සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

Archive for the category “නබිතුමාණන්”

ලෝකයටම ආදර්ශයක් වූ නබිතුමාණන්

තම ජීවිත කාලය තුල ආදර්ශමත් කෙනෙකු අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් මිනිසා සතුව පවතියි

මෝසස්,ජේසු, කන්ෆියූසස් මෙන්ම ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන ඔබ අසා තිබේද?
ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට උරදුන් පුද්ගලයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි සදාකාලික බවත් ගැන සෙවීමට ස්වභාවයෙන්ම මිනිසා සතුව සූදානමක් තිඛෙන
අතර, ඇතැම් අය ඒ ගැන ව්‍යාජ හෝ අව්‍යාජ හෝ මත දරමින් සමාජයේ ඉදිරියට එයි. සෑම යුගයකම සෑම සමාජයකම මෙවන් පුද්ගලයින් බිහි වීම, මිනිසුන් තුළ තිඛෙන්නාවූ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබීමේ බලවත් සූදානම පෙන්නුම් කරයි. එමෙන්ම මෙලෙස අනුගාමිකයින් විසින් උසස් කොට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා හා ප්‍රබන්ධවල මෙන්ම ඉතිහාසයේද සඳහන් වෙයි.
එහෙත් කිසිවක් විශ්වාස නොකරන බහුතරයක් වෙසෙන නවීන යුගයේ, පෙර කී මිත්‍ය කථා හා ප්‍රබන්ධ, පැරණි යුගයෙන් පැවත එන ඒවා ලෙස සැලකේ. එමෙන්ම ගෝලීයකරණයට භාජනය වූ ද, නව ආගම්වාදයට උරුමකම් කියන්නා වූද, වත්මන් සමාජයේ මිනිසුන්ට කුමක් විශ්වාස කරන්නද යන්න ප්‍රශ්නයකි.
ආධ්‍යාත්මික වශයෙන් මුහුණ දෙන ගැටළු හා එම අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර, ලෞකිකත්වයට පමණක් නැඹූරුව ජීවත් විය හැකි යැයි සිතීමට අද බහුතරයක් පෙළඹී සිටියත්, අතිවිශිෂ්ට බලයක් මත විශ්වාස කිරීම හා තමන්ට වඩා උසස් කෙනෙකු අනුගමනය
කිරීමට, මිනිසුන් තුළ ඇති සූදානම මැකී යන්නේ නැත. මෙවන් යුගයක ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතය සමබරව ගත කිරීමට ආදර්ශයක් ලෙස අනුගමනය කළ හැක්කේ කවුරුන්වද?
බටහිර ලෝකය නොදැන සිටියද, සියලූ තරාතිරම්වල මිනිසුන්ට ආදර්ශමත් ජීවිතයකට මග පෙන්වන එකම නායකයෙකු වෙයි. ඔහු මුහම්මද් නම් අල්ලාහ්ගේ (දෙවියන්ගේ) දූතයාය. ඔහුගේ ජීවිත කථාව සුරක්ෂිතව ඉතිහාසගතව තිඛෙන්නේ එය අන් අයට ආදර්ශයක් වන නිසාය. එතුමාගේ ජීවිතය සාමාන්‍ය මිනිස් ජීවිතයක සෑම පැතිකඩක්ම සඳහා වන ආදර්ශයකි. මයිකල් එච්. හාට් නම් වූ ඉතිහාසඥයා මෙලෙස පවසයි.

“මා විසින් මුහම්මද් තුමාව අනුගමනය කිරීමට තෝරා ගැනීම, ඇතැමුන්ගේ ආශ්චර්්‍යයට හා ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එහෙත් එතුමාණන් වූ කලී මෙලොවදී ආගමික හා ලෞකික
වශයෙන් සාර්ථකව ජීවිතය අත්දුටු එකම පුද්ගලයාය.”

විශිෂ්ට වූ ජීවිතයකට හිමිකම් කියන එතුමාණන් ගැන බොහෝ යුරෝපානු හා ඇමරිකානු ජාතිකයින් සතුව ඉතා අඩු දැනුමක් තිඛෙන්නේ මන්ද?

කුරුස යුද්ධ කාලයේ පටන් පවතින අනුවණකාරී ක්‍රියා කලාපය හා බිය, ඍණාත්මක ප්‍රතිචාර මෙන්ම මාධ්‍ය විසින් මවාපාන ලද ප්‍රතිරුව හේතුවෙන්, ඉස්ලාම් හෝ අරාබි යන වදන් පවා ඔවුන්ගේ බුද්ධියට එකතු කරන්නේ ව්‍යාකූලත්වයකි. එහෙත් ගෝලීයකරණයෙන් එකම ගම්මානයක් වී ඇති වත්මන් ලෝකයේ අපක්ෂපාතී යැයිද, නිදහස් චින්තකයින් යැයිද කියන්නන්ට තවමත් මෙම ව්‍යාකූලත්වයෙන් මිදිය නොහැකි වූයේ කිමද? අපේ සමාජයේ මුළු
ජනගහණයෙන් 1/4 පමණ ආදරය දිනූ ඒ උතුම් වූ නායකයාගේ, ජීවිතය තුලින් ආගමික නායකයෙකුගේ වැදගත්කම වටහා ගැනීමට මොහොතක් අප හා එක්වන්නට
ඔබට ඇරයුම් කරන්නෙමු.

වක්තෘත්වය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය

ලොවම මවිත කරමින් මුහම්මද් තුමා (එතුමාණන්ට සාමය අත්වේවා) පැවසූ දෑ එලෙසින්ම සිදුවූවත්, ඔහු හුදෙක් අනාවැකි පලකරන්නෙක් යැයි ඉස්ලාමය පිළි නොගනියි. ඔහු දෙවියන් විසින් ජනතාවට යහමග පෙන්වීම සඳහා එවනු ලැබූ දූතයෙකු වන අතර, ඔහුගේ මාර්ගයෙන් මිනිසුන් විශ්වාස කොට පව් ක‍ෂමාව අයැද ඔවුන්ව මෙලොවට මවනු ලැබූ අරමුණ යළි හඳුනා ගනියි. වක්තෘවරුන් වූ කලී දේවත්වයට සමානකම් නොකියන අතර, නැමදුමට සුදුස්සන්ද නොවේ.එහෙත් අන් සියලූ පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලැබුව, උසස් ආධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියන්නා වූද, දෙවියන් විසින් දේව වාක්‍ය ලබාදුන් අයද වෙති.

අල්ලාහ්තආලාට (දෙවියන්ට) සමාන කිසිවෙක් නොමැති බව ඉස්ලාමය පවසයි. මෙම සංකීර්ණ විශ්වයේ මැවුම්කරු හා පාලක වන ඔහුගේ ගුණාංග හා සමාන කිසිවක් නොමැත. මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) වූ කලී ඔහුගේ ගෞරවනීය සේවකයා හා දූතයා වන අතර මිනිසුන් අතර උසස්ම පුද්ගලයාය. විවිධ ජනකොටස් වෙත එවනු ලැබූ නූහ්, ඉබ්‍රාහීම්, මුසා, ඊසා (ඔවුනට සාමය අත්වේවා) වැනි වක්තෘවරුන් එම සමාජවලට ප්‍රබල බලපෑමක් සිදුකල පුද්ගලයින් වූ අතර මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මුළුමහත් මිනිස් සමාජයටම, ලොවේ අවසන් මොහොත වන තෙක් අනුගමනය කිරීම සඳහා එවනු ලැබූ එකම වක්තෘවරයාය.
විනිශ්චය දිනය වනතුරු වන එතුමාණන්ගේ වක්තෘත්වය ගැන මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මෙලෙස පවසයි.

“මීට පෙර පැමිණි නබිවරුන් හා බලන කල මම එක් අලංකාර නිවසක් තැනූ කෙනෙකු මෙන්ය. එහි එක් කොනක එක් ගඩොලක් අඩුව පැවතුණි. ඒ වටා ගමන් කරමින් නිවසේ අලංකාරය නැරඹු මිනිසුන් අඩුව තිබුණු ගලත් තිබුණේ නම් යැයි පැවසූහ. මම ඒ ගලයි. අවසන් වක්තෘවරයායි.”

මුහම්මද් තුමාගේ පෞද්ගලික ජීවිතය

ක්‍රිස්තු වර්ෂ 570 මක්කා නගරයේදී, ඉබ්‍රාහීම් නම් වක්තෘවරයාගේ (ඔහුට සාමය අත්වේවා) පරම්පරාවෙන් මුහම්මද් තුමා උපත ලැබුවේය. වයස අවුරුදු හයේදී අනාථයෙකු වූ එතුමාණන් බැටළුවන් රැකබලා ගනිමින් හා වෙළඳාමේ යෙදෙමින් සිය මහප්පාට උදව් කරමින් වැඩුණේය.තරුණ වියට පා තැබූ එතුමාණන් එවකට එම සමාජයේ පැවතුණු පිළිම වන්දනාව හා දුරාචාරය ප්‍රතික්ෂේප කළේය.එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වන, තරුණ පිරිස් හා බැඳුණු අතර,“විශ්වාසවන්තයා” යන විරුදාවලියද එතුමාට හිමිවුණේය. එතුමා විසි පස්වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළඳ කටයුතුවල නිරත වුණු අතර, ඔහුගේ අවංකත්වය ගැන පැහැදුණු ඇය ඔහු හා විවාහ වීමට යෝජනා කළාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසිපහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ.
කදීජා තුමියගේ අභාවයෙන් පසු විවිධ හේතූන් නිසා එතුමාණන් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගත්තේය.ඉන් එක් අයෙකු හැර අන් සියල්ලෝම වැන්දඹුවන් හා දික්කසාද වූ කාන්තාවන්ය. එතුමාණන් ඉතා වගකීම් සහිතව ක්‍රියා කල කරුණාබර ස්වාමියෙක් හා පියෙක් වූ අතර,එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැපවී සිටියහ. ස්වේච්ඡාවෙන්ම දිළිඳුකම ප්‍රිය කලද, එතුමාණන් තම වදන් ක්‍රියාවේ යොදවමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. එතුමාණන් මෙසේ පැවසුවේය.

“තම පවුල වැදගත් කොට සලකන්නා ඔබ අතරින් උතුම් පුද්ගලයෙකි.”

මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයා

මුහම්මද් තුමාට (එතුමාට සාමය අත්වේවා) වයස අවුරුදු හතලිහේදී ප්‍රථම වරට ජිබ්රීල් නම් දේවදූතයාගේ මාර්ගයෙන් අල්ලාහ්ගේ දේව පණිවිඩය ලැබුවේය. වසර විසිතුනක් මුළුල්ලේ පහළ වුණු එම දේව පාඨයන් තුල අල්ලාහ්තආලා ඒකීය භාවය, ඔහුගේ අතිවිශිෂ්ට මැවීම්, පෙර සිටි වක්තෘවරුන්, ආචාර ධර්ම, ජීවිතය හා මරණය යනාදී කරුණු අඩංගුය.මෙම දේව පාඨයන් ශුද්ධ වූ “අල්කුර්ආනය” නමින් හැඳින්වේ. මෙය අල්ලාහ්තආලාගේ ශුද්ධ වූ වදන් ලෙස මුස්ලිම්වරුන් විශ්වාස කරන අතර, මුහම්මද් තුමාණන්ගේ වදන්, වෙනමම එක්රැස් කරනු ලදුව “සුන්නාහ්” නමින් හැඳින්වේ. ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද් තුමා කළ ඇරයුම, මක්කා වැසියන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර, වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් ඔවුන්ගේ පීඩනවලට ලක්වීමෙන් අනතුරුව, මුස්ලිම්වරුන්ට
“මදීනා” නගරයට පැමිණෙන ලෙස ඇරයුමක් ලැබුණි. “මදීනා” නගරය,“මක්කා” නගරයට උතුරෙන් පිහිටා තිබුණු අතර,පරම්පරා ගණනාවක්, ගෝත්‍ර කිහිපයක් අතර පැවතුණු යුද්ධ හේතුවෙන් විසිරී ගිය ජන කොටස් වෙසූ ප්‍රදේශයකි. මුහම්මද් තුමාණන් ඔවුනතර සමගියට මග පාදාදුන් අතර ඒ තුලින් සමාජ සහෝදරත්වය ගොඩ නැගුවේය. එහි ජීවත් වුණු ජන කොටස් හා එම ප්‍රදේශවලට පිටතින් පැමිණෙන්නන් අතරද යහපත් සබැඳියාවන් ගොඩනැගූ අතර, එය අරාබි ගෝත්‍රිකයින්ට ආශ්චර්‍යයක් විය. එම මුල්කාලීන මුස්ලිම්වරු,මුහම්මද් තුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය යටතේ එම වටිනා නීතිරීති ක්‍රියාවට නැංවූහ. එතුමාණන් මෙලෙස පැවසුවේය.

“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොහොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු නියම විශ්වාසවන්තයෙකු නොවේ.”

මුහම්මද් (එතුමාට සාමය අත්වේවා) තුමාගෙන් ලැබුණු දායාදය

ධර්මය සිය පෞද්ගලික විශ්වාසය පමණක් නොව,ජීවන මාර්ගයද කරගත් මුහම්මද් තුමාගේ (එතුමාට සාමය අත්වේවා) නායකත්වය යටතේ, මදීනා නගරය වැජඹෙන්නට විය. සාධාරණත්වය, ගෞරවය, මිනිසත්කම, දේව භක්තිය ඇතුලූ සියලූම අංශවලින් පරිපූර්ණ වූ පරිපාලන ක්‍රමයක් එහි පැවතුණු අතර, එය එවකට පටන් මුස්ලිම්වරුන්ගේ පරිපාලන ක්‍රමයට ආදර්ශයක් විය. එතුමාණන් ලොවේ ප්‍රථම නීතිසම්පාදන ක්‍රමය සැකසූ අතර, එහිදී සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා කෙරිණි. එතුමා අසල්වැසි රටවල් හා ගෝත්‍ර සමඟ විවිධ ගිවිසුම් ඇතිකර ගත්තේය. එතුමා පර්සියානු, ඊජිප්තු, ඇබිසීනියානු හා රෝමානු පාලකයින්ට තම පණිවිඩය වූ ඒක දේවත්වය සඳහා කැඳවමින්, ඉස්ලාමය වෙතට ඇරයුම් කර ලිපි යැව්වේය. ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්, ළමුන්, අනාථයින් හා විදේශිකයින්ට නිසි අයිතිවාසිකම් හා ආරක්ෂාව ලැබිණි. ජාතිවාදය හා ජාති මමත්වයට විරුද්ධත්වය පෙන්වූ එතුමාණන් ධාර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්, අරාබි ජාතිකයින් නොවන අයට වඩා ජාතියෙක් උසස් වන්නේ නැති බවත්, සුදු මිනිසුන් කළු මිනිසුන්ට වඩා උසස් වන්නේ නැති බවත් පැවසුවේය.

ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීමේ නීතිරීති සැකසූ එතුමාණන්, නිදහස් වෙළඳාම හා ආයෝජනය දිරිමත් කළ අතර, සේවක අයිතිවාසිකම් රකිමින් පොළිය තහනම් කළේය. එතුමාණන් සාමයෙන් ක්‍රියා කළ අතර, අවශ්‍ය තැන බලය යොදා ගැනීම ගැනත් කියා දුන්නේය. මත්පැන්, මත්ද්‍රව්‍ය,ගණිකා සේවනය හා අපරාධවලින් මිදී යහපත් ජීවිතයක් කරා ජනයාව යොමු කළේය. ප්‍රචණ්ඩකාරිත්වය හෙළා දුටු එතුමාණන් සිය භාර්්‍යාවන්ට ස්වකීය අදහස් පළ කිරීමට දිරි ගැන්වූවේය.බටහිර රටවල් පසුකාලීනව තම නීති පොත්වලට ඇතුළත් කළදේපළ, විවාහය හා දික්කසාදය සම්බන්ධ කාන්තා අයිතිවාසිකම් ඉස්ලාමයේ පැමිණීමත් සමඟ මුස්ලිම් කාන්තාවන්ට හිමි විය. ප්‍රයෝජනවත් දැනුම ලබා ගැනීම සඳහා නබිතුමාණන් සිය අනුගාමිකයින්ව දිරිමත් කළ අතර, ඒ හේතුවෙන් විද්‍යාව හා ධර්මය අතර ගැටුමකට ඔවුන් මුහුණ දුන්නේ නැත. එතුමාගෙන් ලොවට දායාද වූ ආදර්ශමත් ජීවිතය, විවිධ අංශ කැටි කරගත් එකක් වුවද, දෙවියන්ගේ ඒකමතිකභාවය ස්ථාවර කිරීම එහි වැදගත් තැනක් ගත්තේය. ඒක දේවවාදය පිළිබඳ සංකල්පය
මත ඉස්ලාමීය සංස්කෘතියද රැඳී පවතියි. මුස්ලිම්වරු පිළිම වන්දනාවට හෝ මිත්‍යා ඇදහිලිවලට හෝ යොමු නොවී කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව සිය මැවුම්කරුගෙන් යහමග පතයි.

එක් පරම්පරාවක් තුල සිය ජීවිත කාලයේදී මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) සාර්ථක ලෙස එම විශ්වාසය මිනිසුන් තුළ ගොඩනගමින් අරාබිකරයේ ජනතාවට යහපත් සංස්කෘතියකට මග පෙන්වූවේය. ශතවර්ෂයක කාලයක් තුල එතුමාගේ පණිවිඩය ලොව නන්දෙස විසිරී සිටි දහස් සංඛ්‍යාත ජනකායකගේ සිත් ඇඳ බැඳ ගත්තේය.එතුමාගේ ආදර්ශයන් මුල්කාලීන අනුගාමිකයින් විසින් සුරක්ෂිතව, ක්‍රමවත්ව ග්‍රන්ථාරූඨ කරන ලද අතර එය “හදීස්” නම් වේ.

ශුද්ධ වූ අල්කුර්ආනය හා හදීස් මුස්ලිම්වරුන්ගේ ජීවන මාර්ගයේ පදනමයි

තම පෞද්ගලික ජීවිතය තුලින්, අන් අයට ආදර්ශයක් වූ මුහම්මද් තුමාණන් (එතුමාට සාමය අත්වේවා) සිය අනුගාමිකයින්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන්නේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතුමා “මම දෙවියන්ගේ සේවකයෙක්”,“මා එක් ගුරුවරයෙක් පමණයි” යැයි පැවසීය. දිවා කාලය ජනතාවට සේවය කරමින්ද, රාත්‍රී කාලය නැමදුම් කරමින්ද ගතකලත් එතුමාණන් සමබර ජීවිතයක් ගෙවූ අතර, තාපස ජීවිතයක් අනුගමනය කිරීමට
සිය අනුගාමිකයින්ව වැළැක්වීය. ඒ තුලින්, වඩාත් ගැඹුරු දේව භක්තියකින් යුතු මෙන්ම යහපත් පවුල් සංස්ථාවක් හා සමාජ තත්වයක් සතු ලෞකික ජීවිතයක් කරා යාමට ඔවුනට හැකිවිය.

جزاك اللهُ خيراً WAMY

Advertisement

Post Navigation

%d bloggers like this: