සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

Archive for the tag “අල්-කුර්ආන්”

ඉස්ලාම් විවාහ නීතිරීති

විවාහයේ කොන්දේසි

1-මනාල,මනාලියන්ගේ එකගතාවය

කැමැති නොවන මනාලීන් විවාහ කිරීම සඳහා පිරිමීන්ද,මනාලයන් විවාහ කිරීම සඳහා ස්තීන්ද බල නොකල යුතුයි.ස්ත්‍රීයකගේ කැමැත්තෙන් තොරව ඇය විවාහකර දීම ඉස්ලාම් ධර්මය තහනම් කරයි. එක් ස්ත්‍රීයෙක් යම් පිරිමියෙක් විවාහවීමෙන් වැලකී සිටින්නේ නම්, පියා ඇතුලු කවරෙක් හෝ වේවා ඇයට බල නොකළ යුතුයි.

2-වලී(වගකිව යුත්තා)

වලීවරයෙක් නොමැතිව සිදුකරන විවාහ වලංගු නොවන්නේය.කුමක්නිසාද යන්,නබි නායක මුහම්මදු(සල්) තුමා මෙසේ වසන්නේය.

“වලීවරයෙක් නොමැති විවාහය අවලංගු වේ”.

(මූලාශ්‍රය:තිර්මිදී හා අබූදාවූද්)

ස්ත්‍රීයෙක් සිය මතය පරිදි විවාහවුයේනම්,එම ගිවිසුමට ඇය හෝ ඇයගේ නියෝජිතයා සම්බන්ධවුවත් එම විවාහය අවලංගු වේ.මුස්ලිම් ස්ත්‍රීයෙක් වෙනුවෙන් කාෆිර් වරයෙක් වගකිව(වලීවීමා නොහැක.වලීවරුන්(වගකිව යුත්තන්) නොමැති අයට එම සමාජයේ ප්‍රධානියා වලීවරයා ලෙස සිට විවාහය සිදුකල යුතුයි.
වලී යනු වයසට පත් බුද්ධිමත් මනාලියගේ නිහතමානි ඥාතීන්ය.

උදාහරණ වශයෙන් පියා,
පසුව ඔහුගේ බලය ලත් තැනැත්තා,
පසුව පියා පාර්ශවයෙන් සීයා,
පසුව එසේම (ඉහලටම ) කිට්ටුම ඥාතීන්,
පසුව ඇගේ පුතා,පසුව පුතාගේ පුතුන්,(එසෙම පහළටම කිට්ටුම ඥාතීන්)
පසුව ඇයගේ එකකුස උපන් සහෝදරයා,
පසුව ඇයගෙ පියා පාර්ශවයෙන් සහෝදරයා,
පසුව ඇගේ එකකුස උපන් සහොදරයාගේ පුතුන්,
පසුව පියා පාර්ශවයෙන් සහෝදරයාගේ පුතුන්,
පසු  පියා පාර්ශවයෙන් සහෝදරයාගේ පුතුන්ගෙන් ඉතා කිට්ටුම ඥාතීන්

වලී වරයා විවාහයට පෙර ඇයගේ අනුමැතිය ලබා ගත යුතුයි.වලීවරයෙක් අවශ්‍යවීමේ සූක්ෂ්ම භවයනම්,අනියම් ආශ්වාද මාර්ග වළක්වාලීමයි.මන්දයන්,නියතව දුරාචාරයේ යෙදෙන්නා ‘මේ(ධනය හෝ සම්පත් හෝ) සඳහා’ තමාව විවාහ කරගන්නා ලෙස ස්ත්‍රීයෙකුට පවසා පසුව තම මිතුරන් හා වෙනත් අයගෙන් දෙදෙනෙක් මේ සදහා සාක්ෂි කරුවන් ලෙස ගෙන ඒමට හැක.
3-සාක්ෂීන්

විවාහ ගිවිසුමේ නිහතමානි මුස්ලිම් පිරිමින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස සහභාගි විය යුතුයි.ඔවුන් දුරාචාරයේ යෙදීම,මත්පැන් පානය කිරීම හා මෙවන් මහා පාපයෙන් වැළකී සිටින්නන් විය යුතුයි. විවාහ ගිවිසුමෙහි ප්‍රකාශය යනුවෙන් හඳින්වන්නේ,මනාලයා හෝ ඔහුගේ නියොජිතයා ‘ඔබගේ දියණිය හෝ ඔබට වගකීම් පවරණලද තැනැත්තිණිය මාහට විවාහකර දෙන්න’ යනුවෙන්ද,එයට වලීවරයා,’මාගේ දියණිය හෝ මාහට වගකීම් පවරන ලද තැනැත්තිණිය ඔබට විවාහකර දුන්නෙමි’ යනුවෙන්ද, පසුව මනාලයා ‘ඇයගේ විවාහය මා පිලිගන්නෙමි ‘ යනුවෙන්ද ප්‍රකාශ කිරීමකි.මනාලයා තමා කැමති අය තමාගේ නියෝජිතයා ලෙස නියම කළ හැක.

4-මහරය ගෙවීම

(මහර් යනු මනාලයා මානාලියට අනිවාර්යයෙන් දිය යුතු තෑග්ගකි ) මහර් පිලිබඳ නීතිය එය ස්වල්පයෙන් පවතීමකි.ස්වල්පයෙන් පවතින හා පහසුවෙන් ලබන සෑම දේ මෙයට උතුම්ය.එය සදාක් යනුවෙන්ද හැඳින්වේ.විවාහ ගිවිසුමේදී එය සදහන් කිරීමද,එය ගිවිසුම්කළ විගස ගෙවීමද සුන්නත්ය. නමුදු එය හෝ එයින් කොටසක් කලකට ප්‍රමාදකළ හැක.සැමියෙක් ඇය සමග සංසර්ගයේ යෙදීමට පෙර දික් කසාදවුයේද,එවිට මහරයෙන් අඩක් ලබාගත හැක.විවාහ ගිවිසුම්කළ පසු සංසර්ගයේ යෙදීමට පෙර සැමියා මරණයට පත්වුයේනම් ඇයට මහරය හා හිමිකම් සියල්ලම හිමිවේ.

විවාහයේ පල ප්‍රයෝජන

1-වියදම් කිරීම

සැමියා තම බිරිඳට සාමාන්‍ය පැවැත්ම පරිදි ආහාර පාන,ඇඳුම් පැළඳුම් හා නාවාතැන් පහසුකම් යනාදීන් සපයා දීම අනිවාර්යවේ.මෙම අනිවාර්ය කාර්ය කිසිවක් හෝ සැපයීමට ඔහු ලෝභ කරන්නේ නම්,ඔහු පාපකාරයාය.එසේම ඔහුගේ මුදලින් තමාට අවශ්‍ය ප්‍රමාණයක් ගැනීමට හා ඔහු වැනුවෙන් ණය ලබාගැනීමට ඇයට හැකිවේ.පසුව එය ඔහුම ගෙවිය යුතුයි. වලීමා සඳහාද ඔහු වියදම්කළ යුතුයි.මනාලයා විසින් තම විවාහය නිමිත්තෙන් ආහාර පිළියෙළ කර,ඒ සඳහා මිනිසුන් කැඳවා කරන භෝජන සංග්‍රහය වලීමා යනුවෙන් හැඳින්වේ.මෙය නබිනායක මුහම්මදු(සල්) කළ සුන්නත් නම්වු සතුටුදායක කරුණකි.
2-හිමිකම් ලැබීම.

පුද්ගලයෙක් කවර දිනකදී ස්ත්‍රීයෙකු හා සමග නිවැරදි විවාහ ගිවිසුමක් කර ගන්නේද,එදින සිට ඔවුන් දෙදෙනා අතර හිමිකම් කීපයක් ඇතිවේ.අල්ලාහ් මේ ගැන මෙසේ පවසන්නේය.

“තවද,ඔබලාගේ බිරිඳන් අතහැර ගිය දෙයින් ඔවුන්ට දරුවන් නොසිටින්නේනම් ,ඔබලාට අඩක් තිබේ.ඔවුන්ට දරුවන් සිටින්නේනම්,ඔවුන් අතහැර ගිය දෙයින් ඔබලාට හතරෙන් එක පංගුවෙකි.(එයද,)ඔවුන් කළ මරන සාසනය(අවසන් කැමැත්ත ) හා ණය පියවීමෙන් පසුය.තවද,ඔබලාට දරුවන් නොසිටින්නේනම්,ඔබ,අතහැර ගිය දෙයින් ඔවුන්ට හතරෙන් එක පංගුවෙකි. ඔබලාට දරුවන් සිටින්නේනම් ,ඔබලා අතහැර ගිය දෙයින් ඔවුන්ට අටෙන් එක පංගුවෙකි.(එයද )ඔබලා කළ මරන සාසනය හා ණය පියවීමෙන් පසුය.”

(අල්කුර්ආන්  4:12)

සුන්නත් හා පිළිවෙල්

1-විවාහය පිළිබඳව තම ඥාතීන් හා මිතුරන්ට දැනුම් දීම සුන්නත් නම්වු නබි මගක් වන අතර,ඔවුහුද මනාල මනාලීන් දෙපලට ප්‍රාර්ථනා කිරීමද නබිමගකි.එබැවින්,මනාලයාට හෝ මනාලියට මෙසේ ප්‍රාර්ථනා කළ යුතුයි.

بارك الله لكما وبارك عليكما   وجمع بينكما في خير

බාරකල්ලාහු ලක,වබාරක අලෛක,වජම අ බෛනකුමා ෆී (ක්)හෛරීන්.

(අල්ලාහ් ඔබට අභියන්තරව හා භාහිරව ආශිර්වාදය කරනු මැන.ඔබ දෙපළ යහමගහි එකතු කරනු මැත )
2-සංසර්ගයේ යෙදීමට පෙර ඔවුන් දෙදෙනා මෙසේ කීම සුන්නත්ය.

بِسْمِ اللَّهِّ اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا

බිස්මිල්ලාහි අල්ලාහුම්ම ජන්නිබිනෂ් ෂෛතාන වජන්නිබිෂ් ෂෛතාන මා රසක්තනා
(අල්ලාහ්ගේ නාමයෙනි.(මෙහි යෙදෙන්නෙමි )ස්වාමිනි,අපහට හා අපට ලබා දෙන දරුවාට ෂාතන්ගේ උවදුරු වලින් රැකවරණය ලබා දෙනු මැනවි.)

3-ඔවුන් දෙදෙනා අතරේ සිදුවන සංසර්ගය පිළිබඳ කරුණු පැතිරවීම පිළිකුල් කාර්යයෙකි.

4.තම බිරිඳ ඔසප්වී සිටින හෝ දරු ප්‍රසූත රුධිරයේ සිටින සමයේ සැමියා ඇය සමග සංසර්ගයේ යෙදීම තහනම් (හරාම්)ය.එයින් පිරිසුදුවී ජල ස්නානය කිරීමට පෙරද ඇය සමග සංසර්ගයේ යෙදීම හරාම්ය.
5-සැමියා තම බිරිඳගේ පිටු පය පස ගුද මාර්ගයෙන් ලිංගික ආශ්වාදයෙහි යෙදීම තහනම්ය.එය ඉස්ලාම් තහනම් කළ මහා පාප ක්‍රියාවකි.

6.සැමියා සංසර්ගයේදී තම බිරිඳට ඇයගේ සම්පූර්ණ අයිතිය ලබා දීම අනිවාර්යය වේ.එසේම ඇයගේ අනුමැතියෙන් හා නොවැළක්විය හේතුවෙන් තොරව ගැබ් හටනොගැනීම සඳහා අස්ල්(සංසර්ගයෙ යෙදී ධාතු මෝචනවන අවස්ථාවේ පුරුෂ ලිංගය පිටතට ගෙන ධාතු ඇතුල් ගත නොවන සේ පිට දමීම ) නොකළයුතුයි.

මනාලියගේ ගුනාංග

විවාහය සිදුකරනු ලබන්නේ ප්‍රීතිය අනුභව කිරීම සහ හොඳ පවුලක්,හොඳ සමාජයක් බිහි කිරීම සඳහාය.එම නිසා මෙම අරමුණු දෙකම සම්පූර්ණයෙන් යුත් ස්ත්‍රීයෙක් විවාහ කිරීම අවශ්‍යයි.

ඇය බාහිර හා අභ්‍යන්තර සෞන්දර්යට ලක්වන්නෙකි.බාහිර ලස්සනය යනුවෙන් හැඳින්වන්නේ එය රූපයේ සම්පූර්ණවීමකි.අභ්‍යන්තර ලස්සනය යනුවෙන් හැඳින්වන්නේ එය ධර්මයෙන් හා ගුණාංගයෙන් සම්පූර්ණවීමකි. නියතව බාහිරව හා අභ්‍යන්තරව ලස්සනෙන් යුත් ස්ත්‍රීයෙකු ලබා ගැනීමට හැකිවන්නේනම්,එය ඇත්ත වශයෙන්ම අල්ලාහ් ගේ භාග්‍යයන් අතර සම්පූර්ණ භාග්‍යවේ.එසේම බියබැතිකමෙන් යුත් යහපත් පුරුෂයෙකු විවාහ කිරීම සඳහා ස්ත්‍රීය ඇල්ම විය යුතුයි.

තහනම් ස්ත්‍රීන්

ස්ත්‍රීන්ගෙන් විවාහ කිරීමට තහනම්වු අය කොටස් දෙකකින් සමන්චිතකි.කොටසක් විවාහ කිරීම සඳහා සදාකාලිකව තහනම්වු අය.අනෙක විවාහ කිරීම සඳහා තාවකාලිකව තහනම්වු අය.

අ )-සදාකාලිකව තහනම් අය

විවාහ කිරීමට සදාකාලිකව තහනම්වු ස්ත්‍රීන් කොටස් තුනකට බෙදේ.

1-ඥාතිකමින් තහනම් වීම

ඔවුහු හත් දෙනෙකි.ඔවුන් පිළිබඳව අල්ලාහ් මෙසේ පවසන්නේය.

“ඔබලාගේ මව්වරුන්ද,ඔබලාගේ දියණියන්ද,ඔබලාගේ සහෝදරියන්ද,ඔබලාගේ නැන්දම්මලාද,ඔබලාගේ කුඩා හා ලොකු අම්මලාද,ඔබලාගේ සහොදරයෙන්ගේ දියණියන්ද ඔබලාගේ සහොදරියන්ගේ දියණීන්ද විවාහ කිරීම ඔබලාට තහනම්ය”.

(අල් කුර්ආන් -4:23)

(a)-මව්වරුන් යනු ,මව සහ පියා හෝ මව පාර්ශවයෙන් ආත්තලා.

(b)-දියණියන් යනු,තමන්ගේද,තම පුතුන්ගේ හා දියණි යන්ගේද දියණියන් හා එසේම පහළට එන අය.

(c)-සහොදරියන් යනු,එක කුස උපන් සහෝදරියන් හා පියා සහ මව පාර්ශවයේ සහෝදරියන්ය.

(d)-නැන්දම්මලා යනු,තමාගේ නැන්දම්මලා,තම පියාගේ නැන්දම්මලා ,තම මුත්තාගේ නැන්දම්මලා,තම මවගේ නැන්දම්මලා හා තම ආත්තාගේ නැන්දම්මලාය.

(e)-කුඩම්මා සහ ලොකු අම්මා යනු,තමාගෙද ,තම පියාගේද,තම පියාගේ පියාගේද,තම මවගේද තම මවගේ මවගේද ලොකු,කුඩා අම්මලාය.

(f)-සහෝදරයාගේ දියණියන් යනු,එක කුස උපන් සහෝදරයාගේද,පියා හා මව පාර්ශව සහෝදරයාගේද,ඔවුන්ගේ පුත්තුන් සහ දියණියන්ගේද,මෙසේ පහළටම එන දියණියන්ය.

(g)-සහෝදරියගේ දියණියන් යනු,තම එක කුස උපන් සහොදරියන්ගේද,පියා හා මව පාර්ශව සහෝදරියගේද,ඔවුන්ගේ පුතුන්ගේ හා දියණියන්ගේද,එසේම පහළටම එන දියණියන්ය.

2-කිරි බීමෙන් තහනම් වීම

ඔවුන්ද ඥතිකමින් තහනම් අය සේ සෙළකේ මෙ ගැන නබි මුහම්මදු(සල්) තුමා මෙසේ පවසන්නේය.

ඥාතිකමින් තහනම්වන සෑම දෙනා කිරිබීමෙන්ද තහනම්වේ.

(මූලාශ්‍රය:බුහාරි හා මුස්ලිම්)

නමුත්,කිරි බීමෙන් තහනම්වීම පහත සඳහන් කොන්දේසිවලට යටත්විය යුතුයි.

(අ )-පස් වතාවක් හෝ එයට අධිකව කිරි බී තිබිය යුතුයි.ළදරුවෙකු ස්ත්‍රීයෙකුගෙන් සතර වතාවක් කිරි බී තිබේ නම්,ඔහුට ඇය මවක් නොවන්නේය.

(ආ)-කිරි බීම කිරි වැරීමට පෙර තිබිය යුතුයි.එනම් කිරි බීමෙහි පස් වතාවන් සියල්ලම කිරි වැරීමට පෙට තිබිය යුතුයි.කිරි බීම කිරි වැරීමෙන් පසුව හෝ කිරි වෙරීමට පෙර සමහර වතාවන් හා කිරි වෙරීමෙන් පසු සමහර වතාවන් සිදුවුයේනම් එවන් ස්ත්‍රීය ඔහුට මවක් නොවන්නේය. කිරි බීමෙහි කොන්දේසි සම්පූර්ණවන්නේ නම්,ළදරුවා එම ස්ත්‍රීයට පුත්‍රයාය.ඇයගේ පුත්‍රයන් ඔහුට පෙර හෝ පසු උපන් අය වුවද ඔහුට සහෝදරයන්ය.එසේම ඔහු සමග කිරි බීපු අයද ,ඔවුහු ඔහුට කිරි දුන් ස්ත්‍රීයගේ හෝ අන් අයගේ හෝ වෙවා ඔහුට සහොදරයන්ය. මෙහි කිරි බීපු අයගේ දරුවන් හැර වෙන කිසි වෙන කිසි වෙකුට මෙහි සම්බන්ධයක් නැති බව දැනගත යුතුයි.ඔවුන් කෙරෙහි කිසියම් බාධාවන් නොපවති.

3-විවාහ මාර්ගයෙන් තහනම් වීම

(අ)-පියානන් හා මුත්තන්ගේ බිරිඳන්.

පුද්ගලයෙක් ස්ත්‍රීයෙක් සමග විවාහ ගිවිස ගත්තේනම් ඇයට ඔහුගේ පුතුන්,පුතුන්ගේ පුතුන්,ඔහුගේ දියණියගේ පුතුන් සහ එසේම පහළට එන කිසියම් දෙනෙකුව විවාහ කිරීම තහනම්ය. ඔහු ඇය සමග සංසර්ගයේ යෙදුනා හෝ නොයෙදුනා හෝ වෙවා තහනම්ය.
(ආ)-පුතුන්ගේ බිරිඳන්

පුද්ගයෙක් ස්ත්‍රියක සමග විවාහ ගිවිසුම්කර ගත්තේ නම්,එවිගිසම ඔහුගේ පියාට සහ මුත්තාට ඇයව විහාව කිරීම තහනම්ය.තවද පියා හෝ මව පාර්ශවයෙන් පරම්පරා කොපමණ ඉහළට ගියත් ,එම විවාහ ගිවිසුම අනුව ,ඔහු ඇය සමග සංසර්ගයේ නොයෙදුනත් ,ඇයව විවාහ කිරීම තහනම්ය.

(ඉ )-බිරිඳගේ මව හා ආත්තලා

පුද්ගලයෙක් ස්ත්‍රියෙක් සමග විවාහ ගිවිස ගත්තේනම්,එවිටම ඔහු ඇය සමග සංසර්ගයේ නොයෙදුනත්,එයගේ මව සහ ආත්තලා සමග විවාහවීම විවාහ ගිවිසුම අනුව තහනම්ය.එවැනි ආත්තලා මව හෝ පියා පාර්ශවයෙන් විය හැක.

(ඊ)-බිරිඳගේද,ඇගේ පුතුන් හා දියණියන්ගේද දියණියන් හා මෙසේම පහළටම එන ස්ත්‍රීන්.

පිරිමියෙක් ස්ත්‍රියකු සමග විවාහවී ඈ සමඟ සංසර්ගයේ යෙදෙන්නේනම් ,එවිට ඇගේ දියණියන්ගේ දියණීන් හා මෙසේ පහළට එන ස්ත්‍රින් ඔහුට තහනම්ය.ඔවුන් ඔහුට පෙර විවාහයෙන් හෝ ඔහුට පසු විවාහයෙන් හෝ විය හැක. නමුත් සංසර්ගයේ යෙදීමට පෙර ඔවුන් දෙදෙනා අතර වෙන්වීම් ඇතිවුයේනම් තහනම් නොවන්නේය.

ආ)-තාවකාලිකව තහනම් අය.

විවාහ කිරීම සඳහා තාවකාලිකව තහනම්වු අය පහත සඳහන්වේ.

(අ )-බිරිඳගේ සහෝදරිය,නැන්දම්මලා හා ලොකු,කුඩා අම්මලා.

බිරිඳගේ මරණය හෝ ජීවිතයෙන් වෙන්වී ඉද්දා කාලය අවසන්වන තෙක් මෙම අය විවාහ කිරීම තහනම්ය.

(ආ)-කෙනෙකු වෙනුවෙන් ඉද්දාවෙහි සිටින අය.

ඇගේ ඉද්දා කාල සීමාව අවසන්වන තෙක් ඇයව විවාහ කිරීම තහනම්ය.ඇගේ විවාහය ගැන සාකච්ජා කිරීමද තහනම්ය.

(ඊ)-හජ් හා උම්රා මගින්  තහනම් වීම.

ඉහ්රාමයෙන් සිට මිදෙන තෙක් ඇය සමඟ විවාහ ගිවිසුම් කිරීම තහනම්ය.

(ක්)හුල්උ

තම සැමියාට කැමැති නොවන ස්ත්‍රියෙක් තමාගෙන් ඔහු වෙන්වී යාම සඳහා ඔහුට යම් මුදල් ප්‍රමාණයක් ලබාදී ඔහුගෙන් වෙන්වීම ඉල්ලා සිටීම “ක්හුල්උ” යනුවෙන් හඳින්වේ.නමුදු ,කැමැති නොවන්නා සැමියානම් ඔහු වෙන්වීමට අදහස් කළේනම්,ඇයගෙන් කිසියම් වන්දියක් හෝ ලබාගැනීමට ඔහුට අයිතියක් නොමැත. ඔහු කැමැතිනම් ,ඇය කෙරෙහි ඉවසා සිටිය යුතුයි.නැතිනම්,දික්කසාදය කළ යුතුයි.

ස්ත්‍රියෙක් තම සැමියා තමාට කරන වද හිංසා ඉවසීමට නොහැකි තරම් වේදනාවට ලක්වී ,ඔහු සමග ජීවත් වීමට ඇයට ඉවසීමක් කළ නොහැකි නම් පමණක් ඔහුගෙන් වෙන්වීමට (ක්)හුල්උ ඉලලා සිටිය හැක.එසේම සැමිය තම බිරිඳ තමාගෙන් (ක්)හුල්උ ඉල්ලන තෙක් වද කිරීමෙහි මුරණ්ඩුවී සිටිය නොහැක. සැමියා තමා බිරිඳට දුන් මහර් ප්‍රමාණයට වඩා ලබා නොගැනීම සතුටුදායක දෙයකි.

විවාහයේ හා වෙන්වීමේ අයිතිය

කිසියම් හේතුන් මත තම විවාහ ගිවිසුමෙහි නිරතවී සිටීමට හෝ එයින් වෙන්වීමට හෝ සැමියා හා බිරිඳ දෙදෙනාටම හිමිකම් ඇත.උදාහරණයක් වශයෙන් විවාහ ගිවිසුමේදී (සාකච්ජාවේදී) පැහදිළි නොකළ රෝගයක් හෝ ස්වාභාවික ඌනතාවයක් සැමියා තම බිරිඳගෙන් හෝ බිරිඳ තම සැමියාගෙන් හෝ දුටුවානම් ,ඔවුන් දෙදෙනාටම එම විවාහයෙහි රැඳී සිටීමට හෝ එයින් වෙන්වීමට හෝ හැක.

1-කෙනෙකුට පිස්සු වැටීම හෝ විවාහයේ සම්පූර්ණ අයිතිවාසිකම අනෙකුට නැතිවීම යනාදි තරමට අසනීපයෙන් පැලීම.

එම අවස්ථාවේ අනෙක් තැනැත්තාට විවාහයෙන් වෙන්වීමෙ අයිතිය හිමිවේ.එය සංසර්ගයේ යෙදීමට පෙර සිදුවන්නේනම්.සැමියා තමා පිරිනැමු මහරය ආපසු ලබා ගැනීමට හැක.එය සංසර්ගයේ යෙදීමෙන් පසු සිදුවෙන්නේ නම් කිසියම් දෙයක් ආපසු ලබා ගත නොහැක.අඩුපාඩු දැන ගැනත් රැවටීමට ලක්වු අයට මහරය ආපසු ගත හැක යනුවෙන්ද අදහසක් පවති.

2-මහරය පිරිනැමීමට අපොහොසත්වීම.

මහරය පිරිනැමීමට සැමියා අපොහොසත් වන්නේ නම්,සංසර්ගයේ යෙදීමට පෙර බිරිඳර වෙන්වීමේ අයිතිය හිමිවේ.නමුදු,සංසර්ගයේ යෙදීමෙන් පසු ඇයට මේ සඳහා කිසියම් අයිතියක් නොමැත.

3-වියදම්(නඩත්තු )කිරීමට අපොහොසත්වීම.

සැමියා තම බිරිඳ නඩත්තු කිරීමට අපොහොසත් වන්නේ නම්,බිරිඳ ඉවසිය යුතු තරම් කාලයන් බලාපොරත්තුවිය යුතුයි.පසුව ඇයට උසාවියේ පිහිට පතා නීතියානුකූලව වෙන්වීමේ අයිතියක් හිමිවේ.

4-සැමියා අතුරුදහන් වීම.

සැමියා අතුරුදහන්වී ඔහු සිටින තැනද සොයාගැනීමට නොහැකිවිය.මෙවන් අවස්ථාවක ඔහු තම බිරිඳ වෙනුවෙන් වියදම් කිරීමට කිසිදෙයක් තබා නොගියේ නම්,ඇයගේ වියදම සඳහා කිසියම් කෙනෙකුට හෝ නොපවසා ගියේ නම්,ඇය වෙනුවෙන් වියදම් කිරීම සඳහා කවරෙක් හෝ ඉදිරිපත් නොවුයේනම් ,ඇය වෙනුවෙන් වියදම්කර එය තම සැමියාගෙන් ලබාගැනීම සඳහා කවරෙක් හෝ තමා අතර නොවන්නේනම් ,ඇයට නීති මාර්ගයෙන් වෙන්වීමට අයිතියක් ඇත.

…………….තවත් බලාපොරුත්තු වන්න ………………………

Advertisement

මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!

ඉස්ලාම් ධර්මය සනාථ කරන මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!
DEAD SEA SCROLLS

“(නබියේ! අස්හාබුල් කහ්ෆ් නමැති ගුහාවට අයත් අය ගැන යුදෙව්වන් ඔබගෙන් විමසන්නාහ). එම ගුහාවට අයත් අයද, සන්නස අයත් අයද නියත වශයෙන්ම අපගේ සාධකයන්ගෙන් පුදුම සහගත අය වශයෙන් සිටියහ යයි අදහස් කරන්නෙහුද?…” (අල්-කුර්ආන් 18:9)

මෙම වාක්‍යයෙහි  (18:9) ගුහාවට අයත් අය සම්බන්දව සඳහන් කිරීමේදී, ගුහාවට අයත් අය ලෙස පමණක් සඳහන් කළහොත් සෑහේ. ඒ සමගම ගුහාවට අයත් අය හා සන්නස අයත් අය (The Fossil belongs to) ලෙසත් (සර්වබලධාරී) අල්ලාහ් පවසන්නේ ය.

එසේනම් සන්නසක්(ලිපි ගොනුවක්) මොවුන්ගේ ඉතිහාසයෙහි වැදගත් ස්ථානයක් ලබා ඇති බවට දැනගැනීමට හැකිවේ.එක්තරා සන්නසක් මොවුන් ලඟ තබා ගත්තා යැයි පමණක් මෙසේ සඳහන් කර නොමැත. “එම සන්නස” යැයි විශේෂයෙන් සඳහන් කර ඇති හෙයින් එය ඉතා වැදගත් සන්නසක් විය යුතුය

එම සන්නස එක් අවස්ථාවක සොයාගෙන මිනිසුන්ට එහි අඩංගු සත්‍ය හෙළිවිය යුතු නිසයි අල්ලාහ් එසේ “එම සන්නස අයත් අය ලෙස” පවසා ඇත්තේ. එම සන්නස කිසිවෙකුටත් හමුනොවෙනු ඇත නම් ඒ ගැන “එම සන්නස” යනුවෙන් වැදගත් කර නොපවසනු ඇත.

ඒ මොන සන්නස ද? ඒ මොන ලිපි ද? යනු බොහෝ කල් වනතෙක් ලෝකයා නොදැන සිටියහ. එහෙත් අද වන විට එම සන්නසෙහි/ලිපිවල අඩංගු තොරතුරු හෙළිවී ඇත.“මළමුහුදු ආඥාපනත් ලිපි (Dead Sea Scrolls)” යන මාතෘකාව යටතේ 1998 වන වසරේ එක් මසක කිහිප වරක් ම බීබීසී (BBC) නාලිකාවේ පැයක වැඩසටහනක් විකාශය විය. එමගින් විකාශය කරන ලද තොරතුරු ප්‍රේක්ෂකයන් සැවොම විශ්මයට පත්කළේය.

මෙම වැඩ සටහනේ ප්‍රථම විකාශනය 1993 වසරේ දී විකාශනයට පත්වූ බවද සඳහන් කරන ලදී. (පහත සඳහන් යොමු මගින් එය දැක බලාගත හැක).

Play 1 : http://www.vimeo.com/30121215

Play 2 : http://www.vimeo.com/30121220

Play 3 : http://www.vimeo.com/30121232

Play 4 : http://www.vimeo.com/30121238

එහි අඩංගු කරුණු වනුයේ:

1947 වසරේ එක් දවසක බැටළුවන් දැක බලාගන්නා අරාබි ජාතික කොලුවෙකු අතරමංවූ ඔහුගේ බැටළුවෙකු සොයා මළමුහුදාශ්‍රිත ජෝර්දානයේ කඳු පෙදෙසට ගියේ ය. එම කඳු පෙදෙස “කුම්රාන් කඳු වැටිය” නමින් හැඳින්විය.

තම බැටළුවා සොයා එහි තිබුණු ගල්ගුහාවක ඇතුල්වූ විට එහි මැටි බඳුන්වල අකුළවා තබන ලද (සත්ව) සම් දැක එයින් කිහිපයක් රැගෙන ගොස් පාවහන් සාදන තම පියාට දෙන ලදුව, පසුදා උදැසන ඔවුන් දෙදෙනා ම ගල්ගුහාව තුලට ගොස් එහි තිබූ සියලු (සත්ව) හම් ගෙදරට රැගෙන ආවෝය.

එම පුරාණ (සත්ව) හම් තම පාවහන් කර්මාන්තයට යොදාගැනීමට සිතූ එම කොලුවාගේ පියා එම හම් වල “හිබ්රු” භාෂාවෙන් ලියන ලද වාක්‍යන්හි අර්ථය නොතේරීම හේතුවෙන්, එවකට ජෝර්දාන රජය යටතේ තිබූ නැගෙනහිර ජෙරුසලම් හි පිහිටි එක්තරා පුරාණ පොත් හලක හිමිකරුට පෙන්වුවේය.

යම් මට්ටමක “හිබ්රු” භාෂාව දැන සිටි එම කඩ හිමිකරුවා ඩිනාර් කීපයකට එම (සත්ව)හම් වලින් යුත් ලිපි සියල්ල පාවහන් කර්මාන්තකරුගෙන් මිලදී ගත්තේය.කිතුනුවෙකු වූ එම පොත්හල් හිමියා එම ලිපි සියල්ල එම නගරයේ පිහිටා තිබූ කිතුනු පල්ලියකට භාරදුන්නේය.

එම (සත්ව) හම් වලින් යුත් ලිපි සොයා ගන්නා ලද පුවත දැනගත් යුදෙව්වන් හා මුස්ලිමානුවන් එහි අඩංගු විස්තර දැනගැනීම සඳහා උනන්දු වුහ.එම අවස්ථාවේ එවකට ජෝර්දානය රජ කළ “හුසෛන්” රජතුමා, “එම (පෞරාණික)ලිපි” මුස්ලිම්, යුදෙව් හා කිතුනුවන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් පොදුවේ ගවේෂණය කරන මෙන් ඉල්ලා සිටියේ ය.

එනමුත් ක්‍රිස්තියානි (පියතුමන්) නායකයන්, “එය පෞද්ගලික බුදලයක්” බව පවසා වාද කර එය පොදුවේ ගවේෂණය කිරීම ප්‍රතික්ෂේප කළෝ ය. තව ද බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයන් ට පවා එම ලිපි කියවීමට අවස්ථා ලබා නොදුන්නෝ ය.

පස් වසරක් අතරතුර කාලයේදී ජෙරුසලම හි සිටි ක්‍රිස්තියානි නායකයන් කණ්ඩායම් වශයෙන් “කුම්රාන් කඳු වැටියෙහි” පිහිටි ගල්ගුහාවලින් ඉතිරිව තිබූ ලිපි සියල්ල අත්පත් කර ගත්තෝ ය.

1952 සැප්තැම්බර් මාසයේ සොයා ගන්නා ලද සියලුම ලිපි ක්‍රිස්තියානි නායකයන් සතු විය. එවැනි අත්පිටපත් (manuscripts )15,000 ක් ඇති බවට දැන් ගණන් බලා ඇත.

ගෙවීගිය අවු.50 කටත් ඉහත කාලයක් තිස්සේ එම අත්පිටපත් වල අඩංගු කරුණු පිළිබඳව ලෝකයාට හෙළි නොකර ක්‍රිස්තියානි නායකයන් විසින් වසන්කරන ලදී. බොහෝ ක්‍රිස්තියානි විද්වතුන් හා පර්යේෂකයන් එය කියවීමට අවස්ථා ලබා දෙනමෙන් ඉල්ලා සිටී සෑම අවස්ථාවකදීම එය ඔවුන් (ක්‍රිස්තියානි නායකයන්) විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම අත්පිටපත් (සන්නස්) අත්පත් කරගෙන සිටී කණ්ඩායමෙන් එක් අයෙකු මියගිය විට ඔවුන්ගේ අනෙක් අය ඔවුන්ට‍ සාපේක්ෂව තවත් කෙනෙකු එම කණ්ඩායමට බඳවා ගනියි. මේ ආකාරයෙන් මෙතෙක් කල් එම ලිපි රහස්ගතව තියෙන ලදී. මෙහි “පෝප්” තුමන්ගේ වතිකානු සභාව පෙරමුණේ සිටියහ.

(සත්ව) හම් වල ලියන ලද එම පෞරාණික ලිපි විනාශවී යෑමේ තත්වය දුටූ එහි රහස් භාරකරුවන් එම ලිපි සියල්ල microfilm වශයෙන් ආරක්ෂා කළෝ ය. එහි අනුපිටපතක් ඇමරිකානු ලෝස් ඇන්ජල්ස් නගරයේ පිහිටි එක්තරා පුස්තකාලයකට (ආරක්ෂාකාරීව තබාගැනීම සඳහා) යවන ලදී.

1990 වසරේ දී එම පුස්තකාලයේ සභාපති වශයෙන් “අයිස්මේන්” නම් විද්වතෙකුව පත්කරන ලදී. ඊට ප්‍රථමයෙන් එම ලිපි කියවීමට ලැදියාවක් දැක්වූ ඔහුට එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදුව, දැන් ඔහුට එම අවස්ථාව උදාවී ඇත්තේ දැන් තමන් එහි භාරකාරීත්වය දැරීමේ හේතුවෙනි.

එම ලිපි කියවූ විට තමන් විශ්මයට පත් වූ බව ද ඔහු පැවසුවේ ය. තව ද මෙතෙක් කල් ක්‍රිස්තියානි නායකයන් එය ලෝකයට හෙළි නොකර වසන් කළ කාරණය ද දැන් තමන් වටහා ගත් බවට ද සඳහන් කළේ ය.

මයිකල් වයිස් නම් චිකාගෝ විශ්ව විද්‍යාලයේ “හිබ්රු” භාෂාව පිළිබඳ මහාචාර්‍ය වරයෙකුගේ සහයෝගය ඇතිව එම (සන්නස්) ලිපිවලින් ඉතා වැදගත් යැයි තමන් විසින් හඳුනාගත් අත්පිටපත් (manuscripts) 100 ක් ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කර ප්‍රකාශය කළේය.

එම පොත් ප්‍රකාශනය මගින් කිතුනු ලොව තරමක් සෙලවිය බව ද විශේෂයෙන් ක්‍රිස්තියානි සිද්ධස්ථාන මහා කම්පනයකට මුහුණ දුන් බවට ද එම ලේඛනයේ වාර්තාකරු සඳහන් කළේ ය.

බටහිර ජනතාවගේ ආගම සතු විශ්වාසය බිඳ යාමක් සේ එම පොත් ප්‍රකාශනය පත්විය යනුවෙන් ද එනිසා එම දෙදෙනාම නීතිය යටතේ ගෙන දඬුවම් ලබනු ඇති බවට ද එම වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

එසේ කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට තමන් සූදානම් බව ද, එයට භිය වී මෙවැනි මහා සත්‍යක් ලෝකයාගෙන් වසන් කිරීමට තමන් කිසිසේත් කැමති නැතැයි යනුවෙන් ද එම විද්වතුන් දෙදෙනා ලෝකයාට පැවසු දේ එම රුපවාහිනී වැඩ සටහනේ සඳහන් වේ.

ක්‍රිස්තියානි පල්ලිවල දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පවත්වනු ලබන ක්‍රියාවන් හා ආරාධනාවන් එවකට සිටී කිතුනුවන්ගේ කාලයේ (ජිවිතයේ) නොතිබුණු බවට ද එම (manuscripts) අත්පිටපත් සාක්ෂි දරයි.

මෙම චාරිත්‍ර වාරිත්රවලටත්, ජේසුස් වහන්සේගේ ප්‍රචාරයට  හා ප්‍රතිපත්ති වලටත් කිසිම සම්බන්ධතාවයක් නැත. මේ සියල්ල “පෞල්” නැමැත්තෙකු විසින් පසු කලෙක සැකසුම් කරන ලද්දකි. සමස්තයක් වශයෙන් දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් කියන ලද සියලු ක්‍රිස්තියානි ප්‍රතිපත්තීන් හා ක්‍රියා මාර්ගයන් අසත්‍යයකි. එය ජේසුස් වහන්සේගෙන්  පැවත ආ අනිත් පරම්පරාවේ විසූ සැබේ (භක්තිකයන්)අනුගාමිකයන් අතර දකින්නට නොලැබිණ.

ඉහත සඳහන් පරිදි එම “අයිස්මේන්” නම් විද්වතාණන් පවසන අතර, යුදෙව්වෙකු ඒ පිළිබඳව වාද කරන අතරතුර “It confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් ස්ථිරව පවසන්නේ ය. (එම අවස්ථාවේ එම විවාදය නතර කර අනිත් කොටසක් පෙන්වන ලදී.

මෙසේම “මයිකල් වෛස්” නම් විද්වතාද ඔහුගේ වාදය අතරතුර “It Confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් පවසයි. මෙතැනද එම අවස්ථාව මාරුකරන ලදී.

එම නිසා මෙම අත්පිටපත් වල අල් කුර් ආනය හා ඉස්ලාම් ආගම කෙසේ සනාථ කර ඇත්තේ ද යනු බව ඔවුන් පවසන්නේ කුමක් ද යන්න ප්‍රේක්ෂකයන්ට දැනගැනීමට නොහැකි විය.

අප එම පුවතින් එක් විශ්මජනක සත්‍යයක් දැනගන්නෙමු. එනම් ඊසා (ජේසුස්)නබිතුමන් හට සර්වබලධාරී අල්ලාහ් විසින් “ඉන්ජීල්” නම් ආගමක් ලබාදුන් බවට අල්කුර් ආන් බොහෝ ස්ථානවල සඳහන් කරයි. එහෙත් අද කිතුනුවන් අතර එම (“ඉන්ජීල්” ) ආගම නොවන බව නිසැකයි. ඒ මන්ද බයිබලයේ නව පිළිවෙත හෝ සැලසුම යනු ජේසුස් වහන්සේට දෙවියන් විසින් ලබාදෙන ලදක් නොව; එය අන් අය (මිනිසුන්) විසින් ජේසුස් වහන්සේ පිළිබඳව ලියන ලද සටහන් තමයි නව සැලසුම වනුයේ.

“රාජ්‍යයෙහි සුවිශේෂත්වය පිළිබඳව ජේසුස් වහන්සේ දේශනා කළේය” යනුවෙන් බයිබලයේ සඳහන් ය. (බලන්න: මත්තේයු 4:23, මාට්කු1:14)

කුමන දේව ආගම ඔවුන් වසන් කළෝය ද? එයමයි ජේසුස් වහන්සේගේ අවංක අනුගාමිකයන් තමන් සමග රැගෙන ගොස් (ගල්)ගුහාවල වාසය කළ බව සනාථ කිරීම සඳහා සෑහේ.

එම අත්පිටපත් පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වනුයේ  “කුර් ආනයට සමාන ලෙස තිබෙන්නේ ය” යනුවෙනි.

“ඉන්ජීල්” නම් දේව වැකි (ආගම) සනාථ කරන බවට අල් කුර් ආන්හි බොහෝ තැන්වල සඳහන් ය.

එය කියැවූ ක්‍රිස්තියානි පියතුමන් ඇතුළු පිරිස සැලසුම් සහගතව එය වසන් කිරීමද ඉහත කී අදහස සනාථ කරයි. තවද මිනිසෙකු විසින් ලියන ලද ලිපියක් ගැන අල්ලාහ් දෙවියන් මෙසේ ඉතා වැදගත් ලෙසින් කියනු නොමැති හෙයින්ද එම (එම පිටපත් දෙවියන්ගෙන් ජේසුස් වහන්සේට ලබා දෙන ලද ආගම යන) අදහස තවත් ස්ථීර කරන්නේය.

මළ මුහුදු ලේඛන ඉදිරියේදී අන්තර්ජාලයෙන් ලබාගැනීමට හැකිහකිවනු ඇත. ජේසුස් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්තිය එහෙම්පිටින්ම වලලා දමා “පෞල්” නැමැත්තා නිර්මාණය කළ ව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය බිඳී කුඩුපට්ටම් වන දවස ඉතා සමීප ය.

ඊශ්‍රායෙල් කෞතුකාගාරය හා ගූගල් (google) එකට එක්ව මළ මුහුදු ලේඛන (සන්නස) අන්තර්ජාලගත කිරීමේ ව්‍යාපෘතිය අරඹා ඇති අතර 2016 වසර වන විට මෙම ව්‍යාපෘතිය නිමා වී එම ලේඛන සියල්ල මහ ජනතාවගේ ප්‍රදර්ශනයට එනු ඇත.

ඊශ්‍රායෙල් රජයේ කෞතුකාගාරයට අයත් බලයලත් වෙබ් අඩවියෙහි (www.dss.collections.imj.org.il) එම ලේඛනයන්හි කොටස් ප්‍රකාශිත කර ඇත. මෙම වෙබ් අඩවියෙහි විශේෂ ලේඛන පහක (5) එකතුවක් ප්‍රකාශයට පත්කර ඇත.  එම …

  • බයිබලයේ (පුරාණ සැලසුමෙහි) සඳහන් “එසායා” යන සටහන.
  • කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල.
  • හා තවත් ලියවිලි (පොත්) තුනකින් සමන්විතයි.

 මෙය ඉංග්‍රීසියට භාෂා පරිවර්තනය කිරීම සඳහා එහි මතුපිට අතිනවීන ස්කේනර් මඟින් ස්කෑන් කර ඇත.
මළමුහුදු ආඥාපනත් ලිපි

මෙයට අවුරුදු 2000 ඉහත ඒවා බව සැලකෙන මෙම (සන්නස)අත්පිටපත් තොගය 1947 දී ජෙරුසලේම් (ඊශ්‍රායෙල් හි නගරය) හි සිට සැතපුම් 13 ක දුරින් පිහිටි මළ මුහුදට වයඹින් ඇති (ගල්)ගුහවල් 11 කින් සොයාගන්නා ලදී. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1300 ක් ගැඹුරින් පිහිටා ඇත. නොකඩවා කරන ලද ගවේෂණයන් මගින් 1952 වසරේ එවැනි අත්පිටපත් කෑලි 15000 ක් සොයාගෙන ඇති අතර මේවා එවැනි අත්පිටපත් ලියවිලි 500 ක ගොනුවය.

කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල (Temple scroll) නම් ලියවිල්ල තමයි එහි ඇති ප්‍රමාණයෙන් ලොකුම ලියවිල්ල විය. එය දිගින් අඩි 28 කි. එනමුත් එය මදක් විනාශ වී දැනට ඉතිරිව ඇත්තේ අඩි 26.7 ක් පමණයි. දැනට එවැනි ලිපි ගොනු 825 සිට 870 දක්වා සොයාගෙන ඇත.

මෙම අත්පිටපත් *සන්නස්) තොගය පුරාවිද්‍යාඥයන් විසින් 1.බයිබලයට අයත්  හා 2. බයිබලයට අයත් නොවන ලෙස වර්ග දෙකකට වෙන්කර ඇත. තවද මේවා අරාබි භාෂාව මෙන් දකුණේ සිට වම් පැත්තට ලියන ලද්දකි. මෙහි සංකේත රහිතව අක්ෂර පමණක් ඇත.

කිතුනුවන් (නායකයන්)විසින් වසන්කර තබන ලද “හිබ්රු” බයිබලයේ සත්‍ය හා ක්‍රිස්තු ධර්මය බිහිවූ සත්‍ය ඉතිහාසය මෙන් තවත් බොහෝ සත්‍ය තොරතුරු මෙම සොයාගන්නා ලද (සන්නස් හි)අත්පිටපත්වල අඩංගු බවට විශ්වාස කෙරේ.

ඔවුන් විසින් වසන් කරන ලද මෙම ලිපි සියල්ල අන්තර්ජාලයේ ප්‍රකාශනය කළත් එය “හිබ්රු” භාෂාවෙන් තිබෙන හෙයින් එම භාෂාව පිලිබඳ දැනුමක් ඇති අයට පමණයි ඉක්මන් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන්නේ. සැවොම දැනගැනීම තකා ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කළහොත් එමගින් ලෝකයේ ඇති අනෙකුත් සියලුම භාෂාවලින් එය එළිදැක්වෙනු ඇත.

එදාට… “පෞල්” නැමැත්තා නිර්මාණය කළ “ව්‍යාජ” ක්‍රිස්තියානි ආගම සොහොනට යවන ලදුව (මරණයට පත්වී) ජේසුස් වහන්සේගේ සත්‍ය සම්පන්න ක්‍රිස්තු ධර්මය වන “ඒක දේව වාදය” (Monotheism)” තවත් පුනර්ජීවයක් ලබයි!

මේතාක් කල් අන්තර්ජාලයේ ප්‍රකාශිත එම සන්නස් ලිපි කියවීම සඳහා පහත ඇති යොමු ඔබන්න…

http://dss.collections.imj.org.il/isaiah

http://dss.collections.imj.org.il/war

http://dss.collections.imj.org.il/habakkuk

http://dss.collections.imj.org.il/temple

http://dss.collections.imj.org.il/community

වීඩියෝ ලෙස බලාගැනීම සඳහා…

http://dss.collections.imj.org.il/dss_video

== විශේෂ ස්තුතිය TNTJ හි නායක PJ (දෙමළ මාධය්‍ය ලිපිය) ==


කුම්රාන් කඳුවැටි

related picture link :http://stan-pustylnik.smugmug.com/Other/Masada-Israel-2010/15348286_mdqs8x/1/1205156416_4vpGL#1148354866_K3zZd

Post Navigation

%d bloggers like this: