මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!
ඉස්ලාම් ධර්මය සනාථ කරන මළමුහුදු ආඥාපනත් ලිපි ගොනුව!
DEAD SEA SCROLLS
“(නබියේ! අස්හාබුල් කහ්ෆ් නමැති ගුහාවට අයත් අය ගැන යුදෙව්වන් ඔබගෙන් විමසන්නාහ). එම ගුහාවට අයත් අයද, සන්නස අයත් අයද නියත වශයෙන්ම අපගේ සාධකයන්ගෙන් පුදුම සහගත අය වශයෙන් සිටියහ යයි අදහස් කරන්නෙහුද?…” (අල්-කුර්ආන් 18:9)
මෙම වාක්‍යයෙහි (18:9) ගුහාවට අයත් අය සම්බන්දව සඳහන් කිරීමේදී, ගුහාවට අයත් අය ලෙස පමණක් සඳහන් කළහොත් සෑහේ. ඒ සමගම ගුහාවට අයත් අය හා සන්නස අයත් අය (The Fossil belongs to) ලෙසත් (සර්වබලධාරී) අල්ලාහ් පවසන්නේ ය.
එසේනම් සන්නසක්(ලිපි ගොනුවක්) මොවුන්ගේ ඉතිහාසයෙහි වැදගත් ස්ථානයක් ලබා ඇති බවට දැනගැනීමට හැකිවේ.එක්තරා සන්නසක් මොවුන් ලඟ තබා ගත්තා යැයි පමණක් මෙසේ සඳහන් කර නොමැත. “එම සන්නස” යැයි විශේෂයෙන් සඳහන් කර ඇති හෙයින් එය ඉතා වැදගත් සන්නසක් විය යුතුය
එම සන්නස එක් අවස්ථාවක සොයාගෙන මිනිසුන්ට එහි අඩංගු සත්‍ය හෙළිවිය යුතු නිසයි අල්ලාහ් එසේ “එම සන්නස අයත් අය ලෙස” පවසා ඇත්තේ. එම සන්නස කිසිවෙකුටත් හමුනොවෙනු ඇත නම් ඒ ගැන “එම සන්නස” යනුවෙන් වැදගත් කර නොපවසනු ඇත.
ඒ මොන සන්නස ද? ඒ මොන ලිපි ද? යනු බොහෝ කල් වනතෙක් ලෝකයා නොදැන සිටියහ. එහෙත් අද වන විට එම සන්නසෙහි/ලිපිවල අඩංගු තොරතුරු හෙළිවී ඇත.“මළමුහුදු ආඥාපනත් ලිපි (Dead Sea Scrolls)” යන මාතෘකාව යටතේ 1998 වන වසරේ එක් මසක කිහිප වරක් ම බීබීසී (BBC) නාලිකාවේ පැයක වැඩසටහනක් විකාශය විය. එමගින් විකාශය කරන ලද තොරතුරු ප්‍රේක්ෂකයන් සැවොම විශ්මයට පත්කළේය.
මෙම වැඩ සටහනේ ප්‍රථම විකාශනය 1993 වසරේ දී විකාශනයට පත්වූ බවද සඳහන් කරන ලදී. (පහත සඳහන් යොමු මගින් එය දැක බලාගත හැක).
Play 1 : http://www.vimeo.com/30121215
Play 2 : http://www.vimeo.com/30121220
Play 3 : http://www.vimeo.com/30121232
Play 4 : http://www.vimeo.com/30121238
එහි අඩංගු කරුණු වනුයේ:
1947 වසරේ එක් දවසක බැටළුවන් දැක බලාගන්නා අරාබි ජාතික කොලුවෙකු අතරමංවූ ඔහුගේ බැටළුවෙකු සොයා මළමුහුදාශ්‍රිත ජෝර්දානයේ කඳු පෙදෙසට ගියේ ය. එම කඳු පෙදෙස “කුම්රාන් කඳු වැටිය” නමින් හැඳින්විය.
තම බැටළුවා සොයා එහි තිබුණු ගල්ගුහාවක ඇතුල්වූ විට එහි මැටි බඳුන්වල අකුළවා තබන ලද (සත්ව) සම් දැක එයින් කිහිපයක් රැගෙන ගොස් පාවහන් සාදන තම පියාට දෙන ලදුව, පසුදා උදැසන ඔවුන් දෙදෙනා ම ගල්ගුහාව තුලට ගොස් එහි තිබූ සියලු (සත්ව) හම් ගෙදරට රැගෙන ආවෝය.
එම පුරාණ (සත්ව) හම් තම පාවහන් කර්මාන්තයට යොදාගැනීමට සිතූ එම කොලුවාගේ පියා එම හම් වල “හිබ්රු” භාෂාවෙන් ලියන ලද වාක්‍යන්හි අර්ථය නොතේරීම හේතුවෙන්, එවකට ජෝර්දාන රජය යටතේ තිබූ නැගෙනහිර ජෙරුසලම් හි පිහිටි එක්තරා පුරාණ පොත් හලක හිමිකරුට පෙන්වුවේය.
යම් මට්ටමක “හිබ්රු” භාෂාව දැන සිටි එම කඩ හිමිකරුවා ඩිනාර් කීපයකට එම (සත්ව)හම් වලින් යුත් ලිපි සියල්ල පාවහන් කර්මාන්තකරුගෙන් මිලදී ගත්තේය.කිතුනුවෙකු වූ එම පොත්හල් හිමියා එම ලිපි සියල්ල එම නගරයේ පිහිටා තිබූ කිතුනු පල්ලියකට භාරදුන්නේය.
එම (සත්ව) හම් වලින් යුත් ලිපි සොයා ගන්නා ලද පුවත දැනගත් යුදෙව්වන් හා මුස්ලිමානුවන් එහි අඩංගු විස්තර දැනගැනීම සඳහා උනන්දු වුහ.එම අවස්ථාවේ එවකට ජෝර්දානය රජ කළ “හුසෛන්” රජතුමා, “එම (පෞරාණික)ලිපි” මුස්ලිම්, යුදෙව් හා කිතුනුවන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් පොදුවේ ගවේෂණය කරන මෙන් ඉල්ලා සිටියේ ය.
එනමුත් ක්‍රිස්තියානි (පියතුමන්) නායකයන්, “එය පෞද්ගලික බුදලයක්” බව පවසා වාද කර එය පොදුවේ ගවේෂණය කිරීම ප්‍රතික්ෂේප කළෝ ය. තව ද බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයන් ට පවා එම ලිපි කියවීමට අවස්ථා ලබා නොදුන්නෝ ය.
පස් වසරක් අතරතුර කාලයේදී ජෙරුසලම හි සිටි ක්‍රිස්තියානි නායකයන් කණ්ඩායම් වශයෙන් “කුම්රාන් කඳු වැටියෙහි” පිහිටි ගල්ගුහාවලින් ඉතිරිව තිබූ ලිපි සියල්ල අත්පත් කර ගත්තෝ ය.
1952 සැප්තැම්බර් මාසයේ සොයා ගන්නා ලද සියලුම ලිපි ක්‍රිස්තියානි නායකයන් සතු විය. එවැනි අත්පිටපත් (manuscripts )15,000 ක් ඇති බවට දැන් ගණන් බලා ඇත.
ගෙවීගිය අවු.50 කටත් ඉහත කාලයක් තිස්සේ එම අත්පිටපත් වල අඩංගු කරුණු පිළිබඳව ලෝකයාට හෙළි නොකර ක්‍රිස්තියානි නායකයන් විසින් වසන්කරන ලදී. බොහෝ ක්‍රිස්තියානි විද්වතුන් හා පර්යේෂකයන් එය කියවීමට අවස්ථා ලබා දෙනමෙන් ඉල්ලා සිටී සෑම අවස්ථාවකදීම එය ඔවුන් (ක්‍රිස්තියානි නායකයන්) විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම අත්පිටපත් (සන්නස්) අත්පත් කරගෙන සිටී කණ්ඩායමෙන් එක් අයෙකු මියගිය විට ඔවුන්ගේ අනෙක් අය ඔවුන්ට සාපේක්ෂව තවත් කෙනෙකු එම කණ්ඩායමට බඳවා ගනියි. මේ ආකාරයෙන් මෙතෙක් කල් එම ලිපි රහස්ගතව තියෙන ලදී. මෙහි “පෝප්” තුමන්ගේ වතිකානු සභාව පෙරමුණේ සිටියහ.
(සත්ව) හම් වල ලියන ලද එම පෞරාණික ලිපි විනාශවී යෑමේ තත්වය දුටූ එහි රහස් භාරකරුවන් එම ලිපි සියල්ල microfilm වශයෙන් ආරක්ෂා කළෝ ය. එහි අනුපිටපතක් ඇමරිකානු ලෝස් ඇන්ජල්ස් නගරයේ පිහිටි එක්තරා පුස්තකාලයකට (ආරක්ෂාකාරීව තබාගැනීම සඳහා) යවන ලදී.
1990 වසරේ දී එම පුස්තකාලයේ සභාපති වශයෙන් “අයිස්මේන්” නම් විද්වතෙකුව පත්කරන ලදී. ඊට ප්‍රථමයෙන් එම ලිපි කියවීමට ලැදියාවක් දැක්වූ ඔහුට එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදුව, දැන් ඔහුට එම අවස්ථාව උදාවී ඇත්තේ දැන් තමන් එහි භාරකාරීත්වය දැරීමේ හේතුවෙනි.
එම ලිපි කියවූ විට තමන් විශ්මයට පත් වූ බව ද ඔහු පැවසුවේ ය. තව ද මෙතෙක් කල් ක්‍රිස්තියානි නායකයන් එය ලෝකයට හෙළි නොකර වසන් කළ කාරණය ද දැන් තමන් වටහා ගත් බවට ද සඳහන් කළේ ය.
මයිකල් වයිස් නම් චිකාගෝ විශ්ව විද්‍යාලයේ “හිබ්රු” භාෂාව පිළිබඳ මහාචාර්‍ය වරයෙකුගේ සහයෝගය ඇතිව එම (සන්නස්) ලිපිවලින් ඉතා වැදගත් යැයි තමන් විසින් හඳුනාගත් අත්පිටපත් (manuscripts) 100 ක් ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කර ප්‍රකාශය කළේය.
එම පොත් ප්‍රකාශනය මගින් කිතුනු ලොව තරමක් සෙලවිය බව ද විශේෂයෙන් ක්‍රිස්තියානි සිද්ධස්ථාන මහා කම්පනයකට මුහුණ දුන් බවට ද එම ලේඛනයේ වාර්තාකරු සඳහන් කළේ ය.
බටහිර ජනතාවගේ ආගම සතු විශ්වාසය බිඳ යාමක් සේ එම පොත් ප්‍රකාශනය පත්විය යනුවෙන් ද එනිසා එම දෙදෙනාම නීතිය යටතේ ගෙන දඬුවම් ලබනු ඇති බවට ද එම වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
එසේ කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට තමන් සූදානම් බව ද, එයට භිය වී මෙවැනි මහා සත්‍යක් ලෝකයාගෙන් වසන් කිරීමට තමන් කිසිසේත් කැමති නැතැයි යනුවෙන් ද එම විද්වතුන් දෙදෙනා ලෝකයාට පැවසු දේ එම රුපවාහිනී වැඩ සටහනේ සඳහන් වේ.
ක්‍රිස්තියානි පල්ලිවල දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පවත්වනු ලබන ක්‍රියාවන් හා ආරාධනාවන් එවකට සිටී කිතුනුවන්ගේ කාලයේ (ජිවිතයේ) නොතිබුණු බවට ද එම (manuscripts) අත්පිටපත් සාක්ෂි දරයි.
මෙම චාරිත්‍ර වාරිත්රවලටත්, ජේසුස් වහන්සේගේ ප්‍රචාරයට හා ප්‍රතිපත්ති වලටත් කිසිම සම්බන්ධතාවයක් නැත. මේ සියල්ල “පෞල්” නැමැත්තෙකු විසින් පසු කලෙක සැකසුම් කරන ලද්දකි. සමස්තයක් වශයෙන් දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් කියන ලද සියලු ක්‍රිස්තියානි ප්‍රතිපත්තීන් හා ක්‍රියා මාර්ගයන් අසත්‍යයකි. එය ජේසුස් වහන්සේගෙන් පැවත ආ අනිත් පරම්පරාවේ විසූ සැබේ (භක්තිකයන්)අනුගාමිකයන් අතර දකින්නට නොලැබිණ.
ඉහත සඳහන් පරිදි එම “අයිස්මේන්” නම් විද්වතාණන් පවසන අතර, යුදෙව්වෙකු ඒ පිළිබඳව වාද කරන අතරතුර “It confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් ස්ථිරව පවසන්නේ ය. (එම අවස්ථාවේ එම විවාදය නතර කර අනිත් කොටසක් පෙන්වන ලදී.
මෙසේම “මයිකල් වෛස්” නම් විද්වතාද ඔහුගේ වාදය අතරතුර “It Confirmed Islam” “එය ඉස්ලාම් ආගම සනාථ කරයි” යනුවෙන් පවසයි. මෙතැනද එම අවස්ථාව මාරුකරන ලදී.
එම නිසා මෙම අත්පිටපත් වල අල් කුර් ආනය හා ඉස්ලාම් ආගම කෙසේ සනාථ කර ඇත්තේ ද යනු බව ඔවුන් පවසන්නේ කුමක් ද යන්න ප්‍රේක්ෂකයන්ට දැනගැනීමට නොහැකි විය.
අප එම පුවතින් එක් විශ්මජනක සත්‍යයක් දැනගන්නෙමු. එනම් ඊසා (ජේසුස්)නබිතුමන් හට සර්වබලධාරී අල්ලාහ් විසින් “ඉන්ජීල්” නම් ආගමක් ලබාදුන් බවට අල්කුර් ආන් බොහෝ ස්ථානවල සඳහන් කරයි. එහෙත් අද කිතුනුවන් අතර එම (“ඉන්ජීල්” ) ආගම නොවන බව නිසැකයි. ඒ මන්ද බයිබලයේ නව පිළිවෙත හෝ සැලසුම යනු ජේසුස් වහන්සේට දෙවියන් විසින් ලබාදෙන ලදක් නොව; එය අන් අය (මිනිසුන්) විසින් ජේසුස් වහන්සේ පිළිබඳව ලියන ලද සටහන් තමයි නව සැලසුම වනුයේ.
“රාජ්‍යයෙහි සුවිශේෂත්වය පිළිබඳව ජේසුස් වහන්සේ දේශනා කළේය” යනුවෙන් බයිබලයේ සඳහන් ය. (බලන්න: මත්තේයු 4:23, මාට්කු1:14)
කුමන දේව ආගම ඔවුන් වසන් කළෝය ද? එයමයි ජේසුස් වහන්සේගේ අවංක අනුගාමිකයන් තමන් සමග රැගෙන ගොස් (ගල්)ගුහාවල වාසය කළ බව සනාථ කිරීම සඳහා සෑහේ.
එම අත්පිටපත් පර්යේෂණ කළ විද්වතුන්ගේ අදහස වනුයේ “කුර් ආනයට සමාන ලෙස තිබෙන්නේ ය” යනුවෙනි.
“ඉන්ජීල්” නම් දේව වැකි (ආගම) සනාථ කරන බවට අල් කුර් ආන්හි බොහෝ තැන්වල සඳහන් ය.
එය කියැවූ ක්‍රිස්තියානි පියතුමන් ඇතුළු පිරිස සැලසුම් සහගතව එය වසන් කිරීමද ඉහත කී අදහස සනාථ කරයි. තවද මිනිසෙකු විසින් ලියන ලද ලිපියක් ගැන අල්ලාහ් දෙවියන් මෙසේ ඉතා වැදගත් ලෙසින් කියනු නොමැති හෙයින්ද එම (එම පිටපත් දෙවියන්ගෙන් ජේසුස් වහන්සේට ලබා දෙන ලද ආගම යන) අදහස තවත් ස්ථීර කරන්නේය.
මළ මුහුදු ලේඛන ඉදිරියේදී අන්තර්ජාලයෙන් ලබාගැනීමට හැකිහකිවනු ඇත. ජේසුස් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්තිය එහෙම්පිටින්ම වලලා දමා “පෞල්” නැමැත්තා නිර්මාණය කළ ව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය බිඳී කුඩුපට්ටම් වන දවස ඉතා සමීප ය.
ඊශ්‍රායෙල් කෞතුකාගාරය හා ගූගල් (google) එකට එක්ව මළ මුහුදු ලේඛන (සන්නස) අන්තර්ජාලගත කිරීමේ ව්‍යාපෘතිය අරඹා ඇති අතර 2016 වසර වන විට මෙම ව්‍යාපෘතිය නිමා වී එම ලේඛන සියල්ල මහ ජනතාවගේ ප්‍රදර්ශනයට එනු ඇත.
ඊශ්‍රායෙල් රජයේ කෞතුකාගාරයට අයත් බලයලත් වෙබ් අඩවියෙහි (www.dss.collections.imj.org.il) එම ලේඛනයන්හි කොටස් ප්‍රකාශිත කර ඇත. මෙම වෙබ් අඩවියෙහි විශේෂ ලේඛන පහක (5) එකතුවක් ප්‍රකාශයට පත්කර ඇත. එම …
- බයිබලයේ (පුරාණ සැලසුමෙහි) සඳහන් “එසායා” යන සටහන.
- කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල.
- හා තවත් ලියවිලි (පොත්) තුනකින් සමන්විතයි.
මෙය ඉංග්‍රීසියට භාෂා පරිවර්තනය කිරීම සඳහා එහි මතුපිට අතිනවීන ස්කේනර් මඟින් ස්කෑන් කර ඇත.
මළමුහුදු ආඥාපනත් ලිපි
මෙයට අවුරුදු 2000 ඉහත ඒවා බව සැලකෙන මෙම (සන්නස)අත්පිටපත් තොගය 1947 දී ජෙරුසලේම් (ඊශ්‍රායෙල් හි නගරය) හි සිට සැතපුම් 13 ක දුරින් පිහිටි මළ මුහුදට වයඹින් ඇති (ගල්)ගුහවල් 11 කින් සොයාගන්නා ලදී. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1300 ක් ගැඹුරින් පිහිටා ඇත. නොකඩවා කරන ලද ගවේෂණයන් මගින් 1952 වසරේ එවැනි අත්පිටපත් කෑලි 15000 ක් සොයාගෙන ඇති අතර මේවා එවැනි අත්පිටපත් ලියවිලි 500 ක ගොනුවය.
කෝවිල (දේවස්ථානය) පිලිබඳ ලියවිල්ල (Temple scroll) නම් ලියවිල්ල තමයි එහි ඇති ප්‍රමාණයෙන් ලොකුම ලියවිල්ල විය. එය දිගින් අඩි 28 කි. එනමුත් එය මදක් විනාශ වී දැනට ඉතිරිව ඇත්තේ අඩි 26.7 ක් පමණයි. දැනට එවැනි ලිපි ගොනු 825 සිට 870 දක්වා සොයාගෙන ඇත.
මෙම අත්පිටපත් *සන්නස්) තොගය පුරාවිද්‍යාඥයන් විසින් 1.බයිබලයට අයත් හා 2. බයිබලයට අයත් නොවන ලෙස වර්ග දෙකකට වෙන්කර ඇත. තවද මේවා අරාබි භාෂාව මෙන් දකුණේ සිට වම් පැත්තට ලියන ලද්දකි. මෙහි සංකේත රහිතව අක්ෂර පමණක් ඇත.
කිතුනුවන් (නායකයන්)විසින් වසන්කර තබන ලද “හිබ්රු” බයිබලයේ සත්‍ය හා ක්‍රිස්තු ධර්මය බිහිවූ සත්‍ය ඉතිහාසය මෙන් තවත් බොහෝ සත්‍ය තොරතුරු මෙම සොයාගන්නා ලද (සන්නස් හි)අත්පිටපත්වල අඩංගු බවට විශ්වාස කෙරේ.
ඔවුන් විසින් වසන් කරන ලද මෙම ලිපි සියල්ල අන්තර්ජාලයේ ප්‍රකාශනය කළත් එය “හිබ්රු” භාෂාවෙන් තිබෙන හෙයින් එම භාෂාව පිලිබඳ දැනුමක් ඇති අයට පමණයි ඉක්මන් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන්නේ. සැවොම දැනගැනීම තකා ඉංග්‍රීසි භාෂා පරිවර්තනය කළහොත් එමගින් ලෝකයේ ඇති අනෙකුත් සියලුම භාෂාවලින් එය එළිදැක්වෙනු ඇත.
එදාට… “පෞල්” නැමැත්තා නිර්මාණය කළ “ව්‍යාජ” ක්‍රිස්තියානි ආගම සොහොනට යවන ලදුව (මරණයට පත්වී) ජේසුස් වහන්සේගේ සත්‍ය සම්පන්න ක්‍රිස්තු ධර්මය වන “ඒක දේව වාදය” (Monotheism)” තවත් පුනර්ජීවයක් ලබයි!
මේතාක් කල් අන්තර්ජාලයේ ප්‍රකාශිත එම සන්නස් ලිපි කියවීම සඳහා පහත ඇති යොමු ඔබන්න…
http://dss.collections.imj.org.il/isaiah
http://dss.collections.imj.org.il/war
http://dss.collections.imj.org.il/habakkuk
http://dss.collections.imj.org.il/temple
http://dss.collections.imj.org.il/community
වීඩියෝ ලෙස බලාගැනීම සඳහා…
http://dss.collections.imj.org.il/dss_video
== විශේෂ ස්තුතිය TNTJ හි නායක PJ (දෙමළ මාධය්‍ය ලිපිය) ==
related picture link :http://stan-pustylnik.smugmug.com/Other/Masada-Israel-2010/15348286_mdqs8x/1/1205156416_4vpGL#1148354866_K3zZd