සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

Archive for the tag “ඉස්ලාම්”

ඉස්ලාමයේ කාන්තාව -නිතර අසනු ලබන ප්‍රශ්න 25ක්

1.ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් ඉස්ලාම් ඩර්මයෙ සම ස්ථානයක් තිබේද?

ස්ත්‍රීන් හා  පුරුෂයන් හට ස්වාභාවිකව පිහිටා ඇති ශාරීරික වෙනස්කම් සෙලකිල්ලට ගනිමින් ඔවුනතර සමානාත්මතාවයක් හා සාධාරණත්වයක් ඇති කිරීම ඉස්ලාම් ධර්මයෙ ප්‍රධාන අරමුණුවලින් එකකි.දෙවියන් කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඔවුන්ගේ ස්වාභාවික පිහිටීම් අනුව ඇතැම් යුතුකම් හා අයිතිවාසිකම් හිමිකර දී ඇත්තේය.මේ සියල්ල ගැහැණු පිරිමි එකිනෙකාට අනෝන්‍යය අවශයතාවයන් ඉටු කරගන්නා අන්දමින් දෙවියන් විසින් නිර්මාණය කර තිබෙන හෙටි දෙකිය හැක. මෙම ස්වාභාවික ලිංගික හැගීම්වලින් ඉවත්වෙමින් පිරිමියෙකු හෝ කාන්තාවක් හෙසිරෙන්නට පටන් ගන්නවාත් සමඟම එහි අස්වාභාවික හා අසංවරභාවයන් ඇති වී ලොවේ නොයෙකුත් කලබල එතිවනු දෙකිය හැක. දෙවියන් අහභියස මෙම දෙවර්ගයාම සමාන වුවද ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම ශාරීරික වශයෙන් වෙනස්වන නිසා ඔවුනොවුන්ට ඇති සීමාවන්ද වෙනස් හා අසාමාන බව පිළිගත යුතුය ඒ අනුව සමාජයෙ හෙසිරීමද නිර්දෙශිත වීම අවශ්‍යවනවා පමණක් නොව එසේ වීම ඉතා මනස්කාන්තද වන්නේය.ඉස්ලාමිය දෘෂ්ටිකයකින් හෙවත් යථාර්තව බලන කල ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාගේම   ඕනෑ එපාකම් එකිනෙකා කෙරෙහි අනොන්‍යයව පිහිටා ඇති බව පෙනී යනු ඇත.

කෙසේ වුවද දෙවියන්ට වගකීම් ඉටු කිරීම අනුව ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම සමානවෙති.මුහම්මද් වක්තෘවරයාණන්ට අල්ලාහ් දෙවියන් විසින් අනාවරණය කරන්නට යෙදුනු අල්-කුර්ආනයේ කිහිප අවස්ථාවකම මිනිසුන්ගෙ ලෞකික ක්‍රියාකලාපයන් සදහා එලොව දෙනු ලබන විනිශ්වයන්ට මනුෂ්‍යයාගේ ලිංග භේදයන් කිසිසේත්ම බල නොපාන බව අවධාරණය කරනු දැකිය හැක.මෙයට එක් සාධාකයක් ලෙසින් ශුද්ධ වු අල්-කුර්ආනයේ වැකියක් මෙහි ඉදිරිපත් කරමු.

“මාගේ මාර්ගයේ ක්‍රියාකිරීමට වෑයම් කරන්නන් -ඔවුන් පුරුෂයින් හෝ ස්ත්‍රීන් වේවා ඔවුන් වෙතින් මගේ අවධාණය මා ඉවත් නොකරන්නෙමි”(3:195)

මෙ අනුව දැනුම ලබා ගැනීමද ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම පොදු වන්නේය.විවාහ දිවියේද ස්ත්‍රී පුරුෂ දෙකොටසම ඔවුන් ස්භාවයෙන්ම සමාන වන සියළු ඉසව්වල සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.  එහෙත් ඔවුන්න් පිහිවීම අනුව වෙනස් වන ඉසව්වල ඔවුන් සදහා වන නිර්දෙශයන්  වෙනස් වනු ඇත.නැණවත් ලෝකයාද මෙම තත්වය පිලිගනු ඇත. ඉස්ලාමීය ආගමික වතාවන් ඉටු කිරීමේදිද ස්ත්‍රී පුරුෂ ශාරීරික පිහිටීම් අනුව ඔවුනොවුන් සදහා වන ප්‍රායෝගික නිර්දේශයන්ද වෙනස් බව දෙකිය හැක.මෙහිදි කාන්තාවට ඇති යම් අපහසුතාවයන් සැළකිල්ලට ගෙන ඇයට ඇතැම් සහන නිර්දේශ කර ඇති අතර එම පහසුකම් පුරුෂන්ට නොදෙන ලදී. පවුල නඩත්තු කිරීමෙ වගකීම පැවරී ඇත්තේ පුරුෂයාට,දේපල උරුම නීති සංග්‍රහයෙ වෙඩි කොටසක් හිමිවන්නේද පිරිමියාටය.ඉස්ලාමය මෙලෙස උරුම නීති සම්පාදනය කර ඇත්තේ ස්වාභාවික පිහිටීම් අනුව හා වෙනස්කම් අනුවය.(අල්කුර්ආන් පරි:15)

2.පවුල් ජීවිතයෙ  පුරුෂයාගෙ හා කාන්තාවගෙ භුමිකාවන් මොනවාද??

අල්-කුර්ආනයේ සඳහන් වන පරිදි විවාහ ජීවිතයකට එළඹෙන පුරුෂ ස්ත්‍රී සමාගමය-ආදරය කරුණාව හා සෙනසීම තෙමා කරගන්නකි.

“ඔහුගෙ(දෙවියන්ගේ) ප්‍රාතිභාවයන් අතුරින් මෙයද එකකි ඔබලාගෙ කලත්‍රයන් ඔහු ඔබලා වෙතින්ම බිහි කළේය.මේ අනුව ඔබලා  එකිනෙකා කරා ඇදී යනු ඇති අතර  ඔහු ඔබලා අතර ආලය හා කරුණාව ඇති කරන්නේය”(30:21)

තවත් තැනෙක අල්-කුර් ආනයේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳ මෙසේ සඳහන් වේ.

“ඔවුන් ඔබලාගෙ වස්ත්‍රයන් වන අතර ඔබලා ඔවුන්ගෙ වස්ත්‍රයන් වෙති”(21:187)

ඉස්ලාම් ධර්මය අනුව පවුල් සංස්ථාවක ඉපැයීමේ වගකීම පැවරෙන්නෙ පුරුෂයාටය.පිරිමියා මෙ අනුව තම පවුලේ සියළුම කාරණා පිළිපඳ ප්‍රශ්න කරනු ලබයි.කණ්ඩායමකට නායකත්වයක් අවශ්‍ය වන්නාසේ පවුලකටද නායකත්වයක් හෙවත් මග පෙන්වීමක් අවශය වන්නේය.පවුලේ ඇතිවන ගෙටලුවලට අවසාන තීරණය විය යුත්තෙ එම නායකයා වන පුරුෂයා වෙතිනි.පුරුෂයාගෙ මෙම වගකීමෙ  භුමිකාව කුර්ආන් වැකි පමණක් නොව බොහෝ නබි වදන්වලින්ද සනාථ වුනු දෙකිය හැක.එක් නබි වදනක මෙසේ කියවේ.

“ඔබලාගෙන් පරිපූර්ණ පුද්ගලයා යහපත් වරිතයෙන් හෝ උසස් ගුණාංගවලින් සපිරි පුද්ගලයා වන්නේය.තවද ඔබලගෙන් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය පවුල හොඳින් රැකබලා ගන්නා වේ”

බිරිදකගේ වගකීම වන්නේ සිය සැමියාට අවනත වෙමින් පවුල් ජීවිතය සාමකාමීව ගෙනයෑමට පුරුෂයාට සහය වීමය.දරුවන් බිහිකිරීම ඔවුන්ට මව් කිරි පෙවීම ඇතුලු ඔවුන් හදා වඩා ගැනීමෙ උතුම් කාර්යභාරයේ වැඩි කොටසක් දරමින් සැමියාට උපකාරි වීම යනාදිය බිරියකගේ ස්වාභාවික පිහිටීම අනුව වන කටයුතු අතර වන්නේය. මෙමගින් දරුවන් හදාවඩා ගන්නා රාජකාරියේ පුරුෂයාට කිසිදු වගකීමක් නැත යන අදහස සත්‍ය නොවේ.ඔහුටද මෙහි දී ඇත්තේ ඉතා වෙදගත් කොටසකි.එය එලෙසින්ම ඔහු ඉටු කළ යුතුය.

3. මවක් හැට්යට මුස්ලිම් කාන්තාවකගේ වගකීම් කුමක්ද?

මවකට ඉස්ලාම් ධර්මයෙ ඇත්තේ ඉතා උත්තරිතර ස්ථානයකි.දරුවෙකුගේ ආරම්භ වසර කිහිපය තුල මවකට ඇති කාර්‍‍යභාරය පුළුල් වනවා පමණක් නොව එය අද්විතීයය.එය දරුවාගේ ජීවිතයේ ඉදිරි ගමන නිශ්වය කරන්නකි.අල් කුර් ආනයෙ නිර්දේශිත පරිදි(2:233) මව් කිරි පෙවීම ඉතා උසස් කාර්‍‍යයක් වන අතර මෙමගින් දරුවා සහ මව අතර ඉතා උතුම් රුධිර බන්ධනයක් ගොඩ නැගේ.දෙමාපියන් හා දරුවන් අතර ගොඩනැගෙන සමාගමය පිළිබඳ ශුද්ධ ග්‍රන්ථයේ සවිස්තරාත්මකව සඳහන් කර ඇත(31:14) තවද දරුවෙකු පිළිසිද එම දරුවා ලොවට බිහි කරන තුරු හා එම දරුවා යහපත් කෙනෙකු ලෙසින් හදාවඩා ගන්නා තුරු මවකට ඇති මහන්සිය හා වෑයම කුර් ආනය ඉතා ඉහලින් අගයයි.විවාහ බන්ධනයෙන් වෙන්වු මවකත දරුවාට සිය කිරි පොවා නඩත්තු කිරීම සඳහා දික්කසාදවු සිය සැමියාගෙන් මුල්‍ය සහන ඉල්ලා සිටීමෙ අයිතියද ඉස්ලාම් ධර්මය තහවුරු කරයි(65:6).

දෙමවුපියන් අතර මවකට ඇති වැදගත්කම කෙතරම්දැයි විස්තර කරන නබිවැකියක ප්‍රමුබත්වය තෙවරක්ම මවට දිය යුතු බව අවධරණය කර ඇති අතර සිව්වැනි ස්ථානය පියෙකුත දීම ප්‍රමාණවත් යයි උපදෙස් දී තිබිම දැකිය හැක.සමීපතර නෑයන්ට දෙනු ලැබ ඇත්තෙ ඉන් පසුවන ස්ථානයන්ය.

4.ඉස්ලාමිය ආගමික වතාවන් සියල්ලන්ම කාන්තාවන්ටත් අනිවාර්යවන්නේද?

ප්‍රතිපත්තිමය වශයෙන් ස්ත්‍රී  පුරුෂ දෙකොටසම සලාත් වන්දනය රමළාන් උපවාසය හජ් වන්දනා ගමන සකාත් දන්දීම යන සියල්ල සමාන වගකිම් වේ.

“පුරුෂ හා ස්ත්‍රී විශ්වාසිකයන් සියල්ල එකිනෙකාට සහය වෙති.ඔවුන් සියල්ලන්ම යහපත් ක්‍රියා උනන්දු කරති,නපුරෙන් වලකති,වන්දනය නොකඩවා ඉටු කරති,දන් දෙති,තවද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගෙ ධර්මදූතයානන්හට අවනතද වෙති”(9:71)

නමුත් සලාත් වන්දනය හා උපවාසය විෂයෙහි ඔවුන්ගෙ ශාරීරික පිහිටිවීම අනුව ඉස්ලාම් ඨර්මය කාන්තාවන්ට ඇතැම් සහන නිර්දෙශ කරයි.මාසික ඔසප් වීමෙන් හා දරු ප්‍රසූතියෙන් පසුව ඇති කාලයෙහි සලාත් වන්දනය හා රමළාන් මාසයේ උපවාසයන් සම්බන්ධයෙන් කාන්තාවන්ට සහනයන් ඇත.මෙම කාලයේ තිබෙන අපහසුතා නිසා අතපසු කළ උපවාසයන් පසුව ඉටු කල යුතු වුවද?සලාතයන් නැවත ඉටු කිරීම කාන්තාවන්ට අවශය නොවේ.

5.මුස්ලිම්  කාන්තාවකට තමන් කෙමති පුරුෂයෙකු  විවාහය සදහා තෝරා ගෙනීමේ නිදහස තිබේද? 

සෙබවින්ම මුස්ලිම් ස්ත්‍රීයයකට සිය සැමියා තෝරා ගැනීමේ අයිතිය ඇත.ඇයගේ පූර්ණ කැමැත්ත නොමෙතිව ඇයට විවාහයක් සඳහා කිසිවෙකුට බල කල නොහැක.එවැනි විවාහයක් වලංගු එකක් හැටියට ඉස්ලාම් ධර්මය පිළිනොගනී.නමුත් කරුණු කාරණා දන් වෙඩිහිටියන් මෙවන් බැරූරුම් කටයුත්තකදී ඉදිරිපත් වීම සුදුසු හෙයින්ද මනාලයා පිළිබඳ හොඳින් විපරම් කිරීම වඩාත් හොඳින් කල හැක්කේ ඔවුන් විසින්.මුස්ලිම් විවාහයන් බහුලව සිදු කෙරෙන්නේ වෙඩි මහල්ලන්ගේ සහභාගිත්වයෙනි.එසේ වුවද මනාලියගේ පුර්ව කැමැත්ත විමසිය යුතු යන්න ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය උපදෙසකි.විවාහයෙන් පසුව සිය පෙළපත් නාමය දැරීමේ අයිතියද ස්ත්‍රීයට හිමිය.

6.ඉස්ලාමිය විවාහයකදී දෑවැද්ද දිය යුත්තෙ මනාලිය නොව මනාලයා යයි පැවසේ.මෙය විස්තර කළ හෙකිද? 

ඉස්ලාමිය විවාහයකදී මනාලයා සිය මනාලියට “මහර්” නමින් ආපසු කිසිවිටෙක නොඉල්ලන දීමනාවක් දීම අනිවාර්‍‍ය වගකීමකි.මුදලින් හෝ වටිනා අන් දෙයක් මගින් දිය හැකි මෙම “මහරය” පිළිබඳ අල් කුර් ආන් නිර්දේශයන්ද ඇත.(4:4) මෙසේ දෙනු ලබන දෙය මනාලියට හැර ඇගේ පියා ඇතුළු කිසිවෙකුට හිමිකමක් නොමැත.මෙම “මහර්” දීමනාව කුමකින් විය යුතුද යන්න හා එහි අගය කොපමණ විය යුතුද යනාදිය තීරණය කිරීමෙ අයිතිය විවාහ බන්ධනයට ඇතුලත් වන ස්ත්‍රී සතුය.මෙම දීමනාව හැකි පමණ වැඩියෙන් දෙන මෙන් උනන්දු කරන හා එසේ දුන් දෙය “කන්දක් තරම්” වුවද එය දික්කසාදවු විටද ආපසු සැමියා නොඉල්ලා සිටින ලෙසින්ද අවවාද කරන නබි වදන් බොහෝ ඇත.මෙම නිර්දේශය කුර් ආන් වැකියකින්ද(2:229) සනාථ වේ.

7.මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් නොවන පුරුෂයෙකු හා විවාහ විය හැකිද?

විවාහයට හා පවුල් සංස්ථාවට ඉස්ලාම් ධර්මයේ ඇත්තේ වැදගත් ස්ථානයකි.මෙම බන්ධනයන් සමාජයේ වැදගත් ඉසව් වන අතර මිනිස් සමාජය නොකඩවා පැවතීමට මෙම අංශවලින් වන දායකත්වය ඉමහත්ය.එවැනි පිවිතුරු බන්ධනයක් සඳහා යුවලක් කරුණු කිහිපයක් මත එක්සත් හා එක්සිත් වීම අත්‍යාවශ්‍ය බව නොකිව මනාය.කෙනෙකු අදහන ආගම ජීවිතයේ වැදගත් කොටසකි මෙනිසා මුස්ලිම් ස්ත්‍රීයකට මුස්ලිම් පුරුෂයෙකුම ලැබීම වඩාත් සුදුසුය.පවුල් ජීවිතයේ ව්‍යාකුලත්වයන් අවම වීමත මෙයම යෝග්‍ය වන්නේය.නැත්තම් ප්‍රතිවිරුද්ධ දිසාවන්ට අදින ගොන් බානක් බැඳි කරත්තයකට නැග සිතින්නන්ගේ තත්වයට සමාන අසරණ තත්වයකට එම යුවලගේ දරුවන් පත් වනු ඇත.මුස්ලිම් නොවන පුරුෂයෙකු සිය මුස්ලිම් බිරිඳගේ ආගමික කටයුතුවලටද වැට තහංචි දැමිය හැක.මෙකී නොකී කරුණු නිසා මුස්ලිම් කාන්තාවක් අන්‍යාගමිකයෙකු විවාහ කර ගැනීමට අනුමැතිය නොමැත.නමුත් මුස්ලිම් පුරුෂයෙකුට මුස්ලිම් නොවන යුදෙව් හෝ කිතුනු ආගමික ස්ත්‍රීයක් විවාහ කර ගත හැක.මෙම අනුමැතියට ප්‍රධාන හේතුව මුස්ලිම් පුරුෂයෙකුගේ ආගමික වතාවන්වලින් ඉවත් කිරීමට එම අන්‍යාගමික බිරිඳ පොහොසත් නොවනු ඇත යයි බොහෝ සෙයින් විශ්වාස කළ හැකි නිසා විය හැක.

8.බහුභාර්‍‍ය සේවනය හෙවත් එකකට වෙඩි සංඛ්‍යාවක් බිරියන් එක විට විවාහ කරගැනීමේ අනුමැතියේ පසුබිම කුමක්ද?

ප්‍රතිපත්තිමය වශයෙන් ඉස්ලාම් ධර්මය එකවර බිරියන් සිව්දෙනෙකු සමග විවාහ ජීවිතය ගත කිරීමට අනුමැතිය දෙයි.මෙය මුස්ලිම් නොවන අය පවා දන්නා කරුණකි.ඒ කිසිවෙකුට නොපෙනෙන හෙවත් ඔවුන් විමසීමට උනන්දු නොවන කරුණු කිහිපයක් මෙහි දකින්නට ඇත.ඒවා නම් මෙම අනුමැතියට පෙර සැළකිය යුතු නොයෙකුත් වැදගත් කොන්දේසිත් තිබීමය.පළමුව මෙවැනි අවශ්‍යතාවයක් පිරිමියෙකුත ඇති විය හැකි තත්වයන් ගැන බලමු.අල් කුර් ආනයේ මෙ පිළිබඳ මෙසේ සඳහන් වෙයි.

“අනාථ ස්ත්‍රීයන් විවාහ කර ඔවුන් විෂයෙහි සාධාරණය ඉතු කරන්නට නොහැකි යයි ඔබ වුවහොත් එවිට(අන්) ස්ත්‍රීයන්ගෙන් ඔබ කැමති අය දෙදෙන බැගින් හෝ තිදෙන බැගින් හෝ සිව් දෙනා බැගින් විවාහ කර ගන්න.ඔවුන් සියල්ලන් සමානව නඩත්තු කළ නොහෙකි යයි ඔබ සිතන්නට හේතු ඇත්තම් එක් ස්ත්‍රීයක් පමණක්(විවාහ කර ) ගන්න.(එසෙත් නැත්තම්)ඔබගේ සුරතින් හිමි කර ගන්න.වහල් ස්ත්‍රී ප්‍රමාණවත් කරගන්න.”(4:3)

මෙ අනුව සාධාරණය ඉටු කිරීම හා සමානව නඩත්තු කිරීම බහු විවාහයේ ප්‍රධාන කොන්දේසියන් බව දැනගත යුතුය.එයත අපොහොසත් පුද්ගලයන්ත බහු විවාහය සම්පූර්ණයෙන්ම තහනම් බවද සැළකිය යුතුය.බහු විවාහයක අවශ්‍යතාවය තීරණය වන්නෙ පුද්ගලයාගේ ශාරීරික පිහිතීම අනුවය.ශරීරික අවශ්‍යතාවයන් හා ආර්ථික හැකියාවන් ඇති අය වැන්දඹු කාන්තාවන් විවාහ කර ගත හැක.එසේ අසරණ වන කාන්තාවන් ඕනෑම සමාජයක සිටිති.ඉස්ලාමීය රීතීන් අනුව කෙනෙකු විවාහ කරගන්නා සියළුම කාන්තාවන්ට සම අයිතීන් ඇති නිසා කිසිදු නීතිමය අගයක් හෝ අයිතිවාසිකමක් නැති තත්වයකින් යමෙකුගේ අනියම් බිරියක්ව අවිනිශ්විත දිවියක් ගත කරනවාට වඩා විවාහක බිරිඳක්ව ජීවත්වීම සෑම අතින්ම ආරක්ශ සහිතය.සමාජයේ පිළිගැනීමක් හා ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුත් මෙම බහු විවාහයත් ඒ ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුන් මෙම බහු විවාහයන් ඒ හා බැඳි වගකීම් හා කොන්දේසි නිසා මුස්ලිම් සමාජයේ වුවද බහුලව සිදු නොවන්නක් බවද දැකිය හැක.මුළු මහත් මුස්ලිම් ලෝකයාට ජීවමාන නිදසුනක් වන මුහම්මද්(සල්) තුමන්ද සිය පළමු බිරිඳ වන කදීජා තුමිය විවාහ කර ඇය සමඟ පමණක් ඇයගේ මරණය තෙක් වසර 25 ජීවත් වූහ.ඉන් පසුවද එතුමන් විවාහ වු කාන්තාවන්ගෙන් තරුණියකත සිතියේ ආයිෂා මව්තුමිය පමණි.අන් සියල්ලන්ම වැන්දඹු කාන්තාවන් වූහ.

9.මුස්ලිම්  කාන්තාවකට බහු විවාහයේ අනුමෙතිය නෙත්තේ මන්ද ??

ඉස්ලාම් මිනිස් ස්වභාවය අනුව ගමන් ගන්නා ලබිදියකි.සාමාන්‍යයෙන් ගත කල එක් ස්ත්‍රීයක් පුරුෂයන් කිහිප දෙනෙකු සමග විවාහ වීම යනු නොඇසු   විරූ දෙයකි.තවද එය ප්‍රායෝගිකද නොවන්නේය.ඉතා අසංවර ගෙහෙණියක් මිස අන් කිසිදු කාන්තාවක් තමන්ට මේවැනි ආශාවක් තිබෙන බවක් කීමට පවා පසුබට වනු ඇත.මේවැනි අස්වභාවික කරුණක් ඉස්ලාම් ධර්මය අනුමත නොකිරීම විමතියට කරුණක් නොවේ.

මෙහෙදී කැපී පෙනෙන  තවත් කාරණයක් ඇත.එනම් පවුල් සංස්ථාවක නඩත්තුවේ වගකීම ඇත්තා පිරිමියාය.එම වගකීම ඔහු එක සිතින් කරන්නට ප්‍රධාන කාරණාවක් හෙටියට දරු සෙනෙහස කිව හෙක.මේ අනුව යම් ලෙසකින් තම භාර්යාව වෙදු දරුවන්ගේ පිතෘත්වයේ සෙකයක් ඇතිවු විට එම පවුලේ සමගිය බිදී යනු අප කොතෙකුත් දකින්නෙමු.කරුණු මෙසේ තිබියෙදී එක් ස්ත්‍රීයක් පුරුෂයින් කිහිප දෙනෙකු විවාහ කර ජීවිතය ගෙන යයි නම් ඇය සමග ගත කරන දින ගණන(රැය ගණන ?) පිළිබද එම පුරුෂයන් අතර නිතර කෝලාහල ඇති විය හෙක.එපමණක් නොව ඉපදී සිටින දරුවන්ට නඩත්තු දිය යුත්තේ කව්රුන්දෙයි නිතර අවුල් ඇති වීමද වෙළක්විය නොහැක.මෙකී කරුණු නිසා මෙවන් විවාහයක් කිසිසේත් වෙඩි දින ගණනක් ඔරත්තු නොදෙනු නොඅනුමානය.

10.මුස්ලිම් පුරුෂයකුට සිය බිරියට පහර ගැසිය හැකිද?

මෙම ප්‍රශ්නය නිතර මුස්ලිම් නොවන ලෝකයා විසින් අසන්නට හේතු වී ඇත්තේ එක්

කුර්ආන් වැකියකි.ඒ පිළිබඳ නොදන් අයගේ වටහා ගැනීම සඳහා අප එය ඉදිරිපත් කරමු.

“ඔබ්ට බියවන්නට හේතු තිබෙන චර්‍‍යාවක් ඇති කාන්තාවන්ට පළමුව අවවාද කරන්න.මසුව ඔවුන් ඔබගේ යහතින් ඉවත් කර තබන්න (එයිනුත් ඔවුන් යහමගට පත් නොවුවහොත්) ඔවුන්ට ගසන්න.ඔබට කීකරු වුවහොත් වෙඩිදුරටතොවුන්ට හිංසා නොකරන්න.දැනගනු!දෙවියන් ඉතා උසස්ය ශ්‍රෙෂ්ඨය”(4:34)

කුර්ආන් වැකියක් පිළිබඳ වටහා ගැනීමට පෙර එය පහළ වූ වතාවරණයන් පිළිබඳ දැනුවත් විය යුතුය.උදාහරණයකට යුධ සමයේ පහළ වූ කුර්ආන් අණක් එසේ නොවන සාමයේ අවස්ථාවකදී ක්‍රියාත්මක නොකළ යුතුය.මෙම වැකිය පහළ වන්නට හේතුවූ සිද්ධිය කුමක්දැයි බලමු.

එක් ස්ත්‍රීයක්  මුහම්මද්(සල්) තුමන් වෙත පැමිණ තමන්ට නිතර තලා පෙලා හිංසා කරන සිය ස්වාමියාට ප්‍රතිප්‍රහාර දීමට අවසර ඉල්ලා සිටියාය.නබිතුමානන්ද එ සඳහා ඇයට අනුමැතිය දුන්නේය.එසේ දෙන ලද අනුමැතිය එම මොහොතේ  නබිතුමන් විසින් කියන ලද දෙයක් මිස දේව ආඥාවක් නොවේ.එසේ එතුමන් පැවසූ  දෙය නිවැරදි නොවන බව අඟවමින් දෙවියන්  පෙරකී වැකිය පහළ කළේය.එම වැකියන්ද බිරියකට ශාරීරික දඩුවම් දීමට පෙර ඇයට අවවාද කල යුතු යයිද දෙවනුව ඇය සයනයෙන් ඈත් කළ යුතු යයිද අවසාන වශයෙන් ඇය  තවත් සිය වරදේ බැඳෙමින් මුරණ්ඩු වන්නෙ නම් ඇයට දඩුවම් කරන ලෙසට අනුමැතියක් දෙනු මිස අණක් නිකුත් නොකරයි.මෙසේ අනුමැතිය දෙනු ලැබුවද ශාරීරික දඩුවමක් දෙන තරමට නපුරු වන බිරියන් සිටිය හැක්කේ ඉතා ටික දෙනෙකු පමණි.කෙසේ වුවද ඒ සඳහා අනුමැතියක් තිබීම අවශ්‍ය වේ.කෙසේ වුවද මුහම්මද් තුමන් සිය බිරියන්ට කිසිවිටෙක පහර නොගැසුහ.එතුමන් එය දිරි ගැන්වුයේද නැත.අපගේ ජීවමාන උදාහරණය වන්නේ එතුමන්ය.බිරියන්ට පහර ගැසීම පිළිබඳ වරක් කාරුණ්‍ය නබිතුමන්  මෙසේ පැවසූහ.

“සේවිකාවක් ලෙස ඔබගේ බිරිය සලකා ඇයට පහර දුන් පසු රාත්‍රීයේ ඇය කරා කෙසේ නම් සමීප වන්නේද?”

11.මුස්ලිම් කාන්තාවකට දික්කසාද ක්‍රියාවලිය ආරම්භ කළ හැකිද?

එනම් ඇයට සිය සැමියාගෙන් වෙන්වීම අවශ්‍ය යයි හැඟුනහොත් ඇයට එය කල හකිද යන්න මෙම ප්‍රශ්නයේ අදහසයි.දෙවියන් මිනිසාට දී තිබෙන අනුමැතියන් අතුරින් ඔහුට ඉතා අප්‍රසන්න ක්‍රියාව දික්කසාද වීමයයි වරක් මුහම්මද් නබි තුමානන් පැවසූහ.විවාහක යුවලක් අතර සමගිය ඇති කරමින් ඔවුන් නැවත එක්සත් කිරීම ඉතා අගනේය යයි ඉස්ලාම් ධර්මය අවධාරණය කරයි.

කෙසේවුවද විවාහ බන්ධනයකින් ඉවත් වීමේ අයිතිය ඉස්ලාම් ධර්මය ස්ත්‍රී පුරුෂ දෙකොටසටම ලබා දී ඇත.මෙ පිළිබඳ සවිස්තරාත්මකව ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් වී ඇත.දික්කසාද තීන්දුව ලැබෙන තෙක් ඔවුන් සිය පොදු නිවසේම ජීවත් වෙති.මෙමගින් අදාල කාන්තාව ගැබිගෙන සිටින්නිදැයි දැන ගැනීම මෙම අවකාශය දීමේ එක් අරමුණක් වන අතර මෙවන් අවස්ථාවන්හිදී අඹු සැමි භේද ඉවත්වී නැවත සමතයක් ඇති වීමේ ඉඩකඩද බොහෝ සෙයින් ඇත.සැමියා හා බිරිඳගේ පිවිතුරු සංසුතිය එවැනි එකකි.බොහෝ අවස්ථාවල නිතැතින්ම සමතයකට පත්විය හැකි අඹුසැමි ආරවුලක් වැඩිදුර සංකීර්ණ කරමින් දික්කසාදය තෙක් ගෙන යන්නෝ යහපතක් කරනා ලෙසින් නෝක්කඩුවී සිටින අඹු සැමි යුගලය අතරට පත් වන නෑසියන් බව වෙන්වූ බොහෝ යුගල් ඇඩු කඳුලෙන් පසුව විස්තර කරනු දැකිය හැක.කෙසේවුවද ඇති වී තිබෙන හබය සැබවින්ම බරපතල එකක් නම් දික්කසාදයෙන් වෙන්වීම සුදුසු අතර ඒ සඳහා අනුමැතිය ඉස්ලාම් ධර්මය නිර්දේශ කරයි.

12.දික්කසාදයක් වූ විටෙක දරුවන් සිටින් නම් ඔවුන්ට කුමක් වේද?

ඉතා කුඩා දරුවන් පිළිබඳ පමණක් කුර් ආනය ඒකාකාර නිර්දේශයන් දෙයි.මව් කිරි ආහාරයට ගන්න බිළිඳෙකු සිටින විටෙක එම බිළිඳා පොෂණය කිරීම මව සතු නිසා වසර දෙකක් දක්වා එම දරුවා මවට භාරදිය යුතුය.වැඩි වියට පත් දරුවන් සිටින් නම් ඒ සඳහා ඇති නිර්දේශයන් දරුවන්ගෙ ස්ත්‍රී පුරුෂභාවයන් සැළකිල්ලට ගනිමින් ශුද්ධ ග්‍රන්ථය ඉදිරිපත් කරයි.ගැහැණු දරුවන් සිටින් නම් ඔවුන් වෙඩිවියට පත්වන තුරු හෝ විවාහ දිවියට පත් වන තුරු මවගේ භාරයේ සිටිය යුතුය.පිරිමි දරුවන් මවගේ භාරයේ සිටිය යුත්තේ වයස හත වන තෙක් හෝ උපරිමයක් වශයෙන් ඔවුන් තරුණු වියට පත් වන තෙක් පමණි.මෙම සියළු අවස්ථාවල එම දරුවන්ගේ නඩත්තුව භාරවන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල පියාටමය.

13.මුස්ලිම් කාන්තාවන් හිස් ආවරණයක් පළඳින්නේ ඇයි?

හිස් ආවරණය කුරානයෙන් නිර්දේශිත පරිදි (24:31)මුස්ලිම් කාන්තාවගේ ඇඳුමෙන් කොටසකි. අනෙක් සෑම කරුණකටම කරන්නාක් මෙන් ඉස්ලාම් ධර්මය පුරුෂයන්ට හා ස්ත්‍රින්ට නියමිත ඇඳුම් පිළිපඳවද පැහැදිළි දැනමුතුකම් ඉදිරිපත් කරයි.ඔවුනොවුන්ගේ ගෞරවය රැකගැනීම මෙයින් අපේක්ෂිතයි. සිරුරේ විලාසය ඉස්මතු කරමින් එකිනෙකාගේ අවධානය තමන් වෙත ඇදගන්නා අශෝභන අදහසින් කිටිකිටියේ ඇඳුම් ඇඳීම මුස්ලිම් ගැහැණු පිරිමි දෙපාර්‍ශවයටම තහනම් වේ.මෙම සංවර නියොගයට හික්මුනු ලොකයා විරුද්ධ නොවනු ඇත යන්න අපගේ විශ්වාසයයි. මේ අනුව කාන්තාවකගේ වරලස හෙවත් කොන්ඩයද අනුත් සිත් ආකර්‍ශනය කරනා අංගයක් හෙයින් එයද වසන් කර ගැනීම සුදුසුය.අන්‍ය පුරුෂයන්හට මුස්ලිම් ස්ත්‍රියකගේ දෑස් සහ දෑත් හැර ඇයගේ කටහන්ඬද ඇතුළුව අන් සියලු අවයව වසන් වී තිබිය යුතුය යන්න ඉස්ලමීය අනයි. මෙලෙසින් තම කාන්තාව රැකගන්නා සමාජයක  ස්ත්‍රීන් ආශ්‍රිත ආරවුල් කිසිවක් පැණ නගිනු නොමෙත. මෙසේ මුස්ලිම් කතක් ආවරණය විය යුත්තේ ඇයට විවාහයට සුදුසු හා එවෙනි නිර්දේශිත කොටසක් අතර පමණි. සිය පියා පියාගේ සොයුරන් වන බාප්පාවරුන් සිය පිරිමි දරුවන් දියණියන්ගේ හිමියන් මවගේ සොහොයුරන් වන මාමාවරුන් ඇතුළු මෙවැන්නන් හමුවන කල මෙම ආවරණයන් අවශ්‍ය නොවේ. මේ පිළිබඳ පැහැදිලිව කුරානයේ සඳහන් වේ. තවද ස්ත්‍රියක් මහලු වියට පත්වනවාත් සමගම මෙම අවශ්‍යතාවයන් ඉවත්වන බව කිව යුතු නැත.

සාමාන්‍යයෙන් සිය ගැහැණු දරුවන් ලාබාලවිය පසු කර නාඹරවියට පත්වනවාත් සමගම මෙම වස්ත්‍ර පිළිබඳ රීතීන් ගැන මුස්ලිම්වරු උනන්දු වනු දකිය හැක.

14.මුස්ලිම් කාන්තාවකට අධ්‍යාපනය ලැබීමේ හා රැකියාවට යෑමේ අයිතිය තිබේද?

සර්‍ර්වබළධරී දෙවියන් පළමුවෙන්ම මැවුවේ පෑන යයි කීමෙන් හා “දැනුම සදහා වෑයම් කිරීම පුරුෂ හ ස්ත්‍රී සියළුම මුස්ලිම්වරුන්ගේම වගකීමකී” නබිවදනක් ඉදිරිපත් කිරීම මගින් ඉස්ලම් ධර්‍මය දැනුමට දී ඇති වැදගත්කම පිළිබිඹුවනවා යයි සිතමු. මුස්ලිම් නොවන අයගෙන් නිරන්තරයෙන්ම මෙම පැණය ඇති වන්නට ප්‍රදාන හේතුවක් හැටියට අප දකින්නේ බහුතරයක් මුස්ලිම් දෙමව්පියන් තම ගැහැණු දරුවන්ට පුර්‍ණ අධ්‍යාපනයක් ලබ නොදී ඔවුන් පාසල්වලින් ඉවත් කිරීම බව පෙනේ. මෙයට හේතු වන්නේ මුස්ලිම් බහුතරයක් නැති -ලංකාව වැනි- රටවල පසැල්වල  ඇති ඉස්ලාමය අනුමත නොකරන තරුණ තරුණියන් නිදහසේ හැසිරෙන වතාවරණයයි. ඒ හැර කාන්තා අධ්‍යාපනයට

ඉස්ලාම් ධර්‍මය ඉතා ඉහළ තලයක් දෙන බව කිව යුතුය. “චීන දේශයට ගොස් හෝ ප්‍රයෝජනවත් දැනුමක් ලබා ගන්නැයි” උනන්දු කරන නබි වදනකින් අපගේ මෙම කීම වඩාත් ස්ටිර වෙතැයි විශ්වාස කරමු.

පවුල් සංස්තාවක ආර්ථික වගකීම හෙවත් ඉපැයීමේ භුමිකාව පිරිමියා සතු යැයි පැර කීවෙමු. එය එසේමය. දේහ විලාශයෙන්ද හැඩිදැඩි බවින්ද හා විචක්ෂන බුද්ධියෙන්ද වඩාත් සුද්ස්සා වන පුරුෂයා මෙම අසීරු ලෝකයේ ඉපැයීම හ රැකියා සම්බන්ද ක්‍ය්ර්‍යන් සඳහා නික්ම යෑම වඩාත් යෝග්‍ය බවට තර්‍කයක් නොතිබෙනු ඇත.

නමුත් අවශ්‍යතාවයක් පැන නගී විටෙක හ ඇයගේ හැකියාවන් මගින් රටට සෙතක් වන තත්වයක් මත කාන්තාවකට ඒ සඳහා නිරත වීමට ඉස්ලාම් ධර්‍මය අනුමැතිය දෙයි. මෙවිට එම ස්ත්‍රිය සිය සීමාවන්  ගැන සැළකිලිමත් වෙමින් හා සංවර ලෙසින් සිය ඉපැයීමේ ක්‍යර්‍යන්හි නියැලීමට ඇයට කිසිදු තහනමක් නොමත. ස්වාමියාගේ ඉපැයීමේ කොටසක් මුස්ලිම් බිරිඳට හිමි නමුත් බිරිඳගේ ඉපැයීම සම්පූර්‍ණයන්ම  ඇය සතුය. පවුලේ නඩත්තුවට එම ඉපැයීමෙන් දායක වන මෙන් ඇයට බල කිරීමට පුරුෂයාට කිසිදු බලයක් නැත.

15. දේපල උරුම නිතිය මුස්ලිම් කාන්තාවන්ට කෙසේ බලපාන්නේද?     

මෙ පිලිබඳ කුර් ආනය මෙසේ පවසයි:
“මව්පියන් හා නෑසියන් ඉතිරි කර යන දෙයින් පිරිමින්ට කොටසක් ඇත. එසේම මව්පියන් හා නැසියන් ඉතිරි කර යන දෙයින් ස්ත්‍රීන්ටද කොටසක් ඇත. මෙම කොටස් දෙවියන් අණ කරන පරිදි වේ”  (4.7)

මෙම කොටස් බෙදි යන ප්‍රතිශතයන් ස්ත්‍රීන් සන්ඳාහා අඩුවෙන්ද පුරුෂයන් සඳහා වැඩියෙන්ද කුර් ආනය නිර්දෙශ කරය්. (4.11) ගැහැණු දරුවෙකු ලැබිය යුත්තේ පිරිමි දරුවෙකුට ලැබෙන ප්‍රමාණයෙන් අඩකි. පෙරකි පරිදි පවුල් නඩත්තුවේ පුණ වගකීම ඇත්තේ පිරිමියාට හෙයින් මෙලෙසින් දේපල උරුමයන් නිර්දේශ කර ඇත. තවද ස්ත්‍රීය ලබන ඇගේ කොටස් සම්පුණයෙන්ම් ඇයට හිමිවන අතර ඇය විවාහක නම් එසේ ලත් දේපල පවුලේ වියත්ම් සඳහා වැය ක්ළ යුතය යයි ඇයට කිසිවෙකු බලකළ නොහැක. නමුත් ඇතැම් විශේෂිත අවස්ථාවන්හිදි දේපල උරැමයක් ස්ත්‍රී පුරුෂ දෙකොටස අතර සමසේ බේදි යුනුත.

16.  මුස්ලිම් කාන්තාවක් විසින් දෙනු ලබන සාක්ශියකට ඉස්ලාම් ඨම්යේ ඇත්තේ කුමන අගයක්ද?    

මේ පිළිබඳ අල් කුර් ආනයේ ශුද්ධ වැකියක් මෙසේ අණ කරය්.

“තවද පිරිමින් දෙදෙනෙකු සක්ශිකරුවන් හැටියට කැඳවනු. පුරුෂයන් දෙදෙනෙකු නොලද කල්හි ඵක් පුරුෂයෙකු හා ඔබට පිළිගත හැකි අය අතුරෙන් ස්ත්‍රියන් දෙදෙනෙකු කැඳවනු. ඵවිට ඔවුන්ගෙන් කෙනෙකුට වැරදෙන කල අනෙක් ස්ත්‍රිය ඇයට සිහිපත් කළ හැක” (2:282)

මෙසේ නිර්දේශ කර ඇත්තේ සාක්ෂි දිමේදි යම් වරදක් නොවනු පිණස හා අසත්ය ප්‍රකාශය වීම වළකනා අට්යෙන් විය හැක. අසතය සාක්ෂිප්‍රකාශය ඉස්ලම් ඪම්ය දරුණු දඩුවම් දෙන බවට අනතුරු අඟවමින් හෙළා දකින පාපයකි. සාක්ෂිය සඳහා මෙහි සඳහන් සංබයාවට වඩා හැකිනම් ඉදිරිපත් කිරිම වඩාත් යහපතකි. නමුත් ඨම්ය සන්බන්ඨ බ්‍රකාශයන් සඳහා එක් ස්ත්‍රියකගේ කීම පිලිගැනීමට ප්‍රමාණවත්ය. මුහම්මද්තුමන්ගේ වදන් වැඩියෙන් ප්‍රකාශ කර සිටින දැනුම්දෙන්නන්ගෙන් එතුමන්ගේ බිරිය වන ආයිෂාතුමියද කෙනෙකු බව සැළකිය යුතුය්.

17.මුස්ලිම් කාන්තාවකට මස්ජිදයට හෙවත් මුස්ලිම් පල්ලියට ඇතුල් වීමට අනුමෙතිය තිබේද ??

ප්‍රතිපත්තියක් වශයෙන් පල්ලියක් යනු සියලුම මුස්ලිම් ස්ත්‍රී,පුරුෂ සියල්ලන්ටම වන්දනය සදහා අනුමෙතිය ඇති ස්ථානයකි.මෙම අනුමෙතිය නබිතුමන් විසින්ද දී තිබුනි.එහෙත් මෙම සිරිත බොහෝ සෙයින් මුස්ලිම්වරු  බහුතරයක් ලෙසින් ජීවත් නොවෙන රටවල දෙකිය නොහෙක.කෙටියෙන් කිවහොත් එවැනි රටවල මුස්ලිම් කාන්තාවන් නිවසින් බෙහරවීමද හෙකි තරම් අවම කරගෙන සිටිනු දෙකිය හෙක.නෙමුත් මැලේසියාව,ඉන්දුනීසියාව වැනි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල කාන්තාවන් සාමාන්‍ය ලෙසින් මස්ජිදයට පෙමිණේනු දෙකිය හෙක.නමුත් ඔවුන් පිරිමින් සමග එකට පෙළ ගැසී වන්දනය ඉටු නොකරති.

(මගේ අදහසකුත්::ලංකාවෙත් උත්සව දවස් වලට,අවුරුදු දවස් වල,නොන්බි දවස්වල රෑට  කාන්තාවන් මස්ජිදයට පෙමිණේනු සුලබව දෙකිය හෙක )

18. එසේ ඔවුන් පිරිමින් සමග එක්ව වන්දනය ඉටු නොකරන්නේ මන්ද?

මුස්ලිම්වරුන්ගේ වන්දනය ශාරීරික වලනයන්ගෙන් යුත් එකකි. එහිදි ආරම්භයේදී සිටගෙන සිටීමද පසුව නැමෙන ඉරියවිවෙන් සිටීමද පසුව නළල පොළොවේ තැබීම යනාදි වශයෙන් විවිධ ඉරියවි රාශියකින් යුත් හෙයින් උරෙන් උර ගැටී සිටි මෙම වයායාම් කරන කල්හි අසල සිටින්නාගේ ශරීරය සමග එකිනෙක ගැටීම වැළැක්විය නොහැක. එසේ ස්පර්ශ වෙමින් සිටින්නේ කාන්තාවක් නම් එම පිරිමියාට එක්සිත්ව දෙවියන් ගැන මෙනෙහි කළ හැකිදැයි අප පෙරලා ප්‍රශ්නය නැගු අයගෙන්ම විමසනු කැමැත්තෙමු.

එයට සිතට එකඟවු අවංක පිළිතුරක්ද බලාපොරොත්තු වෙමු.

උපුටා ගෙනීම :”ඉස්ලාමයේ කාන්තාව -නිතර අසනු ලබන ප්‍රශ්න 25ක්” යන ග්‍රන්ථයෙන්

සැකසුම :H .G .නූරා නිලන්ති ජයසුරිය(C.I.S)

Advertisement

මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!

ඉස්ලාම් ධර්මය සනාථ කරන මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!
DEAD SEA SCROLLS

“(නබියේ! අස්හාබුල් කහ්ෆ් නමැති ගුහාවට අයත් අය ගැන යුදෙව්වන් ඔබගෙන් විමසන්නාහ). එම ගුහාවට අයත් අයද, සන්නස අයත් අයද නියත වශයෙන්ම අපගේ සාධකයන්ගෙන් පුදුම සහගත අය වශයෙන් සිටියහ යයි අදහස් කරන්නෙහුද?…” (අල්-කුර්ආන් 18:9)

මෙම වාක්‍යයෙහි  (18:9) ගුහාවට අයත් අය සම්බන්දව සඳහන් කිරීමේදී, ගුහාවට අයත් අය ලෙස පමණක් සඳහන් කළහොත් සෑහේ. ඒ සමගම ගුහාවට අයත් අය හා සන්නස අයත් අය (The Fossil belongs to) ලෙසත් (සර්වබලධාරී) අල්ලාහ් පවසන්නේ ය.

එසේනම් සන්නසක්(ලිපි ගොනුවක්) මොවුන්ගේ ඉතිහාසයෙහි වැදගත් ස්ථානයක් ලබා ඇති බවට දැනගැනීමට හැකිවේ.එක්තරා සන්නසක් මොවුන් ලඟ තබා ගත්තා යැයි පමණක් මෙසේ සඳහන් කර නොමැත. “එම සන්නස” යැයි විශේෂයෙන් සඳහන් කර ඇති හෙයින් එය ඉතා වැදගත් සන්නසක් විය යුතුය

එම සන්නස එක් අවස්ථාවක සොයාගෙන මිනිසුන්ට එහි අඩංගු සත්‍ය හෙළිවිය යුතු නිසයි අල්ලාහ් එසේ “එම සන්නස අයත් අය ලෙස” පවසා ඇත්තේ. එම සන්නස කිසිවෙකුටත් හමුනොවෙනු ඇත නම් ඒ ගැන “එම සන්නස” යනුවෙන් වැදගත් කර නොපවසනු ඇත.

ඒ මොන සන්නස ද? ඒ මොන ලිපි ද? යනු බොහෝ කල් වනතෙක් ලෝකයා නොදැන සිටියහ. එහෙත් අද වන විට එම සන්නසෙහි/ලිපිවල අඩංගු තොරතුරු හෙළිවී ඇත.“මළමුහුදු ආඥාපනත් ලිපි (Dead Sea Scrolls)” යන මාතෘකාව යටතේ 1998 වන වසරේ එක් මසක කිහිප වරක් ම බීබීසී (BBC) නාලිකාවේ පැයක වැඩසටහනක් විකාශය විය. එමගින් විකාශය කරන ලද තොරතුරු ප්‍රේක්ෂකයන් සැවොම විශ්මයට පත්කළේය.

මෙම වැඩ සටහනේ ප්‍රථම විකාශනය 1993 වසරේ දී විකාශනයට පත්වූ බවද සඳහන් කරන ලදී. (පහත සඳහන් යොමු මගින් එය දැක බලාගත හැක).

Play 1 : http://www.vimeo.com/30121215

Play 2 : http://www.vimeo.com/30121220

Play 3 : http://www.vimeo.com/30121232

Play 4 : http://www.vimeo.com/30121238

එහි අඩංගු කරුණු වනුයේ:

1947 වසරේ එක් දවසක බැටළුවන් දැක බලාගන්නා අරාබි ජාතික කොලුවෙකු අතරමංවූ ඔහුගේ බැටළුවෙකු සොයා මළමුහුදාශ්‍රිත ජෝර්දානයේ කඳු පෙදෙසට ගියේ ය. එම කඳු පෙදෙස “කුම්රාන් කඳු වැටිය” නමින් හැඳින්විය.

තම බැටළුවා සොයා එහි තිබුණු ගල්ගුහාවක ඇතුල්වූ විට එහි මැටි බඳුන්වල අකුළවා තබන ලද (සත්ව) සම් දැක එයින් කිහිපයක් රැගෙන ගොස් පාවහන් සාදන තම පියාට දෙන ලදුව, පසුදා උදැසන ඔවුන් දෙදෙනා ම ගල්ගුහාව තුලට ගොස් එහි තිබූ සියලු (සත්ව) හම් ගෙදරට රැගෙන ආවෝය.

එම පුරාණ (සත්ව) හම් තම පාවහන් කර්මාන්තයට යොදාගැනීමට සිතූ එම කොලුවාගේ පියා එම හම් වල “හිබ්රු” භාෂාවෙන් ලියන ලද වාක්‍යන්හි අර්ථය නොතේරීම හේතුවෙන්, එවකට ජෝර්දාන රජය යටතේ තිබූ නැගෙනහිර ජෙරුසලම් හි පිහිටි එක්තරා පුරාණ පොත් හලක හිමිකරුට පෙන්වුවේය.

යම් මට්ටමක “හිබ්රු” භාෂාව දැන සිටි එම කඩ හිමිකරුවා ඩිනාර් කීපයකට එම (සත්ව)හම් වලින් යුත් ලිපි සියල්ල පාවහන් කර්මාන්තකරුගෙන් මිලදී ගත්තේය.කිතුනුවෙකු වූ එම පොත්හල් හිමියා එම ලිපි සියල්ල එම නගරයේ පිහිටා තිබූ කිතුනු පල්ලියකට භාරදුන්නේය.

එම (සත්ව) හම් වලින් යුත් ලිපි සොයා ගන්නා ලද පුවත දැනගත් යුදෙව්වන් හා මුස්ලිමානුවන් එහි අඩංගු විස්තර දැනගැනීම සඳහා උනන්දු වුහ.එම අවස්ථාවේ එවකට ජෝර්දානය රජ කළ “හුසෛන්” රජතුමා, “එම (පෞරාණික)ලිපි” මුස්ලිම්, යුදෙව් හා කිතුනුවන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් පොදුවේ ගවේෂණය කරන මෙන් ඉල්ලා සිටියේ ය.

එනමුත් ක්‍රිස්තියානි (පියතුමන්) නායකයන්, “එය පෞද්ගලික බුදලයක්” බව පවසා වාද කර එය පොදුවේ ගවේෂණය කිරීම ප්‍රතික්ෂේප කළෝ ය. තව ද බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයන් ට පවා එම ලිපි කියවීමට අවස්ථා ලබා නොදුන්නෝ ය.

පස් වසරක් අතරතුර කාලයේදී ජෙරුසලම හි සිටි ක්‍රිස්තියානි නායකයන් කණ්ඩායම් වශයෙන් “කුම්රාන් කඳු වැටියෙහි” පිහිටි ගල්ගුහාවලින් ඉතිරිව තිබූ ලිපි සියල්ල අත්පත් කර ගත්තෝ ය.

1952 සැප්තැම්බර් මාසයේ සොයා ගන්නා ලද සියලුම ලිපි ක්‍රිස්තියානි නායකයන් සතු විය. එවැනි අත්පිටපත් (manuscripts )15,000 ක් ඇති බවට දැන් ගණන් බලා ඇත.

ගෙවීගිය අවු.50 කටත් ඉහත කාලයක් තිස්සේ එම අත්පිටපත් වල අඩංගු කරුණු පිළිබඳව ලෝකයාට හෙළි නොකර ක්‍රිස්තියානි නායකයන් විසින් වසන්කරන ලදී. බොහෝ ක්‍රිස්තියානි විද්වතුන් හා පර්යේෂකයන් එය කියවීමට අවස්ථා ලබා දෙනමෙන් ඉල්ලා සිටී සෑම අවස්ථාවකදීම එය ඔවුන් (ක්‍රිස්තියානි නායකයන්) විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම අත්පිටපත් (සන්නස්) අත්පත් කරගෙන සිටී කණ්ඩායමෙන් එක් අයෙකු මියගිය විට ඔවුන්ගේ අනෙක් අය ඔවුන්ට‍ සාපේක්ෂව තවත් කෙනෙකු එම කණ්ඩායමට බඳවා ගනියි. මේ ආකාරයෙන් මෙතෙක් කල් එම ලිපි රහස්ගතව තියෙන ලදී. මෙහි “පෝප්” තුමන්ගේ වතිකානු සභාව පෙරමුණේ සිටියහ.

(සත්ව) හම් වල ලියන ලද එම පෞරාණික ලිපි විනාශවී යෑමේ තත්වය දුටූ එහි රහස් භාරකරුවන් එම ලිපි සියල්ල microfilm වශයෙන් ආරක්ෂා කළෝ ය. එහි අනුපිටපතක් ඇමරිකානු ලෝස් ඇන්ජල්ස් නගරයේ පිහිටි එක්තරා පුස්තකාලයකට (ආරක්ෂාකාරීව තබාගැනීම සඳහා) යවන ලදී.

1990 වසරේ දී එම පුස්තකාලයේ සභාපති වශයෙන් “අයිස්මේන්” නම් විද්වතෙකුව පත්කරන ලදී. ඊට ප්‍රථමයෙන් එම ලිපි කියවීමට ලැදියාවක් දැක්වූ ඔහුට එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදුව, දැන් ඔහුට එම අවස්ථාව උදාවී ඇත්තේ දැන් තමන් එහි භාරකාරීත්වය දැරීමේ හේතුවෙනි.

එම ලිපි කියවූ විට තමන් විශ්මයට පත් වූ බව ද ඔහු පැවසුවේ ය. තව ද මෙතෙක් කල් ක්‍රිස්තියානි නායකයන් එය ලෝකයට හෙළි නොකර වසන් කළ කාරණය ද දැන් තමන් වටහා ගත් බවට ද සඳහන් කළේ ය.

මයිකල් වයිස් නම් චිකාගෝ විශ්ව විද්‍යාලයේ “හිබ්රු” භාෂාව පිළිබඳ මහාචාර්‍ය වරයෙකුගේ සහයෝගය ඇතිව එම (සන්නස්) ලිපිවලින් ඉතා වැදගත් යැයි තමන් විසින් හඳුනාගත් අත්පිටපත් (manuscripts) 100 ක් ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කර ප්‍රකාශය කළේය.

එම පොත් ප්‍රකාශනය මගින් කිතුනු ලොව තරමක් සෙලවිය බව ද විශේෂයෙන් ක්‍රිස්තියානි සිද්ධස්ථාන මහා කම්පනයකට මුහුණ දුන් බවට ද එම ලේඛනයේ වාර්තාකරු සඳහන් කළේ ය.

බටහිර ජනතාවගේ ආගම සතු විශ්වාසය බිඳ යාමක් සේ එම පොත් ප්‍රකාශනය පත්විය යනුවෙන් ද එනිසා එම දෙදෙනාම නීතිය යටතේ ගෙන දඬුවම් ලබනු ඇති බවට ද එම වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

එසේ කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට තමන් සූදානම් බව ද, එයට භිය වී මෙවැනි මහා සත්‍යක් ලෝකයාගෙන් වසන් කිරීමට තමන් කිසිසේත් කැමති නැතැයි යනුවෙන් ද එම විද්වතුන් දෙදෙනා ලෝකයාට පැවසු දේ එම රුපවාහිනී වැඩ සටහනේ සඳහන් වේ.

ක්‍රිස්තියානි පල්ලිවල දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පවත්වනු ලබන ක්‍රියාවන් හා ආරාධනාවන් එවකට සිටී කිතුනුවන්ගේ කාලයේ (ජිවිතයේ) නොතිබුණු බවට ද එම (manuscripts) අත්පිටපත් සාක්ෂි දරයි.

මෙම චාරිත්‍ර වාරිත්රවලටත්, ජේසුස් වහන්සේගේ ප්‍රචාරයට  හා ප්‍රතිපත්ති වලටත් කිසිම සම්බන්ධතාවයක් නැත. මේ සියල්ල “පෞල්” නැමැත්තෙකු විසින් පසු කලෙක සැකසුම් කරන ලද්දකි. සමස්තයක් වශයෙන් දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් කියන ලද සියලු ක්‍රිස්තියානි ප්‍රතිපත්තීන් හා ක්‍රියා මාර්ගයන් අසත්‍යයකි. එය ජේසුස් වහන්සේගෙන්  පැවත ආ අනිත් පරම්පරාවේ විසූ සැබේ (භක්තිකයන්)අනුගාමිකයන් අතර දකින්නට නොලැබිණ.

ඉහත සඳහන් පරිදි එම “අයිස්මේන්” නම් විද්වතාණන් පවසන අතර, යුදෙව්වෙකු ඒ පිළිබඳව වාද කරන අතරතුර “It confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් ස්ථිරව පවසන්නේ ය. (එම අවස්ථාවේ එම විවාදය නතර කර අනිත් කොටසක් පෙන්වන ලදී.

මෙසේම “මයිකල් වෛස්” නම් විද්වතාද ඔහුගේ වාදය අතරතුර “It Confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් පවසයි. මෙතැනද එම අවස්ථාව මාරුකරන ලදී.

එම නිසා මෙම අත්පිටපත් වල අල් කුර් ආනය හා ඉස්ලාම් ආගම කෙසේ සනාථ කර ඇත්තේ ද යනු බව ඔවුන් පවසන්නේ කුමක් ද යන්න ප්‍රේක්ෂකයන්ට දැනගැනීමට නොහැකි විය.

අප එම පුවතින් එක් විශ්මජනක සත්‍යයක් දැනගන්නෙමු. එනම් ඊසා (ජේසුස්)නබිතුමන් හට සර්වබලධාරී අල්ලාහ් විසින් “ඉන්ජීල්” නම් ආගමක් ලබාදුන් බවට අල්කුර් ආන් බොහෝ ස්ථානවල සඳහන් කරයි. එහෙත් අද කිතුනුවන් අතර එම (“ඉන්ජීල්” ) ආගම නොවන බව නිසැකයි. ඒ මන්ද බයිබලයේ නව පිළිවෙත හෝ සැලසුම යනු ජේසුස් වහන්සේට දෙවියන් විසින් ලබාදෙන ලදක් නොව; එය අන් අය (මිනිසුන්) විසින් ජේසුස් වහන්සේ පිළිබඳව ලියන ලද සටහන් තමයි නව සැලසුම වනුයේ.

“රාජ්‍යයෙහි සුවිශේෂත්වය පිළිබඳව ජේසුස් වහන්සේ දේශනා කළේය” යනුවෙන් බයිබලයේ සඳහන් ය. (බලන්න: මත්තේයු 4:23, මාට්කු1:14)

කුමන දේව ආගම ඔවුන් වසන් කළෝය ද? එයමයි ජේසුස් වහන්සේගේ අවංක අනුගාමිකයන් තමන් සමග රැගෙන ගොස් (ගල්)ගුහාවල වාසය කළ බව සනාථ කිරීම සඳහා සෑහේ.

එම අත්පිටපත් පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වනුයේ  “කුර් ආනයට සමාන ලෙස තිබෙන්නේ ය” යනුවෙනි.

“ඉන්ජීල්” නම් දේව වැකි (ආගම) සනාථ කරන බවට අල් කුර් ආන්හි බොහෝ තැන්වල සඳහන් ය.

එය කියැවූ ක්‍රිස්තියානි පියතුමන් ඇතුළු පිරිස සැලසුම් සහගතව එය වසන් කිරීමද ඉහත කී අදහස සනාථ කරයි. තවද මිනිසෙකු විසින් ලියන ලද ලිපියක් ගැන අල්ලාහ් දෙවියන් මෙසේ ඉතා වැදගත් ලෙසින් කියනු නොමැති හෙයින්ද එම (එම පිටපත් දෙවියන්ගෙන් ජේසුස් වහන්සේට ලබා දෙන ලද ආගම යන) අදහස තවත් ස්ථීර කරන්නේය.

මළ මුහුදු ලේඛන ඉදිරියේදී අන්තර්ජාලයෙන් ලබාගැනීමට හැකිහකිවනු ඇත. ජේසුස් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්තිය එහෙම්පිටින්ම වලලා දමා “පෞල්” නැමැත්තා නිර්මාණය කළ ව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය බිඳී කුඩුපට්ටම් වන දවස ඉතා සමීප ය.

ඊශ්‍රායෙල් කෞතුකාගාරය හා ගූගල් (google) එකට එක්ව මළ මුහුදු ලේඛන (සන්නස) අන්තර්ජාලගත කිරීමේ ව්‍යාපෘතිය අරඹා ඇති අතර 2016 වසර වන විට මෙම ව්‍යාපෘතිය නිමා වී එම ලේඛන සියල්ල මහ ජනතාවගේ ප්‍රදර්ශනයට එනු ඇත.

ඊශ්‍රායෙල් රජයේ කෞතුකාගාරයට අයත් බලයලත් වෙබ් අඩවියෙහි (www.dss.collections.imj.org.il) එම ලේඛනයන්හි කොටස් ප්‍රකාශිත කර ඇත. මෙම වෙබ් අඩවියෙහි විශේෂ ලේඛන පහක (5) එකතුවක් ප්‍රකාශයට පත්කර ඇත.  එම …

  • බයිබලයේ (පුරාණ සැලසුමෙහි) සඳහන් “එසායා” යන සටහන.
  • කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල.
  • හා තවත් ලියවිලි (පොත්) තුනකින් සමන්විතයි.

 මෙය ඉංග්‍රීසියට භාෂා පරිවර්තනය කිරීම සඳහා එහි මතුපිට අතිනවීන ස්කේනර් මඟින් ස්කෑන් කර ඇත.
මළමුහුදු ආඥාපනත් ලිපි

මෙයට අවුරුදු 2000 ඉහත ඒවා බව සැලකෙන මෙම (සන්නස)අත්පිටපත් තොගය 1947 දී ජෙරුසලේම් (ඊශ්‍රායෙල් හි නගරය) හි සිට සැතපුම් 13 ක දුරින් පිහිටි මළ මුහුදට වයඹින් ඇති (ගල්)ගුහවල් 11 කින් සොයාගන්නා ලදී. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1300 ක් ගැඹුරින් පිහිටා ඇත. නොකඩවා කරන ලද ගවේෂණයන් මගින් 1952 වසරේ එවැනි අත්පිටපත් කෑලි 15000 ක් සොයාගෙන ඇති අතර මේවා එවැනි අත්පිටපත් ලියවිලි 500 ක ගොනුවය.

කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල (Temple scroll) නම් ලියවිල්ල තමයි එහි ඇති ප්‍රමාණයෙන් ලොකුම ලියවිල්ල විය. එය දිගින් අඩි 28 කි. එනමුත් එය මදක් විනාශ වී දැනට ඉතිරිව ඇත්තේ අඩි 26.7 ක් පමණයි. දැනට එවැනි ලිපි ගොනු 825 සිට 870 දක්වා සොයාගෙන ඇත.

මෙම අත්පිටපත් *සන්නස්) තොගය පුරාවිද්‍යාඥයන් විසින් 1.බයිබලයට අයත්  හා 2. බයිබලයට අයත් නොවන ලෙස වර්ග දෙකකට වෙන්කර ඇත. තවද මේවා අරාබි භාෂාව මෙන් දකුණේ සිට වම් පැත්තට ලියන ලද්දකි. මෙහි සංකේත රහිතව අක්ෂර පමණක් ඇත.

කිතුනුවන් (නායකයන්)විසින් වසන්කර තබන ලද “හිබ්රු” බයිබලයේ සත්‍ය හා ක්‍රිස්තු ධර්මය බිහිවූ සත්‍ය ඉතිහාසය මෙන් තවත් බොහෝ සත්‍ය තොරතුරු මෙම සොයාගන්නා ලද (සන්නස් හි)අත්පිටපත්වල අඩංගු බවට විශ්වාස කෙරේ.

ඔවුන් විසින් වසන් කරන ලද මෙම ලිපි සියල්ල අන්තර්ජාලයේ ප්‍රකාශනය කළත් එය “හිබ්රු” භාෂාවෙන් තිබෙන හෙයින් එම භාෂාව පිලිබඳ දැනුමක් ඇති අයට පමණයි ඉක්මන් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන්නේ. සැවොම දැනගැනීම තකා ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කළහොත් එමගින් ලෝකයේ ඇති අනෙකුත් සියලුම භාෂාවලින් එය එළිදැක්වෙනු ඇත.

එදාට… “පෞල්” නැමැත්තා නිර්මාණය කළ “ව්‍යාජ” ක්‍රිස්තියානි ආගම සොහොනට යවන ලදුව (මරණයට පත්වී) ජේසුස් වහන්සේගේ සත්‍ය සම්පන්න ක්‍රිස්තු ධර්මය වන “ඒක දේව වාදය” (Monotheism)” තවත් පුනර්ජීවයක් ලබයි!

මේතාක් කල් අන්තර්ජාලයේ ප්‍රකාශිත එම සන්නස් ලිපි කියවීම සඳහා පහත ඇති යොමු ඔබන්න…

http://dss.collections.imj.org.il/isaiah

http://dss.collections.imj.org.il/war

http://dss.collections.imj.org.il/habakkuk

http://dss.collections.imj.org.il/temple

http://dss.collections.imj.org.il/community

වීඩියෝ ලෙස බලාගැනීම සඳහා…

http://dss.collections.imj.org.il/dss_video

== විශේෂ ස්තුතිය TNTJ හි නායක PJ (දෙමළ මාධය්‍ය ලිපිය) ==


කුම්රාන් කඳුවැටි

related picture link :http://stan-pustylnik.smugmug.com/Other/Masada-Israel-2010/15348286_mdqs8x/1/1205156416_4vpGL#1148354866_K3zZd

Post Navigation

%d bloggers like this: