් ඉතා ප‍්‍රබලතම පීඩනය මාගේ සමූගැනීමෙන් ඇතිවන පීඩනය යැයි” නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ (මූලාශ‍්‍රය: මුවත්තා).

ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: නබි (සල්) තුමන් තිරය ඈත් කර බලන විට තමන්ගේ සිය මිත‍්‍රයින් අබූ බක්ර් (රලි) පෙරටු කොටගෙන සලාතය කරමින් සිටීයහ, මෙම ප‍්‍රීතිමත් දර්ශණය දුටු නබි (සල්) තුමන්, අල්ලාහ්ට ප‍්‍රශංසා කර ඔහුගේ නායකත්වය යටතේම සමාජය පෙළ ගැසෙන්නට පි‍්‍රය කළහ, පසුව පැවසූහ: ”ජනයිනි! යම් කිසි විශ්වාස වන්තයෙකුට පීඩාකාරී තත්වයන් මතුවන විට ඔහු මාගේ අපවත් වීමෙන් සමාජයට ඇතිවන පීඩනය සිතාබලා සැනසිලි විය යුතුය. මාගේ වෙන්වයාමෙන් ඇතිවූ පීඩනය අභිබවා යන වෙනත් පීඩනයක් මාගේ සමාජයට නොමැත. මාගේ වෙන්ව යාමත් සමග ඇති වන පීඩනයට වඩා වෙනත් ප‍්‍රබලතම පීඩනයක් මාගේ සමාජයට ඇතිවන්නේද නැත.”

අපේ නායකයානනි!
අපේ ශාස්තෘවරයානනි!
මුළු ලොවටම මෛති‍්‍රයක් වූ උත්තම පුරුෂයානනි!
විශ්වාස වන්තයින්ගේ ප‍්‍රාණයටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයානනි!
ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා!
කෙටියෙන් යොදා ඇති වචන මෙසේ කියවන්න:

(සල්) සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් – තේරුම: අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය එතුමන්ට උදාවේවා
(රලි) රලියල්ලාහු අන්හු. කාන්තාවන් සඳහා රලියල්ලාහු අන්හා – තේරුම: අල්ලාහ්ගේ තෘප්තිය එතුමන්ට හෝ එතුමියට ලැබේවා.

සකස් කිරීම: අෂ්ෂෙයික් සෆියියුර් රහ්මාන් මුබාරක් ෆූරී

පරිවර්තනය: අබූ අස්මා

ස්තුතිය :www.yayuthumaga.com

ඉස්ලාමයේ කාන්තාව -නිතර අසනු ලබන ප්‍රශ්න 25ක්

1.ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් ඉස්ලාම් ඩර්මයෙ සම ස්ථානයක් තිබේද?

ස්ත්‍රීන් හා  පුරුෂයන් හට ස්වාභාවිකව පිහිටා ඇති ශාරීරික වෙනස්කම් සෙලකිල්ලට ගනිමින් ඔවුනතර සමානාත්මතාවයක් හා සාධාරණත්වයක් ඇති කිරීම ඉස්ලාම් ධර්මයෙ ප්‍රධාන අරමුණුවලින් එකකි.දෙවියන් කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඔවුන්ගේ ස්වාභාවික පිහිටීම් අනුව ඇතැම් යුතුකම් හා අයිතිවාසිකම් හිමිකර දී ඇත්තේය.මේ සියල්ල ගැහැණු පිරිමි එකිනෙකාට අනෝන්‍යය අවශයතාවයන් ඉටු කරගන්නා අන්දමින් දෙවියන් විසින් නිර්මාණය කර තිබෙන හෙටි දෙකිය හැක. මෙම ස්වාභාවික ලිංගික හැගීම්වලින් ඉවත්වෙමින් පිරිමියෙකු හෝ කාන්තාවක් හෙසිරෙන්නට පටන් ගන්නවාත් සමඟම එහි අස්වාභාවික හා අසංවරභාවයන් ඇති වී ලොවේ නොයෙකුත් කලබල එතිවනු දෙකිය හැක. දෙවියන් අහභියස මෙම දෙවර්ගයාම සමාන වුවද ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම ශාරීරික වශයෙන් වෙනස්වන නිසා ඔවුනොවුන්ට ඇති සීමාවන්ද වෙනස් හා අසාමාන බව පිළිගත යුතුය ඒ අනුව සමාජයෙ හෙසිරීමද නිර්දෙශිත වීම අවශ්‍යවනවා පමණක් නොව එසේ වීම ඉතා මනස්කාන්තද වන්නේය.ඉස්ලාමිය දෘෂ්ටිකයකින් හෙවත් යථාර්තව බලන කල ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාගේම   ඕනෑ එපාකම් එකිනෙකා කෙරෙහි අනොන්‍යයව පිහිටා ඇති බව පෙනී යනු ඇත.

කෙසේ වුවද දෙවියන්ට වගකීම් ඉටු කිරීම අනුව ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම සමානවෙති.මුහම්මද් වක්තෘවරයාණන්ට අල්ලාහ් දෙවියන් විසින් අනාවරණය කරන්නට යෙදුනු අල්-කුර්ආනයේ කිහිප අවස්ථාවකම මිනිසුන්ගෙ ලෞකික ක්‍රියාකලාපයන් සදහා එලොව දෙනු ලබන විනිශ්වයන්ට මනුෂ්‍යයාගේ ලිංග භේදයන් කිසිසේත්ම බල නොපාන බව අවධාරණය කරනු දැකිය හැක.මෙයට එක් සාධාකයක් ලෙසින් ශුද්ධ වු අල්-කුර්ආනයේ වැකියක් මෙහි ඉදිරිපත් කරමු.

“මාගේ මාර්ගයේ ක්‍රියාකිරීමට වෑයම් කරන්නන් -ඔවුන් පුරුෂයින් හෝ ස්ත්‍රීන් වේවා ඔවුන් වෙතින් මගේ අවධාණය මා ඉවත් නොකරන්නෙමි”(3:195)

මෙ අනුව දැනුම ලබා ගැනීමද ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම පොදු වන්නේය.විවාහ දිවියේද ස්ත්‍රී පුරුෂ දෙකොටසම ඔවුන් ස්භාවයෙන්ම සමාන වන සියළු ඉසව්වල සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.  එහෙත් ඔවුන්න් පිහිවීම අනුව වෙනස් වන ඉසව්වල ඔවුන් සදහා වන නිර්දෙශයන්  වෙනස් වනු ඇත.නැණවත් ලෝකයාද මෙම තත්වය පිලිගනු ඇත. ඉස්ලාමීය ආගමික වතාවන් ඉටු කිරීමේදිද ස්ත්‍රී පුරුෂ ශාරීරික පිහිටීම් අනුව ඔවුනොවුන් සදහා වන ප්‍රායෝගික නිර්දේශයන්ද වෙනස් බව දෙකිය හැක.මෙහිදි කාන්තාවට ඇති යම් අපහසුතාවයන් සැළකිල්ලට ගෙන ඇයට ඇතැම් සහන නිර්දේශ කර ඇති අතර එම පහසුකම් පුරුෂන්ට නොදෙන ලදී. පවුල නඩත්තු කිරීමෙ වගකීම පැවරී ඇත්තේ පුරුෂයාට,දේපල උරුම නීති සංග්‍රහයෙ වෙඩි කොටසක් හිමිවන්නේද පිරිමියාටය.ඉස්ලාමය මෙලෙස උරුම නීති සම්පාදනය කර ඇත්තේ ස්වාභාවික පිහිටීම් අනුව හා වෙනස්කම් අනුවය.(අල්කුර්ආන් පරි:15)

2.පවුල් ජීවිතයෙ  පුරුෂයාගෙ හා කාන්තාවගෙ භුමිකාවන් මොනවාද??

අල්-කුර්ආනයේ සඳහන් වන පරිදි විවාහ ජීවිතයකට එළඹෙන පුරුෂ ස්ත්‍රී සමාගමය-ආදරය කරුණාව හා සෙනසීම තෙමා කරගන්නකි.

“ඔහුගෙ(දෙවියන්ගේ) ප්‍රාතිභාවයන් අතුරින් මෙයද එකකි ඔබලාගෙ කලත්‍රයන් ඔහු ඔබලා වෙතින්ම බිහි කළේය.මේ අනුව ඔබලා  එකිනෙකා කරා ඇදී යනු ඇති අතර  ඔහු ඔබලා අතර ආලය හා කරුණාව ඇති කරන්නේය”(30:21)

තවත් තැනෙක අල්-කුර් ආනයේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳ මෙසේ සඳහන් වේ.

“ඔවුන් ඔබලාගෙ වස්ත්‍රයන් වන අතර ඔබලා ඔවුන්ගෙ වස්ත්‍රයන් වෙති”(21:187)

ඉස්ලාම් ධර්මය අනුව පවුල් සංස්ථාවක ඉපැයීමේ වගකීම පැවරෙන්නෙ පුරුෂයාටය.පිරිමියා මෙ අනුව තම පවුලේ සියළුම කාරණා පිළිපඳ ප්‍රශ්න කරනු ලබයි.කණ්ඩායමකට නායකත්වයක් අවශ්‍ය වන්නාසේ පවුලකටද නායකත්වයක් හෙවත් මග පෙන්වීමක් අවශය වන්නේය.පවුලේ ඇතිවන ගෙටලුවලට අවසාන තීරණය විය යුත්තෙ එම නායකයා වන පුරුෂයා වෙතිනි.පුරුෂයාගෙ මෙම වගකීමෙ  භුමිකාව කුර්ආන් වැකි පමණක් නොව බොහෝ නබි වදන්වලින්ද සනාථ වුනු දෙකිය හැක.එක් නබි වදනක මෙසේ කියවේ.

“ඔබලාගෙන් පරිපූර්ණ පුද්ගලයා යහපත් වරිතයෙන් හෝ උසස් ගුණාංගවලින් සපිරි පුද්ගලයා වන්නේය.තවද ඔබලගෙන් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය පවුල හොඳින් රැකබලා ගන්නා වේ”

බිරිදකගේ වගකීම වන්නේ සිය සැමියාට අවනත වෙමින් පවුල් ජීවිතය සාමකාමීව ගෙනයෑමට පුරුෂයාට සහය වීමය.දරුවන් බිහිකිරීම ඔවුන්ට මව් කිරි පෙවීම ඇතුලු ඔවුන් හදා වඩා ගැනීමෙ උතුම් කාර්යභාරයේ වැඩි කොටසක් දරමින් සැමියාට උපකාරි වීම යනාදිය බිරියකගේ ස්වාභාවික පිහිටීම අනුව වන කටයුතු අතර වන්නේය. මෙමගින් දරුවන් හදාවඩා ගන්නා රාජකාරියේ පුරුෂයාට කිසිදු වගකීමක් නැත යන අදහස සත්‍ය නොවේ.ඔහුටද මෙහි දී ඇත්තේ ඉතා වෙදගත් කොටසකි.එය එලෙසින්ම ඔහු ඉටු කළ යුතුය.

3. මවක් හැට්යට මුස්ලිම් කාන්තාවකගේ වගකීම් කුමක්ද?

මවකට ඉස්ලාම් ධර්මයෙ ඇත්තේ ඉතා උත්තරිතර ස්ථානයකි.දරුවෙකුගේ ආරම්භ වසර කිහිපය තුල මවකට ඇති කාර්‍‍යභාරය පුළුල් වනවා පමණක් නොව එය අද්විතීයය.එය දරුවාගේ ජීවිතයේ ඉදිරි ගමන නිශ්වය කරන්නකි.අල් කුර් ආනයෙ නිර්දේශිත පරිදි(2:233) මව් කිරි පෙවීම ඉතා උසස් කාර්‍‍යයක් වන අතර මෙමගින් දරුවා සහ මව අතර ඉතා උතුම් රුධිර බන්ධනයක් ගොඩ නැගේ.දෙමාපියන් හා දරුවන් අතර ගොඩනැගෙන සමාගමය පිළිබඳ ශුද්ධ ග්‍රන්ථයේ සවිස්තරාත්මකව සඳහන් කර ඇත(31:14) තවද දරුවෙකු පිළිසිද එම දරුවා ලොවට බිහි කරන තුරු හා එම දරුවා යහපත් කෙනෙකු ලෙසින් හදාවඩා ගන්නා තුරු මවකට ඇති මහන්සිය හා වෑයම කුර් ආනය ඉතා ඉහලින් අගයයි.විවාහ බන්ධනයෙන් වෙන්වු මවකත දරුවාට සිය කිරි පොවා නඩත්තු කිරීම සඳහා දික්කසාදවු සිය සැමියාගෙන් මුල්‍ය සහන ඉල්ලා සිටීමෙ අයිතියද ඉස්ලාම් ධර්මය තහවුරු කරයි(65:6).

දෙමවුපියන් අතර මවකට ඇති වැදගත්කම කෙතරම්දැයි විස්තර කරන නබිවැකියක ප්‍රමුබත්වය තෙවරක්ම මවට දිය යුතු බව අවධරණය කර ඇති අතර සිව්වැනි ස්ථානය පියෙකුත දීම ප්‍රමාණවත් යයි උපදෙස් දී තිබිම දැකිය හැක.සමීපතර නෑයන්ට දෙනු ලැබ ඇත්තෙ ඉන් පසුවන ස්ථානයන්ය.

4.ඉස්ලාමිය ආගමික වතාවන් සියල්ලන්ම කාන්තාවන්ටත් අනිවාර්යවන්නේද?

ප්‍රතිපත්තිමය වශයෙන් ස්ත්‍රී  පුරුෂ දෙකොටසම සලාත් වන්දනය රමළාන් උපවාසය හජ් වන්දනා ගමන සකාත් දන්දීම යන සියල්ල සමාන වගකිම් වේ.

“පුරුෂ හා ස්ත්‍රී විශ්වාසිකයන් සියල්ල එකිනෙකාට සහය වෙති.ඔවුන් සියල්ලන්ම යහපත් ක්‍රියා උනන්දු කරති,නපුරෙන් වලකති,වන්දනය නොකඩවා ඉටු කරති,දන් දෙති,තවද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගෙ ධර්මදූතයානන්හට අවනතද වෙති”(9:71)

නමුත් සලාත් වන්දනය හා උපවාසය විෂයෙහි ඔවුන්ගෙ ශාරීරික පිහිටිවීම අනුව ඉස්ලාම් ඨර්මය කාන්තාවන්ට ඇතැම් සහන නිර්දෙශ කරයි.මාසික ඔසප් වීමෙන් හා දරු ප්‍රසූතියෙන් පසුව ඇති කාලයෙහි සලාත් වන්දනය හා රමළාන් මාසයේ උපවාසයන් සම්බන්ධයෙන් කාන්තාවන්ට සහනයන් ඇත.මෙම කාලයේ තිබෙන අපහසුතා නිසා අතපසු කළ උපවාසයන් පසුව ඉටු කල යුතු වුවද?සලාතයන් නැවත ඉටු කිරීම කාන්තාවන්ට අවශය නොවේ.

5.මුස්ලිම්  කාන්තාවකට තමන් කෙමති පුරුෂයෙකු  විවාහය සදහා තෝරා ගෙනීමේ නිදහස තිබේද? 

සෙබවින්ම මුස්ලිම් ස්ත්‍රීයයකට සිය සැමියා තෝරා ගැනීමේ අයිතිය ඇත.ඇයගේ පූර්ණ කැමැත්ත නොමෙතිව ඇයට විවාහයක් සඳහා කිසිවෙකුට බල කල නොහැක.එවැනි විවාහයක් වලංගු එකක් හැටියට ඉස්ලාම් ධර්මය පිළිනොගනී.නමුත් කරුණු කාරණා දන් වෙඩිහිටියන් මෙවන් බැරූරුම් කටයුත්තකදී ඉදිරිපත් වීම සුදුසු හෙයින්ද මනාලයා පිළිබඳ හොඳින් විපරම් කිරීම වඩාත් හොඳින් කල හැක්කේ ඔවුන් විසින්.මුස්ලිම් විවාහයන් බහුලව සිදු කෙරෙන්නේ වෙඩි මහල්ලන්ගේ සහභාගිත්වයෙනි.එසේ වුවද මනාලියගේ පුර්ව කැමැත්ත විමසිය යුතු යන්න ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය උපදෙසකි.විවාහයෙන් පසුව සිය පෙළපත් නාමය දැරීමේ අයිතියද ස්ත්‍රීයට හිමිය.

6.ඉස්ලාමිය විවාහයකදී දෑවැද්ද දිය යුත්තෙ මනාලිය නොව මනාලයා යයි පැවසේ.මෙය විස්තර කළ හෙකිද? 

ඉස්ලාමිය විවාහයකදී මනාලයා සිය මනාලියට “මහර්” නමින් ආපසු කිසිවිටෙක නොඉල්ලන දීමනාවක් දීම අනිවාර්‍‍ය වගකීමකි.මුදලින් හෝ වටිනා අන් දෙයක් මගින් දිය හැකි මෙම “මහරය” පිළිබඳ අල් කුර් ආන් නිර්දේශයන්ද ඇත.(4:4) මෙසේ දෙනු ලබන දෙය මනාලියට හැර ඇගේ පියා ඇතුළු කිසිවෙකුට හිමිකමක් නොමැත.මෙම “මහර්” දීමනාව කුමකින් විය යුතුද යන්න හා එහි අගය කොපමණ විය යුතුද යනාදිය තීරණය කිරීමෙ අයිතිය විවාහ බන්ධනයට ඇතුලත් වන ස්ත්‍රී සතුය.මෙම දීමනාව හැකි පමණ වැඩියෙන් දෙන මෙන් උනන්දු කරන හා එසේ දුන් දෙය “කන්දක් තරම්” වුවද එය දික්කසාදවු විටද ආපසු සැමියා නොඉල්ලා සිටින ලෙසින්ද අවවාද කරන නබි වදන් බොහෝ ඇත.මෙම නිර්දේශය කුර් ආන් වැකියකින්ද(2:229) සනාථ වේ.

7.මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් නොවන පුරුෂයෙකු හා විවාහ විය හැකිද?

විවාහයට හා පවුල් සංස්ථාවට ඉස්ලාම් ධර්මයේ ඇත්තේ වැදගත් ස්ථානයකි.මෙම බන්ධනයන් සමාජයේ වැදගත් ඉසව් වන අතර මිනිස් සමාජය නොකඩවා පැවතීමට මෙම අංශවලින් වන දායකත්වය ඉමහත්ය.එවැනි පිවිතුරු බන්ධනයක් සඳහා යුවලක් කරුණු කිහිපයක් මත එක්සත් හා එක්සිත් වීම අත්‍යාවශ්‍ය බව නොකිව මනාය.කෙනෙකු අදහන ආගම ජීවිතයේ වැදගත් කොටසකි මෙනිසා මුස්ලිම් ස්ත්‍රීයකට මුස්ලිම් පුරුෂයෙකුම ලැබීම වඩාත් සුදුසුය.පවුල් ජීවිතයේ ව්‍යාකුලත්වයන් අවම වීමත මෙයම යෝග්‍ය වන්නේය.නැත්තම් ප්‍රතිවිරුද්ධ දිසාවන්ට අදින ගොන් බානක් බැඳි කරත්තයකට නැග සිතින්නන්ගේ තත්වයට සමාන අසරණ තත්වයකට එම යුවලගේ දරුවන් පත් වනු ඇත.මුස්ලිම් නොවන පුරුෂයෙකු සිය මුස්ලිම් බිරිඳගේ ආගමික කටයුතුවලටද වැට තහංචි දැමිය හැක.මෙකී නොකී කරුණු නිසා මුස්ලිම් කාන්තාවක් අන්‍යාගමිකයෙකු විවාහ කර ගැනීමට අනුමැතිය නොමැත.නමුත් මුස්ලිම් පුරුෂයෙකුට මුස්ලිම් නොවන යුදෙව් හෝ කිතුනු ආගමික ස්ත්‍රීයක් විවාහ කර ගත හැක.මෙම අනුමැතියට ප්‍රධාන හේතුව මුස්ලිම් පුරුෂයෙකුගේ ආගමික වතාවන්වලින් ඉවත් කිරීමට එම අන්‍යාගමික බිරිඳ පොහොසත් නොවනු ඇත යයි බොහෝ සෙයින් විශ්වාස කළ හැකි නිසා විය හැක.

8.බහුභාර්‍‍ය සේවනය හෙවත් එකකට වෙඩි සංඛ්‍යාවක් බිරියන් එක විට විවාහ කරගැනීමේ අනුමැතියේ පසුබිම කුමක්ද?

ප්‍රතිපත්තිමය වශයෙන් ඉස්ලාම් ධර්මය එකවර බිරියන් සිව්දෙනෙකු සමග විවාහ ජීවිතය ගත කිරීමට අනුමැතිය දෙයි.මෙය මුස්ලිම් නොවන අය පවා දන්නා කරුණකි.ඒ කිසිවෙකුට නොපෙනෙන හෙවත් ඔවුන් විමසීමට උනන්දු නොවන කරුණු කිහිපයක් මෙහි දකින්නට ඇත.ඒවා නම් මෙම අනුමැතියට පෙර සැළකිය යුතු නොයෙකුත් වැදගත් කොන්දේසිත් තිබීමය.පළමුව මෙවැනි අවශ්‍යතාවයක් පිරිමියෙකුත ඇති විය හැකි තත්වයන් ගැන බලමු.අල් කුර් ආනයේ මෙ පිළිබඳ මෙසේ සඳහන් වෙයි.

“අනාථ ස්ත්‍රීයන් විවාහ කර ඔවුන් විෂයෙහි සාධාරණය ඉතු කරන්නට නොහැකි යයි ඔබ වුවහොත් එවිට(අන්) ස්ත්‍රීයන්ගෙන් ඔබ කැමති අය දෙදෙන බැගින් හෝ තිදෙන බැගින් හෝ සිව් දෙනා බැගින් විවාහ කර ගන්න.ඔවුන් සියල්ලන් සමානව නඩත්තු කළ නොහෙකි යයි ඔබ සිතන්නට හේතු ඇත්තම් එක් ස්ත්‍රීයක් පමණක්(විවාහ කර ) ගන්න.(එසෙත් නැත්තම්)ඔබගේ සුරතින් හිමි කර ගන්න.වහල් ස්ත්‍රී ප්‍රමාණවත් කරගන්න.”(4:3)

මෙ අනුව සාධාරණය ඉටු කිරීම හා සමානව නඩත්තු කිරීම බහු විවාහයේ ප්‍රධාන කොන්දේසියන් බව දැනගත යුතුය.එයත අපොහොසත් පුද්ගලයන්ත බහු විවාහය සම්පූර්ණයෙන්ම තහනම් බවද සැළකිය යුතුය.බහු විවාහයක අවශ්‍යතාවය තීරණය වන්නෙ පුද්ගලයාගේ ශාරීරික පිහිතීම අනුවය.ශරීරික අවශ්‍යතාවයන් හා ආර්ථික හැකියාවන් ඇති අය වැන්දඹු කාන්තාවන් විවාහ කර ගත හැක.එසේ අසරණ වන කාන්තාවන් ඕනෑම සමාජයක සිටිති.ඉස්ලාමීය රීතීන් අනුව කෙනෙකු විවාහ කරගන්නා සියළුම කාන්තාවන්ට සම අයිතීන් ඇති නිසා කිසිදු නීතිමය අගයක් හෝ අයිතිවාසිකමක් නැති තත්වයකින් යමෙකුගේ අනියම් බිරියක්ව අවිනිශ්විත දිවියක් ගත කරනවාට වඩා විවාහක බිරිඳක්ව ජීවත්වීම සෑම අතින්ම ආරක්ශ සහිතය.සමාජයේ පිළිගැනීමක් හා ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුත් මෙම බහු විවාහයත් ඒ ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුන් මෙම බහු විවාහයන් ඒ හා බැඳි වගකීම් හා කොන්දේසි නිසා මුස්ලිම් සමාජයේ වුවද බහුලව සිදු නොවන්නක් බවද දැකිය හැක.මුළු මහත් මුස්ලිම් ලෝකයාට ජීවමාන නිදසුනක් වන මුහම්මද්(සල්) තුමන්ද සිය පළමු බිරිඳ වන කදීජා තුමිය විවාහ කර ඇය සමඟ පමණක් ඇයගේ මරණය තෙක් වසර 25 ජීවත් වූහ.ඉන් පසුවද එතුමන් විවාහ වු කාන්තාවන්ගෙන් තරුණියකත සිතියේ ආයිෂා මව්තුමිය පමණි.අන් සියල්ලන්ම වැන්දඹු කාන්තාවන් වූහ.

9.මුස්ලිම්  කාන්තාවකට බහු විවාහයේ අනුමෙතිය නෙත්තේ මන්ද ??

ඉස්ලාම් මිනිස් ස්වභාවය අනුව ගමන් ගන්නා ලබිදියකි.සාමාන්‍යයෙන් ගත කල එක් ස්ත්‍රීයක් පුරුෂයන් කිහිප දෙනෙකු සමග විවාහ වීම යනු නොඇසු   විරූ දෙයකි.තවද එය ප්‍රායෝගිකද නොවන්නේය.ඉතා අසංවර ගෙහෙණියක් මිස අන් කිසිදු කාන්තාවක් තමන්ට මේවැනි ආශාවක් තිබෙන බවක් කීමට පවා පසුබට වනු ඇත.මේවැනි අස්වභාවික කරුණක් ඉස්ලාම් ධර්මය අනුමත නොකිරීම විමතියට කරුණක් නොවේ.

මෙහෙදී කැපී පෙනෙන  තවත් කාරණයක් ඇත.එනම් පවුල් සංස්ථාවක නඩත්තුවේ වගකීම ඇත්තා පිරිමියාය.එම වගකීම ඔහු එක සිතින් කරන්නට ප්‍රධාන කාරණාවක් හෙටියට දරු සෙනෙහස කිව හෙක.මේ අනුව යම් ලෙසකින් තම භාර්යාව වෙදු දරුවන්ගේ පිතෘත්වයේ සෙකයක් ඇතිවු විට එම පවුලේ සමගිය බිදී යනු අප කොතෙකුත් දකින්නෙමු.කරුණු මෙසේ තිබියෙදී එක් ස්ත්‍රීයක් පුරුෂයින් කිහිප දෙනෙකු විවාහ කර ජීවිතය ගෙන යයි නම් ඇය සමග ගත කරන දින ගණන(රැය ගණන ?) පිළිබද එම පුරුෂයන් අතර නිතර කෝලාහල ඇති විය හෙක.එපමණක් නොව ඉපදී සිටින දරුවන්ට නඩත්තු දිය යුත්තේ කව්රුන්දෙයි නිතර අවුල් ඇති වීමද වෙළක්විය නොහැක.මෙකී කරුණු නිසා මෙවන් විවාහයක් කිසිසේත් වෙඩි දින ගණනක් ඔරත්තු නොදෙනු නොඅනුමානය.

10.මුස්ලිම් පුරුෂයකුට සිය බිරියට පහර ගැසිය හැකිද?

මෙම ප්‍රශ්නය නිතර මුස්ලිම් නොවන ලෝකයා විසින් අසන්නට හේතු වී ඇත්තේ එක්

කුර්ආන් වැකියකි.ඒ පිළිබඳ නොදන් අයගේ වටහා ගැනීම සඳහා අප එය ඉදිරිපත් කරමු.

“ඔබ්ට බියවන්නට හේතු තිබෙන චර්‍‍යාවක් ඇති කාන්තාවන්ට පළමුව අවවාද කරන්න.මසුව ඔවුන් ඔබගේ යහතින් ඉවත් කර තබන්න (එයිනුත් ඔවුන් යහමගට පත් නොවුවහොත්) ඔවුන්ට ගසන්න.ඔබට කීකරු වුවහොත් වෙඩිදුරටතොවුන්ට හිංසා නොකරන්න.දැනගනු!දෙවියන් ඉතා උසස්ය ශ්‍රෙෂ්ඨය”(4:34)

කුර්ආන් වැකියක් පිළිබඳ වටහා ගැනීමට පෙර එය පහළ වූ වතාවරණයන් පිළිබඳ දැනුවත් විය යුතුය.උදාහරණයකට යුධ සමයේ පහළ වූ කුර්ආන් අණක් එසේ නොවන සාමයේ අවස්ථාවකදී ක්‍රියාත්මක නොකළ යුතුය.මෙම වැකිය පහළ වන්නට හේතුවූ සිද්ධිය කුමක්දැයි බලමු.

එක් ස්ත්‍රීයක්  මුහම්මද්(සල්) තුමන් වෙත පැමිණ තමන්ට නිතර තලා පෙලා හිංසා කරන සිය ස්වාමියාට ප්‍රතිප්‍රහාර දීමට අවසර ඉල්ලා සිටියාය.නබිතුමානන්ද එ සඳහා ඇයට අනුමැතිය දුන්නේය.එසේ දෙන ලද අනුමැතිය එම මොහොතේ  නබිතුමන් විසින් කියන ලද දෙයක් මිස දේව ආඥාවක් නොවේ.එසේ එතුමන් පැවසූ  දෙය නිවැරදි නොවන බව අඟවමින් දෙවියන්  පෙරකී වැකිය පහළ කළේය.එම වැකියන්ද බිරියකට ශාරීරික දඩුවම් දීමට පෙර ඇයට අවවාද කල යුතු යයිද දෙවනුව ඇය සයනයෙන් ඈත් කළ යුතු යයිද අවසාන වශයෙන් ඇය  තවත් සිය වරදේ බැඳෙමින් මුරණ්ඩු වන්නෙ නම් ඇයට දඩුවම් කරන ලෙසට අනුමැතියක් දෙනු මිස අණක් නිකුත් නොකරයි.මෙසේ අනුමැතිය දෙනු ලැබුවද ශාරීරික දඩුවමක් දෙන තරමට නපුරු වන බිරියන් සිටිය හැක්කේ ඉතා ටික දෙනෙකු පමණි.කෙසේ වුවද ඒ සඳහා අනුමැතියක් තිබීම අවශ්‍ය වේ.කෙසේ වුවද මුහම්මද් තුමන් සිය බිරියන්ට කිසිවිටෙක පහර නොගැසුහ.එතුමන් එය දිරි ගැන්වුයේද නැත.අපගේ ජීවමාන උදාහරණය වන්නේ එතුමන්ය.බිරියන්ට පහර ගැසීම පිළිබඳ වරක් කාරුණ්‍ය නබිතුමන්  මෙසේ පැවසූහ.

“සේවිකාවක් ලෙස ඔබගේ බිරිය සලකා ඇයට පහර දුන් පසු රාත්‍රීයේ ඇය කරා කෙසේ නම් සමීප වන්නේද?”

11.මුස්ලිම් කාන්තාවකට දික්කසාද ක්‍රියාවලිය ආරම්භ කළ හැකිද?

එනම් ඇයට සිය සැමියාගෙන් වෙන්වීම අවශ්‍ය යයි හැඟුනහොත් ඇයට එය කල හකිද යන්න මෙම ප්‍රශ්නයේ අදහසයි.දෙවියන් මිනිසාට දී තිබෙන අනුමැතියන් අතුරින් ඔහුට ඉතා අප්‍රසන්න ක්‍රියාව දික්කසාද වීමයයි වරක් මුහම්මද් නබි තුමානන් පැවසූහ.විවාහක යුවලක් අතර සමගිය ඇති කරමින් ඔවුන් නැවත එක්සත් කිරීම ඉතා අගනේය යයි ඉස්ලාම් ධර්මය අවධාරණය කරයි.

කෙසේවුවද විවාහ බන්ධනයකින් ඉවත් වීමේ අයිතිය ඉස්ලාම් ධර්මය ස්ත්‍රී පුරුෂ දෙකොටසටම ලබා දී ඇත.මෙ පිළිබඳ සවිස්තරාත්මකව ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් වී ඇත.දික්කසාද තීන්දුව ලැබෙන තෙක් ඔවුන් සිය පොදු නිවසේම ජීවත් වෙති.මෙමගින් අදාල කාන්තාව ගැබිගෙන සිටින්නිදැයි දැන ගැනීම මෙම අවකාශය දීමේ එක් අරමුණක් වන අතර මෙවන් අවස්ථාවන්හිදී අඹු සැමි භේද ඉවත්වී නැවත සමතයක් ඇති වීමේ ඉඩකඩද බොහෝ සෙයින් ඇත.සැමියා හා බිරිඳගේ පිවිතුරු සංසුතිය එවැනි එකකි.බොහෝ අවස්ථාවල නිතැතින්ම සමතයකට පත්විය හැකි අඹුසැමි ආරවුලක් වැඩිදුර සංකීර්ණ කරමින් දික්කසාදය තෙක් ගෙන යන්නෝ යහපතක් කරනා ලෙසින් නෝක්කඩුවී සිටින අඹු සැමි යුගලය අතරට පත් වන නෑසියන් බව වෙන්වූ බොහෝ යුගල් ඇඩු කඳුලෙන් පසුව විස්තර කරනු දැකිය හැක.කෙසේවුවද ඇති වී තිබෙන හබය සැබවින්ම බරපතල එකක් නම් දික්කසාදයෙන් වෙන්වීම සුදුසු අතර ඒ සඳහා අනුමැතිය ඉස්ලාම් ධර්මය නිර්දේශ කරයි.

12.දික්කසාදයක් වූ විටෙක දරුවන් සිටින් නම් ඔවුන්ට කුමක් වේද?

ඉතා කුඩා දරුවන් පිළිබඳ පමණක් කුර් ආනය ඒකාකාර නිර්දේශයන් දෙයි.මව් කිරි ආහාරයට ගන්න බිළිඳෙකු සිටින විටෙක එම බිළිඳා පොෂණය කිරීම මව සතු නිසා වසර දෙකක් දක්වා එම දරුවා මවට භාරදිය යුතුය.වැඩි වියට පත් දරුවන් සිටින් නම් ඒ සඳහා ඇති නිර්දේශයන් දරුවන්ගෙ ස්ත්‍රී පුරුෂභාවයන් සැළකිල්ලට ගනිමින් ශුද්ධ ග්‍රන්ථය ඉදිරිපත් කරයි.ගැහැණු දරුවන් සිටින් නම් ඔවුන් වෙඩිවියට පත්වන තුරු හෝ විවාහ දිවියට පත් වන තුරු මවගේ භාරයේ සිටිය යුතුය.පිරිමි දරුවන් මවගේ භාරයේ සිටිය යුත්තේ වයස හත වන තෙක් හෝ උපරිමයක් වශයෙන් ඔවුන් තරුණු වියට පත් වන තෙක් පමණි.මෙම සියළු අවස්ථාවල එම දරුවන්ගේ නඩත්තුව භාරවන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල පියාටමය.

13.මුස්ලිම් කාන්තාවන් හිස් ආවරණයක් පළඳින්නේ ඇයි?

හිස් ආවරණය කුරානයෙන් නිර්දේශිත පරිදි (24:31)මුස්ලිම් කාන්තාවගේ ඇඳුමෙන් කොටසකි. අනෙක් සෑම කරුණකටම කරන්නාක් මෙන් ඉස්ලාම් ධර්මය පුරුෂයන්ට හා ස්ත්‍රින්ට නියමිත ඇඳුම් පිළිපඳවද පැහැදිළි දැනමුතුකම් ඉදිරිපත් කරයි.ඔවුනොවුන්ගේ ගෞරවය රැකගැනීම මෙයින් අපේක්ෂිතයි. සිරුරේ විලාසය ඉස්මතු කරමින් එකිනෙකාගේ අවධානය තමන් වෙත ඇදගන්නා අශෝභන අදහසින් කිටිකිටියේ ඇඳුම් ඇඳීම මුස්ලිම් ගැහැණු පිරිමි දෙපාර්‍ශවයටම තහනම් වේ.මෙම සංවර නියොගයට හික්මුනු ලොකයා විරුද්ධ නොවනු ඇත යන්න අපගේ විශ්වාසයයි. මේ අනුව කාන්තාවකගේ වරලස හෙවත් කොන්ඩයද අනුත් සිත් ආකර්‍ශනය කරනා අංගයක් හෙයින් එයද වසන් කර ගැනීම සුදුසුය.අන්‍ය පුරුෂයන්හට මුස්ලිම් ස්ත්‍රියකගේ දෑස් සහ දෑත් හැර ඇයගේ කටහන්ඬද ඇතුළුව අන් සියලු අවයව වසන් වී තිබිය යුතුය යන්න ඉස්ලමීය අනයි. මෙලෙසින් තම කාන්තාව රැකගන්නා සමාජයක  ස්ත්‍රීන් ආශ්‍රිත ආරවුල් කිසිවක් පැණ නගිනු නොමෙත. මෙසේ මුස්ලිම් කතක් ආවරණය විය යුත්තේ ඇයට විවාහයට සුදුසු හා එවෙනි නිර්දේශිත කොටසක් අතර පමණි. සිය පියා පියාගේ සොයුරන් වන බාප්පාවරුන් සිය පිරිමි දරුවන් දියණියන්ගේ හිමියන් මවගේ සොහොයුරන් වන මාමාවරුන් ඇතුළු මෙවැන්නන් හමුවන කල මෙම ආවරණයන් අවශ්‍ය නොවේ. මේ පිළිබඳ පැහැදිලිව කුරානයේ සඳහන් වේ. තවද ස්ත්‍රියක් මහලු වියට පත්වනවාත් සමගම මෙම අවශ්‍යතාවයන් ඉවත්වන බව කිව යුතු නැත.

සාමාන්‍යයෙන් සිය ගැහැණු දරුවන් ලාබාලවිය පසු කර නාඹරවියට පත්වනවාත් සමගම මෙම වස්ත්‍ර පිළිබඳ රීතීන් ගැන මුස්ලිම්වරු උනන්දු වනු දකිය හැක.

14.මුස්ලිම් කාන්තාවකට අධ්‍යාපනය ලැබීමේ හා රැකියාවට යෑමේ අයිතිය තිබේද?

සර්‍ර්වබළධරී දෙවියන් පළමුවෙන්ම මැවුවේ පෑන යයි කීමෙන් හා “දැනුම සදහා වෑයම් කිරීම පුරුෂ හ ස්ත්‍රී සියළුම මුස්ලිම්වරුන්ගේම වගකීමකී” නබිවදනක් ඉදිරිපත් කිරීම මගින් ඉස්ලම් ධර්‍මය දැනුමට දී ඇති වැදගත්කම පිළිබිඹුවනවා යයි සිතමු. මුස්ලිම් නොවන අයගෙන් නිරන්තරයෙන්ම මෙම පැණය ඇති වන්නට ප්‍රදාන හේතුවක් හැටියට අප දකින්නේ බහුතරයක් මුස්ලිම් දෙමව්පියන් තම ගැහැණු දරුවන්ට පුර්‍ණ අධ්‍යාපනයක් ලබ නොදී ඔවුන් පාසල්වලින් ඉවත් කිරීම බව පෙනේ. මෙයට හේතු වන්නේ මුස්ලිම් බහුතරයක් නැති -ලංකාව වැනි- රටවල පසැල්වල  ඇති ඉස්ලාමය අනුමත නොකරන තරුණ තරුණියන් නිදහසේ හැසිරෙන වතාවරණයයි. ඒ හැර කාන්තා අධ්‍යාපනයට

ඉස්ලාම් ධර්‍මය ඉතා ඉහළ තලයක් දෙන බව කිව යුතුය. “චීන දේශයට ගොස් හෝ ප්‍රයෝජනවත් දැනුමක් ලබා ගන්නැයි” උනන්දු කරන නබි වදනකින් අපගේ මෙම කීම වඩාත් ස්ටිර වෙතැයි විශ්වාස කරමු.

පවුල් සංස්තාවක ආර්ථික වගකීම හෙවත් ඉපැයීමේ භුමිකාව පිරිමියා සතු යැයි පැර කීවෙමු. එය එසේමය. දේහ විලාශයෙන්ද හැඩිදැඩි බවින්ද හා විචක්ෂන බුද්ධියෙන්ද වඩාත් සුද්ස්සා වන පුරුෂයා මෙම අසීරු ලෝකයේ ඉපැයීම හ රැකියා සම්බන්ද ක්‍ය්ර්‍යන් සඳහා නික්ම යෑම වඩාත් යෝග්‍ය බවට තර්‍කයක් නොතිබෙනු ඇත.

නමුත් අවශ්‍යතාවයක් පැන නගී විටෙක හ ඇයගේ හැකියාවන් මගින් රටට සෙතක් වන තත්වයක් මත කාන්තාවකට ඒ සඳහා නිරත වීමට ඉස්ලාම් ධර්‍මය අනුමැතිය දෙයි. මෙවිට එම ස්ත්‍රිය සිය සීමාවන්  ගැන සැළකිලිමත් වෙමින් හා සංවර ලෙසින් සිය ඉපැයීමේ ක්‍යර්‍යන්හි නියැලීමට ඇයට කිසිදු තහනමක් නොමත. ස්වාමියාගේ ඉපැයීමේ කොටසක් මුස්ලිම් බිරිඳට හිමි නමුත් බිරිඳගේ ඉපැයීම සම්පූර්‍ණයන්ම  ඇය සතුය. පවුලේ නඩත්තුවට එම ඉපැයීමෙන් දායක වන මෙන් ඇයට බල කිරීමට පුරුෂයාට කිසිදු බලයක් නැත.

15. දේපල උරුම නිතිය මුස්ලිම් කාන්තාවන්ට කෙසේ බලපාන්නේද?     

මෙ පිලිබඳ කුර් ආනය මෙසේ පවසයි:
“මව්පියන් හා නෑසියන් ඉතිරි කර යන දෙයින් පිරිමින්ට කොටසක් ඇත. එසේම මව්පියන් හා නැසියන් ඉතිරි කර යන දෙයින් ස්ත්‍රීන්ටද කොටසක් ඇත. මෙම කොටස් දෙවියන් අණ කරන පරිදි වේ”  (4.7)

මෙම කොටස් බෙදි යන ප්‍රතිශතයන් ස්ත්‍රීන් සන්ඳාහා අඩුවෙන්ද පුරුෂයන් සඳහා වැඩියෙන්ද කුර් ආනය නිර්දෙශ කරය්. (4.11) ගැහැණු දරුවෙකු ලැබිය යුත්තේ පිරිමි දරුවෙකුට ලැබෙන ප්‍රමාණයෙන් අඩකි. පෙරකි පරිදි පවුල් නඩත්තුවේ පුණ වගකීම ඇත්තේ පිරිමියාට හෙයින් මෙලෙසින් දේපල උරුමයන් නිර්දේශ කර ඇත. තවද ස්ත්‍රීය ලබන ඇගේ කොටස් සම්පුණයෙන්ම් ඇයට හිමිවන අතර ඇය විවාහක නම් එසේ ලත් දේපල පවුලේ වියත්ම් සඳහා වැය ක්ළ යුතය යයි ඇයට කිසිවෙකු බලකළ නොහැක. නමුත් ඇතැම් විශේෂිත අවස්ථාවන්හිදි දේපල උරැමයක් ස්ත්‍රී පුරුෂ දෙකොටස අතර සමසේ බේදි යුනුත.

16.  මුස්ලිම් කාන්තාවක් විසින් දෙනු ලබන සාක්ශියකට ඉස්ලාම් ඨම්යේ ඇත්තේ කුමන අගයක්ද?    

මේ පිළිබඳ අල් කුර් ආනයේ ශුද්ධ වැකියක් මෙසේ අණ කරය්.

“තවද පිරිමින් දෙදෙනෙකු සක්ශිකරුවන් හැටියට කැඳවනු. පුරුෂයන් දෙදෙනෙකු නොලද කල්හි ඵක් පුරුෂයෙකු හා ඔබට පිළිගත හැකි අය අතුරෙන් ස්ත්‍රියන් දෙදෙනෙකු කැඳවනු. ඵවිට ඔවුන්ගෙන් කෙනෙකුට වැරදෙන කල අනෙක් ස්ත්‍රිය ඇයට සිහිපත් කළ හැක” (2:282)

මෙසේ නිර්දේශ කර ඇත්තේ සාක්ෂි දිමේදි යම් වරදක් නොවනු පිණස හා අසත්ය ප්‍රකාශය වීම වළකනා අට්යෙන් විය හැක. අසතය සාක්ෂිප්‍රකාශය ඉස්ලම් ඪම්ය දරුණු දඩුවම් දෙන බවට අනතුරු අඟවමින් හෙළා දකින පාපයකි. සාක්ෂිය සඳහා මෙහි සඳහන් සංබයාවට වඩා හැකිනම් ඉදිරිපත් කිරිම වඩාත් යහපතකි. නමුත් ඨම්ය සන්බන්ඨ බ්‍රකාශයන් සඳහා එක් ස්ත්‍රියකගේ කීම පිලිගැනීමට ප්‍රමාණවත්ය. මුහම්මද්තුමන්ගේ වදන් වැඩියෙන් ප්‍රකාශ කර සිටින දැනුම්දෙන්නන්ගෙන් එතුමන්ගේ බිරිය වන ආයිෂාතුමියද කෙනෙකු බව සැළකිය යුතුය්.

17.මුස්ලිම් කාන්තාවකට මස්ජිදයට හෙවත් මුස්ලිම් පල්ලියට ඇතුල් වීමට අනුමෙතිය තිබේද ??

ප්‍රතිපත්තියක් වශයෙන් පල්ලියක් යනු සියලුම මුස්ලිම් ස්ත්‍රී,පුරුෂ සියල්ලන්ටම වන්දනය සදහා අනුමෙතිය ඇති ස්ථානයකි.මෙම අනුමෙතිය නබිතුමන් විසින්ද දී තිබුනි.එහෙත් මෙම සිරිත බොහෝ සෙයින් මුස්ලිම්වරු  බහුතරයක් ලෙසින් ජීවත් නොවෙන රටවල දෙකිය නොහෙක.කෙටියෙන් කිවහොත් එවැනි රටවල මුස්ලිම් කාන්තාවන් නිවසින් බෙහරවීමද හෙකි තරම් අවම කරගෙන සිටිනු දෙකිය හෙක.නෙමුත් මැලේසියාව,ඉන්දුනීසියාව වැනි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල කාන්තාවන් සාමාන්‍ය ලෙසින් මස්ජිදයට පෙමිණේනු දෙකිය හෙක.නමුත් ඔවුන් පිරිමින් සමග එකට පෙළ ගැසී වන්දනය ඉටු නොකරති.

(මගේ අදහසකුත්::ලංකාවෙත් උත්සව දවස් වලට,අවුරුදු දවස් වල,නොන්බි දවස්වල රෑට  කාන්තාවන් මස්ජිදයට පෙමිණේනු සුලබව දෙකිය හෙක )

18. එසේ ඔවුන් පිරිමින් සමග එක්ව වන්දනය ඉටු නොකරන්නේ මන්ද?

මුස්ලිම්වරුන්ගේ වන්දනය ශාරීරික වලනයන්ගෙන් යුත් එකකි. එහිදි ආරම්භයේදී සිටගෙන සිටීමද පසුව නැමෙන ඉරියවිවෙන් සිටීමද පසුව නළල පොළොවේ තැබීම යනාදි වශයෙන් විවිධ ඉරියවි රාශියකින් යුත් හෙයින් උරෙන් උර ගැටී සිටි මෙම වයායාම් කරන කල්හි අසල සිටින්නාගේ ශරීරය සමග එකිනෙක ගැටීම වැළැක්විය නොහැක. එසේ ස්පර්ශ වෙමින් සිටින්නේ කාන්තාවක් නම් එම පිරිමියාට එක්සිත්ව දෙවියන් ගැන මෙනෙහි කළ හැකිදැයි අප පෙරලා ප්‍රශ්නය නැගු අයගෙන්ම විමසනු කැමැත්තෙමු.

එයට සිතට එකඟවු අවංක පිළිතුරක්ද බලාපොරොත්තු වෙමු.

උපුටා ගෙනීම :”ඉස්ලාමයේ කාන්තාව -නිතර අසනු ලබන ප්‍රශ්න 25ක්” යන ග්‍රන්ථයෙන්

සැකසුම :H .G .නූරා නිලන්ති ජයසුරිය(C.I.S)

ඉස්ලාම් විවාහ නීතිරීති

විවාහයේ කොන්දේසි

1-මනාල,මනාලියන්ගේ එකගතාවය

කැමැති නොවන මනාලීන් විවාහ කිරීම සඳහා පිරිමීන්ද,මනාලයන් විවාහ කිරීම සඳහා ස්තීන්ද බල නොකල යුතුයි.ස්ත්‍රීයකගේ කැමැත්තෙන් තොරව ඇය විවාහකර දීම ඉස්ලාම් ධර්මය තහනම් කරයි. එක් ස්ත්‍රීයෙක් යම් පිරිමියෙක් විවාහවීමෙන් වැලකී සිටින්නේ නම්, පියා ඇතුලු කවරෙක් හෝ වේවා ඇයට බල නොකළ යුතුයි.

2-වලී(වගකිව යුත්තා)

වලීවරයෙක් නොමැතිව සිදුකරන විවාහ වලංගු නොවන්නේය.කුමක්නිසාද යන්,නබි නායක මුහම්මදු(සල්) තුමා මෙසේ වසන්නේය.

“වලීවරයෙක් නොමැති විවාහය අවලංගු වේ”.

(මූලාශ්‍රය:තිර්මිදී හා අබූදාවූද්)

ස්ත්‍රීයෙක් සිය මතය පරිදි විවාහවුයේනම්,එම ගිවිසුමට ඇය හෝ ඇයගේ නියෝජිතයා සම්බන්ධවුවත් එම විවාහය අවලංගු වේ.මුස්ලිම් ස්ත්‍රීයෙක් වෙනුවෙන් කාෆිර් වරයෙක් වගකිව(වලීවීමා නොහැක.වලීවරුන්(වගකිව යුත්තන්) නොමැති අයට එම සමාජයේ ප්‍රධානියා වලීවරයා ලෙස සිට විවාහය සිදුකල යුතුයි.
වලී යනු වයසට පත් බුද්ධිමත් මනාලියගේ නිහතමානි ඥාතීන්ය.

උදාහරණ වශයෙන් පියා,
පසුව ඔහුගේ බලය ලත් තැනැත්තා,
පසුව පියා පාර්ශවයෙන් සීයා,
පසුව එසේම (ඉහලටම ) කිට්ටුම ඥාතීන්,
පසුව ඇගේ පුතා,පසුව පුතාගේ පුතුන්,(එසෙම පහළටම කිට්ටුම ඥාතීන්)
පසුව ඇයගේ එකකුස උපන් සහෝදරයා,
පසුව ඇයගෙ පියා පාර්ශවයෙන් සහෝදරයා,
පසුව ඇගේ එකකුස උපන් සහොදරයාගේ පුතුන්,
පසුව පියා පාර්ශවයෙන් සහෝදරයාගේ පුතුන්,
පසු  පියා පාර්ශවයෙන් සහෝදරයාගේ පුතුන්ගෙන් ඉතා කිට්ටුම ඥාතීන්

වලී වරයා විවාහයට පෙර ඇයගේ අනුමැතිය ලබා ගත යුතුයි.වලීවරයෙක් අවශ්‍යවීමේ සූක්ෂ්ම භවයනම්,අනියම් ආශ්වාද මාර්ග වළක්වාලීමයි.මන්දයන්,නියතව දුරාචාරයේ යෙදෙන්නා ‘මේ(ධනය හෝ සම්පත් හෝ) සඳහා’ තමාව විවාහ කරගන්නා ලෙස ස්ත්‍රීයෙකුට පවසා පසුව තම මිතුරන් හා වෙනත් අයගෙන් දෙදෙනෙක් මේ සදහා සාක්ෂි කරුවන් ලෙස ගෙන ඒමට හැක.
3-සාක්ෂීන්

විවාහ ගිවිසුමේ නිහතමානි මුස්ලිම් පිරිමින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස සහභාගි විය යුතුයි.ඔවුන් දුරාචාරයේ යෙදීම,මත්පැන් පානය කිරීම හා මෙවන් මහා පාපයෙන් වැළකී සිටින්නන් විය යුතුයි. විවාහ ගිවිසුමෙහි ප්‍රකාශය යනුවෙන් හඳින්වන්නේ,මනාලයා හෝ ඔහුගේ නියොජිතයා ‘ඔබගේ දියණිය හෝ ඔබට වගකීම් පවරණලද තැනැත්තිණිය මාහට විවාහකර දෙන්න’ යනුවෙන්ද,එයට වලීවරයා,’මාගේ දියණිය හෝ මාහට වගකීම් පවරන ලද තැනැත්තිණිය ඔබට විවාහකර දුන්නෙමි’ යනුවෙන්ද, පසුව මනාලයා ‘ඇයගේ විවාහය මා පිලිගන්නෙමි ‘ යනුවෙන්ද ප්‍රකාශ කිරීමකි.මනාලයා තමා කැමති අය තමාගේ නියෝජිතයා ලෙස නියම කළ හැක.

4-මහරය ගෙවීම

(මහර් යනු මනාලයා මානාලියට අනිවාර්යයෙන් දිය යුතු තෑග්ගකි ) මහර් පිලිබඳ නීතිය එය ස්වල්පයෙන් පවතීමකි.ස්වල්පයෙන් පවතින හා පහසුවෙන් ලබන සෑම දේ මෙයට උතුම්ය.එය සදාක් යනුවෙන්ද හැඳින්වේ.විවාහ ගිවිසුමේදී එය සදහන් කිරීමද,එය ගිවිසුම්කළ විගස ගෙවීමද සුන්නත්ය. නමුදු එය හෝ එයින් කොටසක් කලකට ප්‍රමාදකළ හැක.සැමියෙක් ඇය සමග සංසර්ගයේ යෙදීමට පෙර දික් කසාදවුයේද,එවිට මහරයෙන් අඩක් ලබාගත හැක.විවාහ ගිවිසුම්කළ පසු සංසර්ගයේ යෙදීමට පෙර සැමියා මරණයට පත්වුයේනම් ඇයට මහරය හා හිමිකම් සියල්ලම හිමිවේ.

විවාහයේ පල ප්‍රයෝජන

1-වියදම් කිරීම

සැමියා තම බිරිඳට සාමාන්‍ය පැවැත්ම පරිදි ආහාර පාන,ඇඳුම් පැළඳුම් හා නාවාතැන් පහසුකම් යනාදීන් සපයා දීම අනිවාර්යවේ.මෙම අනිවාර්ය කාර්ය කිසිවක් හෝ සැපයීමට ඔහු ලෝභ කරන්නේ නම්,ඔහු පාපකාරයාය.එසේම ඔහුගේ මුදලින් තමාට අවශ්‍ය ප්‍රමාණයක් ගැනීමට හා ඔහු වැනුවෙන් ණය ලබාගැනීමට ඇයට හැකිවේ.පසුව එය ඔහුම ගෙවිය යුතුයි. වලීමා සඳහාද ඔහු වියදම්කළ යුතුයි.මනාලයා විසින් තම විවාහය නිමිත්තෙන් ආහාර පිළියෙළ කර,ඒ සඳහා මිනිසුන් කැඳවා කරන භෝජන සංග්‍රහය වලීමා යනුවෙන් හැඳින්වේ.මෙය නබිනායක මුහම්මදු(සල්) කළ සුන්නත් නම්වු සතුටුදායක කරුණකි.
2-හිමිකම් ලැබීම.

පුද්ගලයෙක් කවර දිනකදී ස්ත්‍රීයෙකු හා සමග නිවැරදි විවාහ ගිවිසුමක් කර ගන්නේද,එදින සිට ඔවුන් දෙදෙනා අතර හිමිකම් කීපයක් ඇතිවේ.අල්ලාහ් මේ ගැන මෙසේ පවසන්නේය.

“තවද,ඔබලාගේ බිරිඳන් අතහැර ගිය දෙයින් ඔවුන්ට දරුවන් නොසිටින්නේනම් ,ඔබලාට අඩක් තිබේ.ඔවුන්ට දරුවන් සිටින්නේනම්,ඔවුන් අතහැර ගිය දෙයින් ඔබලාට හතරෙන් එක පංගුවෙකි.(එයද,)ඔවුන් කළ මරන සාසනය(අවසන් කැමැත්ත ) හා ණය පියවීමෙන් පසුය.තවද,ඔබලාට දරුවන් නොසිටින්නේනම්,ඔබ,අතහැර ගිය දෙයින් ඔවුන්ට හතරෙන් එක පංගුවෙකි. ඔබලාට දරුවන් සිටින්නේනම් ,ඔබලා අතහැර ගිය දෙයින් ඔවුන්ට අටෙන් එක පංගුවෙකි.(එයද )ඔබලා කළ මරන සාසනය හා ණය පියවීමෙන් පසුය.”

(අල්කුර්ආන්  4:12)

සුන්නත් හා පිළිවෙල්

1-විවාහය පිළිබඳව තම ඥාතීන් හා මිතුරන්ට දැනුම් දීම සුන්නත් නම්වු නබි මගක් වන අතර,ඔවුහුද මනාල මනාලීන් දෙපලට ප්‍රාර්ථනා කිරීමද නබිමගකි.එබැවින්,මනාලයාට හෝ මනාලියට මෙසේ ප්‍රාර්ථනා කළ යුතුයි.

بارك الله لكما وبارك عليكما   وجمع بينكما في خير

බාරකල්ලාහු ලක,වබාරක අලෛක,වජම අ බෛනකුමා ෆී (ක්)හෛරීන්.

(අල්ලාහ් ඔබට අභියන්තරව හා භාහිරව ආශිර්වාදය කරනු මැන.ඔබ දෙපළ යහමගහි එකතු කරනු මැත )
2-සංසර්ගයේ යෙදීමට පෙර ඔවුන් දෙදෙනා මෙසේ කීම සුන්නත්ය.

بِسْمِ اللَّهِّ اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا

බිස්මිල්ලාහි අල්ලාහුම්ම ජන්නිබිනෂ් ෂෛතාන වජන්නිබිෂ් ෂෛතාන මා රසක්තනා
(අල්ලාහ්ගේ නාමයෙනි.(මෙහි යෙදෙන්නෙමි )ස්වාමිනි,අපහට හා අපට ලබා දෙන දරුවාට ෂාතන්ගේ උවදුරු වලින් රැකවරණය ලබා දෙනු මැනවි.)

3-ඔවුන් දෙදෙනා අතරේ සිදුවන සංසර්ගය පිළිබඳ කරුණු පැතිරවීම පිළිකුල් කාර්යයෙකි.

4.තම බිරිඳ ඔසප්වී සිටින හෝ දරු ප්‍රසූත රුධිරයේ සිටින සමයේ සැමියා ඇය සමග සංසර්ගයේ යෙදීම තහනම් (හරාම්)ය.එයින් පිරිසුදුවී ජල ස්නානය කිරීමට පෙරද ඇය සමග සංසර්ගයේ යෙදීම හරාම්ය.
5-සැමියා තම බිරිඳගේ පිටු පය පස ගුද මාර්ගයෙන් ලිංගික ආශ්වාදයෙහි යෙදීම තහනම්ය.එය ඉස්ලාම් තහනම් කළ මහා පාප ක්‍රියාවකි.

6.සැමියා සංසර්ගයේදී තම බිරිඳට ඇයගේ සම්පූර්ණ අයිතිය ලබා දීම අනිවාර්යය වේ.එසේම ඇයගේ අනුමැතියෙන් හා නොවැළක්විය හේතුවෙන් තොරව ගැබ් හටනොගැනීම සඳහා අස්ල්(සංසර්ගයෙ යෙදී ධාතු මෝචනවන අවස්ථාවේ පුරුෂ ලිංගය පිටතට ගෙන ධාතු ඇතුල් ගත නොවන සේ පිට දමීම ) නොකළයුතුයි.

මනාලියගේ ගුනාංග

විවාහය සිදුකරනු ලබන්නේ ප්‍රීතිය අනුභව කිරීම සහ හොඳ පවුලක්,හොඳ සමාජයක් බිහි කිරීම සඳහාය.එම නිසා මෙම අරමුණු දෙකම සම්පූර්ණයෙන් යුත් ස්ත්‍රීයෙක් විවාහ කිරීම අවශ්‍යයි.

ඇය බාහිර හා අභ්‍යන්තර සෞන්දර්යට ලක්වන්නෙකි.බාහිර ලස්සනය යනුවෙන් හැඳින්වන්නේ එය රූපයේ සම්පූර්ණවීමකි.අභ්‍යන්තර ලස්සනය යනුවෙන් හැඳින්වන්නේ එය ධර්මයෙන් හා ගුණාංගයෙන් සම්පූර්ණවීමකි. නියතව බාහිරව හා අභ්‍යන්තරව ලස්සනෙන් යුත් ස්ත්‍රීයෙකු ලබා ගැනීමට හැකිවන්නේනම්,එය ඇත්ත වශයෙන්ම අල්ලාහ් ගේ භාග්‍යයන් අතර සම්පූර්ණ භාග්‍යවේ.එසේම බියබැතිකමෙන් යුත් යහපත් පුරුෂයෙකු විවාහ කිරීම සඳහා ස්ත්‍රීය ඇල්ම විය යුතුයි.

තහනම් ස්ත්‍රීන්

ස්ත්‍රීන්ගෙන් විවාහ කිරීමට තහනම්වු අය කොටස් දෙකකින් සමන්චිතකි.කොටසක් විවාහ කිරීම සඳහා සදාකාලිකව තහනම්වු අය.අනෙක විවාහ කිරීම සඳහා තාවකාලිකව තහනම්වු අය.

අ )-සදාකාලිකව තහනම් අය

විවාහ කිරීමට සදාකාලිකව තහනම්වු ස්ත්‍රීන් කොටස් තුනකට බෙදේ.

1-ඥාතිකමින් තහනම් වීම

ඔවුහු හත් දෙනෙකි.ඔවුන් පිළිබඳව අල්ලාහ් මෙසේ පවසන්නේය.

“ඔබලාගේ මව්වරුන්ද,ඔබලාගේ දියණියන්ද,ඔබලාගේ සහෝදරියන්ද,ඔබලාගේ නැන්දම්මලාද,ඔබලාගේ කුඩා හා ලොකු අම්මලාද,ඔබලාගේ සහොදරයෙන්ගේ දියණියන්ද ඔබලාගේ සහොදරියන්ගේ දියණීන්ද විවාහ කිරීම ඔබලාට තහනම්ය”.

(අල් කුර්ආන් -4:23)

(a)-මව්වරුන් යනු ,මව සහ පියා හෝ මව පාර්ශවයෙන් ආත්තලා.

(b)-දියණියන් යනු,තමන්ගේද,තම පුතුන්ගේ හා දියණි යන්ගේද දියණියන් හා එසේම පහළට එන අය.

(c)-සහොදරියන් යනු,එක කුස උපන් සහෝදරියන් හා පියා සහ මව පාර්ශවයේ සහෝදරියන්ය.

(d)-නැන්දම්මලා යනු,තමාගේ නැන්දම්මලා,තම පියාගේ නැන්දම්මලා ,තම මුත්තාගේ නැන්දම්මලා,තම මවගේ නැන්දම්මලා හා තම ආත්තාගේ නැන්දම්මලාය.

(e)-කුඩම්මා සහ ලොකු අම්මා යනු,තමාගෙද ,තම පියාගේද,තම පියාගේ පියාගේද,තම මවගේද තම මවගේ මවගේද ලොකු,කුඩා අම්මලාය.

(f)-සහෝදරයාගේ දියණියන් යනු,එක කුස උපන් සහෝදරයාගේද,පියා හා මව පාර්ශව සහෝදරයාගේද,ඔවුන්ගේ පුත්තුන් සහ දියණියන්ගේද,මෙසේ පහළටම එන දියණියන්ය.

(g)-සහෝදරියගේ දියණියන් යනු,තම එක කුස උපන් සහොදරියන්ගේද,පියා හා මව පාර්ශව සහෝදරියගේද,ඔවුන්ගේ පුතුන්ගේ හා දියණියන්ගේද,එසේම පහළටම එන දියණියන්ය.

2-කිරි බීමෙන් තහනම් වීම

ඔවුන්ද ඥතිකමින් තහනම් අය සේ සෙළකේ මෙ ගැන නබි මුහම්මදු(සල්) තුමා මෙසේ පවසන්නේය.

ඥාතිකමින් තහනම්වන සෑම දෙනා කිරිබීමෙන්ද තහනම්වේ.

(මූලාශ්‍රය:බුහාරි හා මුස්ලිම්)

නමුත්,කිරි බීමෙන් තහනම්වීම පහත සඳහන් කොන්දේසිවලට යටත්විය යුතුයි.

(අ )-පස් වතාවක් හෝ එයට අධිකව කිරි බී තිබිය යුතුයි.ළදරුවෙකු ස්ත්‍රීයෙකුගෙන් සතර වතාවක් කිරි බී තිබේ නම්,ඔහුට ඇය මවක් නොවන්නේය.

(ආ)-කිරි බීම කිරි වැරීමට පෙර තිබිය යුතුයි.එනම් කිරි බීමෙහි පස් වතාවන් සියල්ලම කිරි වැරීමට පෙට තිබිය යුතුයි.කිරි බීම කිරි වැරීමෙන් පසුව හෝ කිරි වෙරීමට පෙර සමහර වතාවන් හා කිරි වෙරීමෙන් පසු සමහර වතාවන් සිදුවුයේනම් එවන් ස්ත්‍රීය ඔහුට මවක් නොවන්නේය. කිරි බීමෙහි කොන්දේසි සම්පූර්ණවන්නේ නම්,ළදරුවා එම ස්ත්‍රීයට පුත්‍රයාය.ඇයගේ පුත්‍රයන් ඔහුට පෙර හෝ පසු උපන් අය වුවද ඔහුට සහෝදරයන්ය.එසේම ඔහු සමග කිරි බීපු අයද ,ඔවුහු ඔහුට කිරි දුන් ස්ත්‍රීයගේ හෝ අන් අයගේ හෝ වෙවා ඔහුට සහොදරයන්ය. මෙහි කිරි බීපු අයගේ දරුවන් හැර වෙන කිසි වෙන කිසි වෙකුට මෙහි සම්බන්ධයක් නැති බව දැනගත යුතුයි.ඔවුන් කෙරෙහි කිසියම් බාධාවන් නොපවති.

3-විවාහ මාර්ගයෙන් තහනම් වීම

(අ)-පියානන් හා මුත්තන්ගේ බිරිඳන්.

පුද්ගලයෙක් ස්ත්‍රීයෙක් සමග විවාහ ගිවිස ගත්තේනම් ඇයට ඔහුගේ පුතුන්,පුතුන්ගේ පුතුන්,ඔහුගේ දියණියගේ පුතුන් සහ එසේම පහළට එන කිසියම් දෙනෙකුව විවාහ කිරීම තහනම්ය. ඔහු ඇය සමග සංසර්ගයේ යෙදුනා හෝ නොයෙදුනා හෝ වෙවා තහනම්ය.
(ආ)-පුතුන්ගේ බිරිඳන්

පුද්ගයෙක් ස්ත්‍රියක සමග විවාහ ගිවිසුම්කර ගත්තේ නම්,එවිගිසම ඔහුගේ පියාට සහ මුත්තාට ඇයව විහාව කිරීම තහනම්ය.තවද පියා හෝ මව පාර්ශවයෙන් පරම්පරා කොපමණ ඉහළට ගියත් ,එම විවාහ ගිවිසුම අනුව ,ඔහු ඇය සමග සංසර්ගයේ නොයෙදුනත් ,ඇයව විවාහ කිරීම තහනම්ය.

(ඉ )-බිරිඳගේ මව හා ආත්තලා

පුද්ගලයෙක් ස්ත්‍රියෙක් සමග විවාහ ගිවිස ගත්තේනම්,එවිටම ඔහු ඇය සමග සංසර්ගයේ නොයෙදුනත්,එයගේ මව සහ ආත්තලා සමග විවාහවීම විවාහ ගිවිසුම අනුව තහනම්ය.එවැනි ආත්තලා මව හෝ පියා පාර්ශවයෙන් විය හැක.

(ඊ)-බිරිඳගේද,ඇගේ පුතුන් හා දියණියන්ගේද දියණියන් හා මෙසේම පහළටම එන ස්ත්‍රීන්.

පිරිමියෙක් ස්ත්‍රියකු සමග විවාහවී ඈ සමඟ සංසර්ගයේ යෙදෙන්නේනම් ,එවිට ඇගේ දියණියන්ගේ දියණීන් හා මෙසේ පහළට එන ස්ත්‍රින් ඔහුට තහනම්ය.ඔවුන් ඔහුට පෙර විවාහයෙන් හෝ ඔහුට පසු විවාහයෙන් හෝ විය හැක. නමුත් සංසර්ගයේ යෙදීමට පෙර ඔවුන් දෙදෙනා අතර වෙන්වීම් ඇතිවුයේනම් තහනම් නොවන්නේය.

ආ)-තාවකාලිකව තහනම් අය.

විවාහ කිරීම සඳහා තාවකාලිකව තහනම්වු අය පහත සඳහන්වේ.

(අ )-බිරිඳගේ සහෝදරිය,නැන්දම්මලා හා ලොකු,කුඩා අම්මලා.

බිරිඳගේ මරණය හෝ ජීවිතයෙන් වෙන්වී ඉද්දා කාලය අවසන්වන තෙක් මෙම අය විවාහ කිරීම තහනම්ය.

(ආ)-කෙනෙකු වෙනුවෙන් ඉද්දාවෙහි සිටින අය.

ඇගේ ඉද්දා කාල සීමාව අවසන්වන තෙක් ඇයව විවාහ කිරීම තහනම්ය.ඇගේ විවාහය ගැන සාකච්ජා කිරීමද තහනම්ය.

(ඊ)-හජ් හා උම්රා මගින්  තහනම් වීම.

ඉහ්රාමයෙන් සිට මිදෙන තෙක් ඇය සමඟ විවාහ ගිවිසුම් කිරීම තහනම්ය.

(ක්)හුල්උ

තම සැමියාට කැමැති නොවන ස්ත්‍රියෙක් තමාගෙන් ඔහු වෙන්වී යාම සඳහා ඔහුට යම් මුදල් ප්‍රමාණයක් ලබාදී ඔහුගෙන් වෙන්වීම ඉල්ලා සිටීම “ක්හුල්උ” යනුවෙන් හඳින්වේ.නමුදු ,කැමැති නොවන්නා සැමියානම් ඔහු වෙන්වීමට අදහස් කළේනම්,ඇයගෙන් කිසියම් වන්දියක් හෝ ලබාගැනීමට ඔහුට අයිතියක් නොමැත. ඔහු කැමැතිනම් ,ඇය කෙරෙහි ඉවසා සිටිය යුතුයි.නැතිනම්,දික්කසාදය කළ යුතුයි.

ස්ත්‍රියෙක් තම සැමියා තමාට කරන වද හිංසා ඉවසීමට නොහැකි තරම් වේදනාවට ලක්වී ,ඔහු සමග ජීවත් වීමට ඇයට ඉවසීමක් කළ නොහැකි නම් පමණක් ඔහුගෙන් වෙන්වීමට (ක්)හුල්උ ඉලලා සිටිය හැක.එසේම සැමිය තම බිරිඳ තමාගෙන් (ක්)හුල්උ ඉල්ලන තෙක් වද කිරීමෙහි මුරණ්ඩුවී සිටිය නොහැක. සැමියා තමා බිරිඳට දුන් මහර් ප්‍රමාණයට වඩා ලබා නොගැනීම සතුටුදායක දෙයකි.

විවාහයේ හා වෙන්වීමේ අයිතිය

කිසියම් හේතුන් මත තම විවාහ ගිවිසුමෙහි නිරතවී සිටීමට හෝ එයින් වෙන්වීමට හෝ සැමියා හා බිරිඳ දෙදෙනාටම හිමිකම් ඇත.උදාහරණයක් වශයෙන් විවාහ ගිවිසුමේදී (සාකච්ජාවේදී) පැහදිළි නොකළ රෝගයක් හෝ ස්වාභාවික ඌනතාවයක් සැමියා තම බිරිඳගෙන් හෝ බිරිඳ තම සැමියාගෙන් හෝ දුටුවානම් ,ඔවුන් දෙදෙනාටම එම විවාහයෙහි රැඳී සිටීමට හෝ එයින් වෙන්වීමට හෝ හැක.

1-කෙනෙකුට පිස්සු වැටීම හෝ විවාහයේ සම්පූර්ණ අයිතිවාසිකම අනෙකුට නැතිවීම යනාදි තරමට අසනීපයෙන් පැලීම.

එම අවස්ථාවේ අනෙක් තැනැත්තාට විවාහයෙන් වෙන්වීමෙ අයිතිය හිමිවේ.එය සංසර්ගයේ යෙදීමට පෙර සිදුවන්නේනම්.සැමියා තමා පිරිනැමු මහරය ආපසු ලබා ගැනීමට හැක.එය සංසර්ගයේ යෙදීමෙන් පසු සිදුවෙන්නේ නම් කිසියම් දෙයක් ආපසු ලබා ගත නොහැක.අඩුපාඩු දැන ගැනත් රැවටීමට ලක්වු අයට මහරය ආපසු ගත හැක යනුවෙන්ද අදහසක් පවති.

2-මහරය පිරිනැමීමට අපොහොසත්වීම.

මහරය පිරිනැමීමට සැමියා අපොහොසත් වන්නේ නම්,සංසර්ගයේ යෙදීමට පෙර බිරිඳර වෙන්වීමේ අයිතිය හිමිවේ.නමුදු,සංසර්ගයේ යෙදීමෙන් පසු ඇයට මේ සඳහා කිසියම් අයිතියක් නොමැත.

3-වියදම්(නඩත්තු )කිරීමට අපොහොසත්වීම.

සැමියා තම බිරිඳ නඩත්තු කිරීමට අපොහොසත් වන්නේ නම්,බිරිඳ ඉවසිය යුතු තරම් කාලයන් බලාපොරත්තුවිය යුතුයි.පසුව ඇයට උසාවියේ පිහිට පතා නීතියානුකූලව වෙන්වීමේ අයිතියක් හිමිවේ.

4-සැමියා අතුරුදහන් වීම.

සැමියා අතුරුදහන්වී ඔහු සිටින තැනද සොයාගැනීමට නොහැකිවිය.මෙවන් අවස්ථාවක ඔහු තම බිරිඳ වෙනුවෙන් වියදම් කිරීමට කිසිදෙයක් තබා නොගියේ නම්,ඇයගේ වියදම සඳහා කිසියම් කෙනෙකුට හෝ නොපවසා ගියේ නම්,ඇය වෙනුවෙන් වියදම් කිරීම සඳහා කවරෙක් හෝ ඉදිරිපත් නොවුයේනම් ,ඇය වෙනුවෙන් වියදම්කර එය තම සැමියාගෙන් ලබාගැනීම සඳහා කවරෙක් හෝ තමා අතර නොවන්නේනම් ,ඇයට නීති මාර්ගයෙන් වෙන්වීමට අයිතියක් ඇත.

…………….තවත් බලාපොරුත්තු වන්න ………………………

රිසානා සොයුරිය

අපේ බෞද්ධ සහෝදරයෙක්ගේ(Sukumal Harischandra) අදහසක්

රිසානා සොයුරියගේ සිද්ධිය පසුගිය ටික කාලයක් මම හෙව්වා….
“රිසානා රට යන්නෙ දුප්පත්කම නිසා වයස 17දි නමුත් 23ක් කියල පෙන්වලයි යන්නෙ, එහිදී ඇයට දිගින් දිගටම සේවය කල නිවසේ හොදට සැලකීමක් ලැබුනේ නෑ….ඇය අත දරුවා සිටින විට දරුවාගේ මව ඇයට කල පහරදීමක් නිසා ඇය අතින් සිදුවූ ප්‍රමාදයකින් දරුවා මරණයට පත්වෙනවා(කිරි බෝතලය කටේ හිරවෙලා වගේ).ඇයට දඩුවම් කරන්න කටයුතු කරනවිට තමා දැනගන්නේ ඇගේ සැබෑ වයස, 97දී සෞදි රජය ජාත්‍යන්තර ළමා නීතියට අත්සන් කල නිසා කිසිවක් කල නොහැකියි.මේ වෙනකන් ඇවුරුදු 5ක් ඇයව තබාගන්නවා,දඩුවම් දෙන්න..ඔය අතර තමා අපේ රට දැනුවත් වෙන්නේ….ඇයට කිසිම නීති ආධාරයක්වත් මුලදී ලබාදී නෑ….අපේ ජනපතිතුමාගේ ඉල්ලීමට මරණ දඩුවම කල්දැමුවත්, සෞදි රජුට ශරියා නීතිය අනුව ඇයට නිදහස දෙන්න බෑ….එකම ක්‍රමය එම දරුවාගේ දෙමාපියන් කැමැත්ත දෙන එක ඇයව නිදහස් කරන්න…ඒ සදහා වන්දියක් දීලා කටයුතු කරන්න පුලුවන්……“

(මෙතනදි මේක ආගමික ගැටළුවක් නෙමේ….එනිසා ඉස්ලාම් සහෝදරවරු හිතන්න එපා ඔබේ ධර්මය ගැන ගැටළුවක් ඇති කරනවා කියල….මෙහෙකරුවන්ට හොදට සලකන්න ඕන,ඒක වෙලා නෑ…ඉතින් ඒ අය නියම විදියට ධර්මය අදහනවද කියල ගැටළුවක් තියෙනවා.
බෞද්ධ සහෝදරවරුත් මේක ආගම් ගැන ගැටළුවක් කරගන්න එපා…මෙතන ආගමේ වරදක් නෙමේ සත්‍ය අසත්‍ය අතර ගැටළුවක්)
ඉස්ලාම් දහම ගැන මට තියෙන්නේ මද දැනුමක් නමුත් මෙතන වෙලා තියෙන්නේ ආගමික ගැටළුවක් නෙමේ….ශරියා නීතිය තිබෙන බව ඇත්ත නමුත් මෙතන සිදුවනදේ වෙනස්ම දෙයක්….එතන සිටින්නේ නරක නපුර මිස ආගම් භක්තිකයන් නෙමේ….
මම හැමදාම කියන හිතන විදියට අසරණ උනාම ජාති,ආගම් භේද නෑ…අසාධාරණයට ලක්වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩී…..බෞද්ධයෙක් ලෙස රිසානා සොයුරියට තුනුරුවන්ගේ සරණ පතනවා, නිදහස් වෙන්න.වැදගත් කාරණය නම් ඇය නිදහස් වෙලා ආවත් ඇගේ තත්වය නගාසිටුවන්න ඇති හැකි අය කටයුතු කරන එකයි…..
අපේ සහෝදරියෝ පිට දේශවල මෙහෙකාරකමට යවන එකට මම අතිශයින් විරුද්ධයි…..

————————————————————————————-

අද දෙරණේ  පළවූ මේ සම්බන්ද ලිපියක්     පහලින්

අසත්‍ය ප්‍රචාර නිසා රිසානා නිදහස් කර ගැනීමේ හැකියාව නැති විය හැකියි

ඇතැම් මාධ්‍ය විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සෞදි අරාබියාවේ දී මරණ දඬුවම හිමි වී ඇති රිසානා න‍ෆීක් නිදහස් කර ගැනීමට ඇති හැකියාව අහිමි විය හැකි බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රිසානා නෆීක් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයක්ම ශ්‍රී ලංකා රජය ගෙන ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

රිසානා නෆීක් ගෙල කපා ඝාතනය කිරීමට සෞදි අධිකරණයක් විසින් නියෝග කර ඇති බවට ඊයේ(27) දිනයේ දී ඉන්දීය මාධ්‍යයක පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක් වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

නෆීක්ට මරණ දඬුවම නියම වී ඇති නමුත් එරට නීතිය අනුව ඇය වෙත සමාව ලබාගැනීම සඳහා වන ක්‍රමවේදය අනුගමනය කරන තුරු ශ්‍රී ලංකා රජය එම දඬුවම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එම රටේ නීතියට අනුව අදාළ ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් ක‍ළේය.

Post Navigation

%d bloggers like this: