රිසානා සොයුරිය
අපේ බෞද්ධ සහෝදරයෙක්ගේ(Sukumal Harischandra) අදහසක්
රිසානා සොයුරියගේ සිද්ධිය පසුගිය ටික කාලයක් මම හෙව්වා….
“රිසානා රට යන්නෙ දුප්පත්කම නිසා වයස 17දි නමුත් 23ක් කියල පෙන්වලයි යන්නෙ, එහිදී ඇයට දිගින් දිගටම සේවය කල නිවසේ හොදට සැලකීමක් ලැබුනේ නෑ….ඇය අත දරුවා සිටින විට දරුවාගේ මව ඇයට කල පහරදීමක් නිසා ඇය අතින් සිදුවූ ප්‍රමාදයකින් දරුවා මරණයට පත්වෙනවා(කිරි බෝතලය කටේ හිරවෙලා වගේ).ඇයට දඩුවම් කරන්න කටයුතු කරනවිට තමා දැනගන්නේ ඇගේ සැබෑ වයස, 97දී සෞදි රජය ජාත්‍යන්තර ළමා නීතියට අත්සන් කල නිසා කිසිවක් කල නොහැකියි.මේ වෙනකන් ඇවුරුදු 5ක් ඇයව තබාගන්නවා,දඩුවම් දෙන්න..ඔය අතර තමා අපේ රට දැනුවත් වෙන්නේ….ඇයට කිසිම නීති ආධාරයක්වත් මුලදී ලබාදී නෑ….අපේ ජනපතිතුමාගේ ඉල්ලීමට මරණ දඩුවම කල්දැමුවත්, සෞදි රජුට ශරියා නීතිය අනුව ඇයට නිදහස දෙන්න බෑ….එකම ක්‍රමය එම දරුවාගේ දෙමාපියන් කැමැත්ත දෙන එක ඇයව නිදහස් කරන්න…ඒ සදහා වන්දියක් දීලා කටයුතු කරන්න පුලුවන්……“
(මෙතනදි මේක ආගමික ගැටළුවක් නෙමේ….එනිසා ඉස්ලාම් සහෝදරවරු හිතන්න එපා ඔබේ ධර්මය ගැන ගැටළුවක් ඇති කරනවා කියල….මෙහෙකරුවන්ට හොදට සලකන්න ඕන,ඒක වෙලා නෑ…ඉතින් ඒ අය නියම විදියට ධර්මය අදහනවද කියල ගැටළුවක් තියෙනවා.
බෞද්ධ සහෝදරවරුත් මේක ආගම් ගැන ගැටළුවක් කරගන්න එපා…මෙතන ආගමේ වරදක් නෙමේ සත්‍ය අසත්‍ය අතර ගැටළුවක්)
ඉස්ලාම් දහම ගැන මට තියෙන්නේ මද දැනුමක් නමුත් මෙතන වෙලා තියෙන්නේ ආගමික ගැටළුවක් නෙමේ….ශරියා නීතිය තිබෙන බව ඇත්ත නමුත් මෙතන සිදුවනදේ වෙනස්ම දෙයක්….එතන සිටින්නේ නරක නපුර මිස ආගම් භක්තිකයන් නෙමේ….
මම හැමදාම කියන හිතන විදියට අසරණ උනාම ජාති,ආගම් භේද නෑ…අසාධාරණයට ලක්වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩී…..බෞද්ධයෙක් ලෙස රිසානා සොයුරියට තුනුරුවන්ගේ සරණ පතනවා, නිදහස් වෙන්න.වැදගත් කාරණය නම් ඇය නිදහස් වෙලා ආවත් ඇගේ තත්වය නගාසිටුවන්න ඇති හැකි අය කටයුතු කරන එකයි…..
අපේ සහෝදරියෝ පිට දේශවල මෙහෙකාරකමට යවන එකට මම අතිශයින් විරුද්ධයි…..
————————————————————————————-
අද දෙරණේ පළවූ මේ සම්බන්ද ලිපියක් පහලින්
අසත්‍ය ප්‍රචාර නිසා රිසානා නිදහස් කර ගැනීමේ හැකියාව නැති විය හැකියි
ඇතැම් මාධ්‍ය විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සෞදි අරාබියාවේ දී මරණ දඬුවම හිමි වී ඇති රිසානා නෆීක් නිදහස් කර ගැනීමට ඇති හැකියාව අහිමි විය හැකි බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
රිසානා නෆීක් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයක්ම ශ්‍රී ලංකා රජය ගෙන ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
රිසානා නෆීක් ගෙල කපා ඝාතනය කිරීමට සෞදි අධිකරණයක් විසින් නියෝග කර ඇති බවට ඊයේ(27) දිනයේ දී ඉන්දීය මාධ්‍යයක පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක් වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
නෆීක්ට මරණ දඬුවම නියම වී ඇති නමුත් එරට නීතිය අනුව ඇය වෙත සමාව ලබාගැනීම සඳහා වන ක්‍රමවේදය අනුගමනය කරන තුරු ශ්‍රී ලංකා රජය එම දඬුවම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
එම රටේ නීතියට අනුව අදාළ ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.